Wednesday, January 12, 2011

Widgets

යන්තම බ්ලොග් එක ආපහු වැඩ

ඉතින් මගෙ සිංහල බ්ලොග් එකට කෙල උනා කියල සමහරු දන්නව ඇතිනෙ?
නොදන්න අයට දැනගන්න කියන්නෙ. එහෙන් මෙහෙන් scripts, images, එහෙම කෙලින්ම ඒක තිබ්බ තැනින් ලින්ක් එක අරගෙන දානකොට හොඳටම පරිස්සම් වෙන්න. මට කෙල උනේ මගෙ බ්ලොග් එකෙ ලිපියකට වෙනත් අඩවියක තිබුනු රූපයක direct link එකකින් ඒ රූපෙ මගෙ බ්ලොග් එකට දාන්න ගිහිල්ල.

ඉතින් ඒක අයින් කරල ගූගල් එකට කිව්වත් දෙපාරක්ම, උන් පැත්තවත් බැලුවේ නෑ. ඉතින් මොනව කරන්නද මාසයක්ම බලා ඉඳල, කරන්න දෙයක් නැති එකේ, පටාන් ගත්ත අලුතින් බ්ලොග් එක, අලුත් තැනක අලුත් නමකින්. 
ඔන්න අද සිට ඉස්සර වගේම මගෙ බ්ලොග් එක දුවනවා. 
domain එක නම් වෙනස්, නමත් වෙනස් ටිකක්. 
RSS feed එක නම් ඒකමයි. නමුත් දුක තියෙන්නෙ මගෙ Followersල ටික නම් නැති උනා. කමක් නෑ, අලුතින් එකතු වෙයිනෙ. 
ඉතින් මම ඉලා සිටිනවා, මගෙ followersල වෙල හිටි අයට මේකෙත් follower කෙනෙක් වෙන විදිහට. 
අනිත් අයටහ් ඉතින් මගෙ බ්ලොග් එක follow කරන්න කිසිම තහනමක් නෑ නෙ ඉතින්. 


21 comments:

  1. oya lasantha kiyana kenge trmplate use karana nisa thama blog eka delete wenna atthe...mokda mageth A porage templte ekek dha gaena idhala blog eka akin kara...pora ge templte use karana epa..me blog ekath oyata nathi wewi..oira hadana templte wla script godak wenwas..parissammen..

    ReplyDelete
  2. නෑ නෑ, ටෙම්ප්ලේට් එකේ අවුලක් නෑ.
    ඒ ටෙම්ප්ලේට් වල තියෙන scripts මම බලල තියෙනව. මමත් ඔහුගේ ක්‍රමයටම තීම්ස් හදල තිබෙනවා.
    තීම් වල අවුලක් නෙමෙයි, මම මගෙ පෝස්ට් එකක දාල තිබ්බ රූප ටිකක් නිසයි අවුල උනේ. ඒ රූප malware hosting site එක තිබිල තියෙන්නෙ. මම ඒක දන්නෙ නැතුව ඒ රූප පෝස්ට් එකට දැම්ම.
    Google Webmasster Tools ගිහිල්ල බැලුවම තිබ්බ ඒ රූප ටික ගැන කියල, malware threats තියෙනව කියල ඒ images hosting sites වල.
    වෙන කිසිම අවුලක් නෑ, ඒක තමා තිබුනු අවුල.

    මම මේ තීම් එක දාල මාසෙකට දෙකකට වඩා කිසිම අවුලක් නැතුව දිව්වනෙ. අර රූප ටික තිබ්බ ලිපිය දාල දින 2,3න් තමා කෙල උනේ.

    ReplyDelete
  3. okane mama hemadaama kiwwe.. copy karanna epaa kiyala... ko ahuwe naane .. dakkane wechcha dee!

    ReplyDelete
  4. කොපි???? කවුද කොපි කළේ???? පෙන්නන්න මගෙ එක ලිපියක් හරි කොහෙන් හරි කොපි කරල දාල තියෙන.

    මම කිව්වෙ රූපයක් ගැන. මම මිලට ගත්තු item එකක රූපයක්. ඒක මිලට ගත්තු තැන තියෙන රූපෙ දාන්නෙ නැතුව වෙන රූප අදාල නොවන රූපයක් හොයල දාන්නද කියන්නෙ????

    ReplyDelete
  5. ඔයා කොපි කරන්න එපා. කෙලවෙනවා.අනුන්ගේ අදහස් තමන්ගේ කරගන්න හැදුවට වැඩක් නැ.එහෙම කලොත් කවදාවත් නිර්මාණ බිහි වෙන්නෙ නැ.සුපර් ස්ටාර් කරයෝ වගේ අනුන්ගේ සිංදු කියල උඩ ගියාට ඉට වැඩිවේගෙන් පහලට වැටෙන්නෙ...ඔය කෙලවුනෙත් (පොරක් වෙන්න ගිහිල්ලා) එහෙම කරලනේ.... බලාගෙන හබරකඩ මලකඩ වෙයි.අනේ පවු....කියල අහගන්න වෙයි.

    ReplyDelete
  6. අනේ, මමයි "පවු" කියන්න ඕනෙ මේ ඇනෝ සහෝදරයින්ට. මගෙ බ්ලොග් අඩවියේ කිසිම තැනකින් කොපි කරපුවා නෑ. එහෙම තියේ නම් මම මහ ලොකුවට "ප්‍රකාශන හිමිකම්" කතා කියනවද???

    මට කෙල උනු එකට හේතුව මගෙ උඩ කොමෙන්ට් එකේ තිබෙනවා. ඒකෙ දෙවෙනි කෑල්ල පොඩ්ඩක් කියවල බලන්න, කියෙව්වෙ නැත්තම්. හා මගේ මිතුරන් වැඩිපුර විස්තරත් දන්නවා. මම කවදාවත් කොපි කරලත් නෑ කොපි කරන්නෙත් නෑ.

    මම කවදාවත් පොරක් වෙන්න ගිහිල්ලත් නෑ, මට පොරක් වෙන්න ඕනෙත් නෑ. මම එහෙම වෙන්න ගිය තැනක් තිබෙනවා නම් කියන්න. කවුරුහරි මම පොරක් කියල හිතනව නම් මට ඒකට මොකුත් කියන්නත් බෑ, කියන්නෙත් නෑ.

    මේ හබරකඩව කවදාවත් මලකඩ කන්නෙත් නෑ, කාටවත් එහෙම කරන්නත් බෑ. :)

    "කොපි කරන්න එපා. කෙලවෙනවා.අනුන්ගේ අදහස් තමන්ගේ කරගන්න හැදුවට වැඩක් නැ.එහෙම කලොත් කවදාවත් නිර්මාණ බිහි වෙන්නෙ නැ.සුපර් ස්ටාර් කරයෝ වගේ අනුන්ගේ සිංදු කියල උඩ ගියාට ඉට වැඩිවේගෙන් පහලට වැටෙන්නෙ" - මේ කතාවට නම් සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් ඒකෙන් මට නම් කිසිම බලපෑමක් නෑ.

    ස්තුතියි අදහස් වලට.

    ReplyDelete
  7. මචං මාධව කොකු දා ගන්න එපා.උඹ කොපි කාරයෙක් නෙමෙයි කියල අපිට ෂුවර්.බ්ලොග් එක ආයෙත් ආවට සං‍තෝෂයි.දැන් ආයෙත් අනාගන්නෙ නැතුව පරෙස්සමෙන් කරගෙන පලයන්.
    ජය.....!!

    ReplyDelete
  8. සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම සදහා ඔබේ තේරීම ලකුණු කරන්න
    සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය ඔබේ බ්ලොග් අඩවියද?
    විස්තර "සින්ඩි ලංකා" හි
    "සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම" පිටුවේ.

    ReplyDelete
  9. @Dinesh: අන්න ඒකනෙ. කටිය දන්නව මම කවුද කියල.
    ඕක් අඋනේ ඩන් මගෙ අර ebay බග තිබ්බ ලිපියෙ දාපු රූපයක් නිසා. ඒ රූපෙ මම කෙලින්ම host site එකෙන්ම ලින්ක් කලා. ඒ සයිට් එක malware hosting. ඉතින් මටත් කෙල උනා.
    ඔව් ඔව් ආපහු නම් ඒ වගේ වැඩ කරන්නෙ නෑ. :)
    ස්තුතියි අදහස් ව්අලට.

    ReplyDelete
  10. ou ou aiye parissamen.mamath bucup thiyagena thamai post danne.eth ithin monawahari unoth Followers nam nethi wenawa.mage suba pethum.digatama hoda dewal liyanna .

    ReplyDelete
  11. aiye oyage blog eke,menu wala thiyena page walata yanna behe ewath ikmanata hadanna.

    ReplyDelete
  12. ඔව් මල්ලි, බැකප් එකක් තිබ්බ නිසා හොඳයි. followersල නම් ඇති උනා, කරන්නදෙයක් නෑ. ආපහු ඉක්මනට එකතු වෙයි කියල හිතනවා.

    මට අමතක වෙලානෙ ඒවයෙ ලින්ක් ටික හදන්න,මම මේ දැන්මම හදල දාන්නම්. ස්තුතියි පෙන්නුවට.

    ReplyDelete
  13. ඔය මගුල් වලට සැලෙන කොල්ලෙක් යැ අපේ මාධව උන්නැහේ. හිටියටත් වැඩිය අපූරුවට ඔය ඉන්නෙ. ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
  14. ඔව ගනන් ගන්න එපා අයියෙ.... දිගටම ලියන්න. සුබපැතුම්෴

    ReplyDelete
  15. හරියන්නෙත් වරදින්නෙත් මිනිස්සුන්ටනේ, ඕවා ගණන් ගන්න එපා. දිගටම ලියන්න. වැඩ කරන මිනිස්සු අතින් තමයි පිඟන් බිඳෙන්නේ , බලන් ඉන්න අයගෙන් එහෙම වෙන්නෙ නෑනේ .... elaz...

    ReplyDelete
  16. එලම කතාව, බොහොම ස්තුතියි. සහතික ඇත්ත. :)

    ReplyDelete
  17. උඹේ බ්ලොගය මැක්සා මචං. අපිත් උඹත් එක්කයි හැමදාම. හොද බ්ලොගයකට තමා කවුරැත් ගල් ගහන්න බලන්නේ. කණගාටු වෙන්න එපි කිසිමබ දේකට. අපි ඉන්නවා දිගටම

    ReplyDelete
  18. බොහොම ස්තුතියි. ඔයාල වගේ කියවන්නම් හැම වෙලේම ශක්තියක්.
    අනිවා. මම එහෙම සැලෙන එකෙක් නෙමෙයි.

    ReplyDelete
  19. සත්තකින් ම මාධව මට නම් ඔබ "පොරක්"..!!

    ReplyDelete
  20. මාධව, ඕවා ගනන් ගන්න එපා! වැටී වැටී නැගිටින කෙනාව කවදාවත් වට්ටවන්න බැහැ. ඒ නිසා හැම දේකින්ම පාඩමක් ඉගෙන ගන්න. ඔය වගේ මම කරගෙන ගිය වෙබ් එකක් Hosting Server එකෙන් අයින් කරලා තිබ්බේ කිසිම හේතුවක් ඉදිරිපත් නොකරමින්. TOR එක හොදට කියවල බලන්න කියලයි යවන හැම e-mail එකකටම reply විදියට ආවේ. ඒකෙන් සෑහෙන අත්දැකීමක් ලබා ගත්තා. අවුලක් නැහැ සයිට් එක ආයිත් වැඩ. Backups තියාගන්නවා නම් ගොඩ තමයි!

    ReplyDelete
  21. @Indranatha: බොහොම ස්තුතියි අන්කල්. ඔයා ඉතින් හැම වෙලේම මට දිරි දෙනවනෙ. :)

    @Kenny: අනිවා. වැටෙන හැම වෙලේම නැගිටින්න ඕනෙ. අන්න එතනයි දක්ෂකම. ස්තුතියි අදහස් වලට.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.