Showing posts with label share trading. Show all posts
Showing posts with label share trading. Show all posts

Monday, November 1, 2010

"Guide to CSE" වෙබ් අඩවිය සම්බන්ධ සමීක්ෂණයක්

"Guide To CSE"වෙබ් අඩවියේ වැඩි දියුණුකිරීම් කිහිපයක් සඳහා, සහ කියවන්නන්ට ඉහළ සේවාවක් ලබා දෙනු වස් අඩවිය පිළිබඳව අදහස් විමසමින් කුඩා සමීක්ෂණයක් පවත්වන්න තීරණය කළා.
ඔබ සැමට ආරාධනා කරනවා, මීට සහභාගි වන ලෙස හා, මිතුරන්ටත් මේ ගැන පවසමින් වැඩි තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කිරීමට සහය වන ලෙස.
ස්තුතියි.



Wednesday, June 2, 2010

"Guide To CSE" - නව ඩොමේනයකට





"Guide To CSE" සිංහල බ්ලොග් අඩවියට දැන් ඔබට www.guidetocse.com හරහා පිවිසිය හැකිය.
තවත් නව සේවා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මේ අඩවිය වටා දැන් සැලකිය යුතු සෙනඟක් එකතු වෙනවා. ඒ අයට ඉහළම සහයක් මෙම වෙබ් අඩවිය හරහා දෙන්න මගෙ බලාපොරොත්තුවක් තිබෙනව. ඒ දේ වලට සහය දෙන්න පුළුවන් අය ඉන්නව නම් කරුණාකරල මට දන්වන්න. මේ අඩවිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මටඔබගේ සහයත් ඉතා වැදගත්.

මා සමඟ එක්ව සිටින ඔබ සැමට ස්තුතියි.

Thursday, April 22, 2010

කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දැන ගන්න, සාකච්ඡා කරන්න

.

ඔන්න ඔයාලට කොළඹ කොටස් වෙළඳපළ ගැන දැන ගන්න, ඉගෙන ගන්න, ප්‍රශ්න අහන්න, ප්‍රශ්න විසඳ ගන්න, සාකච්ඡා කරන්න හොද අවස්ථාවක් ඇවිල්ල. ඒ වෙනුවෙන් Forum එකක් විවෘත කරල තියෙනව ඔයාල වෙනුවෙන්ම. ගිහිල්ල බලන්න, ඔයලගෙ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න. 
ඒ ගැන දන්න කියන අය එක්ක සාකච්ඡා කරන්න, උපදෙස් ගන්න.
එන්න එකතු වෙන්න...
මෙන්න ලින්ක් එක.


Monday, April 19, 2010

On Line Trading සහය සපයන්නෝ

තියෙන සියළුම තැරැව්කාර ආයතන 21න් 18ක් අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපළ හා ගනු දෙනු කිරීමට සහය දක්වනවා.
මේක හුඟක් ලොකු වාසියක් වෙනව ගොඩක් පැති වලින්. 
මේව හරහා, වෙළඳපළ පිළිබඳ තොරතුරු, ඒ ඒ සමාගම් පිළිබඳ තොරතුරු, වෙනත් අධ්‍යාපනික වටිනාකමින් යුතු ආයෝජනයන්ට අදාල තොරතුරු විශාල ප්‍රමාණයක් ආයෝජකයන්ට ලබා ගැනීමට පුළුවන්. ඒක ආයෝජකයාට විශාල පහසුවක් වගේම විවිධ අපහසුතාද මග හරවනවා.
තමුන්ගේ තොරතුරු වලට තමුන්ගේ උපදේශකයා නොමැතිව ලඟාවීමට හැකි වීම හා උපදේශකයාගෙ සහයක් නොමැතිව තනිවම වෙළඳාම් කිරීම වඩා වේගවත් වගේම පහසු ක්‍රමයක් වෙනවා.


සම්පූර්ණ ලිපිය කියවන්න >>>

Sunday, April 18, 2010

දැන්වීමයි - කොටස් වෙළඳපළ ලිපි පෙළ

.
මම ඉස්සෙල්ල කිව්වනෙ, මම මීට පෙර ලියපු, කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි එක තැනකට කළා කියල. (මෙන්න මෙතනට) (http://guidetocse.blogspot.com)
ඉතින් ම්ම හිතුව, අළුතින් ලියන ලිපි හැම එකක්ම එතන ප්‍රසිද්ධ කරන්න. නමුත් මේ බ්ලොග් එකටත් ලිපියක් දානව, ඒකෙ ලිපියක් ලියූ වහාම. එතකොට ඔයාලටත් පහසුයිනෙ.
ඔයාලගෙ අදහස මොකද්ද ඒ ගැන? එ ක්‍රමේ වඩාත් පිළිවෙලයි නේද?
.

Monday, April 12, 2010

මගේ කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි පෙළ

.
ඔයාලට මතකයිනෙ මම කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි පෙළක් ලිව්ව. ඒක එහෙ මෙහෙ තියෙන නිසා ඒව කියවන්න ඕනෙ කෙනෙක්ට ලේසියෙන් ඒව ටික පිළිවෙලට කියවන්න කරදරයිනෙ. ඉතින් මම ඒකට පොඩි වැඩක් කළා. මම CSE ගැන උනන්දුව ඇති වෙච්ච කාලෙ හදපු බ්ලොග් එකක් තියෙනව, ඒකට අර හැම ලිපියකම ලින්ක් එකක් දැම්ම, එකකට එක පෝස්ට් එක ගානෙ. (ලිපියෙන් චූටි කොටසකුත් එක්ක)
දැන් ඉතින් කට්ටියටම ලේසියෙන්ම ඒ ගැන තොරතුරු ඕනෙ නම් ඒ බ්ලොග් එකට ගියාම ඔක්කොම ලිපි ටිකට ගියෑකි. ඉදිරියේදී ලියන ලිපිත් එහෙමම එකතු කරන්න තමා හිතාන ඉන්නෙ.