Showing posts with label sinhala. Show all posts
Showing posts with label sinhala. Show all posts

Friday, July 1, 2011

"මාධවගේ බ්ලොග් සටහන්" දෙවන උපන්දිනය හා අපේ උපාධි ප්‍රදානෝත්සවය

දෙකම ටිකක් පරණයි, නමුත් ලියන්න වෙලාවක් ආවෙ අද තමයි.
මගේ මේ සිංහල බ්ලොග් එකට පසුගිය 28 වනදාට ඒ කියන්නෙ 2011 ජුනි 28 වනදාට, වසර දෙකක් සපිරුනා. 2009 ජුනි 28 වනදා තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ හා පුරා කියල.


මුලින්ම කියල ලිව්වෙ චුට්ටිම චුට්ටි ලිපියක්. කවුද මට මේ ගැන මුලින්ම කිව්වෙ කියල නම් මතක නෑ. අනේ ඒ පුද්ගලය මට සමාවෙන්න ඕනෙ. නමුත් මම සිංහල බ්ලොග් ලියන්නෙක් වශයෙන් මුලින්ම දැනගත්ත කෙනෙක් තමයි කණිය. ඊට පස්සෙ ධනික එහෙම සෙට් උනා, අම්මෝ ඌව අල්ලගන්න තිබ්බ අමාරුවක්. 
ඔය අස්සෙ මම කියල සිංහල බ්ලොග් එකක් පටන් ගත්තු මගෙ හොඳම යාළුවෙක් තමයි උදිත. මුල්ම කමෙන්ටුව දැම්මෙ චමිල ඩි අල්විස්. මගෙ මේ බ්ලොග් එකේ කොටස් වෙළඳපළ ගැන ලියපු ලිපි මාලාව ඉතාම ජනප්‍රිය උනු නිසා මම ඒ වෙනුවෙන් වෙනමම බ්ලොග් අඩවියක් අරඹල කරගෙන යනව. ඒ අතරෙ තමා ඡායාරූපකරණය ගැන ලිපි ලියන්න හිතල ඒකට තවත් බ්ලොග් එකක් පටන් ගත්තෙ. ඒක නම් මේ දවස් වල ටිකක් අල වෙලා තියෙන්නෙ. 
රැකියාව පටන් ගත්තට පස්සෙ නම් එතරම් ලිපි ලියන්න බැරි උනා, කියවන එකත් අඩු උනා, නමුත් නැතිම වෙලා නම් නෑ. සිංඩියට වැඩිපුර යන්න බැරි උනත් මම ෆලෝ කරන බ්ලොග්, ටික ටික මම බලනව.

මම බ්ලොග්කරණය පටන්ගන්නකොට සිංහල බ්ලොග් තිබ්බෙ 200ක් 300ක් වගෙයි මතක. නමුත් දැන් 2000ක්වත් තිබෙනව මගෙ හිතේ. ඒ අතින් වෙලා තිබෙන දියුණුව නම් ඉතාම ඉහළයි, නමුත් දුකට කාරණාවක් වෙන්නෙ ඒ බ්ලොග් අතරින් බොහොමයක් සාර්ථකව ඉදිරියට නොයන/නොගිය එකයි. තවත් කාරණාවක් වෙන්නෙ සමහරෙක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන එක හරියට නොදැන ඉන්න එකයි, ඔහේ වල්පල් ලියනව, නැත්තම් නිකම්ම රූප ටිකක් දාල නිකා ඉන්නව වගේ දේවල් කරනව. (මගෙ අතිනුත් ඒ වැරද්ද යන්තම හරි වෙලා තියෙනව කියල මටත් පිළිගන්න වෙනව) ඉතින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ පරමාර්ථය වෙන "අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය දියුණු කිරීම" කියන එක හරි හැටි ඒ වගේ බ්ලොග් අඩවි වලින් ඉටු වෙනවාද කියන සැකය අපිට එනවා. 
නමුත් බොහොමයක් බ්ලොග් අඩවි තිබෙනවා ඉතා හොඳ අන්තර්ගතයක් තිබෙන. ඒ අඩවි ඉතාම වටිනවා. අපි දියුණු කළ යුත්තේ සිංහල අන්තර්ගතය පමණක්ම නොවෙයි, ප්‍රයෝජනවත් අර්ථවත් සිංහල අන්තර්ගතයක්. අන්න ඒ ගැන අපේ සිංහල බ්ලොග් කරුවන් ටිකක් සිතිය යුතුයි කියල මම හිතනවා. 

හරි ඒ කතාව ඇති. දැන් මගෙ ලිපියේ මාතෘකාවේ දෙවන කොටසට. බ්ලොග් එකෙ උපන්දිනය සමරපු 28 වනදාම තමයි අපේ උපාධි ප්‍රදානෝත්සවයත් තිබ්බෙ. BMICH එකේ. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ හා ප්‍රමාණ සමීක්ෂණ පීඨයේ 06 කණ්ඩායමේ උපාධි ප්‍රදානෝත්සවය. 

මේ ඉන්නෙ මගේ හොඳම මිතුරා වන උදිත හා මම

ඉතින් අපි උපාධියත් ගත්තලු. දැන් මමත් උපාධිධාරී ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරුවෙක්. (Materials Engineer) කැම්පස් එකෙන් අවුට් වෙලා මාස 6ක් 7ක් ගත වෙලා තිබ්බත් ඒක එතරම් හිතට දැනුනෙ නෑ. නමුත් උපාධිය ගන්නකොට ඒක හුඟක් ලොකුවට හිතට දැනුන. ඇස් වලට කඳුලක් ආව කිව්වොත් හරි.
හරි, කතා ඇති.

මට අවසානව මෙන්න මේ ටික කියන්න ඕනෙ. 
සිංහල බ්ලොග් කරුවන්ට කියන්න තියෙන්නෙ, අපි එකතු වෙලා අන්තර්ජාලය තුළ "ඵලදායී" අන්තර්ගතයක් දියුණු කිරීමට ඇප කැප වෙමු. 
ඉගෙනගන්න නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ හොඳට ඉගෙනගෙන ඉහළට යන්න ඔබ සැමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලයි.

ප. ලි: මේ ලිපිය ඊයේ ලිව්වත්, බ්ලොගරයේ තිබ්බ අවුලක් නිසා පබ්ලිශ් කරන්න බැරි උනා, ඉතින් අද උදෙන්ම දැම්ම. 

Sunday, September 27, 2009

ජූම්ලා සම්බන්ධ ප්‍රශ්නයක්.


මම මේක සිංහල යුනිකොඩ් ගෲප් එකෙයි, සිංහල බ්ලොග්කරුවන්ගේ ගෲප් එකෙයි දැම්ම, නමුත් තාම පිළිතුරක් නම් ලැබුනෙ නෑ. මම ජූම්ලා වලින් සයිට් එකක් හැදුව (http://madhawa.lkwebhost.com). හැදුවෙ හොස්ටිං එකත් එක්ක එන auto installer එක පාවිච්චි කරල. 
මට මේකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව, සිංහල වලින් මොකුත් දාන්න බෑ. සිංහලෙන් මොනව හරි ටයිප් කරල ඒක සේව් කරපු ගමන් සිංහල අකුරු ටික ????? ???? ටිකකට හැරෙනව.  
මේකෙ තීම් එකත් මමම හදපු එකක්. ඒකට ඉස්කෝලපොත ෆොන්ට් එකත් දැම්ම, css එක වෙනස් කරල, ඒත් හරිගියේ නෑ. හරිම ප්‍රශ්නයක්. 
මම එතනම හදපු වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකටත් මේ ප්‍රශ්නෙම ආව (ඒකත් කළේ auto installer එකෙන්: http://madhawa.lkwebhost.com/blog/), නමුත් ඒක ඉවත් කරල. මමම හොස්ට් කළාම එකේ අවුල හරි ගියා. මට මේකට විසඳුමක් තාම හොයාගන්න බැරි උනා. තාම හොයනව.

Friday, September 4, 2009

ගූගල් තවත් භාෂා 9ක් පරිවර්තනය කරයි

ඔන්න ගූගල් භාෂා පරිවර්තකයට තවත් භාෂා 9ක් එකතු වෙලා. ඒවත් එක්ක දැන් ගූගල් භාෂා පරිවර්තකය, භාෂා 51ක් පරිවර්තනය කරනව, භාෂා යුගල 2550ක්, සියලූම යුරෝපීය භාෂා 23ත් සමඟ. 
අලුතින් එකතු වෙලා තියෙන භාෂා තමයි මෙන්න මේව.
- Afrikaans
- Belarusian
- Icelandic
- Irish
- Macedonian
- Malay
- Swahili
- Welsh
- Yiddish

තාමත් හැබැයි පරිවර්තන කාර්යයේදි පොඩි පොඩි ගැටළු තියෙනවලු, නමුත් ඒක එයාල වැඩි දියුණු කරගෙන යනවලු.
Google Translate
මෙම භාෂා පරිවර්තන හැකියාව ගූගල් හා සම්බන්ධ අනෙකුත් පහසුකම් වලටත් ඇතුළත් කරල තිබෙනව. දැනටමත් Gmail, Google Toolbar, Google Reader, and Google Docs කියන ඒව මේකට ඇතුළත්, නමුත් මේ අලුත් භාෂා 9 නම් තාම මේවට සහය දක්වන්නෙ නෑ. ඒත් ඒවත් ඉක්මනටම එතනට එයි. අනේ ඉතින් සිංහලත් මෙතනට ආව නම් අපේ කට්ටියට මෙච්චර දුක් විඳින්න ඕනෙ නෑනෙ නේද? අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩි දියුණු කරන එක ගැන හිතන අතරෙ මේ ගැනත් ටිකක් හිතන්න පුළුවන් නම් අපේ දැක්ම ඉතා ඉක්මනින් සඵල කරගන්න පුළුවන් වෙයි නේද?

Sunday, August 16, 2009

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවන් කවුද?


මට දැන ගන්න ඕනෙ සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංසදය හා එක්ව ඇති හා නැති මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සියලුම බ්ලොග්කරුවන් ගැන විස්තර.
ඉතින් ඔබ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවෙක් නම් කරුණාකරල මේකට කමෙන්ට් එකක් දාල ඒ ගැන මට කියන්න තරම් කාරුණික වෙන්න පුලුවන්ද?
බොහොම ස්තුතියි.