Saturday, April 12, 2014

නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය…

 නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය.

ඒ ලෝකය තුළ ඔබ නිවැරදිකරුවෙක් බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොන තරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද? මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්වෙන්නා වූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටු පඬුරක් සේ ලෝකයාට ලැඛෙනවා.

ගස්වල වැඩ සිටින රුක්දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස් මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස්වෙනවා. මේ ද්වේශයත් නව වසරක් උදාවෙද්දී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි.

එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක් නම් සිටිනවාද? මර බයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය, වෛරය සකස්වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ තුටු පඬුරක්මයි.
රතිඤ්ඤා කරලක් පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස් මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ තුටුපඬුරක්මයි.
ගස්වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම්කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත් තුළ සකස්වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි.

ඉහත කොටස් අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක් උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය.
පිංවත් ඔබට මාර සිතක් ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ චේතනාවක් ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක් සේ නොව,
අසුබ වියරු අඳෝනාවක් සේ වායු ගෝලයට එකතු වනවා නියතය. බියෙන්, වෛරී චේතනාවන් සකස් කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතු වූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්කොට ගැනීමේ ස්වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය.
සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැගව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා?

පන්සලේ ඝන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මගුල් ඛෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්, සංයමයක් එහි තිඛෙනවාද. එම හඬින් ඉහතින් දැක්වූ විනාශයන්, අකුසලයන් සිදු වෙනවාද? කුඩා කිරි දරුවෙක් නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක් කිරීමට අවශ්‍ය නම් පමණක් මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මගුල් ඛෙරයක් නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක් බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක් වරදක් නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ.
දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා.

හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක් උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතලවල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා.
කාටද මේ ආශිර්වාද කරන්නේ?
ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්මුන නිසයි, රතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්කේ. ශිල්පද ආරක්ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියාවෙන් වැළකුනේ.
ශීලයට වටිනාකමක් දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක් දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් චේතනාවක් සකස් වෙලා.

නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක් සිදුකරන්න පුළුවන්ද.

මේ පුංචි දෙය වෙනස් කර ගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිඛෙනවාද…?

මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපිපෙළින් උපුටාගත්තකි.

මට ලැබුණු ඊමේල් පණිවිඩයකින් ලබාගත්තකි. 
සියළු අයිතීන් කතෲ සතු වේ. 

Sunday, March 16, 2014

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සරස්වතී තෛලය (පුදුම මතකය)



හුඟ කාලෙකට පස්සෙ තමයි මේ කතන්දර සීරීස් එකට අලුතින් කතාවක් ලියන්නෙ. ඇත්තම කිව්වොත් ලියන්න හිතුනෙ මේ කතා වල පරණ කතාවකට මගෙ පාඨකයෙක් දාල තිබුණු කමෙන්ට් එකක් දැකල.
තොටගමුවේ හාමුදුරුවන්ගෙ කතා මම මීට ඉස්සෙල්ල කිහිපයක්ම කිව්ව. ඒව කියවපු නැති අය Stories ටැගයට ගිහිල්ල ඒව බලන්න. (ටැග් එකේ වෙනත් කතාත් ඇති, ඒවත් ඉතින් බැලුවට කමක් නෑ. ;) )

හරි. අද කතාව "සරස්වතී තෛලය (පුදුම මතකය)".
මේ කතාව නම් ටිකක් ප්‍රසිද්ධ කතාවක්නෙ. ගොඩක් අය දන්නවත් ඇති.

රාහුල හාමුදුරුවො කුඩා කාලෙ සිදුවුනු දෙයක් තමයි මේක. 
ඉතින් රාහුල හාමුදුරුඔ පොඩි කාලෙ, තමන්ගෙ ගුරු හිමියන් සිදු කරන අමුතු ගුප්ත චර්යාවක් ගැන උන්වහන්සේට පොඩි සැකයක් ආව. ඉතින් ඒ ගැන ටිකක් හෙවිල්ලෙන් ඉන්න රාහුල පොඩි හාමුදුරුවො හිතාගත්ත. 
ගුරුහිමියන්ගෙ කුටියට යාබදව තවත් කුටියක් තිබුන. මේකෙ තිබුනෙ රහස් බෙහෙත් වට්ටෝරු, වටිනා බෙහෙත් වර්ග එහෙම තමයි. ඉතින් ගුරු හාඅමුදුරුවො සමහර වෙලාවට මේකට වෙලා විවිධ දේවල් කරනව. නමුත් එලියට ආ ගමන්ම කුටිය යතුරු දාල වහනව. ඇතුළෙ මොනව තියෙනවද මොනව කරනවද දෙය්යො තමයි දන්නෙ.
මේක නිසා රාහුල හාමුදුරුවන්ට, මේ කුටිය ඇතුළෙ තියෙන්නෙ මොනවද කියල බලන්න ආසාවක් කුතුහලයක් ආව. ඒත් කොහොමද කරන්නෙ, ලොකු හාමුදුරුවො හැම වෙලේම මේක යතුරු දාල වහලනෙ තියෙන්නෙ. 
පොඩි හාමුදුරුවො ඒකට ක්‍රමයක් හොයාගත්ත. කාමරයේ පැත්තෙකින් තියෙන වා කවුළුවට ලං වෙන්න උන්වහන්සේට පුළුවන් උනා බිත්තියට හේත්තු කරපු ලී කොටයක් උඩට නැඟල.
එහෙම බලනකොට පොඩි හාමුදුරුවන් දැක්ක දෙයක් තමයි, ගුරු හාමුදුරුවො මොකක් හරි බණකට, ශාස්ත්‍රීය කටයුත්තකට එහෙම යනකොට අර කාමරයට ගිහිල්ල ඒකෙ තියෙන යම් කුප්පියක තිබෙන තෙලක්, පරෙවි පිහාටුවක තුඩට අරගෙන දිව අග ගාගෙන යනව කියන එක.
පොඩි රාහුල හාමුදුරුවන්ට මේක හරිම ප්‍රෙහෙලිකාවක්. කොහොමද මේක මොකද්ද කියල හොයාගන්නෙ???

ඉතින් පොඩි හාමුදුරුවො මේකට අල්ලගත්තෙ පුංචිත්තව. පුංචිත්ත මතකයිනෙ? ලොකු හාමුදුරුවන්ගෙ සේවකයා. පස්සෙ කාලෙක රාහුල හාමුදුරුවන්ගෙ හොඳම ගෝලයා උනෙ ඔහු තමයි.
ඔහුගෙන් උන්වහන්සේ දැනගත්ත මේ ල්ලොකු හාමුදුරුවො යාන්තම් දිවේ ගාගෙන යන්නෙ ස්මරණ ශක්තිය, ඒ කිව්වෙ මතක ශක්තිය දියුණු කරන මහෞෂධ තෛලයක් උනු "සරස්වතී තෛලය" කියල. 
දැන් ඉතින් රාහුල හාමුදුරුවන්ටත් ඉවසිල්ලක් නෑ මේකෙන් බිඳක් පානය කරන්න. 

ඉතින් ඔන්න දවසක් මැති ඇමති වරුන්ගෙ කටයුතු ටිකක් එක්ක, බණකට වඩින්නත් ලොකු හාමුදුරුවට සිද්ධ වෙලා තිබුණ. හොඳටම පර්අක්කු වෙලා තිබුණු නිසා ඉක්මනටම සරස්වතී තෛලය දිවග ගාගෙන ලොකු හාමුදුරුවො ඉක්මනටම පිටත් උනා. මේ කලබල අස්සෙ උන්වහන්සේට කාමරයේ දොර අගුලු දාන්න අමතක උනා. 
ඔන්න රාහුල හාමුදුරුවන්ගෙ අවස්ථාව. 
ඉතින් වෙලාව බලල පොඩි හාමුදුරුවො රිංගුව අර රහස් කාමරයට. බෙහෙත් තෙල් එකින් එක බලල සරස්වතී තෛලය තිබුණු කුප්පිය හොයාගත්ත. 
ඉතින් පොඩි හාමුදුරුවොත් ලොකු හාමුදුරුවො කළා වගේ චුට්ටක් අරගෙන දිව ගාල බැලුව. ම්හ්. කිසි වෙනසක් නෑ. ඔන්න ඒ අස්සෙ රාහුල හාමුදුරුවට අමුතුම කල්පනාවක් ආව. පරෙවි පිහාටුවකින් බිදක් අරගෙන වැලඳුවොත් මෙතරම් මතක ශක්තියක් එනව නම් ඔක්කොම තෙල් ටික වැළඳුවොත් අසාමාන්‍ය මතක ශක්තියක් එයිනෙ කියල හිතපු පොඩි හාමුදුරුවො මුළු තෙල් බෝතලයම කටට හලා ගත්ත.

පහුගිය ටිකේම රාහුල හාමුදුරුවන්ගෙ වැඩ ගැන පරික්ෂාවෙන් හිටි පුංචිත්ත දැක්ක රාහුල හාමුදුරුවො රහස් කුටියට වඩිනව. ඉතින් ඇතුළෙ වෙන දේවල් හොරන් බලාහිටියත් ඔහුට බැරි උනා පොඩි හාමුදුරුවන්ව නවත්වන්න. එතකොට වැඩේ වෙලා ඉවරයි. බෙහෙතෙ අධි මාත්‍රාවත් එක්කම පොඩි හාමුදුරුවො සිහි නැතිව ඇදගෙන වැටුන.
ඉක්මන් උනු පුංචිත්ත, පොඩි හාමුදුරුවන්ව ඇඳක සතපවල දුවල ගිහිල්ල සිද්ධිය කිව්ව ලොකු හාමුදුරුවන්ට. පිස්සුවෙන් වගේ නැගිටපු ලොකු හාමුදුරුවො රීයක වේගෙයෙන් පංසලට වැඩිය. මොකද රාහුල හාමුදුරුවන්ගෙ ජීවිතේ අනතුරේ නිසා. 

ලොකු හාමුදුරුවො පන්සලට දුවන් එන ගමන් ගමටම ඇහෙන්න කෑගහල හැම කිරිමවකටම පන්සලට එන්න කිව්ව. ලොකු හාමුදුරුවන්ගෙ සිංහ නාදය ඇසුනු හැම අම්ම කෙනෙක්ම, තමංගෙ දරුවන්ටත් කිරි පොවන එක තියල පන්සල්ට දුවන් ආව. මෙහෙම සිය ගාණක් අම්මල පංසලට ආව. ගුරු හාමුදුරුවන්ගෙ උපදෙස් අනුව හැමෝම තමන්ගෙ දෙතන කිරි අන්තිම බිංදුව දක්වාම බෙහෙත් ඔරුවකට දොවල දුන්න. ගුරු හාමුදුරුවො මුළු පන්සල් වත්තම පීරල බෙහෙත් හොයල බෙහෙත් හදල අර කිරි පිරුනු ඔරුවට ඒ බෙහෙත් මිශ්‍ර කළා. 
ඊට පස්සෙ රාහුල හාමුදුරුවන්ව බෙහෙත් ඔරුවෙ සතපවල, උන්වහන්සේ දන්න සියළුම යාග හෝම, ශාන්තිකර්ම, මන්ත්‍ර, ගුරුකම් ඔක්කෝම කළා. ඒත් කිසිම සුවයක් පේන්න නෑ. 
ඉතින් මොකද කරන්නෙ. අන්තිම බරපතල රෝගියෙකුට මරණාසන්න අවස්ථාවේදී පමණක් කරන නස්න ප්‍රතිකාරයකුත් අන්තිමට කළා.
ඒත් කිසිම ගුණයක් පේන්න නෑ. දෙය්යො හරි උන්වහන්සේව බේරා ගනීවි කියල ලොකු හාමුදුරුවොත් බෙහෙත් ඔරුව පැත්තකට වෙලා දුකින් බලා හිටිය.
යන්තම් ඔන්න උදේ වෙනකොට පොඩි හාමුදුරුවන්ට යන්තම සුව වන ලක්ෂණ ආව.
ඉතින් දවස් 7ක් එක දිගට බෙහෙත් ඔරුවෙම සතපවල කරපු අනෙකුත් ප්‍රතිකාරත් එක්කම උන්වහන්සේට සම්පූර්ණ සුවය ලැබුණ.

තව පොඩ්ඩෙන් මේ ලක්දිවට අගනා සේවයක් කරපු පඬිරුවනක් අපිට නැති වෙන්න තිබුණ.

කොහොමෙන් කොහොම හරි මේ තෙල වැළඳිම නිසා රාහුල හාමුදුරුවන්ට අසාමාන්‍ය මතක ශක්තියක් ලැබුන.

Saturday, March 15, 2014

Ingress සෙල්ලම් කරන්න ඇරඹුමක්

Ingress කියන ක්‍රීඩාව ගැන මම මීට පෙර ලිපියක ලිව්ව. Ingress හැඳින්වීම ලිපිය කියෙව්වෙ නැති අය ඒක කියවල බලන්න.
ඒක කියෙව්වොත් ගොඩක් අයට මූලිකව මේකෙ වෙන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන්. මම ඒ ලිපිය ලිව්වෙ ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙ නැතිව. මොකද මට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඒ කාලෙ නොතිබුණ නිසා. නමුත් මම දැන් එය ක්‍රීඩා කරනව.
Ingress Logo

Enlightened Logo
Resistance Logo

මුලින්ම ආපහු මූලික අවශ්‍යතා ටිකක් කතා කරමු.
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක්
Google ගිණුමක්
512MB RAM මතකයක්
31MB ROM මතකයක්
GPS හැකියාව
Internet හැකියාව

එන්න ඒව තියෙනව නම් මේ ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. Ingress වෙබ් අඩවියෙන් ගේම් එක ගැන විස්තර හා භාගතකර ගැනීම කරන්න පුළුවන් Google Play හරහා. මුලදි මෙය Invitees Only උනාට දැන් ඕනෑම කෙනෙකුට ක්‍රීඩා කරන්න පුළුවන්.

ආ.. ඔය උඩ ඔක්කෝමට වඩා වැදගත් අවශ්‍යතාවයක් තිබෙනවා. මේ ගේම් එක ප්ලේ කරන්න ඕනෙ නම් ඔයාලට හැමතැනම ඇවිදින්න වෙනව. ඒ කියන්නෙ මේක Field එකේ කරන්න තියෙන ගේම් එකක්. ඉතින් එහෙම කරන්න බැරි නම් මේක සෙල්ලම් කරන්න හිතන එක අමතක කරන්න.

හරි. ඉතින් ඒ අවශ්‍යතා ඔක්කොම තිබෙනවා නම් ඔබට මෙය ආරම්භ කරන්න පුළුවන්. 

ඇප් එක ඕපන් කරල ලොග් උනාට පස්සෙ ඒකෙ ඔබට පෙන්වනවා සිතියමක්. ඒක තමයි Intel Scanner එකේ පෙන්වන ඔබ අවට ප්‍රදේශය. ඒකෙ තමයි ඔබට ක්‍රීඩා කරන්න තිබෙන්නෙ. 

හරි. දැන් සරළව කියන්නම්කො මේකෙ කරන්න තිබෙන දේ. 
මේකෙ තිබෙනවා කණ්ඩායම් දෙකක්. එකක් Enlightened අනික Resistance. Enlightened පිල මේ කියන Exotic Matter හරහා ලෝකය වෙනස් වීමට සහය දෙන්නන්. Resistance පිල ඒකට කැමති නෑ, ඔවුන් කරන්නෙ ඒකට විරුද්ධව සටන් කරන එක.
ඒ කතාව අමතක කරමුකො.
ඔයා මුලින්ම පිලක් තෝරා ගන්න වෙනව. ඊට පස්සෙ ඔබට පුළුවන් සෙල්ලම් කරන්න පටන් ගන්න.
ඔබ කරන්න ඕනෙ ඒ තෝරාගත් පිලට අදාලව ලෝකය පුරා තිබෙන Portals හා සියළුම ප්‍රදේශ ඔබගෙ යටත් පිලට ලබා ගැනීමයි. ඒක කරන්නෙ, Portals යටත් කරගැනීම හා ඒවා සම්බන්ධ කරමින් මුළු මැප් එක පුරා Fields හදන එක. එතකොට ඒ ආවරණය වූ කලාපය තුළ සිටින ජනඝණත්වයට සාපේක්ෂව ඔබ පිලට ලකුණු ලැබීමක් වගේ දෙයක් වෙනව, ඒ ලකුණු වලට කියන්නෙ Mind Units කියල. ඉතින් MU වැඩිම ගණනක් ලබා සිටින පිල තමයි ජය ගන්නා පිල. මේක හැම වෙලේම වෙනස් වෙනවා. එක් පිලක් Fields හදනකොට අනිත් අය ඒව කඩනව. අනිත් පිලේ Portals වලට පහර දෙමින් ඒවා විනාශ කරල ඒවා තම පිලට යටත් කරගන්නවා.
Ingress Intel Map එක බැලුවම ඔයාලට ලෝකෙ පුරා මොකද වෙන්නෙ කියල හිතාගන්න පුළුවන්. ඒක බලන්න Intel Map එකට යන්න.


ලංකාවෙ කොටසක මැප් එක මේ. මේකෙන් ඔයාලට අර කිව්ව Mind Fields ටිකක් බලාගන්න පුළුවන්. 


ඔය මල් වගේ පොඩියට තියෙන්නෙ Portals. කොල පාට ඒව Enlightened Portals, නිල් පාට ඒව Resistance Portals. එක එක හැඩයෙ වර්ණ පෙදෙස් තියෙන්නෙ. ඒව තමයි Fields. Portals 3ක් එකට ත්‍රිකෝණාකාරව සම්බන්ධ කළාම ඒ යටත් පෙදෙස Mind Field එකක් වෙනවා. 

Portals තමා යටතට පත් කරගන්නේ ඒවාට Resonators සවි කිරීම (Deploy) මගිනුයි. ඒ මගින් Portal එක ආරෝපණය වෙනව වගේ දෙයක් තමයි වෙන්නෙ. සතුරන් පහර දෙනකොට ඒවායේ ශක්තිය හීන වෙනව. (පහර දෙන්න එයාල භාවිතා කරන්නෙ XMP Busters.) ඉතින් Resonators යළි යළිත් ආරෝපණය (Recharge) කළ යුතුයි. මේ හැම දෙයක්ම කරන්න ඒ අදාල Portal එක ලඟට යන්න වෙනවා. ඔයා මැප් එක බලාගෙන අදාල ස්ථානයට යායුතු වෙනවා. යන්නෙ නැතිව දුර ඉඳල කරන්න පුළුවන් එක දෙයක් තිබෙනවා. ඒ තමයි Remote Recharging. හැබැයි ඒක කරන්න ඒ අදාල Portal එකේ Portal Key එකක් අවශ්‍ය වෙනවා.

ඒත් එක්කම Portals සතුරන්ගෙන් බේරාගන්න ඒවා ආරක්ෂා කිරීමට ඒවා ආයුධ සන්නද්ධ කළ යුතු වෙනවා. ඒ සඳහා Portals Shields, Turrrets කියල විවිධ නම් වලින් තිබෙන උපකරණ තිබෙනවා. ඒවාට කියන්නෙ MODs කියල. ඒව Portal එකට සවි කිරීමෙන් විවිධ අමතර හැකියාවන් Portal එකකට ලැබෙනවා.
ඊට අමතරව තවත් විවිධ දේ කරන MODsත් තිබෙනවා.

හරි. මොන දේ කරන්නත් මේවා ඔයාලට ලැබෙන්නෙ කොහොමද?
Resonators, XMP, MODs, Portal Keys ලැබෙන්නෙ ඔයාල Portal එකක් Hack කරනකොටයි. ලෙවල් අප් වෙනකොට ෆ්‍රී ටිකකුත් ලැබෙනවා. බලන්න ඔයාලගෙ Inventory ටැබ් එකට ගිහිල්ල.


වැදගත් දෙයක් කියන්න අමතක උනා. ඔයාලට මේ හැම වැඩක්ම කරන්න ශක්තිය ඕනෙ වෙනවා. 
ශක්තිය මේකෙදි හැඳින්වෙන්නෙ XM කියල. Exotic Matter කියන එක තමයි ඒ. ඒව මේ අවට හැමතැනම තිබෙනවා. ඉතින් වටේ ගිහිල්ල XM තියෙන තැන් හොයාගෙන ඒව එකතු කරගන්න එක තමා කරන්න ඕනෙ. Portals අවට එහෙම XM ගොඩක් තිබෙනවා.


මේ උඩ තිබෙන්නෙ Portal එකක් මැප් එකේ පෙන්වන හැටි. ඒ වටේ සුදු පාට තිත් තිත් තිබෙනවා පේනව නේද? අන්න ඒව තමයි ඔය XM කියන්නෙ. අර කහ පාට රවුම තමයි අපේ බලය දැනෙන ප්‍රදේශය. මැද චූටි ත්‍රිකෝණයක් පේනවද? ඒ තමයි මම. Portal ඒක ගාවම? එතකොට අපේ අර කහ පාට රවුම ඇතුළට XM ආවොත් ඒව අපිට එකතු වෙනවා. අපි කරන වැඩ වල බලපෑම පවතින්නෙත් ඔය කහ පාට රවුම ඇතුළෙ තමයි.
වින්ඩෝ එකේ උඩම කොල පාට බාර් එකක් පේනවද? ඒ තියෙන්නෙ XM Bar එක. එතන පෙන්වනව අපි ගාව කොච්චර XM දැනට තිබෙනවද කියල.
ඉතින් එක එක දේවල් කරනකොට XM වැය වෙනව. ඒව ඉවර උනාම මොකුත් කරන්න බෑ. තව XM ටිකක් එකතු කරගන්න වෙනව. එකතු කරගන්න බැරිම වෙලාවට කරන්න පුළුවන් දෙයක් තියෙනව. ඒ තමයි Power Cubes භාවිතා කිරීම. ඒවත් අපිට එකතු වෙන දෙයක්. ඒවායින් පුළුවන් XM ගන්න.

හරි. ඊලඟට,
අපි අර කිව්ව වගේ එක එක දේවල් කරනකොට අපිටම කියල ලකුණු ලැබෙනව. ඔය වෙන ගේම්ස් වල තියෙන්නෙ Experience Points (XP) කියල. අන්න ඒවගේ දෙයක්. මේකෙදි ඒවට කියන්නෙ Actions Points නැත්තම් AP කියල.
මේ මගෙ අද Profile එක. පේනවද 32,430AP කියල? අන්න ඒක තමයි මගෙ දැන් ලකුණු මට්ටම.


ඒ පවතින ලකුණු ගාණ අනුව අපිව Level Up වෙනවා. පළමු එකෙන් දෙවැන්නට යන්න AP 2500ක් ඕනෙ. දෙකෙන් තුනට යන්න AP 20,000ක් ඕනෙ. 3න් 4ට AP 70,000ක් ඕනෙ. අන්න එහෙම.
ලෙවල් එක උඩට යන්න යන්න, භාවිතා කරන්න පුළුවන් වෙන Resonators, XMP, MODs වල ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නෙ L1, L2, L3.... L8 ආදී වශයෙන් විවිධ ශක්ති මට්ටම් වල Reso, XMP තිබෙනවා. ඒවා භාවිත කරන්න පුළුවන් අපි අදාල ලෙවල් එකට ආවාමයි.

අපිට අපිත් එක්ක සෙල්ලම් කරන අය එක්ක චැට් කරන්න මේකෙ COMM එකකුත් තියෙනව. ඒකෙ කොටස් 3ක් තිබෙනවා. All කියන එකේ Enlightened, Resistance දෙකටම පේනව. Faction Tab එකේ දාන ඒව පේන්නෙ අදාල පිලේ කට්ට්ටියට විතරයි. Alerts එකේ පෙන්වන්නෙ තමන්ව mention කරල දාන චැට්ස්.



 මේ තියෙන්නේ Portal එකක් ලභට ගිහිල්ල Portal එක උඩ ක්ලික් කලාම ඕපන් වෙන වින්ඩෝ එක. ඒක තමයි අපි භාවිතා කරන්නෙ Portal එක හැක් කරන්න, Mods ස්ථාපනය කරන්න, Resonators සවි කරන්න, Charge කරන්න, තවත් Portal එකක් සමඟ Link කරන්න කියන හැම දෙයක්ම කරන්න.



Portals හැදෙන්නෙ කොහොමද? 
කෙනෙක්ට මුලින්ම නැගෙන ප්‍රශ්නයකට අවසානව උත්තර දෙනව.
Portals හදන්නෙත් අපිමයි. 
Portal එකක් වෙන්න හොඳයි ගැළපෙනවා කියල හිතන තැනක ෆොටෝ එකක් අරගෙන අපිම ඒක submit කරන්න ඕනෙ. හැබැයි මතක තියාගන්න, Portal එකකට ෆොටෝ එකක් යවනකොට ගොඩක් නීති තිබෙනවා. ඒව Google කට්ටියම කියල තියෙනවා.
සරළව කිව්වොත් Portal එකක් කරන්න පුළුවන්, පිළිම (statues, monuments, special structures), පූජනීය ස්ථාන (පන්සල්, පල්ලි, බෝ ගස්, බුදු පිළිම), ඔරලෝසු කණු, විශේෂ ගොඩනැඟිලි වගේ දේවල්.
ඉතින් එහෙම සබ්මිට් කරන Portal Request එකක් approve/reject වෙන්න සති දෙකක් සිට මාසයක කාලයක් ගත වෙන්න පුළුවන්.

ඔන්න මම ඉතින් Ingress ගැන මූලික දේවල් ටික කිව්ව. youtube එකේ නම් මහ ගොඩක් විඩියෝ එහෙම තියෙනව. මගෙම ෆෝන් එකෙන් විඩියෝ capture එකක් කරල මොනව හරි අරන් එන්න ට්‍රයි කරන්නම්, ඒත් root කරන්නෙ නැතිව screen record කරන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හම්බුනේ නෑනෙ. :(

එහෙනම් කට්ටිය අපිත් එක්ක එකතු වෙලා මේ ලෝකය අලුත්ම ලෝකයක් කරන්න සහය දෙයි කියල බලාපොරොත්තු වෙනවා. ;)

Ingress Sri Lanka කියල ලංකාවෙ ඉන්න Ingress සෙල්ලම් කරන කට්ටිය හදාගත්තු ගෲප් එකකුත් තිබෙනවා. සෙල්ලම් කරන්න පටන් ගත්තම ඒකටත් ජොයින් වෙන්න.

Sunday, March 2, 2014

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 2

ටික දවසකට ඉස්සෙල්ල මම මේ සම්බන්ධයෙන් එක් ලිපියක් ලිව්ව. ඒක බලන්න මෙතනින් යන්න. ඒකට හුඟක් පේජ් වීව්ස් ආව. (අදට 750ක් වගේ)
ඉතින් ඒ ලිස්ට් එකේ ඉතිරියත් ලියන්න හිතුව. මේ ලිපියත් දිග වැඩි උනොත් තවත් කොටසක් දාන්නම්.

Photo Studio
සරළව ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් අරගෙන, ඒකට ඇඩ්වාන්ස් ලුක් එකක් දෙන්න පුළුවන් ඇප් එකක් තමයි මේක. මේකෙ සල්ලි දීල ගන්න තියෙන සංස්කරණයකුත් තිබෙනවා. ඒකෙ ඉතින් ඔප්ෂන්ස් වැඩියි.

ඉස්සරනෙ Google Talk තිබ්බෙ. දැන් තියෙන්නෙ Google HangOuts. මේකෙ ඉතින් ටෝක් වලට වඩා පහසුකම් වැඩියි. මේක වැඩිපුරම ප්‍රොමෝට් කරන්නෙ ගෲප් චැට් ඇප් එකක් විදිහට තමයි.


ගූගල් ට්‍රාන්ස්ලේටර් එක භාවිතා කරල නැති කෙනෙක් නම් හොයාගන්න නැති වෙයි මම හිතන්නෙ. ඒ ගැන කියන්න දෙයක් නැති තරම්.


ෆ්ලිකර් භාවිතා කරන්නෙ ඉතින් ඡායාරූපකරණයට බර අය තමයි. මේක Photo Sharing Platform එකක්නෙ. නමුත් ඉතින් අනිත් අයටත් තමන්ගෙ ෆොටෝ ශෙයා කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. 

මෙන්න නියම භාණ්ඩයක්. ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් හෝ කිහිපයක් අරගෙන, ඒක PDF එකක් කරගන්න මේකෙන් පුළුවන්.  


මේ කාලෙ හුඟක් ප්‍රසිද්ධ වෙලා තිබෙන චැට් ඇප් එකක්නෙ මේක. ස්කයිප් වගේ තමයි, නමුත් එතරම්ම ඔප්ෂන් නෑ. මේකෙ තිබෙන එක් විශේෂත්වයක් තමයි කෝල් වලදි භාවිතා කරන බෑන්ඩ්විඩ්ත් එක අඩු එක. ඉතින් වේගය අඩු ඉන්ටර්නෙට් සබදතාවයකිනුත් වොයිස් කෝල් ගන්න මේකෙන් පුළුවන්.


මේක සරළම නෝට් පෑඩ් එකක් කියල කිව්වොත් නිවැරදියි. වැඩි වැඩ නෑ. හිතට එන ඕනෙ දෙයක්, අමතක වෙන්න ඉස්සෙල්ල ලියල තියාගන්න ගැළපෙන ඇප් එකක්.


දැන් තියෙන්නෙ bar code නෙමෙයිනෙ, QR code. ඉතින් දැන් ටික ටික මේක ජනප්‍රිය වේගෙන එන්නෙ. බාර් කෝඩ් එකකට වඩා විශාල දත්ත ප්‍රමාණයක් මේකෙ ගබඩා කරන්න පුළුවන්කම තමයි හේතුව. ඉතින් මේකත් ඉදිරියට නැතිවම බැරි ඇප් එකක් වෙනවා නම් ශුවර්.


English to Sinhala Dictionary එකක් ෆෝන් එකේ තියෙන එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අවස්ථා එමටයි. අපේ ධනික සහෝදරයාගේ සමාගමේ නිර්මාණයක් වෙන මේ ශබ්දකෝෂය ඊට හොඳ සහයක් වේවි. මේක සම්මාන පවා දිනාගෙන තිබෙන ශබ්දකෝෂයක්.

WinRAR කියන්නෙ පරිගණකයකට නැතිවම බැරි ඇප් එකක්නෙ, ඇයි ඉතින් ෆෝන් වලට. ඒත් එහෙමම වගේ තමයි. ගොනු කම්ප්‍රෙස් කරල ඩවුන්ලෝඩ් කරගන්න, ඒව ඕපන් කරන්න අත්‍යවශ්‍යයිනෙ මෙවන් මෘදුකාංගයක්.

හරි ඔන්න අදත් වැදගත් ඇප්ස් 10ක් කිව්ව. මම ගණං කරල බැලුව. මගෙ විශ්ලිස්ට් එකේ ඇප්ස් 70ක් විතර තියෙනව. :D ඒවායින් මම බාගයක් වගේ ටෙස්ට් කරල තියෙන්නෙ. Free Apps වගේම Paid Apps දෙවර්ගයම.
තවත් වැදගත් ඇප්ස් ටිකක් ඊලඟ ලිපියෙන් දෙන්නම්. ඔයාලත් වැදගත් කියල හිතෙන ඇප්ස් තියෙනව නම් කමෙන්ට් එකකින් ඒ ගැනත් කියන්න.
මෙවත් තවත් ලිපි ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ගෙන්නගන්න ඕනෙ නම් මගෙ බ්ලොග් එකට Subscribe වෙන්න. 

Wednesday, February 19, 2014

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 1

ඇන්ඩ්‍රොයිඩ් දැන් නැගලම යන OS එකක් වෙලානෙ. ඉතින් දැන් බොහොමයක් දෙනා භාවිතා කරන ෆෝන් ඇන්ඩ්‍රොයිඩ් ඒව වෙලා. ඉතින් මමත් ඒ ජාතියෙන් එකක් ගන්න ඉන්නෙ. තාම නම් ගත්තෙ නෑ. නමුත් මම BlueStacks App Player කියන මෘදුකාංගය භාවිතා කරල ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම් ලබා ගන්නව, සහ ඇප්ස් ටෙස්ට් කරල බලනව. 
ඉතින් මම හිතුව කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල් හිතෙන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග ලිස්ට් එකක් දෙන්න. 

මේ සියළුම මෘදුකාංග Google Play Store හරහා භාගත කරගන්න පුළුවන් ඒව.


මේක ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ. ලෝකයේ දැන් තිබෙන ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය මේකනෙ.


මේක ගැනත් කියන කිසිම දෙයක් නෑනෙ. මේක නොදන්න කෙනෙක් ඉන්නව කියල මම හිතන්නෙ නෑ.


ඔෆිස් වැඩ කරන්න ගැළපෙන මෘදුකාංගයක්. MS office ගොනු මේකෙන් එඩිට් කරන්න, හදන්න පුළුවන්. ගූගල් එකෙන්ම දෙන මෘදුකාංගයක්.

භාවිතය ඉතාම පහසු, ගූගල් වෙතින්ම ලබා දෙන ෆයිල් හොස්ටිං සේවාව.

වීඩියෝ / වොයිස් චැට් කරන්න, ලෝකයේ වැඩිමදෙනෙක් භාවිතා කරන මෘදුකාංගය.

ෆෝන් එකේ / ටැබ් එකේ තියෙන තාවකාලික ෆයිල්, කෑශ් ඒව මේව කුණු ගොඩවල් සුද්ද කරන්න කියාපු සොෆ්ට්වෙයා එක.

මේක ෆයිල් බ්‍රවුසර් එකක්. සාමාන්‍ය ෆෝන් එකේම තියෙන ෆයිල් බ්‍රවුසරයට වඩා දියුණු හා සංකීර්ණ දේවල් කරන්න පුළුවන්. ෆෝන් එක Root කළොත් අනිවාර්යයෙන්ම දාගන්න ඕනෙ ඇප් එකක්.

මේක ඉතාම හොඳ මීඩියා ප්ලේයර් එකක්. බොහොමයක් ෆයිල් වර්ග ප්ලේ කරන්න මේක භාවිතා කරන්න පුළුවන්.

ඔබට නෝට් කරගන්න ඕනෙ දේවල් නෝට් කරල තියාගන්න සුදුසුම ඇප් එක. සියළුම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලින් ඒ Notes Sync කරන්න පුළුවන්.

Foursuare කියන්නෙ Location Sharing කරන Social Network එකක් කියන්න පුළුවන්. අපිට විවිධ ස්ථාන වලට Chekin වෙන්න, ඒ තැන් ගැන අදහස් දක්වන්න පුළුවන්. මේකට GPS ඕනෙ.

Google Calender එක මමත් ලඟදි තමයි හරියකට භාවිතා කරන්න පටන් ගත්තෙ. ඒක මට ගොඩක් හිතට අල්ලල ගියා. SMS Alerts, Daily Agenda EMail, Calender Event Email වගේ ගොඩක් ප්‍රයෝජනවත් ඔප්ෂන් ටිකකුත් මේකෙ තියෙනව. Google Calender ඔන්ලයින් එකත් එක්ක මේකෙ කැලැන්ඩරය Sync වෙනවා.

ලිස්ට් එක ඉවර නෑ. තව තියෙනව. තවත් ටිකක් තවත් ලිපියකින් දාන්නම්.

Thursday, February 13, 2014

Ingress සෙල්ලම් කළාද?

තවම ගොඩක් අය මේ ගේම් එක ගැන දන්නෙ නැතිවැති. නමුත් මේක 2012 සිට එන ගේම් එකක්. ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනව. 
මේක Real World Reality Game එකක්. GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න.


මේක ගැන විස්තරයක් කිව්වොත් මෙහෙම පටන් ගමු.


පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ තැන් වලින්ලු. ඒවට Portals කියල කියනව. ඒව හොඳයි ඒකෙන් මිනිසා දියුණු වෙනව කියල විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නව. එයාලට කියන්නෙ Enlightened කියල. ඒකට විරුද්ධ, ඒක අනතුරුදායකයි කියන තව කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ Resistance කියල. 

ඉතින් ගේම් එකේදි කරන්න තියෙන්නෙ මේ පිල් දෙකෙන් එකක් ඔයාලත් තෝරාගෙන ඒ පිලේ අභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරන එකයි. 

සෙල්ලම් කරන හැටි මේ විඩියෝ එකේ සරලව තියෙනව.


අර කිව්ව Portals තමන්ගෙ පිලට නතු කර ගැනීම, ඒවා පවත්වාගෙන යාම, විරුද්ධ පිලේ Portals වලට පහර දීම, එවා අල්ලා ගැනීම සිට තව ලොකු වැඩ තියෙනව. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සෙල්ලම් කරන්න ඕනෙ ගේම් එකක්. 
හැබැයි මේක ගහනව නම් ඒ ඒ තැන් වලට යන්නම ඕනෙ. ඒ කිව්වෙ Portals වලට පහර දෙන්න, අල්ලා ගන්න, ඒක තියෙන තැනට යන්නම ඕනෙ. 
ලංකාවේ තවම එතරම්ම ජනප්‍රිය නොවුනත්, ලෝකය පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය හා ව්‍යාප්ත වෙමින් පවතින ගේම් එකක්. ලංකාවේ නම් කොළඹ අවට නම ගේම් එක ටිකක් ජනප්‍රියයි, නමුත් ඉන් පිටත ඉතාම අඩු Portals ගණනක් තමයි තවමත් හැදිල තිබෙන්නෙ. 


ඉතින් මමත් මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. මගෙ යාලුවෙක් මේ ගැන මට මාස 3,4කට කලින් කිව්වෙ. දැක්ක ගමන් මාර ආසාවක් ආව. නමුත් අලුත් ෆෝන් එකක් ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැති නිසා ආසාව යටපත් කරගෙන හිටිය. ඒත් දැන් තත්වෙ වෙනස්. එන සතියෙ ෆෝන් එකක් ගන්නව. දැනට මම මේක මගෙ ලැප්ටොප් එකෙ BlueStacks Player දාල ඉන්ස්ටෝල් කරල චෙක් කරන ගමන් ඉන්නෙ. 

ඔයාලත් ට්‍රයි කරල බලන්න. මේකට 512MB RAM එකක් එක්ක 480*800px Screen එකක් තියෙන ෆෝන් එකක් අඩුම තරමින් තියෙන්නෙ ඕනෙ. 1GB RAM තියෙනව නම් කිසිම කරදරයක් නෑ. 
මම තෝරා ගත්තේ Enlightened පිල. ඔයාලටත් මම recommend කරන්නෙත් ඒකම තමයි. :)

විස්තර දැනගන්න, හා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න www.ingress.com වෙත යන්න. ඔයාලට ගූගල් ගිණුමක් තිබිය යුතු වෙනවා. 

ඉතින්, එකතු වෙන්න ලෝකය දියුණු කරන්න / බේරා ගන්න. මම නම් දියුණු කරන්නයි කැමති. 

මෙන්න ගේම් එකේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක්. ඔක්කොම ගත්තෙ Google Play Store එකෙන්.




එහෙනම් Ingress ලෝකය තුලදී හමුවෙමු.

Saturday, December 21, 2013

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1

බ්ලොග් ලියන්නන් ගූගල් ගැන දැන සිටිය යුතු දේවල්
google
ගූගල් එකෙන් යම් අඩවියක් ලිස්ට් කරනකොට ඔවුන් දේවල් දෙකක් ගැන සළකනවා.
  • අදාලත්වය
  • ප්‍රසිද්ධිය
ඔබගේ අඩවිය, ඔබගේ මාතෘකාවට අදාල හොඳ අන්තර්ගතයක් සහිත ප්‍රසිද්ධ වෙබ් අඩවියක් / බ්ලොග් අඩවියක් කරගන්නනෙ ඔබට අවශ්‍ය වෙන්නෙ, නේද?
ප්‍රසිද්ධිය කියන එක පිටතින් ලැබෙන දෙයක්. ඒක ලැබෙන්නෙ වෙනත් අය ඔබගේ ලිපි, ඔබගේ අඩවිය ගැන කතා කරනවිට. ඔබගේ අඩවියට සබැඳි යොදන විට, Social Media වල ශෙයා කරන විටයි.
අදාලත්වය කියන එක ඇතුළත තියෙන දෙයක්. ඒක කරන්න ඕනෙ ඔබයි. ඔබගේ බ්ලොග් අඩවියේ අදාලත්වයක් සහිත ලිපි ලියන්න ඕනෙ. ඔබ කරන්න අවශ්‍ය වෙන්නෙ මෙන්න මේකයි.

වටිනාකමක් ඇති අන්තර්ගතයන් නිර්මාණය කරන්න.

value
හොඳ ප්‍රසිද්ධියක් ලබාගන්න නම් ඔබගේ ලිපි වල අන්තර්ගතය හොඳ වෙන්න ඕනෙ. එතකොටයි වෙනත් අය ඔබගේ ලිපි ගැන කතා කරන්නෙ. ශෙයා කරන්නෙ.

අලුත් දේවල් නිතර පෝස්ට් කරන්න.

වැඩිපුර ලිපි ලිවීම මගින් ඔබ සෙවුම් යන්ත්‍ර වලටත් වැඩිපුර දේවල් ලබා දෙනව ඔවුන්ට ලිස්ට් කරගන්න. ඉතින් එතකොට ඔබගේ බ්ලොග් අඩවියට ලැබෙන ලින්ක් ගණන් වැඩ්වන නිසා තවත් පිරිස ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනවා. වැඩිපුර කියන්නෙ වැල්වටාරම ඕනෙවට එපාවට ලියන එක නෙමෙයි හරිද.

ස්වභාවික වන්න.

ඔබගේ ලිපි කියවන්න පිරිසක් එන්න නම් ඔවුන් ඔබ ලියන මාතෘකාව සම්බන්ධයෙන් සෙවුම් යන්ත්‍ර වල සෙවුම් කරන්න වෙනව. එතකොට ඔවුන් ටයිප් කරන්නෙ මොන වගේ දේවල්ද කියල හිතල බලන්න. ඒ අනුව ලියන්න, ඒ අනුව keywords ලබා දෙන්න.

Keywords සම්බන්ධයෙන් සමීක්ෂණ කරන්න.

Google keyword Tool එක භාවිතා කරල විවිධ keywords වලට තිබෙන ඉල්ලුම ගැන හොයල බලන්න. ඉතින් එතකොට ඔබට පුළුවන් ඊට අදාල ලිපියක් ලියනවිට ඒ keywords යොදල ලියන්න සහ ඒ keywords යොදාගන්න පුළුවන් ලිපි ලියන්න.

Analytics වලින් ලැබෙන තොරතුරු භාවිතයට ගන්න.

මම දන්නව, ඔයාල හැමෝම විවිධාකාරයේ Analytics, Visitor Counters භාවිතා කරනව. ඒවයේ විස්තර බලනව. නමුත් ඒකෙන් ඔයාල ප්‍රයෝජනයක් ගන්නවද? බොහොමයක් දෙනාට තියෙන උත්තරය “නෑ” කියන එක තමයි. ඉතින් ඒ තොරතුරු භාවිතා කරන්න, මොන වචන සෙවුම් කරල ආපු අයද ඉන්නෙ, මොන රටවල් වලින්ද, ඔය වගේ වටිනා තොරතුරු රැසක් එතනින් එකතු කරගන්න පුළුවන්.

ඔබගේ පරණ ලිපි යළි බලන්න.

ඔබගේ බ්ලොග් අඩවියේ Analytics බැලුවොත් ඔබට පෙනේවි, ඔබ කාලෙකට ඉස්සර ලියපු ලිපි තිබෙනව, තවමත් බොහොමයක් පිරිසක් කියවන්න එන. ඉතින් ඒ ලිපි බලල ඒව අලුත් කරන්න, ඒවට තවත් දේවල් එකතු කරල ඒ ලිපි දියුණු කරන්න. හැම වෙලේම ඒ වගේ ලිපි up to date තියාගන්න.

වටින්නෙ ගණන නෙමෙයි තත්වයයි.

quality-assurance

සමහරු හිතනව ලිපි මහ ගොඩක් ලියන එක තමයි සෙනඟ ගෙන්නගන්න තිබෙන හොඳම ක්‍රමය කියල. නමුත් ඒක නෙමෙයි ඇත්ත. එතරම් වටිනාකමක්, ප්‍රයෝජනයක් නැති ලිපි 100ක් ලියල ගෙන්නගන්න පුළුවන් සෙනඟ ප්‍රමාණය වටිනා, ප්‍රයෝජනවත් ලිපි 1-2කින් උනත් ගෙන්නගන්න පුළුවන්. ඉතින් ලිපි මහ ගොඩක් ලියන එක ගැන හිතන්න එපා, ලියන එක ලිපිය උනත් හරියට ලියන්න. නමුත් ඇත්ත, ලිපි ලියන්න ඕනෙ. වටිනා ලිපි ටිකක් වටිනව වැඩක් නැති ලිපි ගොඩකට වඩා.

නොමිලේ සබැඳි ලබාගන්න.

බ්ලොග් එක අනිවාර්යයෙන්ම Google Web Master Tools වලට එකතු කරගන්න. ඒකෙ Crawl Errors වලින් හොයාගන්න පුළුවන් ඔබගේ බ්ලොග් එකේ dead links, invalid links තිබෙනවද කියල. ඒව බලල අනිවාර්යයෙන්ම හදන්න, ක්‍රියාකරන ලින්ක් හරහා ඔබගේ Search Engine Ranking එක ඉහළ යනව පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන එන අයට විශ්වාසයකුත් ඇති වෙනව.

කෙටි ක්‍රම, රැව්වටිලි වලින් වළකින්න.

සෙවුම් යන්ත්‍ර වල ඉහළටම යන්න කෙටි ක්‍රම, පහසු ක්‍රම නෑ. එහෙම ඒව ගැන කියන අයව විශ්වාස කරන්න එපා. වැඩේ හරියට කරල විතරයි මේක දිනන්න පුළුවන්.

ඊලඟ කොටස් වලින් කොහොමද වටිනා, වැදගත් අන්තර්ගතයක් නිර්මාණය කරගන්නෙ, Blogger, Wordpress අඩවියක් හරියට Optimize කරන්නෙ, කියල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව.


2 කොටසට යන්න >>


"Get-Traffic" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Friday, December 6, 2013

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" දෙවන සංස්කරණය සකසමින්....

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියල මම පොඩි පොත් පිංචක් ලියල ඔයාලට දුන්න මතක ඇතිනෙ?
දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල ඒ ලිපිය බලල පොත භාගත කරගන්නකො. ඒකෙ පළමු සංස්කරණය මේ වෙනකොට භාගතකිරීම් 850ක් පමණ සිදුකරගෙන තිබෙනවා. මේ ලිපියත් තමයි මගෙ බ්ලොග් එකේ ලිපි වලින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. 
මේකෙ තව දියුණු කිරීම් ටිකක් සහ තව විස්තර ටිකක් එකතු කරල වඩා විස්තරාත්මක තොරතුරු එකතු කරල දෙවන සංස්කරණයක් සිදු කරන්න මම මේ දවස් වල සැලසුම් කරමින් ඉන්නෙ. ඒක අරඹන්න හුඟක් හිතන් හිටියට වඩා කාලයක් ගිය එකට නම් ටිකක් කණගාටුයි. 

හිතනවා ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියල. 

එහෙනම් නවතින්නම්. 

පළමු සංස්කරණයේ පිට කවරය