Tuesday, November 8, 2011

Widgets

"Image Today" බලන්නට ගියෙමි සහ තවත් කතා

ලිපිය ලියන්න පරක්කු උනේ ඒව මේව ටිකක් සපයගන්න පරක්කු උන නිසයි. (තවත් දේවල් ටිකක් ලැබුනෙ නැති නිසා අද ලිපිය දානව කියල හිතුව.)
"මි" කිව්වට "මු" වෙන්න ඕනෙ හරි නම්. මොකද මම තනියම ඇතුළට ගියාට ඇතුලෙදි තව සෙට් එකක් සෙට් උනා නෙව.
හරි. "Image Today" කියල කියන්නෙ, පසුගිය සති අන්තයේ, BMICH එකේ පැවති ඡායාරූපකරණය සම්බන්ධ ප්‍රදර්ශනයක්. ඒකෙ තිබුනෙ ඡායාරූපකරණයට සම්බන්ධ වෙන ගොඩක් දේවල්. කඩ තමා වැඩිපුරම තිබුනෙ.
හරි කියන්නම්කො විස්තර.
මේකෙ තිබුන, කැමරා හා උපකරණ විකිණීමට, ඕඩර් කිරීමට. Fuji, Canon, Nikon, Olympus, Kodak, Benq වගේ ප්‍රසිද්ධ කැමරා මාදිලි.
ඡායාරූප මුද්‍රණය සම්බන්ධ මුද්‍රණ යන්ත්‍ර හා වෙනත් මුද්‍රණ යන්ත්‍ර, තීන්ත, කඩදාසි වගේ හැම දෙයක්ම මිලට ගන්න, බලන්න, ඕඩර් කරන්න පුළුවන්කම තිබුන.
මංගල උත්සව සම්බන්ධ දේවල්. ඇල්බම් හදන කට්ටිය, ඇල්බම් හදන උපකරණ, විඩියෝ හදන කට්ටිය, වීඩියෝ හදන්න පුළුවන් මෘදුකාංග, සඟරා...
ඡායාරූපකරණය සම්බන්ධ පොත්, සඟරා. (මේ පොත් නම් ඔක්කොම ඉංග්‍රීසි, පට්ට ගණං, සඟරා නම් තිබ්බ)
Lighting Equipment. Flashers, Reflectors, Diffusers, වගේ දේවල්.
ඡායාරූපකරණය සම්බන්ධ පොඩි වැඩමුළුත් තිබුන වෙලාවෙන් වෙලාවට. (අතුල රණරාජා මහතාගේ, ශාක්‍යා ස්ටුඩියෝ එක අයිති නිවේදකයාගේ (මට එයාගෙ නම මතක නෑනෙ. :( ) ) ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයාගෙත් එකක් තිබිල තියෙනව, අපි දැක්කෙ නෑනෙ. :( 
ඔක්කොටම වඩා, වැඩිපුරම කට්ටිය සෙට් උනේ Model Shoot එකට. Model Shoots දෙකක් තිබුන. එකක් තෙවෙනි ඇසේ කට්ටිය සංවිධානය කරල තිබුනු එකක්. අනිත් එක Heyleys ආයතනයේ FujiFilm stall එකේ තිබ්බ එකක්.




මෙම ඡායාරූප, සන්ජය විපුල අනුග්‍රහයෙනි.

Fuji ආයතනය විසින් අලුතින් කැමරාවකුත් හඳුන්වා දුන්නා. (DSLR එකක්ද කොහෙද, මම හරියටම දැක්කෙ නෑ. කීවෙ, ඒක Professional හෝ Advanced Amateur දෙගොල්ලන්ටම ගැලපෙන එකක් කියල. රු. 75,000 කැමරාව හඳුන්වාදීමේ මිල රු. 50,000යි.)
Heyleys stall එකෙන් raffle draw එකකුත් තිබ්බ. (ඒක ගැන නම් මම කතා කරන්නෙ නෑ. :D )

හරි හරි. ඉතින්, මම මුලින්ම යන්න හිටියෙ මගෙ යාලුවෙක් වෙන සන්ජය එක්ක. ඌ තමා මගෙ Photography companion. ෆොටෝ ගහන වැඩක් නම් ඌ එක්ක තමා ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ. ඉතින් මූ බෑ කීවනෙ. (මම ඉස්සෙල්ල ෆොටෝ ෆෙයා ගිය වෙලාවෙ ෆ්‍රී ටිකට් දෙකක් ගත්තෙත් මූටයි මටයි කියලනෙ.) 
ඔය අතරෙ බ්ලොගෝලයෙ යාළුවන්ගෙන් ඇහුවම කවුද එන්නෙ කියල, චාපා, ශිරෝෂි, ගෙහාන් එහෙම එනව කීව. තව කිහිප දෙනෙකුත් එනව කීවලු. ඉතින් උන් නිසාම මම සෙනසුරාද යන්න හිතන් හිටි එක ඉරිදට වෙනස් කළා. වෙලාවත් පොඩ්ඩක් ඉස්සර කරල 11 යන්න හිටි එක 10ට අඩු කළා. මගෙ ලඟ ටිකට් තුනක් තිබුන, දෙකක් ටිකට් කියන්නම පුළුවන් ටිකට්, තෙවැන්න මගෙ ෆෝන් එකට ආපු එස් එම් එස් ටිකට් එක. :) චාපා ඕනෙ කීවනෙ ටිකට් දෙක. ඉතින් සෙනසුරාද ටිකට් දෙක එයාට නොමිලේ වික්ක. ගෙහාන්ට එකක් ඕනෙ කීව, ඒත් ඉතින් පරක්කු වැඩීනෙ එතකොට, ඒත් මම කිව්ව ඇතුළට ගන්නම් කියල. ;)

මම ඉතින් ඔන්න බස් එකේ යනකොට BMICH එකට යන්න, අර මගෙ යාළුව ඔන්න කතා කරනව "උඹට හැමදාම පොල්ල තියන්න බෑනෙ බන්, මම එනව, 11 විතර වෙයි" කියල. ඉතින් මමත් "හා" කීව. ඌ නම් කැමරාවත් අරගෙන කීව එන්නෙ. මම 10ට කොළඹ කැම්පස් එක ගාවින් බැස්සම මෙන්න චාප රිං කොරල. කතා කරල බැලුවම ශිරෝෂි ඇවිල්ලලු. ඉතින් එයාට කතා කරල බැලුවම මෙන්න කැන්ටිමට වෙලා ඉන්නවලු. මම ඉතින් ගිහිල්ල බැලුවම මෙන්න ඉන්නව තව දෙතුන් දෙනෙක් එක්ක. බැලුවම, සිංහයා, ස්කූබි ඩූ, අනේ අනිකගෙ නම තාමත් මතක් වෙන්නෙ නෑ නෙව. :( සොලි හොඳේ. 
ඉතින් කොහොම හරි ගියගමන් කිරි පැකට් දානෙකට සෙට් උනා. මමත් ඉතින් වේලිලා උන්නු නිසා පිං දීල බිව්ව. එකෙක්ට නම් මදිත් වෙලා පැකට් එකට වතුර ටිකකුත් දාල බොන්න හැදුව. ;) ඒත් එක්කම දැනගන්න ලැබුන, එයාගෙ ප්‍රියතම ප්‍රශ්නෙ (කවුරුහරි එයාගෙන් අහනවට කැමතිම ප්‍රශ්නෙ) "උඹ කාලද?" කියන එකලු. කිරි පැකට් එකක් බිව්වට දෙක තුනක් විතර වේලෙනකම් බලා හිටිය චාප එනකම්. ආ අමතක උනානෙ, තව එකෙක් කිරි බෝතලයක් අරගෙන ඇවිල්ල ඒක මේසෙ යට හංගගෙන තනියමම බිව්වනෙ. :( 
ආ ඔය ඉන්න අතරෙ පිංතූර පෙට්ටියෙ දිනේශ් සහෝදරයවත් සෙට් උනානෙ. :) ඌ නම් කීව 100ක් දීල බලන්න දෙයක් නෑ කියල. :( මට දුකත් හිතුන එහෙම කීවම (මට නම් ඉතින් කොහොමත් ෆ්‍රී නෙ.) ගුටි කන්න වෙයිද කියලත් හිතුන. මොකද මම සන්ජයට කතා ගොඩක් කියල තිබ්බෙ. ඔය අතරෙ ඌට කතා කළාම ඌ කීව අවුලක් නෑ බලමුකො, Model Shoot එකකුත් තියෙනවලු, ඒක නිසා කමක් නෑලු.
ඉතින් ඒක මම අරුන්ටත් කීව, බලමුකො කීව. ඉතින් ටිකට් ගන්නත් එපැයි, ඉතින් මොකෝ කළේ, මම හැමෝටම ෆ්‍රී ටිකට් දුන්න. :D :D :D. මට ආපු මැසේජ් එක හැම එකාටම ෆෝවඩ් කළා. චාපට ටිකට් එකක් දුන්න. ඉස්සෙල්ල දෙකක් ඉල්ලපු එකී මෙන්න එකයිලු ඕනෙ කියනව. ඉතින් අනිත් එක තියාගත්ත, පස්සෙ එනව කිව්ව ගෙහාන්ට. (ඒත් ඉතින් ටිකට් එකකුත් තියාගෙන ඉඳල මූ ආවෙ නෑනෙ. :( නැත්තම් හොරෙන්ම ආවද දන්නෙත් නෑ. :D ) ඔන්න ඉතින් ඊට පස්සෙ අපි කැන්ටිමෙන් පිටත් උනා. 
සිරිමාවෝ හෝල් එක ගාවට ආවම මෙන්න තියෙනව එක එක තොරොම්බල් කඩයක්. ඒකෙ හිටපු සර්පයෙක්ට ශිරෝශි බය උනානෙ. මට හරි වෙලාවට ෆොටෝ එක ගන්න බැරි උනා, චුට්ටක් ඉක්මන් උනානෙ. :( ඔක්කොටම වඩා දුක කියන්නෙ ඒ ගත්තු ෆොටෝ එකත් අතුරුදන් වෙලා තියෙන එක. ගෙදර ඇවිල්ල ෆෝන් එකේ බලනකොට ෆොටො එක නෑ. ( ;) )
ඊට පස්සෙ මම ඉතින් ස්කූබි ඩූ ට කිව "අපි බෙදිල යං" කියල. ඊට පස්සෙ මුන් බයේ යම්දෝ නොයම්දෝ කියල. මම ගියා ඇතුළට, sms එක පෙන්නල ගියා. අරුන් sms එක පෙන්නනකොට ඇහුවලු sms එක forward කරගත්තද කියලත්. කොහොම හරි ශේප් වෙලා ආව ඇතුළට. තව පොඩ්ඩෙන් ගුටිත් කනව, ඔය ඉන්දියන් කාරයො ලේසි නෑ. :D
ඇතුළෙ ඉතින් යනකොට සන්ජය කතා කලා ඌ ආව කියල. ඊට පස්සෙ ඌ එක්ක සෙට් උනා. බ්ලොග් කස්ටියගෙන් වෙන් උනා. වෙන් උනා කීවට එක එක වෙලාවට උන්ව සෙට් උනා. :) 
ඉතින් අරූ එක්ක වටේම ගියා. බ්ලොග් කස්ටිය නම් 2-3 වගේ වෙලාවක පිටත් වෙලා ගියා, උන් මම එනකම් කන්නත් බලන් හිටියලු, මම ඉතින් සන්ජය එක්ක රවුමේ නෙ. උන්ට කන්න කීව. 

ඔන්න ඔය අතරෙ තමා අවාසනාවට ඇත්ත කතාව පටන් ගන්නෙ. :D 
අන්න ඒ කතාව ටිකක් දිග නිසා මම ඒක වෙනමම පෝස්ට් එකක් විදිහට දානව. (link එක ක්ලික් කොළාද, තාම ඒ ලිපිය රෙඩි නෑ හලෝ. :) )

ඔය අතරෙ මට තව මිත්‍රයෙක් මුණගැහුනනෙ. මුහුණු පොතේ මිතුරු ධනන්ජ ෂශින්ද ඇල්විටිගල මල්ලි. මිනිහත් තව සෙට් එකක් එක්ක බැහැල හිටියෙ. (බලහන්කො, මූ ගෙදර ආවටත් පස්සෙ කියනව ඉන්ද්‍රනාථ මහත්තය එහෙම හිටිය කියල, එවෙලෙ කීවෙ නෑනෙ. :( මට ඉතින් නේද මුගෙ ඔලුව අතගාන්න හිතුන ටිකක් තදට. දැක්ක නම් කතා කරල එන්නත් තිබ්බ. :(

බලන්නකො මේ පහළ තියෙන්නෙ ප්‍රදර්ශනේ තුළ මම ගත්තු ෆොටෝ හා විඩියෝ ටිකක්.

මේ ඉන්නෙ මගෙ මිත්‍රය, සන්ජය 
















මම එකතු කරගත්තු ඒව මේව ටිකක් ඔන්න.

මේක දැන් ඇති වගේ. අර කතාව ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. බ්ලොග් කාරයො ටික එක්ක ගත්තු ෆොටෝ එක ලැබෙනකම් දවස් දෙකක් බලාහිටිය, ඒත් නොලැබුනු තැන අද පෝස්ට් එක දැම්ම. (මේක ගැන තමා උඩමදි කිව්වෙ.)

එහෙනම් මම නවතිමි.

10 comments:

  1. ආහ් මට නොදී කෑවා බිව්වා නේද කට්ටිය මොනා උනත් හොඳ බබෙක් අර වීඩියෝ එක දාලා නෑ

    ReplyDelete
  2. අර මම කිව එකා, කිරි බෝතලේ බිව්වෙ මේසෙ යට හංගගෙන. ඌ නම් තනියම කෑව, අපි නම් ඒ දිහාවත් බැලුවෙ නෑ. ඒ විඩියෝ එක දාන්නත් හදල, ඊලඟට කවද හරි හම්බුනොත් ගුටි කන්ට බැරි නිසා දැම්මෙ නෑ. :D

    ReplyDelete
  3. එන්න කියල හිතාගෙ උදේ එලියට බැස්සෙ මාධවයො. එන්න වුවමනාවෙන් තමා හිටියෙ ඉන්දරේත් එන්න ඕන කිවුවා. අපි හවස එන්න කියල ප්ලෑන් කරන් ඉන්දෙද්දි හවස එන්ජිමක් බලන්න යන්න වුනානෙ මචෝ මරදානේ ELS එකට. ඒ වැඩේට ගිහින් එද්දි ගොඩක් හවස්වුණා. අන්තිමට හද්ද වැස්සෙ නාගෙන ගෙදර ගියා. මොන ප්‍රදර්ශනද? හනේ සමාවෙන්න ඕන කියන්න වුනේ නැහැනෙ හදිස්සියට ‍නම්බර් එකවත් දාගෙන නැහැ :(

    ReplyDelete
  4. හ්ම්ම්. ඒක තමා, ඒත් මම බැලුව කතා කරයි කියල. කට්ටිය කීව ඔය කස්ටිය එනව කියල. ඒත් ආවෙ නෑනෙ. :(

    ReplyDelete
  5. අපරාදේ. නිවාඩුවක් තිබ්බා නම් එන්න තිබ්බා. අර පොත් ප්‍රදර්ශනේ වගේ කට්ටිය ලෑස්ති උනේ නැති නිසා දන්නෙත් නෑ.

    ReplyDelete
  6. නිවාඩු නැති එක නිදහසට කරුණක් කියල ගත්තැකි. නමුත් කස්ටිය එනව කියල කීවෙ නෑ කියන එක නම් පිළිගන්න බෑ. ගෲප් එකේයි මගෙ ප්‍රොෆයිල් එකෙයි ගිය කමෙන්ට් ත්‍රෙඩ් දෙකකින් තමා මේ කස්ටිය සෙට් උනේ. :) තව ඉන්දරේ, ගෙහාන් එනව කීවට උන්ට වෙන වැඩ සෙට් වෙලානෙ. :)

    ReplyDelete
  7. හ්ම්.... මොනවා කරන්නද මං එදා වෙන ගමනක් ගියා නෙ. :((((
    මාධව දැන් ප්‍රදර්ශන කීයකට විතර ගියාද ඈහ්... :D

    ReplyDelete
  8. ඒකනෙ. අපෝ දැන් ප්‍රදර්ශන කීයකට ගිහිල්ල තියෙනවද. යනව නම් මේ ඉස්සරහට තව 2,3ක්ම තියෙනව. ඒත් ඔය ඔක්කොගෙම යන්න පුළුවන් කියලය. :(

    ReplyDelete
  9. වැදගත් ගමනක් ගිහින් වැදගත් දේවල් ගොඩක් අරන් ඇවිත් තියෙන්නේ. මමත් බොහොම ඇලුම්කරන ක්ෂේත්‍රයක්.නමුත් යෙදෙන්නට බැරිවිය

    ReplyDelete
  10. මමත් ගොඩාක් ආස පැත්තක්. නමුත් මහ ගොඩක් දැනුමක් නෑ.
    මගෙ ආසාව කාලෙන් කාලෙට අඩු වැඩි වෙනව, දැන් නම් ගොඩක් වැඩි වෙලා තියෙන්නෙ. :)
    Laptop එකක් ගන්න ඉන්නව, ඒක ගන්නෙ නැතිව DSLR එකක් ගනනත් එක පාරක් හිතුන. :) මම පාවිච්චි කරන්නෙ Prosumer එකක්නෙ.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.