මේකත් SLEN වලින් උපුටා ගන්නා ලද ප්‍රශ්නයක්. මුලදි ඒකෙන් උපුටා ගත්තු "අත්ත උඩ කුරුල්ලො කීයක් ඉතුරුද?" ප්‍රශ්නය හා "දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය " ප්‍රශ්නය කියවන්න ඇතිනෙ? සමහරු උත්තර දෙන්නත් ඇතිනෙ.
මේක ඇවිල්ල "Sri Lankan Engineering News" ජනවාරි කලාපයේ පල වුනු ප්‍රශ්නයක්.
ප්‍රශ්නෙ මෙහෙමයි.
සෙල්ලම් දුම්රිය මාර්ගයක තියෙනව දුම්රිය දෙකක්. දෙකම තියෙන්නෙ එකම දුම්රිය රේල් පීලි මත. මේ දෙකට ශක්තිය සපයන්නෙ විදුලිය. මේවට විදුලිය දෙන්නෙ පිටතින් තියෙන විදුලි ජනකයකින්, රේල් පීලි හරහා.
දුම්රිය පද්ධතිය හා පිටත ලෝකය අතර ඇති එකම සම්බන්ධය, ඒවාට විදුලිය සපයන විදුලි ජනකය හා රේල් පීලි අතර ඇති රැහැන් දෙකකින් වන සම්බන්ධය පමණයි. ඒ කියන්නෙ වෙන කිසිම රැහැන් රහිත සබඳතාවක්වත් වෙනත් තොරතුරු හුවමාරු සබඳතාවක්වත් කිසිම දෙයක් නෑ.
කොහොමද මේ දුම්රිය දෙකෙහි වේගයන් එකිනෙකින් ස්වායත්තව පාලනය කරන්නෙ?






