Showing posts with label CDAX. Show all posts
Showing posts with label CDAX. Show all posts

Monday, April 12, 2010

මගේ කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි පෙළ

.
ඔයාලට මතකයිනෙ මම කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි පෙළක් ලිව්ව. ඒක එහෙ මෙහෙ තියෙන නිසා ඒව කියවන්න ඕනෙ කෙනෙක්ට ලේසියෙන් ඒව ටික පිළිවෙලට කියවන්න කරදරයිනෙ. ඉතින් මම ඒකට පොඩි වැඩක් කළා. මම CSE ගැන උනන්දුව ඇති වෙච්ච කාලෙ හදපු බ්ලොග් එකක් තියෙනව, ඒකට අර හැම ලිපියකම ලින්ක් එකක් දැම්ම, එකකට එක පෝස්ට් එක ගානෙ. (ලිපියෙන් චූටි කොටසකුත් එක්ක)
දැන් ඉතින් කට්ටියටම ලේසියෙන්ම ඒ ගැන තොරතුරු ඕනෙ නම් ඒ බ්ලොග් එකට ගියාම ඔක්කොම ලිපි ටිකට ගියෑකි. ඉදිරියේදී ලියන ලිපිත් එහෙමම එකතු කරන්න තමා හිතාන ඉන්නෙ.


Tuesday, September 22, 2009

කොළඹ කොටස් වෙළඳපළ සමඟ කෙලින්ම සම්බන්ධ වෙන්න CDAX පාවිච්චි කරන්න




CDAX කියන්නෙ මොකක්ද කියල කට්ටිය දැන් දන්නවනෙ? ආපහු කියමුකො, Colombo Direct Access Xchange (CDAX) කියන්නෙ පරිගණක මෘදුකාංගයක්. එය හරහා ඔබට පුළුවන් කොළඹ කොටස් වෙළඳපළේ ද්විතීය වෙළඳපළ සමඟ කෙලින්ම සම්බන්ධ වෙන්න තැරැව්කාර සමාගමේ කිසිවෙකුගේ සහයක් රහිතව.





ඊටපස්සෙ? 
ඊටපස්සෙ ඉතින් මොනවද, ඔයා කොටස් වෙළඳපළ ඇතුළෙ ඉන්නව වගේ තමා. වෙන හැම trade එකක්ම ඔයාට, ඒකෙන් ඒ වෙලේම පෙන්නනව. (real time trading)

ඉතින් මට මොකෝ. 
මොකද, ඔබ මිලදී ගත්තු කොටස් වල මිල ඉහල ගියොත්, ඔබට කැමති නම් එවෙලෙම ඒ කොටස් විකිණීමේ හැකියාව ඔබට තිබෙනව. ඔබට ගැළපෙන සමාගමක / වාසියක් ගන්න පුළුවන් සමාගමක කොටස් වල මිල පහළ ගියොත් , එවෙලෙම ඔබට එම සමාගමේ කොටස් මිලට ගන්න මේ මෘදුකාංගය හරහා පුළුවන්. විකුණන්න හෝ මිලට ගන්න අවශ්‍ය කොටස් මිලක් සළකුණු කරල පෝලිම් ගස්සල තියන්නත් පුළුවන්. (Queue) ඕනෙ නම් ඉදිරි දවසකදි ඒක වැටෙන්න. එක එක කොටස් සම්බන්ධ අතීත තොරතුරු මෙමගින් ලබා ගන්න පුළුවන්.  
උදා: කොටස් වල මිල උච්ඡාවචනය වෙලා තියෙන්නෙ කොහොමද, කොපමණ කොටස් විකිණිලා තියෙනවද වැනි දේවල්.

මේවට අමතරව තව පහසුකම් තිබෙනව මෙම මෘදුකාංගය තුළ. ඔබට මෙම පහසුකම ගන්න දැනට ක්‍රම දෙකක් තිබෙනව.  
1. මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කර ගැනීමෙන් (CDAX Pro) 
2. ඔන්ලයින් CDAX අතුරු මුහුණත මගින් (CDAX Net) 
තුන්වන ක්‍රමය මග එනව, ඔබේ ජංගම දුරකතනයට CDAX Mobile ස්ථාපනය කර ගැනීම මගින්.

ඒක දාගත්තට පස්සෙ අන්තර්ජාල පහසුකම තිබෙනව නම් ඔබ කොටස් වෙළඳපළ තුළට පිවිසෙන්නට සූදානම්. ඔබේම පරිශීලක නමක් හා ඔබේම මුරපදයක් භාවිතා කරල ඔබට පුළුවන් ඔබේ ගිණුමට හා වෙළඳපළ තුළට ඇතුළු වෙන්න. (මෙම විස්තර ඔබගේ තැරැව්කාර සමාගමෙන් ලබා දෙනව. ඔබට පසුව පුළුවන් ඔබේ මුරපදය වෙනස් කර ගන්න.)

CDAX වෙබ් අඩවියට පිවිසෙන්න මෙතන කොටන්න.

මතකයිනෙ මෙම පහසුකම දැනට දෙන්නෙ තැරැව්කාර සමාගම් 7ක් පමණයි. ඒ කවුද කියල දැනගන්න 2 වන ලිපිය කියවන්න. ඒ සඳහා මෙතන කොටන්න.

කොටස් වෙළඳපළ පිළිබඳව මූලික අදහසක් නැත්තම් පරණ ලිපි කියවන්න.