අලුත් දෙයක් ගැන කතා කරන්න හිතුව. ඒකට ප්‍රවේශයක් වශයෙන් මේ "Sustainability" කියන දේ ගැන ටිකක් කතා කරන්න හිතුව.
"Sustainability" කියන එකට ප්‍රවේශයක් මම ගන්නව මෙන්න මේ චීන කියමනින්. (ඉංග්‍රීසියෙන් තිබ්බ එක මම සිංහලට පරිවර්තනය කළා.)
"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."
පොඩ්ඩක් මේ ප්‍රකාශය ගැන කල්පනා කරන්නට ඔබට ආරාධනා කරනව. ඒකෙන් කියවෙන දෙය ඔබ තේරුම් ගත්තොත්, මොකද්ද මේ "sustainability" කියන්නෙ කියල ඔබට යම් අදහසක් ලැබෙනවා.
හරි.
මේ ඉහතින් තිබෙන රූපය බලන්න. මොකද්ද ඔබට පෙනෙන්නෙ?
අපි යන්නෙ කොයිබටද කියල නේද?
මේ ලෝකය දැන් යන්නෙ ටික ටික විනාශයකට නේද???
අපි මේ ලෝකයේ තිබෙන සියළුම ආකාරයේ සම්පත් ඉතා සීග්‍රයෙන් භාවිතාවට ගනිමින් සිටිනවා. අපි මේ ලෝකය ඉතා සීග්‍රයෙන් දූෂණය කරමින් සිටිනව. අපි මේ ලෝකය ටික ටික ජීවත් වීමට නොහැකි තත්වයට පත් කරමින් සිටිනවා.
ඔබ පිළිගන්නවාද?
එතකොට මොකද්ද sustainability කියන්නෙ?
ඒකට හුඟක් බරපතල definition එකක් තියෙනව. නමුත් මම සරළවම කියන්නම්.
Sustainability කියන්නෙ අර මම උඩම කිව්ව ප්‍රකාශය ආරක්ෂා වන පරිදි වර්තමානයේදී ක්‍රියා කිරීමයි.
ඒ කිව්වෙ?
"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."
ඒ කියන්නෙ,
අපි අද ලෝකයේ තිබෙන පහසුකම් හා සම්පත්, අනාගත පරපුර වෙනුවෙනුත් ආරක්ෂා කරමින් භාවිතා කළ යුතුයි කියන එකයි.
වර්තමානයේ ජීවත්වන්නන් වඩා හොඳ ජීවන තත්වයක් ගත කරමින් හා අනාගත පරපුරටත් හොඳ ජීවන තත්වයක් ලබා ගැනීමට හැකි පරිදි ලෝකයේ තිබෙන සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම "Sustainability" වශයෙන් අර්ථ දක්වන්න පුළුවන්.
මොකද අතිශය සීග්‍රයෙන් හා කිසිදු පාලනයකින් තොරව ලෝකයේ තිබෙන සම්පත් විනාශ කරමින් අවභාවිතා කළොත් අනාගත පරපුරට මොකද වෙන්නෙ???
ඔවුන්ට ජීවත් වෙන්න කිසිදු සම්පතක් ඉතිරි නොවෙනවා ඇති.
අපි එහෙම කළොත් ඔවුන් කාටද බනින්නෙ? ඔබට හා මට නේද?
"අපේ මුතුන්මිත්තන්ට බැරි උනා තමන්ගෙ දරු මුණුබුරන්ට ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ ලෝකයක් ඉතිරි කරන්න. ඔවුන් කිසිම අරපිරිමැස්මක් රහිත කිසිදු උවමනාවක් තිබුනෙ නැති තමන් ගැන පමණක් කල්පනා කළ ආත්මාර්ථකාමී පිරිසක් නේද..."
කියල ඔවුන් අනාගතයේදී කියන එකක් නැද්ද???
අපගේ පසු පරම්පරාවන්ට ජීවත් වන්නට ලෝකයක් අපි ඉතිරි නොකළ යුතුද???
ඔබට සිතන්නට යමක් හා කියන්නට යමක් ඉතිරි කරමින් මම මෙතනින් නවතිනවා.
සාකච්ඡාවට විවෘතයි.
ගොඩක්ම වැදගත්, අද කාලෙට අනිවාර්යෙන්ම කියවන්න වගේම හැමෝම ඉගෙන ගන්න ඕනේ මාතෘකාවක්. ඉදිරි පෝස්ට් ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා
ReplyDeleteගැඹුරු යමක් සරළව, මනරම් ලෙසට පැහැදිලි කර දෙන්නේ කොහොමදැයි ඔබ අපට කියා දෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි. මම ඒක සැමවිටම කරන්න උත්සාහ කරනව.
Deleteයථාර්තය අවබෝදයෙන් කටයුතු කරන අය ලංකාවේ අඩුයි , ඒක අපේ රටේදී උඩුගන් බලා පිනනවා වගේ වැඩක් , එත් කවදා හරි දවසක මිනිස්සු යථාර්තය අවබෝද කර ගනියි හැබැයි ඒ වෙනකොට පරක්කු වැඩි වෙයි
ReplyDeleteඔව්. එහෙම වෙන්න ඉස්සෙල්ල යම් දෙයක් කරන්නයි මගෙත් උත්සාහය.
Deleteමේ ගැන ලංකාවෙ ටිකක් කෙරීගෙන යනව දේවල්. සම්හර රටවල් වල ඉතා විශාල ලෙස සිදුවෙමින් පවතිනවා. හොඳම උදාහරණය සිංගප්පූරුව.
ස්තුතියි.. මාධව.. සස්ටේනබිලිටි කියන එක තේරුම් ගැනීමට බැරි විශාල පිරිසක් ඉන්නවා.. මේක හොද ප්‍ර වේශයක් අදහසක් ගන්නට..
ReplyDeleteඅනිවා. මටත් මේ ගැන කාලයක් ලොකු අපැහැදිලිකමක් තිබ්බ. පස්සෙ හොඳට හොයල බැලුව.
Deleteඅනිත් අයටත් සහයක් උනොත් ඒක තමා අවශ්‍ය.
ගොඩක් වටින ලිපියක් අයියේ. වචනේ අහලා තිබුණට මොකක්ද කියලා කිසිම අදහසක් හෝ තේරුමක් තිබුණේ නැහැ. හැමෝටම වැදගත් වෙන පොස්ට් එකක්.
ReplyDelete