Sunday, April 4, 2010

Widgets

දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය



මේ කතා කරන්නෙ ආදරය වගේ දෙයක් ගැන එහෙම නොමෙයි හොඳේ. වස්තූන් දෙකක් අතර එම වස්තූන් වල ස්කන්ධය නිසා ඇති වන ආකර්ෂණය ගැන. උසස්පෙළට විද්‍යා හරි ගණිත විෂයන් හරි කරපු අයට නම් මේක අළුත් දෙයක් නෙමෙයි. දන්නවනෙ වස්තූන් දෙකක් අතර ඇති වන ආකර්ෂණය එම වස්තූන් දෙකෙහි ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමවත්, ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියල.
සහ, ආරෝපණ දෙකක් අතර ආකර්ශණ බලය, එම ආරෝපණ දෙකෙහි විශාලත්වයන්ට අනුලෝමවත්, ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි.
මේකත් ඒ සම්බන්ධ ප්‍රශ්නයක්, හැබැයි සමීකරණ භාවිතාව අවශ්‍යද නැද්ද කියල අහන්න එපා, මම හරියටම දන්නෙ නෑ. මම විසඳන්න ට්‍රයි කළේ නිකං හිතල. 
මේකත් මම උපුටා ගත්තෙ IESL එකෙන් කරන Engineering News මාසික පුවත්පතින්. මතකයිනෙ අර lateral thinking ප්‍රශ්නෙ? ඒක උපුටා ගත්තු කලාපයෙන්ම තමයි. (මම දන්නෙ නෑ ඇයි කියල, මට ඒක එන්නෙ ටිකක් පරක්කු වෙලා, පෙබරවාරි එක එන්න ඕනෙ හරි නම් මාර්තු මුල සතියෙනෙ, නමුත් මට එන්නෙ මාර්තු අන්තිම සතියෙ.)


හරි හරි ප්‍රශ්නෙට බහිමු.
ප්‍රශ්නෙ හරිම කෙටියි, සරළයි,
ඔයාගෙ ඇඟේ තියෙන්න ඕනෙ ගාණට වඩා 1%ක් අඩුවෙන් ඉලෙක්ට්‍රෝන තියෙනව. ඔයාට අතේ දුරින් ඉන්න තවත් කෙනෙකුගේ ඇඟේ, තියෙන්න ඕනෙ ගාණට වඩා 1%ක් වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තියෙනව. ඔයාල දෙන්න අතර ඇතිවන ආකර්ෂණ බලය කොච්චර වෙයිද?
ගණං හදන්න ඕනෙ වෙන එකෙක් නෑ මම හිතන්නෙ, මොකද උත්තර කිහිපයකුත් දීල තියෙනව, ඒවායින් තෝරන්න ඕනෙ.

  1. මැස්සෙක්ව උස්සන්නවත් ප්‍රමාණවත් නෑ.
  2. මැස්සෙක්ව උස්සන්න පුළුවන්, නමුත් මිනිහෙක්ව නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  3. මිනිහෙක්ව උස්සන්න පුළුවන්, නමුත් අලියෙක්ව නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  4. අලියෙක්ව උස්සන්න පුළුවන්, නමුත් පිදුරුතලාගල කන්ද නම් උස්සන්න ප්‍රමාණවත් නෑ. 
  5. පිදුරුතලාගල උස්සන්න පුළුවන්, නමුත් හඳ තරම් බරක් නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  6. හඳ තරම් බරක් උස්සන්න පුළුවන්, නමුත් පෘථිවිය තරම් බරක් නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  7. පෘථිවිය තරම්, බරක් උනත් උස්සන්න පුළුවන්.
උත්තරයක් හිතල බලන්නකෝ. ගණං හදල හෝ නොහද ගොඩ දාන්න පුළුවන් ඇති.
මමත් විසඳන්න ට්‍රයි කරමින් ඉන්නෙ, මේක ලියන අතරෙත් හිතල බලනව. මම තවම උත්තරේ දන්නේ නෑ. (ඇත්තම කිව්වොත් මට උත්තරයක් හිතුන, හරියටම හරිද දන්නෙ නෑ. ;) ) පත්තරෙන්ම උත්තරේ ගන්න නම් මාස 4 ක් බලා ඉන්න වෙනව, මොකද එයාල මාස 4කට පස්සෙ තමා උත්තරේ කියන්නෙ. :(


ඔයාලත් ට්‍රයි කරල බලල උත්තරයක් ලැබුණොත් මටයි අනිත් කියවන අයටයි කියන්නකෝ.

7 comments:

  1. i think answer is No 07

    ReplyDelete
  2. මට නම් හිතුනෙ වෙන උත්තරයක්. බලමුකො, තව උත්තර ලැබෙයිනෙ. කියල මදි පොඩ්ඩක් තමුන්ගෙ උත්තරේ සනාථ කරන්නත් මොනව හරි කියන්න.

    ReplyDelete
  3. ගනං නම් හදලා බැලුවෙ නෑ. ඒත් පිළිතුර අංක එක කියලා හිතෙනවා.

    ReplyDelete
  4. ලිපියේ තියෙන පොඩි අඩුපාඩුවක් මුලින්ම පෙන්නලා දෙන්නම්. ගුරුත්වාකර්ෂණ බලය ප්‍රතිලෝමව සමානුපාතික වෙන්නේ දුරට නෙවෙයි දුරෙහි වර්ගයටයි.

    මට හිතෙන විදිහට මේ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය ගැන නෙවෙයි, විද්‍යුත් ආකර්ෂණ බලය ගැන. මොකද ඉලෙක්ට්‍රෝන අඩු වැඩි වීමක් උනහම එතන විද්‍යුත් ආකර්ෂණ බලයක් ගොඩනැගෙනවනේ.

    මේ ගැටළුව විසඳනකොට අනුමානයන් සහ උපකල්පනයන් කීපයකුත් කරන්න සිද්ධ වෙනවා. මම නම් ගැටළුව පුළුවන් විදිහට විසඳුවා. මට ලැබුණු උත්තරය තමයි අන්තිම වරණය (පෘථිවිය තරම් බරක් උස්සන්න පුළුවන්). හැබැයි හදපු ක්‍රමය නම් හරිද දන්නේ නැහැ.

    ReplyDelete
  5. උදිත: අහ්, මගෙන් වැරැද්දක් වෙලා. මම හදන්නම්. ඔයා කියන එකත් හරියන්න ඉඩ තියෙනව, එතකොට ඔයා කියන උත්තරයත් එන්න පුළුවන්. නමුත් හදල බලන්න ඕනෙ. මම හදල බැලුවෙ ස්කන්ධ වෙනස නිසා ඈති වන බලය. එතකොට් මට ආවෙ පළමු උත්තරය.

    ReplyDelete
  6. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 1% කින් අඩු හෝ වැඩි වීමක් නිසා මිනිසෙකුගේ ස්කන්ධයේ සැලකිය යුතු වෙනසක් වෙන්නේ නැහැ. ග්‍රෑම් 500 ක් විතර වගේ තමයි වෙනස් වෙන්නේ. ගුරුත්වාකර්ෂණ නියතය අතිශය කුඩා අගයක් නිසා (10^-11) අර ස්කන්ධ වෙනස් වීමෙන් ගුරුත්වාකර්ෂණ බලයට බලපෑමක් වෙන්නේම නැති තරම්. හැබැයි විද්‍යුත් ආකර්ෂණ බලයට නම් සෑහෙන බලපෑමක් වෙනවා.

    ReplyDelete
  7. මමත් හදල බැලුව, උත්තරයක් ආව. බලමු තවත් අය උත්තර ලියයිද කියල. දවස් කිහිපයකින් උත්තරේ එක්ක ආපහු ලිපිය යාවත්කාලීන කරන්නම්.
    500g කියන එක නම් වැරදියි. හරියටම අඩු වෙන ගානත් පස්සෙ ලියන්නම්.
    ස්තුතියි අදහස් වලට හා පැහැදිලි කිරීම් වලට.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.