Showing posts with label roosara. Show all posts
Showing posts with label roosara. Show all posts

Monday, May 14, 2012

PhotographyLK අඩවිය අති සාර්ථක ලෙස දියත් කෙරුණු වගයි



මාස කිහිපයක විශාල ප්‍රයත්නයකින් පසුව සාර්ථක ලෙස PhotographyLK අඩවිය ඊයේ සවස 6ට අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.
මුදාහරිනු ලැබූ පසුව විශාල පිරිසක් අඩවිය නැරඹීමටත් පැමිණියා. Google Analytics අනුව, ඊයේ පැය 6ට (විවෘත කළ සවස 6 සිට දිනය අවසන් වන තෙක්) පැමිණි පිරිස පහත පරිදි වෙනවා.



ඊයේ දින අවසන් වන විට statistics මෙහෙමයි. (2012.05.13)



ඉතින් අඩවිය ගැන සවිස්තරාත්මක ලිපියක් පළ කරන්නයි මේ සූදානම.

PhotographyLK කියන්නෙ මොකද්ද?

ඡායාරූපකරණය සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් විවෘත කෙරුනු වෙබ් අඩවියක්.
නමුත් මේක තවත් එක් වෙබ් අඩවියක් නම් නෙමෙයි. PhotographyLK අපේ ඉහළ දැක්මක් තිබෙනව. ඉතින් අඩවියේ දායකයින් හා ඇඩ්මින් වරුන් මේ දැක්ම වෙනුවෙන් හා අඩවියේ අරමුණු සඵල කරගැනීමට එක් සිතින් බැඳි සිටින කණ්ඩායමක්.



අපේ දැක්ම
ඡායාරූපකරණය සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ ශ්‍රී ලාංකිකයින් සඳහා තිබෙන ප්‍රමුඛම පෙළේ වෙබ් අඩව්යක් බවට පත් වීම.



PhotographyLK අරමුණු

අපගේ අරමුණු වෙන්නෙ පහත දේවල්.

“ඡායාරූපකරණයට ඇල්මක් දක්වන, ඡායාරූපකරණයේ යෙදෙන, ඡායාරූපකරණය සඳහා ආධාර සේවාවන් ලබාදෙන ඔබ සැමටම, සේවයක්, සහයක් ලබාදීම හා එම සියළුම දෙනාව එකම තලයක් මතට ගෙන එමින්, ඔවුනොවුන්ගේ අන්තර් ක්‍රියාකාරකම් පහසු හා සරළ කිරීම මෙම අඩවියේ ප්‍රධාන අරමුණයි.”
“ඡායාරූපකරණය සම්බන්ධව සිංහලෙන් ලියැවුනු ලිපි පළ කරමින්, ආධුනික ඡායාරූප ශිල්පීන්ට අත්වැලක් සැපයීමද මෙම අඩවිය හරහා අපි බලාපොරොත්තු වෙමු.”

PhotographyLK ඔබ වෙත ලබාදෙන සේවාවන්

  • ඡායාරූපකරණය සම්බන්ධයෙන් අධ්‍යාපනික ලිපි (මේ ලිපි, ප්‍රධාන වශයෙන්ම ආධුනික ඡායාරූප ශිල්පීන් ඉලක්ක කරමින් ගොඩ නඟන ලද ලිපි එකතුවකි.)
  • ඡායාරූපකරණය සම්බන්ධ කැමරා හා උපාංග පිළිබඳව, පොත්පත් සඟරා පිළිබඳව, වෙබ් අඩවි පිළිබඳව, මෘදුකාංග පිළීබඳව විචාරයන්.
  • ඡායාරූපකරණය සම්බන්ධ පොත්පත් , විඩියෝ දර්ශන බැලීම/ භාගත කර ගැනීමට පහසුකම්
  • ඡායාරූපකරණය සම්බන්ධ පුවත්, ප්‍රදර්ශන, වැඩමුළු සම්බන්ධ විස්තර ප්‍රචාරය
  • ඡායාරූපකරණය හා සම්බන්ධ පුද්ගලයින්, ආයතන, වලට තම විස්තර ඇතුලත් කළ හැකි ව්‍යාපාර නාමාවලිය
  • ඕනෑම සාමාජිකයෙකුට නොමිලේ තම දැන්වීම් පළ කළ හැකි ලුහුඬු දැන්වීම් පිටුව
  • සාමාජිකයින් විසින් එකතු කරන ලද ඡායාරූප වලින් පිරි පිංතූර ගැලරිය
  • කාලයෙන් කාලයට විවිධ තොරතුරු හා පුවත් ගෙන එන ඊ ලිපිය

මේ සේවාවන් වලට අමතරව තවත් සේවාවන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මූලික සාමාජිකයින්ට (Subscribers) ලැබෙන පහසුකම්

  • අඩවිය තුළ ලිපි කියවීම හා පහසුවෙන්ම අදහස් ප්‍රකාශ කිරීම
  • අඩවි පුවත් ලිපිය හා එක්වීම
  • Business Directory එකට Listings එකතු කිරීම
  • ලුහුඬු දැන්වීම් පිටුවට දැන්වීම් පළ කිරීමේ හැකියාව

තවත් පහසුකම් රැසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

PhotgraphyLK දායකයින්ට  (Contributors) ලැබෙන පහසුකම්

  • අඩවි සාමාජිකයින්ට ලැබෙන පහසුකම් සියල්ල
  • අඩවියට ලිපි ලිවීමේ හැකියාව
  • Business Directory එකට Listings එකතු කිරීම හා ඒවා Dash Boardහි සිට පාලනය කිරීමේ හැකියාව
  • Business Directory තුළ නොමිලේ Listings දෙකක්

ඉතින් සරළවම කෙටියෙන්ම කියන්න තියෙන්නෙ ඔය ටික තමයි. මේ දේවල් වලින් PhotographyLK කියන්නෙ මොකද්ද, PhotographyLK මොකද්ද කරන්න හදන්නෙ කියල ඔබ සැමටම අදහසක් එන්න ඇතියි කියල හිතනව.
තව අදහස් ගොන්නක් අපිත් එක්ක තිබෙනව, තව ඉදිරියට කරන්න සැලසුම් කරගෙනත් ඉන්නව දේවල් කිහිපයක්. පුළුවන් ආකාරයට කාලයෙන් කාලයට ට්ක ටික ඒවා එකින් එක ක්‍රියාත්මක කරන්න අපි හිතාගෙන ඉන්නව.

PhotographyLK වෙනුවෙන් ඔබට කළ හැකි දේ

  • PhotographyLK පිළිබඳව තොරතුරු අන් අයට පැවසීම
  • PhotographyLK අඩවියට සබැඳියක් / අඩවියේ දැන්වීමක් ඔබගේ අඩවියේ / බ්ලොග් අඩවියේ පළ කිරීම
  • PhotographyLK තුළ ලිපි ලිවීමට එකතු වීම
  • PhotographyLK වෙත පුවත් සොයා දීමට සහය වීම
  • අඩවිය පවත්වාගෙන යාම හා අඩවිය හරහා සංවීධානය කරන අවස්ථා වලට මූල්‍යමය සහය හා ශ්‍රම සහය ලබාදීම

ඡායාරූපකරණයට ලැදි, ඡායාරූපකරණයේ යෙදෙන ඔබ, අපිත් එක්ක සැමදාම එකතු වෙලා හිඳිමින්, අපිට සහයක් වේවි, මේ අඩවියෙන් ප්‍රයෝජනයක් ගනීවි කියල PhotographyLK අපි බලාපොරොත්තු වෙනවා.






ප.ලි. : මෙම අඩවිය සාර්ථක කරගැනීමට උර දුන් මනුශාන් සොයුරාට මගේ හද පිරි ප්‍රණාමය.
ඉදිරියට අඩවිය පවත්වාගෙන යාම සඳහා දැනට අප හා එක්ව ඇති අයටත් මගේ ස්තුතිය.
තවත් එකතු වෙන්න කැමති අය ඉන්නව නම් කියන්න. ඔයට සහයක් විය හැක්කේ කෙසේද කියලත් කියන්න.

Thursday, October 14, 2010

"Photography සිංහලෙන්" වසරක උපන්දිනය සමරයි

"Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය පටන් ගත්තෙ හරියටම 2009 වසරේ අද වැනි දිනක (08.14 වන දින)
මුල්ම ලිපිය උනේ මෙන්න මේක.
මේ අඩවිය පටන් ගන්න හේතු උනේ, මම විශ්ව විද්‍යාලයේදී ඡායාරූකරණය ඉගෙන ගැනීම. ඒ හරහා මට ඡායාරූපකරණය ගැන ලොකු ආසාවක් ආව. ඒ ගැන තව තවත් ඉගෙන ගන්න ඕනෙ උනා, ඒ එක්කම, ඒ දැනගන්න දේවල් අනෙත් අය එක්ක බෙදා හදා ගන්න ඕනෙ උනා. 
ඉතින් ඒ වෙනුවෙන් මම මේ අඩවිය සකස් කළා. 
ඉතින් මම ලෙක්වර් වල ඉගෙන ගත්තු දේවල් පිළිබඳ ලිපි ලිව්ව, තව තවත් වෙනත් අඩවි, පොත් මගින් තවත් ඉගෙන ගත්ත, ඒ ඉගෙන ගන්න දේවල් ගැන ලිව්ව.
ඔන්න ඔය අතරෙ LKServers ආයතනයෙන් ඔවුන්ගේ Promotion එකක් විදිහට සිංහල බ්ලොග්කරුවන්ට වෙබ් අවකාශයක් ලබා දෙන වැඩසටහනක් පැවැත්වුවා, මමත් ඒකට ඉල්ලුම් කළා, මගෙ මේ බ්ලොග් අඩවියටත් ඒ අවස්ථාව ලැබුනා.
ඉතින් මගෙ මේ "Photography සිංහලෙන්" අඩවිය Blogger මතින් Self hosted Wordpress මතට Roosara කියන නමත් එක්ක, මාරු උනා. (ඒ 2010 මාර්තු මස)

මේ වසර තුළ මෙම බ්ලොග් අඩවියට "සතියේ ඡායාරූපය"  කියල අළුත් අංගයකුත් එකතු උනා. තවත් දේවල් කිහිපයක් ඉදිරියේදී එකතු වෙන්න තිබෙනවා. මනුශාන් සහෝදරයා එක්ක, තවත් දේවල් කිහිපයක් සැලසුම් කරමිනුයි ඉන්නෙ.
මේ වසරක කාලය තුළ මෙම අඩවිය එක්ක එකතු වෙලා හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. බ්ලොගර් වල සිට වර්ඩ්ප්‍රෙස් මතට ඒමත් සමඟ comments නම් සැළකිය යුතු ලෙස අඩු උනා, හේතුවක් නම් දන්නෙ නෑ. නමුත් එන අයගේ නම් අඩුවක් දැනුනේ නෑ.
ඉදිරියටත් මේ හැමෝම මෙම අඩවිය එක්ක එකතු වෙලා ඉදීවි කියල විශ්වාස කරනවා. 
ඔබ ඕනෑම කෙනෙකුට පුළුවන් මෙම අඩවියට සහයක් වෙන්න, විශේෂයෙන්ම ලිපි ලිවීමෙන්. (මටත් තිබෙන කාලය ටික ටික අඩු වෙලා යනවා.)

එහෙනම්, "රූසර අඩවියට සුභ උපන්දිනයක් වේවා!!!"

Wednesday, June 2, 2010

රූසර වෙනුවෙන් නව Flickr සමූහයක් දැන් ක්‍රියාත්මකයි

"Photography සිංහලෙන්" වෙබ් අඩවිය හා එක්වන ඔබට නව අවස්ථාවක්. දැන් මෙම වෙබ් අඩවියට සමාන්තරව, Flickr සමූහයක් ක්‍රියාත්මකයි. 

එම සමූහය හා එක්වී ඔබගේ ඡායාරූප, අදහස් උදහස්, බෙදා හදා ගන්නා ලෙස ඉල්ලා සිටිමු. 

මෙම අඩවිය හා සමූහය හා එක්ව, ඡායරූපකරණය පිළිබඳ දැනුම බෙදා හදා ගන්නට ඔබ සියළු දෙනාටම ආරාධනය කර සිටිමු.



Saturday, March 20, 2010

කාලෙකට පස්සේ



මේ පැත්තෙ මම දැන් ටිකක් එනව අඩුයි, මොකද දැන් මගෙ "Photography සිංහලෙන්" අඩවියේ වැඩම තමා. පෙරෙයිද ඒකට තව බ්ලොග් අඩවියක් හැදුව ඒකට අදාල පුවත් හා නිවේදන පළ කරන්න. මේකට ගිහිල්ල ඔයාලට රූසර අඩවියට අදාල නිවේදන බලා ගන්න පුළුවන්.
කිහිප දෙනෙක්ම මට කිව්ව PhotoBlog Sindicator එකක් හදන්න කියල, මම ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ. කාලිංග සහෝදරයට  මේල් එකක් යැව්ව ගිය සතියෙ, තාම ආරංචියක් නෑ. ලාංකීය සිතිවිලි කට්ටියට ඊයෙ එකක් යැව්ව. දැන් මේ ඒකට අදාල කෙනෙක් එක්ක චැට් කර කර හිටියෙ. නමුත් ඉතින් ඒකට ඕනෙ කරන වෙබ් අවකාශ එහෙම මට නෑ, :( ඒකටත් මොකක් හරි කරන්න වෙනව. බලමුකෝ. 
තව තව පොඩි පොඩි අදහස් තියෙනව, රූසර වෙනුවෙන්. ඒව එක එක දාන්නම්, ඒ බ්ලොග් එක සින්ඩියට එක් කළ වහාම. නැත්තම් ඔයාලට roosara.info ගියාමත් ඒව බලාගන්න පුළුවන්. 
තව ඔයාලගෙ තියෙන අදහස් දෙන්න. මට මේ අඩවිය ලංකාවෙ තියෙන ජනප්‍රියම වෙබ් අඩවියක් කරන්න ඕනෙ. :)