මම මුලින්ම Sustainability කියන්නෙ මොකද්ද කියල කිව්ව ඔයාලට මතක ඇති.
අද කියන්න හදන්නෙ නම් පොඩි බණ කතාවක්. මේක තියෙන්නෙ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ල වග්ගයේ.
ඔන්න දවසක් උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ව හමු වෙන්නට ගියා. ආචාර සමාචාර පවත්වල එතුමා එකත්පස්ව හිඳගෙන කතාවට වැටුන.
අන්න ඒ දෙබස මෙන්න මෙහෙම එකක්.
රජතුමා අහනව, "හිමියනි, අද දින අපගේ දේවිය මෙහි පැමිණියාද?
ආනන්ද හිමියන් පවසනව "ඔව් රජතුමනි, ඇය පැමිණියා"
"ඇය ඔබ වහන්සේට මොනවාද ලබා දුන්නේ?"
" ඇය අප හට සිවුරු පන්සියයක් ලබා දුන්නා"
"එහෙත් හිමියනි, එතරම් සිවුරු ප්‍රමාණයකින් ඔබ වහන්සේ මොනවාද කරන්නෙ??"
"රජතුමනි, ඒවා අපි පරණ වූ සිවුරු සහිත භික්ෂූන්ට බෙදා දෙනවා"
"හිමියනි, පරණ වූ සිවුරු වලින් ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා පොරෝනා විදිහට භාවිතා කරනවා"
"රජතුමනි, අප ඒවා පොරෝනා විදිහට භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පොරෝනා වලට ඔබවහන්සේලා කුමක් කරන්නේද?
"රජතුමනි, අප ඒවා කොට්ටා හා මෙට්ටා කවර ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ කොට්ටා හා මෙට්ටා කවර වලට ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා බිම් ඇතුරුම් ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ බිම් ඇතුරුම් වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, අප ඒවා පා පිස්නා ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පා පිස්නා වලට ඔබ කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා දූවිලි පිස්නා ලෙස භාව්තා කරනවා"
"හිමියනි, පරණ වූ දූවිලි පිසනා වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, යළි භාවිතාවට ගත නොහැකි තත්වයට කඩමලු වී ඇති ඒවා අපි කැබලි වලට ඉරා මැටි සමඟ මිශ්‍ර කර පොළව ඇතිරීමට භාවිතා කරනවා"
රජතුමා මෙවිට කල්පනා කරනව "බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන මෙන ශ්‍රමණයන් ඉතාමත් අරපරිස්සමින් හා ඥාණවන්ත ලෙස ක්‍රියා කරනවාද. කිසිම දෙයක් අපතේ යන්නට දෙන්නේ නෑ." කියල.
ඉතින් ඔබ මොකද්ද හිතන්නෙ?
මේ sustainability කියන එක අලුත් දෙයක් නෙමෙයි, බුදු රජාණන් වහන්සේ විසින් වසර 2700ක කාලයකට ඉස්සර උන් වහන්සේගේ ශ්‍රාවකයින්ට උපදෙස් දීල, ක්‍රියාවේ යෙදවූ දෙයක්.
ඉතින් ඇයි අපිට බැරි?
මේ ලිපි මගේ නව බ්ලොග් අඩවිය "Build Greener Sri Lanka" බ්ලොග් අඩවියෙන්ද ඔබට කියවිය හැකියි.
කිදිම කතන්දරයක් මාධව. මේ වගේ ඇසින්දුටු කතාවක් බුද්ධ ශ්‍රාවකයන් වහනසේ නමක් සම්බන්ධව පවසන්න පුළුවන්. බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමිපාණන් වහන්සෙ කවුරුත් දන්නව. උන්වහන්සේ නිතරම පාවිච්චි කරනු දුටුවේ පරණ සිවුරුමයි. මේ ගැන විමසිලිමත් වූ විට පැහැදිලි වුයේ ඉහත චර්යාවට සමාන පිළිවෙතක් අනුගමනය කරන බවයි. සැදැහැතියන් පූජාකරන සිවුරු පිරිකර පිළිගන්නවා වගේම අනෙක් පැත්තට උන්වහන්සෙ දුප්පත් පන්සල් හෝ හිමිවරුන්ට පූජාකරන්නේ මාත් පින් කරගන්න එපායැ කියමින් සිනහ මුවින්. පෙරවර සිවුර පරණ වී ඉරි ගිය විට ඒවාට මසා පිළයෙල කළේද උන්වහන්සේමයි. ඉන්පසුව ඒවා ඇඳ ඇතිරිලි. ඒවාත් පරණ වූ විට ඒවායින් පාපිස්ස හදා ගන්නවා. එයද පරණ වූවිට සෝදා පවිත්‍ර කර පහන් තිර ලෙස සකස් කරන්නෙ විමසන අය සිනහ ගන්වමින්. යන්තම් හෝ කොල කැබැල්ලක ඉඩ ටිකක් තියනවා නම් උන්වහන්සේ ඒවායේ යම් යම් දෑ ලියමින් එකතු කරනවා. හුඟක් වෙලාවට ලිපි ලිව්වේ ඉවත දමන කඩදාසි කැබලි වල. පා ගමණින් යාම උන්වහන්සේ ගේ විනෝදාංශයක් වෙලා තිබුණ හැටි අපූරු දසුනක් වුනා. බොහොම අපිස් ජීවතයක් වුනත් එතරම් සතුටකින් සිටි වෙනත් කෙනෙකු මට තවම දක්නට ලැබුණේ නෑ. උන්වහන්සේ අද්භූත පුද්ගලයකු ලෙස ජිවිත කතා ලියන අය මවා තිබුණත් බළන්ගොඩ අපට උන්වහන්සේ පෙනුනේ සතුටින් දිවි ගෙවූ ඉතාම සරළ පුද්ගලයකු ලෙසයි. මෙවැනි චරිතාපදාන රාශියක් දැක්විය හැකියි. ඒ අනුව sustainability කියන එක ලංකාවට අලුතෙන් හඳුන්වා දිය යුතු දෙයනක් නොවන බව කිව හැකියි නේද මාධව ඉන්දියාවට ලංකාවට වර්තමානයේ සිදු වී ඇත්තේ තිබුණු ජීවන රටාව ඉවත දැමිමක්.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ දිගු කමෙන්ටුවට.
Deleteඔව් අනිවාර්යයෙන්ම. මේක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. පැරණි සමාජයේ උනත් sustainability කියන එක පැවතුනා, නමුත් කාලයත් එක්ක ඒව ඉවත් වෙලා ගිහිල්ල තිබෙනවා. ඒක කණගාටුවට කරුණක්.
ඔබ මේ බලංගොඩ හිමියන් ගැන කිව්ව කතාව මමත් යම් පමණකින් අසා තිබෙනවා. ඔබ කිව්වමයි මටත් මතක් උනේ.