Tuesday, March 15, 2011

කාරුණික ඉල්ලීමක් - ලේ දන්දීමක්

මොරටුව සරසවියේ Materials Science and Engineering දෙපාර්තමේන්තුවේ 05 batch එකේ සිටි සිසුවෙක් වූ ධර්මසේන අය්යා (අපේ උඩ බැච් එකේ රෙපා) හදිසියේ පසුගිය සතියේ අප හැර ගියා.
ඔහුට පිං පිණිස ලේ දන් දීමේ ව්‍යාපාරයක් සංවිධානය කරල තිබෙනවා.
දිනය: මාර්තු 18 වන සිකුරාදා
ස්ථානය: ජාතික ලේ බැංකුව, නාරාහේන්පිට
වේලාව|: උදේ 8.00 සිට සවස 5.00 දක්වා
ඉතින් ඔයාලටත් මේ සත්කාර්යයට සහභාගි වීමට අපි කාරුණිකව ආරාධනා කරනවා.
එන්න බලාපොරොත්තු වෙනවා නම් කරුණා කරල මේ ලිපියට අදහසක් දක්වන්න. ඔවුනට කෑම බීම සකස් කිරීමට අවශ්‍ය නිසා එන පිරිස කොපමණ වෙයිද කියල දැනගන්න ඕනෙ කරනවා.

Sunday, February 27, 2011

Web Designers, Graphic Designers, Animators, Programmers ඕනෑ කර තිබේ

ඔයාලට මතකයිනෙ මම ඉස්සෙල්ල මගෙ ලිපියෙ කිව්ව අපේ යාළුවො කිහිප දෙනෙක් සෙට් වෙලා හදාගත්තු IT Firm එක ගැන.
ඉතින් අපි දැන් කට්ටිය හොයනව අපිත් එක්ක වැඩ කරන්න. මම ඉස්සෙල්ල ලියපු ලිපියටත් කිහිපදෙනෙක් මේල් කරල තිබුන එකතු වෙන්න කැමතියි කියල.
ඉතින් තව අය ඉන්නව නම් අපිත් එක්ක වැඩ කරන්න කැමති (Project සෙට් වෙන හැටියට හා Contract Basis) මේල් කරන්න අපිට (careers[at]nanovik[dot]com වලට)

අපි මෙන්න මේ වගේ අයව තමා හොයන්නෙ.
  • Web Designers (DreamWeaver, Flash, etc)
  • Web Developers (PHP, MySQL, XML, etc)
  • Graphic Designers (Photoshop, FreeHand, etc)
  • Animators (3DS Max, Blender, Maya, Flash)
  • Programmers (PC apps and Mobile Apps, Java, .NET)
ඉතින් ඔයාලත් කැමති නම් අර කිව්ව මේල් ලිපිනයට මේල් එකක් දාන්න. මතක් කරල ඔයාගෙ personal details, educational details, කරල තියෙන වැඩ, ඔයාගෙ හැකියාවන් දාල එවන්න. (CV එකක්ම එවන්න පුලුවන් නම් වඩාත්ම හොඳයි, Portfolio එකක් එක්කම. )
දැනට ගොඩක් වැඩ නම් නෑ, ඉතින් ඉල්ලන හැමෝටම එකපාරටම වැඩ සෙට් වෙන එකක් නම් නෑ. නමුත් අපි ඔයාලව තියාගන්නව standby, ඕනෙ වෙලාවට ටක් ගාල කතා කරල වැඩ ලබාදෙන්න. 

ඒත් එක්කම, ඔය කිව්ව Area වල වැඩ තියෙනව නම් ඒවත් අපිට කියන්න, අඩු මුදලකට කරල දෙන්න පුළුවන්. :) 
අපි ලබා දෙන සේවාවන් මෙන්න මේව තමයි.
  • Web Design (HTML, Flash, Hybrid)
  • Web Development (PHP, MySQL)
  • Wordpress, Blogger, Drupal, Joomla Theme Creation
  • SEO
  • Logo Design
  • Business Cards Design
  • Brochure Design
  • Banner Ads Design
  • Programming (PC and Mobile)
  • E Mail Marketing (මේක නම් තාම හරියටම නෑ. )
එහෙනම් දැනට නවතින්නම්.

Sunday, February 20, 2011

කාලෙකට පස්සේ, මගේ ජොබ් එක හා මේ දවස් වල...

ඉතින් කට්ටිය කොහොමද? කාලෙකට පස්සෙ ආවෙ. සමාවෙන්ඩ ඕනෙ. 
කැම්පස් අවුට් වෙලා ටික කලක් ගෙදරට වෙලා විවේකීව ඉඳල දැන් ජොබ් එකකට යනවනෙ. ඉතින් ටිකක් බිසී. පටන් ගත්තු ගමන්ම වැඩ නැති උනත් ගොඩක්. ගෙදර එන්නෙ රෑ වෙලා, දවස් 6ක් වැඩනෙ.
ඒ අස්සෙ ටිකක් කම්මැලිකමකුත් ඇවිල්ල තිබ්බෙ බ්ලොග් ලියවිල්ල සම්බන්ධයෙන්. ඒත් නවත්තන්නෙ නම් නෑ. :) යන්තම් "Photography සිංහලෙන්" එකටත් ලිපියක් දවාලියෙන් ලිව්ව.

ඉතින් පොඩ්ඩක් කියල ඉන්නම්කො මගෙ ජොබ ගැන.
මම "මාග ඉංජිනියරිං පුද්ගලික සමාගමේ" තත්ව ආරක්ෂණ විධායක නිලධාරියෙක්. තේරුනේ නෑ? Maga Engineering (Pvt) Ltd හි Quality Assurance Executive කෙනෙක්. දන් නම් තේරෙන්න ඇති ටිකක්. 

මොකද්ද මේ "මාග"??? 
මාග කියන්නෙ ලංකාවෙ තිබෙන විශාලතම construction company එකක් කිව්වොත් හරි. (තනි අයිතියක් සහිත ලංකාවේ විශාලතම civil construction company එක) මාර්ග, පාලම්, ඇළ වේලි, ගොඩනැඟිලි සෑදීම,  ජල නල පද්ධති එලීම තමා මේ සමාගමෙන් කරන වැඩ.

 
ඉතින් මොනවද මට කරන්න තියෙන්නෙ?
මගේ රාජකාරිය වෙන්නෙ සමාගම තුළ ක්‍රියාත්මක කෙරෙන තත්ව ප්‍රතිපත්ති හරි ආකාරව ක්‍රියාත්මක කෙරෙනවාද යයි පරික්ෂා කිරීමත්, ඒ සම්බන්ධව ගතයුතු අනෙකුත් අදාල ක්‍රියාමර්ග ගැනීමත් තමයි. 
මාග ඉංජිනියරිං තුළ තත්ව සම්මත 3ක් දැනට ලබාගෙන ක්‍රියාත්මක කෙරෙනවා. ISO 9001 - Quality Management System, ISO 14001 - Environmental Management System හා OHSAS 18001 - Occupational Health and Safety Management System. ඔන්න ඔය ටික ගැන බලා කියාගෙන ඉන්න තියෙන්නෙ. 
මගෙ ජොබ් එක තියෙන්නෙ නම් head office එකේ. නමුත් Quality Audits වලට එහෙම රට පුරාම තියෙන constructions sites වලට යන්න වෙනවා. යාපනේ, මන්නාරම, මොණරාගල, හම්බන්තොට, මහ නුවර, නුවර එළිය, කොළඹ අවට...... 

ඒව අස්සෙ තව වැඩත් තියෙනව. අපේ යාළුවො කිහිපදෙනෙක් සෙට් වෙලා හදාගත්තනෙ IT Firm එකක්. (පරණ එකේ යම් යම් අසාර්ථකකම් ටිකක් නිසා යළිත් මුළ සිටම ඇරඹුවා) ඒකෙ වැඩ ටිකකුත් කෙරෙනව. නම "NanoVik". නැණ + විකුම් කියන වචන දෙකෙන් තමයි නම හදාගත්තෙ. තාම ලොකුවට මොකුත් නෑ, අපිටත් වෙලාවක් නෑ නෙ. ඔයාල කැමති අය ඉන්නව නම් අපිත් එක්ක සෙට් වෙන්න. සයිට් එකේ තියෙන ඊ මේල් ලිපිනයට මේල් එකක් දාන්න. (දැනට නම් contract basis හොඳේ. )


"Photography සිංහලෙන්" එකෙත් වෙනස්කම් ටිකක් වෙයි ඉදිරි සති කිහිපය තුළ. ඒවත් බලන්න ඕනෙ. අපි කරන්න හිටි, නමුත් නැවතිලා තිබුනු දේවල් ටිකකුත් ආපහු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

"Guide To CSE" එකටත් තව සේවාවක් එක් වෙන්න තියෙනවා. (දැන් තියෙන එකක්ම නමුත් අලුත් ආරකින්). ඒකෙත් මේ දවස් වල testing යනවා. 

ඒ අස්සෙ මේ දවස් වල මට ආපහු Quantum Physics ගැන ආසාවක් ඇවිල්ලනෙ. :) 

ඒක නෙමෙයි ඔයාල දන්නවද Paradox of the Grand Hotel ගැන. interesting සිද්ධියක්., පොඩ්ඩක් කියවල බලන්නකො. සමහරුන්ට නම් තේරෙන එකක් නෑ. සමහර විට මම ඒ ගැන සරළ ලිපියක් ලියාවි. ඒත් ඉතින් මටත් ඕක හරියටම තේරෙන්නෙ නම් නෑ. :D

අද ලිපියෙන් නම් සමහරුන්ට කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න ඇති, නමුත් කියන්න හිතුනු දේවල් ටිකක් කිව්වෙ. එහෙනම් මම ගියා. පුළුවන් වෙලාවක වැදගත් දෙයක් ලියන්නම්කො.


ප. ලි. ඒක නෙමෙයි, මගෙ බ්ලොග් එකේ folloiwersල ටිකටයි feed readersල ටිකටයි කෙල උනානෙ. ඉතින් කැමති නම් follow පාරක් දාල, feed එකටත් සෙට් වෙන්න ආරාධනා කරනවා...

Sunday, January 30, 2011

"ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත භාගත කරගන්න

මම ලිව්ව "ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත ලබා ගන්න ඇති මගේ පාඨකයින් සමහරෙක්. මගේ ෆීඩ් එකත් එක්ක එකතු වෙලත් ලින්ක් එක ලැබුනෙ දැතිනම් සමාවන්න, දන්නවනෙ මගෙ බ්ලොග් එකේ අවුල් ටිකක් තිබ්බ කියල ඒ කාලෙ.
මෙන්න හැමෝටම අවස්ථාව තියෙනව දැන් ඒ පොත ලබාගන්න, කිසිදු කොන්දේසියක් රහිතව. පොත නොමිලේම ඔබට ලබාගන්න පුළුවන්. 
කරන්න තියෙන්නෙ මෙන්න පහත සබැඳිය තුළින් ගොස් අදාල ගොනුව භාගත කරගැනීමයි.



සබැඳිය: http://bit.ly/inctrfcMH

මුරපදය ලෙස පහත මුරපදය භාවිතා කරන්න.
මුරපදය: madhawasinblog


ගොනුව පිළිබඳ විස්තර

ගොනුවේ වර්ගය: WinRAR Achieve (පොත PDF ගොනුවක් ලෙස පවතී.)
ප්‍රමාණය: 1.95 MB


ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා පොත ලබාගෙන, කියවා, ඔබගේ අදහස් උදහස්ද මට ලබා දෙන ලෙස. මට එතකොට පුළුවන් පොතේ වැඩි දියුණු කිරීම් කරන්න එහෙම.



මගේ ෆීඩ් එකට එකතු වෙන්න මෙතනින් පුළුවන්.


Friday, January 14, 2011

Web Based Chat + E mail client

මෙන්න තවත් නියම වෙබ් 2.0 වෙබ් අඩවියක්. 
LiveGo කියන්නෙ ඔන්ලයින් චැට් + මේල් ක්ලයන්ට් එකක්.



FaceBook, Twitter, එක්ක ඔබේ ප්‍රියතම chat clients (MSN messenger, Yahoo Messenger හා GTalk), ඊ මේල් ගිණුම් වන hotmail, gmail, yahoo mail කිiය්න ඊ මේල් ගිණුම් ටිකත් එක ඇතුලෙම ඉඳගෙන කළමනාකරණය කරගන්න පුළුවන්.
ඊට අමතරව මේකෙ, Social Filters, To Do Lists, Calender පහසුකම් පවා තිබෙනවා.

Thursday, January 13, 2011

හීතලට බ්ලොග් ලියවිල්ලත් අඩු වෙලාද???

පුදුම හීතලක් නේද? වෙවුලනවා. අවුරුදු 61කටද කොහෙද පස්සෙ කොළඹට වාර්තා උනු අඩුම උෂ්ණත්වයලුනෙ. සෙල්සියස් අංශක 18ක්. එලියටවත් බහින්න හිතෙන්නෙ නෑ.මේ රෑ ගේට්ටුව වහන්න කියල එලියට බැස්ස, හම්මෝ, මට මතක් උනා අපි සිරීපාදෙ ගිය ගමනක්. ඒකත් ගියේ සීසන් එක පටන් ගත්තුම කාලෙ, දැන් අවුරුදු 2කට ඉස්සෙල්ල ජනේරුවක. එදා තිබ්බ සීතල මීට වැඩි වෙන්න ඇති, නමුත් ඒව මතක් උනා මේ හීතලට.
ඉන්නම බැරි තැන ඇඳුම් කබඩ් එකේ අස්සෙක තිබ්බ දැන් අඳින්නෙ නැති අත් දිග ටී ෂර්ට් එකක් අරන් ඇඳ ගත්ත, ඒකෙ මොන මඟුලක් තිබිලද මන්ද අතක් මුල සිට අගටම කසන්න ගත්ත. ගලවල හොඳට ගසල දාල ආපහු ඇඳගත්ත ඕනෙ එකක් වෙන්න කියල, තාමත් ටික ටික කහනව. :D

හෙට උදෙන්ම ගමනක් යන්නත් තියෙනව, උදේටවත් ටිකක් අව්වක් වැටුනොත් හොඳයි.
ඒකම නෙමෙයි කියන්න හිතුවෙ, තවත් දැක්ක දෙයක්. මේ හීතලටද මන්ද, මේ දවස් ටිකේ ලියවිලා තියෙන බ්ලොග් ලිපි නම් හරිම අඩුයි. වෙනදට මම ලිපියක් රෑ දැම්මම පස්සෙ දවසෙ රෑ වෙනකොට ඒක සිංඩියෙ 2වෙනි පිටුවටත් ගිහිල්ල. නමුත් අද ඒක තවමත් මුල් පිටුවෙ. ඊයෙත් ලිපි හරිම අඩුයි. වෙනද තරම් මට කියවන්න ආස දේ ගැන ලියවෙන ලිපි ටිකක් අඩු වෙලත් වගේ. මම වැඩිපුර කියවන බ්ලොග් ලියන බ්ලොග්කරුවන් ලියන එක අඩු කරලවත්ද???
කෙසේ වෙතත් හොඳ දේ ලියන්නත් කියවන්නත් මම කැමතියි, ඉතින් ලියවිල්ල නවත්තල එහෙම ඉන්නවා නම් මගෙ බ්ලොග් මිතුරන් ආරාධනා කරනවා, යළිත් ලියන්නට.
බ්ලොග් 1000කට වඩා තිබෙන සිංඩියක් මීට වඩා ක්‍රියාකාරී විය යුතුයි නේද?
එහෙනම් මම ගියා....

ඔබගේ හඬ ලොව පුරා විසුරුවා හරින්න

තවත් Web 2.0 වෙබ් අඩවියක් ගැන තමයි මේ විස්තරය.

Mixlr කියන අඩවිය හරහා ඔබට පුළුවන් ඔබගේ හඬ ලෝකය පුරාම ඉතාම හොඳ තත්වයකින් සජීවීව, විසුරුව හරින්න. නොමිලේ ගිණුමක් සකස් කරල වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ. iPhone, iPad, Mobile Phone එක හරහා උනත් ඒවාට සවන් දෙන්න පුළුවන්.
මොවුනේ අඩවිය සමාජ ජාල වෙබ් අඩවි එක්කත් ඉතා හොඳ සම්බන්ධයක් තිබෙනවා. ඔබගේ හඬ විසුරුවා හරින අතරතුර, චැට් කිරීමේ පහසුකමුත් තිබෙනවා.

Wednesday, January 12, 2011

යන්තම බ්ලොග් එක ආපහු වැඩ

ඉතින් මගෙ සිංහල බ්ලොග් එකට කෙල උනා කියල සමහරු දන්නව ඇතිනෙ?
නොදන්න අයට දැනගන්න කියන්නෙ. එහෙන් මෙහෙන් scripts, images, එහෙම කෙලින්ම ඒක තිබ්බ තැනින් ලින්ක් එක අරගෙන දානකොට හොඳටම පරිස්සම් වෙන්න. මට කෙල උනේ මගෙ බ්ලොග් එකෙ ලිපියකට වෙනත් අඩවියක තිබුනු රූපයක direct link එකකින් ඒ රූපෙ මගෙ බ්ලොග් එකට දාන්න ගිහිල්ල.

ඉතින් ඒක අයින් කරල ගූගල් එකට කිව්වත් දෙපාරක්ම, උන් පැත්තවත් බැලුවේ නෑ. ඉතින් මොනව කරන්නද මාසයක්ම බලා ඉඳල, කරන්න දෙයක් නැති එකේ, පටාන් ගත්ත අලුතින් බ්ලොග් එක, අලුත් තැනක අලුත් නමකින්. 
ඔන්න අද සිට ඉස්සර වගේම මගෙ බ්ලොග් එක දුවනවා. 
domain එක නම් වෙනස්, නමත් වෙනස් ටිකක්. 
RSS feed එක නම් ඒකමයි. නමුත් දුක තියෙන්නෙ මගෙ Followersල ටික නම් නැති උනා. කමක් නෑ, අලුතින් එකතු වෙයිනෙ. 
ඉතින් මම ඉලා සිටිනවා, මගෙ followersල වෙල හිටි අයට මේකෙත් follower කෙනෙක් වෙන විදිහට. 
අනිත් අයටහ් ඉතින් මගෙ බ්ලොග් එක follow කරන්න කිසිම තහනමක් නෑ නෙ ඉතින්.