Thursday, April 9, 2015

වසන්තයට මගෙන් - තාම කල්පනා කරමින්

හ්ම්ම්. බ්ලොග් වසන්තය පටන් අරගෙන දවස් දෙකක්. තාම බැරි උනා මොකුත් ලියාගන්න. ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ. ඒත් එක්කම හරි හමං විදිහට වෙලාවක් ආවෙ නෑ. මේ පෝස්ට් එක ලියන්නත් පේජ් එක ඕපන් කරල පැය ගානක් තිබිල තමයි මේ මොකක් හරි ලියන්නපටන් ගත්තෙ. ඉක්මනට මොනව හරි කල්පනා කරල ලියන්න දෙයක් හොයාගෙන, ලියන්න ඕනෙ.


බ්ලොග් වසන්තයේ ලියවෙන බ්ලොග් වල ලිපි ඔයාලට පුළුවන් "ලක් දැල" බ්ලොග් කියවනය හරහා කියවන්න.





ප.ලි. ඔයාලට මතක් වෙනව නම් මට ලියන්න පුළුවන් දෙයක්, කියන්න අවසර තිබෙනවා.

Monday, March 30, 2015

බ්ලොග් වසන්තය

මේක අලුත් වැඩසටහනක්. තවත් බ්ලොග් සැණකෙලියක් නම් නෙමෙයි.
බ්ලොග් ලියන කට්ටිය මුණගැහිල සෙට් වෙන්නෙ නම් නෑ. නමුත් ඔන්ලයින් සෙට් වෙන වැඩක්.



මේක පටන් ගත්තෙ, අපේ සිංහල බ්ලොගෝලයේ මුල් කාලයේ හිටපු බ්ලොග් ලියන්නො ටික ආපහු බ්ලොග් පෝස්ට් එකක් දෙකක් හරි ලියන්න, එයාලගෙ බ්ලොග් වල අලු ගසා දාල ගන්න පොළඹවන්න.

මේ තියෙන්නෙ මේකෙ, හේතු පාඨය,

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිනෙන සුභ වෙලාවේදී සිංහල බ්ලොග් වසන්තයක් යළි උදා කිරීමට එකී මෙකී නොකී තරුණ මහළු සියළුම බ්ලොග් කරුවන් එකතු කරගෙන සිදු කරනා මහා බ්ලොග් මංගල්‍යය.......!
අයියලා, මල්ලිලා,අක්කලා නංගිලා, මචංලා, මචීලා, ඇන්ටිලා අංකල්ලා ..... අර ඕල්ඩ් බෝයිස්ලා, ගර්ල්ස්ලා අවුරුද්දකට සැරයක් වගෙ සෙට් වෙලා ක්‍රිකට් ටූනමන්ට්, නෙට්බෝල් ටූනමන්ට් තියෙනවා වගේ අපි මේ පරන බ්ලොග් කාරයෝ ටිකක් එකතු වෙලා ලියමුද බ්ලොග් පෝස්ට් දෙක තුනක් සිංහල අවුරුද්දත් අල්ලලා.....?

ඔන්න එහෙමනම් නමෝ විත්තියෙන් 2015, අප්‍රේල් 8 - 15 ත් අතර සතිය ඇතුලේ පුළුවන් තරමක් ගුණාත්මක පෝස්ට් ප්‍රමාණයක් කරන්න ඕනෙම මාතෘකාවකට අදාලව. ඒ හැම පෝස්ට් එකක්ම මේ ගෲප් එකේ පබ්ලිශ් කරමු. බ්ලොග් වසන්ත සතිය ඇතුලත පොඩි බ්ලොග් රෝලක් තම තමන්ගේ බ්ලොග් එකේ ඇඩ් කරගමු මේ පෝස්ට් ඔක්කොම එකතු කරලා.....!

ඉතින් ඔන්න ඕකයි කතාව.
අපේ පරණ බ්ලොග් කාරයොන්ට ඔන්න ආරාධනා කොරනව මේ වැඩේට.

ඔය කිව්ව ගෲප් එක තමයි මේක.


කාලාන්තරය : අප්‍රේල් 8 - 15 දක්වා
වේලාව : ඔය දවස් අටේම හැම වෙලේම


ප. ලි: ලිපියේ තිබෙන දේ වලින් සමහරු හිතල තිබෙනවා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් පරණ බ්ලොග් ලිව්ව කට්ටියට විතරයි කියල. එහෙම එකක් නෑ, ගුණාත්මක ලිපියක් ලියන්න හැකි ඔබ සැමට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.



බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

Thursday, March 5, 2015

"Fiverr සිංහලෙන්" - Fiverr වෙත සරළ ප්‍රවේශයක්


Freelancing කියන්නෙ ලංකාවෙ තරුණ ප්‍රජාව පොඩියට හා ලොකුවට සම්බන්ධ වෙලා ඉන්න, කීය කීය හරි ඩොලර් ටිකක් හොයාගන්න සාර්ථකම ක්‍රමයක්. 
ඒවා අතරින් Fiverr කියන්නෙ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය තමයි තියෙන්නෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට් හා ඒ කොයිවගෙත් මිල වෙන්නෙ ඩොලර් 5ක් වන එකයි.
ඉතින් සරළ ප්‍රොජෙක්ට් නිසා හා පහසුවෙන් කළ හැකි ඒවා තිබෙන නිසා මෙය හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා. 
මෙම අඩවියේ ගිණුමක් සාදා ගැනීම පහසු වුවත්, මෙහිදී ප්‍රොජෙක්ට් ලබා ගැනීම හා තම ගිණුම සාර්ථකව පවත්වාගෙන යාම සමහරුන්ට පැටලිලි සහගතයි. 
මේ ගැන ගොඩක් බ්ලොග් වල ලිපි ලියවිලා තිබෙනවා. 
මම අද ඔබට කියන්නට යන්නේ LKMarketer විසින් රචනා කර නොමිලේම බෙදා හැරෙන පොත් පිංචක් ගැනයි. මෙහි Fiverr ගිණුමක් සාදා ගැනීම හා ඊට පසුව ගිණුම සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන උපදෙස් ඉතා සරලව හා පැහැදිලිව දක්වා තිබෙනවා.
ඉතින් ඔබ Fiverr එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් හා සම්බන්ධ වෙලා අසාර්ථක වෙලා ඉන්නව නම් මෙම පොත් පිංචේ අන්තර්ගතය ඔබට ගොඩක් සහයක් වේවි.


ඉතින් මෙතනින් ගිහිල්ල මෙම වටිනා පොත් පිංච ලබාගන්න.
http://hstr.gq/wp/

Facebook fanpage එක
https://www.facebook.com/lkmarketer

Facebook Group එක
https://www.facebook.com/groups/lkmarketer/

බ්ලොග් එක
http://lkmarketer.blogspot.com

UPDATE:
ඉහත සබැඳීයන් ක්‍රියාකාරිත්වයේ නැති බව කිහිපදෙනෙක් විසින් පවසන ලදී.
පහත සබැඳියෙන් උත්සාහ කරන්න.
http://www.mediafire.com/file/h77179y0bkydy2o/Fiverr-Sinhalen.pdf

UPDATE:
විවිධ පුද්ගලයින් විවිධ නම් ප්‍රකාශ කරමින් අසැබි වදන්ද සමඟින් මෙහි කමෙන්ට් පළ කර තිබුණා. මම මෙහි මුදලට විකුණන වෙනත් කිසිවෙකුගේ ඊ බුක් පළ කරන්නේ නෑ. මගෙම නිර්මාණ හෝ නොමිලේ බෙදාහැරෙන ඊ බුක් පමණයි පළ කරන්නෙ. ඒ නිසා කරුණාකරල ඉල්ලා සිටිනවා විවිධ අයගේ නම් ප්‍රකාශ කරමින් නරක කමෙන්ට් පළ කිරීමෙන් වළකින ලෙස. 

Tuesday, February 17, 2015

පොතක් ලියන අදහස ගැන අදහස්


මට ඉතින් කාලාන්තරේක ඉඳන් තියෙන ආසාවක්නෙ පොතක් ලියන එක. ඒත් තාම ඒක කරගන්න බැරි උනා. (නොමිලේ දෙන පොතක් නෙමෙයි, මිලට දෙන පොතක්) 
අපි අපේ දැනුම නොමිලේ කොතරම් බෙදල දෙනවද. ඒවායින් අපිට කොතරම් හිතට සතුටක් දැනෙනවද. ඒව කියවල ඒවායින් සහයන් අරගෙන ස්තුති කරන අයත් කෙතරම් ඉන්නවද. නේද? ඉතින් නොමිලේ දෙන්න වෙන මහන්සියට වඩා මහන්සියක් වෙලා දැනුමට පොඩි මිලක් නියම කරන එක ගැන නරකක් හිතන්නත් එපා, හොඳද. 

නොමිලේම බෙදා හැරුණු පොඩි පොත් පිංච දෙකක් නම් ලිව්වනෙ. ඔයාල දන්නව ඇතිනෙ. 


ඒ දෙක නම් ඉතින් නැගල යනව. ට්‍රැෆික් පොතේ මම එක් සංස්කරණයකුත් සකස් කරල ඔයාලට දුන්නනෙ. මුල් එක හා පළමු සංස්කරණය ගත්තම මේ වෙනකොට දෙකම භාගත කරගත්තු පිරිස 2000කට වැඩියි. පොතකින් පිටපත් 2000ක් කියන්නෙ ඉතින් පොඩි ගාණක් නෙමෙයිනෙ නේද?

දෙවන එක ගත්තොත්, මම පොත හදන එකත් එක්කම අලුතින් බ්ලොග් අඩවියකුත් ආරම්භ කළානෙ "වෘත්තීය මාර්ගෝපදේශනය" සම්බන්ධව. ඒ පොත් පිංච මේ වෙනකොට භාගත කිරීම 600 ඉක්මවා යමින් තිබෙනවා.

ඉතින් ඇත්තම කිව්වොත් ඒ නොමිලේ ලබා දුන්නු පොත් පිංච දෙක මගෙ හිතට අනුව ගොඩක් සාර්ථක උනා. 

ට්‍රැෆික් ගැන පොත සම්බන්ධව ගොඩක් අදහස් මට ලැබුණ. ඉතින් ඒ පොත නම් සාර්ථකයි කියල මට හිතෙනව. නමුත් ඇත්තටම වෘත්තීය මාර්ගෝපදේශනය පොත සාර්ථකද කියල මට එතරම්ම ශුවර් නෑ. ඇයිද කිව්වොත් ඒක බලාගන්න විදිහක් නෑ. මොකද මට ඒ සම්බන්ධව ලැබුණු අදහස් අතිශය අවමයි. කියවපු අය පවා අදහස් දැක්වුවෙ හරිම අඩුවෙන්. 

මට පොතක් ලියන්න අදහස් කිහිපයක් තිබුණ මගෙ දැනුම් පරාසයත් එක්ක. (මගෙ අධ්‍යාපනික දැනුම පැත්තෙන් ඒ කිව්වෙ Engineering related පොත් ලියන්න නම් මගෙ අදහසක් නෑ, මොකද ඒ දැනුම උගන්නන්න තරම් ඉහළ නෑ.) ඉතින් මම කිව්ව විෂය පරාස තමයි, 
  1. කොටස් වෙළඳපළ
  2. ඡායාරූපකරණය
  3. වෙබ් ට්‍රැෆික්
  4. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම
  5. වෘත්තීය මාර්ගෝපදේශනය

මේව සළකළ බැලුවම මට තේරෙනව අංක 2 ටිකක් අමාරුයි (මගෙ බ්ලොග් එක නම් ඔයාල දන්නව ඇතිනෙ? PhotographyLK, අංක 3, 4 ගැන අන්තර්ජාලයේ තොරතුරු එමටයි, හැබැයි අංක 3 ගැන මම ලිව්ව පොත් පිංච නම් සාර්ථකයි. අංක 4 සම්බන්ධව මම ලිව්ව පොත් පිංචටත් ලැබුණු අදහස් අඩු නිසා ඒකත් එතරම්ම මාකට් වෙන එකක් නෑ කියල හිතෙනවා. අංක 1 ගැන මම තවමත් හිතනව. හිතන එක නවත්තල පොඩි සැකැස්මක් කරගෙනත් යනව ඇත්තම කිව්වොත්. ඒක නම් සාර්ථක වෙන්නත් ඉඩ තිබෙනවා. මොකද මගෙ Guide To CSE බ්ලොග් එක වසර ගණනකින් යාවත්කාලීන කරල තිබුණෙ නැතත් ඒකට තාමත් හොඳ ට්‍රැෆික් එකක් එන නිසා. 

මගෙ බ්ලොග් එකේ පාඨකයන් විදිහට ඔයාලට යම් අදහසක් තිබෙනවා නම් මට සහය වෙන්න. පොතක් ලියන්න මට හැකියාව තිබෙනවා කියල ඔබ සිතන විෂය පරාසයක් පෙන්වා දෙන්න. 

එහෙනම් ස්තුතියි.

Sunday, February 8, 2015

අලුත් බජට් එක හා ත්‍රීවීල්/බස් ගාස්තු


ඔන්න ඉතින් අලුත් බජට් එකෙන් පෙට්‍රල් ඩීසල් මිල අඩු උනාලුනෙ.
ඒ නිසා කට්ටිය කතා වෙලා ත්‍රීවීල් ගාස්තු අඩු කළා. බස් ගාස්තු අඩු කළා. 

මාර කේස් එක කියන්නෙ දැන් කොන්දොස්තරලයි ත්‍රීවීල් කට්ටියයි කියන විදිහට ඉස්සර තිබ්බ ගාස්තු ඉස්සර තිබ්බ ගාස්තු වලට වඩා වැඩියිලු.
තේරුනේ නැද්ද මන්ද. 

මගෙ ගෙදර කට්ටියට උනු සත්‍ය උදාහරණ දෙකක් ගන්නම්.

  1. බජට් එකට ඉස්සෙල්ල අපේ ගෙදර ඉඳල බස් එකේ කොට්ටාවට යන්න ටිකට් එක රු.34යි. (ඒ කියන්නෙ ඉතින් 35යිනෙ, මොකද ඉතුරු රුපියල ඉතින් උන්ගෙ සාක්කුවටනෙ) බජට් එකෙන් පස්සෙ ඒ දුර යන්න ටිකට් එක රු.35යිලු!!! එතකොට ඉස්සෙල්ල ගාස්තුව??? ඒක රු.37යිලු. 37 දැන් 35ට අඩු වෙලාලු. 
  2. ඉස්සර පාදුක්කෙ ඉඳල අපේ ගෙදරට ත්‍රීවීල් ගාස්තුව රු.100යි. බජට් එකෙන් පස්සෙ ඒක රු.100-120 අතර ගාණක් වෙලා. එතකොට ඇහුවම "ඉස්සෙල්ල රු.100යිනෙ දැන් අඩු නැද්ද?" කියල. උන් කියනවලු කොහෙද 100ට ගියේ කියල. දැන් 100 කියන එකා කියනවලු ඉස්සර 120යි කියල. දැන් 120යි කියන එකා කියනවලු ඉස්සර 140යි කියල. තව ඌ ගණං හදන්නත් එනවලු. 


මොකාටද ඉතින් මේව කියන්නෙ.

එතකොට බජට් එකෙන් අපිට ඩබල් පාඩු, ත්‍රීවීල්/බස් කාරයින්ට "ඩබල් වාසි".

අනේ කාලේ වනේ වාසේ කිව්වලු. :D 

Wednesday, January 21, 2015

අලුත් බ්ලොග් කියවනයක් හා දැන් කාලෙ සිංහල බ්ලොග් ලියවිල්ල

මම සම්බන්ධ වෙලා ඉන්න පොඩි වැඩක් ගැන කියන්න සහ මේ කාලෙ සිංහල බ්ලොගිං ගැන මට හිතෙන දේවල් ටිකකුත් එකතු කරන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඒත් එක්කම පරණ බ්ලොග් කරුවන්ට ඒ කාලෙත් පොඩ්ඩක් මතක් කරන්න. 


"ලක් දැල" නැතිනම් "LK Grid" නමින් අලුතින්ම සිංහල බ්ලොග් සින්ඩිකේටරයක් අන්තර්ජාලයට එකතු වෙලා තිබෙනවා. 

"LK Grid" වෙබ් අඩවිය හරහා අනාගතයේදී තවත් වෙනත් සේවාවන් ලබා දෙන්න වැඩ කටයුතු සැළසුම් වෙමින් පවතිනවා. මුල්ම සේවාව හැටියට ඔබ වෙත ගෙන එන්නේ මේ සිංහල බ්ලොග් කියවනයයි.

මෙහි යම් නීති රීති ටිකක් තිබෙනවා. සමහරවිට ඔබට හිතේවි මේ නීති නම් තද වැඩිද මන්ද කියල. නමුත් එවන් නීති දැම්මෙ දැනට සිංහල බ්ලොග් ලියන්නන් කරන යම් යම් වැරදි යම් ප්‍රමාණයකට හරි අඩු කරන්න පොඩි තල්ලුවක් දෙන්න.
උදා: වෙනත් අඩවි වලින් කොපි පේස්ට් බෑ, පුවත් අඩවි වලින් එහෙමම දාන්න බෑ, රූප විදිහට ලිපි තියෙන්න බෑ, යුනිකෝඩ් වෙන්න ඕනෙ පුළුවන් තරමක්, සියළුම ඉල්ලීම් බ්ලොග් අඩවියේ ඇති ලිපි පරික්ෂා කිරීමෙන් අනතුරුව සළකා බලන්නෙ, එක එක තේරුමක් නැති ගැජට් එල්ලන් ඉන්න බෑ, තවත් තියෙනවා.

ප්‍රධානම නීතිය: ඔබගේ බ්ලොග් අඩවියේ තිබෙන ලිපි ගුණාත්මක භාවයෙන් ඉහළ වෙන්න ඕනෙ. 

මොකද මෙහෙම නීති දාන්න හේතුව?
අලුතින් ඇවිල්ල තිබෙන හුඟක් සිංහල බ්ලොග් ලියන්නන් කරන වැරදි තමයි, එහෙන් මෙහෙන් අහුල ගත්තු දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ඔහේ හිතේ හැටියට ලියල දානව. ලියනව කිව්වට සමහර ඒවයෙ වැකි නෙමෙයි තියෙන්නෙ, වචන වල ඉස්පිලි පාපිලි නෑ, ලියන සමහර දේවල් කිසිම තේරුමක් නෑ, සමහර ඒව බොරු. සමහර අඩවි වලට යන්න බෑ පරිගණකයත් එක්ක ස්ලෝ වෙනව. දැන හෝ නොදැන මැල්වෙයා දාගෙන, එක එක තේරුමක් නැති ස්ක්‍රිප්ට්ස් දාගෙන බ්ලොග් එක විනාස කරගෙන, ලෝඩ් වෙන්න හැට පැයක් යනවා.......
ඉතින් එහෙම බ්ලොග් වලට ඇත්තටම "ගුණාත්මක අන්තර්ගතයක් තිබෙන බ්ලොග් එකක්" කියන්න බෑනෙ. අන්න එහෙම ඒව අපි මේ සින්ඩියට එකතු කරන්නෙ නෑ. තරහ වෙන්න එපා. 

බ්ලොග් එක පිළිවෙලට ලස්සනට හදාගෙන, ලස්සනට වැදගත් විදිහට ලිපි ලියන බ්ලොග් වලට අපි ඉහළින්ම තැන දෙනව. ඉතින් අන්න එහෙම මට්ටමකින් එන්න.

මම සිංහල බ්ලොග් එකක් හදල ලියන්න ගත්තු කාලෙ සිංහල බ්ලොග් 50ක්වත් තිබුණෙ නෑ. හැබැයි ඒවායේ තිබුණු අන්තර්ගතය වටිනව, ගුණාත්මකයි. දැන් නම් ඒ කාලෙ බ්ලොග් ලිව්ව බොහොමයක් අයගෙ බ්ලොග් වසර ගාණකින් යාවත්කාලීන වෙලා නම් නෑ. නමුත් ටික දෙනෙක් ඉන්නව තාමත් ලියන. (මම ඇතුළුව)

ඒ කාලෙ අපි හැමෝගෙම දැක්මක් තිබුණ.
මොකද්ද?
"අන්තර්ජාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ සිංහල අන්තර්ගතයක් ඇති කිරීම"
ඉතින් අන්න ඒක හිතාගෙන තමයි ඒ කාලෙ අපි ලිපියක් උනත් ලිව්වෙ. 

දැන් සිංහල බ්ලොග් ලියන අයට නම් එහෙම කිසිම හැභීමක් නෑ. හුඟක් අය වැඩිපුරම හොයන්නෙ Alexa Rank එක ඉහළ නංවගන්න, Traffic වැඩි කරගන්න විතරයි. බ්ලොග් එකේ වැදගත් දෙයක් ලියන එක නෙමෙයි. ඒවට එක එක ක්‍රම හොයනව. නමුත් එයාල දන්නෙ නෑ ඒකට තියෙන හොඳම ක්‍රමය "ගුණාත්මක ලිපි ලිවීම" කියල. 

දැනටමත් බ්ලොග් කිහිපයක් එම කියවනයට ඇතුළත් කරල තිබෙනවා. ඔබටත් පුළුවන් ඔබගේ බ්ලොග් අඩවිය ඇතුළු කරන්න ඉල්ලුම් කරන්න. පැය කිහිපයකින් ඇතුළු නොවේවි. නමුත් දිනක් දෙකක් ඇතුළත ඔබට පණිවුඩයක් ඒවි, බ්ලොග් එක ඇතුළත් කළාද නැද්ද කියල. (ඇතුළත් කලේ නැතිනම් ඒකට හේතුවත්).

එහෙනම්, අන්තර්ජාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ සිංහල අන්තර්ගතයක් ඇති කිරීමට දායක වීමට ඔබටත් හැකි වේවායි පතනවා.

ලක් දැල මුහුණු පොතේ පිටුවටත් එකතු වෙන්න ආරාධනා කරනවා.

ප. ලි.: කිහිප දෙනෙකුගෙන්ම මට අසන්නට ලැබුණා ඔවුන්ගේ බ්ලොග් එක එකතු කළාද නැතිද යන වග සඳහන් කර එවන ලද ඊ ලිපිය ඔවුනට ලැබුණේ නැති බව.
බොහෝවිට එම ලිපිය ස්පෑම් ෆෝල්ඩරයට ගියා වන්නට පුළුවන්. එම නිසා ඔබ බ්ලොග් අඩවිය එකතු කරන්නට පෝරමය පුරවා info[at]lkgrid[dot]com ඊ මේල් ලිපිනය ඔබගේ Address Book එකට එකතු කරගන්න. එවිට, ලක් දැල හරහා එන සියළුම ඊ ලිපි ඔබ වෙත පැමිණේවි. 

Sunday, January 4, 2015

"පවුරු" සත්‍ය කතාවක් - ප්‍රභල පණිවුඩයක් - ආත්මීය කතාවක්



මම සාමාන්‍යයෙන් ප්‍රේම කතා කියවන්නෙ නෑ. නමුත් එකතුව ෆෝරම් එක හරහා ලැබුණු මිතුරෙක් ලිව්ව සත්‍ය කතාවක් තිබෙන මේ කතාව මම එක හුස්මට කියෙව්ව. 
ප්‍රේම කතාවක් හරහා ගොඩනැඟෙන, ප්‍රේම කතාවක් වෙන, නොවෙන, වෙනස් කතාවක්. 
කියවල බලන්න ඔබටත් ආරාධනා කරනවා.

මේ කතාව ගැන මටත් පොඩ්ඩක් ලියන්න හිතුනෙ, හිතට දැනෙන ප්‍රභල කතාවක් වගේම මේකෙන් ඉතා ප්‍රභල වගේම තරුණ ප්‍රජාවට ඉතාම හොඳ පණිවුඩයක් දෙන නිසා. 
මේ කතාව කියෙව්වට පස්සෙ සමහරක් ඔබගේ උනත් ඔබ හිතන ආකාරය වෙනස් වෙයි. හිත් හැදෙයි. හිත් ශක්තිමත් වෙයි.

ඉතින් ආරාධනා කරනවා "පවුරු" ඔන්ලයින් නව කතාව කියවල බලන ලෙසට. ගොඩක් දිගු කතාවක් නෙමෙයි, නමුත් ප්‍රභල කතාවක්.

පවුරු සත්‍ය කථාවේ සියළුම කොටස්..

1 කොටස  මෙතනින්

2 කොටස  මෙතනින්

3 කොටස  මෙතනින්

4 කොටස  මෙතනින්

5 කොටස  මෙතනින්

6 කොටස  මෙතනින්

7 කොටස  මෙතනින්

8 කොටස  මෙතනින්

9 කොටස  මෙතනින්

10 කොටස  මෙතනින්

11 කොටස  මෙතනින්

12 කොටස  මෙතනින් 

13 කොටස  මෙතනින් 
  
14 කොටස  මෙතනින් 

අවසාන කොටස  මෙතනින් 

 මෙය ලිව්වෙ "රවීන්ද්‍ර බණ්ඩාර" සොහොයුරා.
ඊමේල්: rmbraveen[ඇට්]gmail[ඩොට්]com
ෆේස් බුක්: www.facebook.com/freegetlanka
බ්ලොග් එක: http://www.freegetlanka.blogspot.com/

ඉහත දේ මේ පිටුවෙන් උපුටා ගන්නා ලදී.

ඒත් එක්කම, ඔහු මේ කතාව වෙනුවෙන් ගීතයකුත් රචනා කරල තිබෙනව. ඒ හැඟුම්බර ගීතය රස විඳින්නටත් ඔබට ආරාධනා කරනවා.


Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා!!!

ඔබ සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!