බාර් කෝඩ් කියන්නෙ මොනවද කියල නොදන්න කෙනෙක් නෑනෙ. නේද?
ඒත් ඉතින් මොනවද මේ බාර් කෝඩ් කියන්නෙ කියල ලිපිය පටන් අරගමු,
වෙළඳපළේ තිබෙන දේ වල ලේබල් එක මත විවිධ පළලින් යුතු ඉරි රැසක් තිබෙනවා ඔබ දැක ඇති. තව ඉලක්කමක් එක්ක. අන්න ඒක තමයි බාර් කෝඩ් එකක් කියන්නෙ. ඕක තමයි බහුලවම භාවිත වෙන බාර් කෝඩ් වර්ගය. මේවා One Dimensional bar Codes කියලත් හඳුනවනවා. ඊට අමතරව තව වර්ගත් තිබෙනවා.
ඒක, යන්ත්‍රයකින් කියවිය හැකි පරිදි සකසන ලද අකුරු හා ඉලක්කම් සහිත කේතයක්.
වෙළඳ සැල් වලදී ලේසර් බීම් විහිදුවන උපකරණයකින් (Bar Code Reader) ලේසර් ආලෝකය එය මතට පතිත කර, එහි පරාවර්තනයන් හඳුනාගෙන එය පරිවර්තනය කරනු ලබනවා අදාල අකුරු හා ඉලක්කම් වලට.
ඉතින් ඕකෙ තියෙන්නෙ මොනවද?
අර කිව්ව වගේ, එම බාර් කෝඩ් එක දරන දෙය සම්බන්ධ යම් විස්තර ප්‍රමාණයක් තමයි බාර් කෝඩ් එකේ අන්තර්ගත වන්නේ.
යම් සමාගමකින් විකුණන වෙළඳ භාණ්ඩයකට ඔවුන් බාර් කෝඩ් එකක් භාවිතා කිරීම හරහා එම භාණ්ඩයේ Identification Number එකක් එයට ඇතුළු කළ හැකියි. එය වෙළඳ සැලේ තිබෙන Bar Code reader එක හරහා කියවා, එම භාණ්ඩයට අදාල විස්තර පරිගණකය තුළින් ලබා ගන්නට පුළුවන්.
බාර් කෝඩ් එක තුළ එම භාණ්ඩය ගැන විස්තර නෑ, තිබෙන්නේ අර කිව්ව වගේ identification number එකක් විතරයි. (මට මතකයි හුඟක් ඉස්සර බලපු ෆිල්ම් එකක තිබ්බ, ප්‍රධාන නළුව පරිගණකයක නෙට්වර්ක් එකේ වැඩක් කරද්දි කරන්ට් එක වැදිල මුළු ඉන්ටර්නෙට් එකේම ඩේටා එයාගෙ ඔලුවට එනව. ඔහුට මාරම දැනුමක් එනවට අමතරව එක් තැනකදි ඔහු චොක්ලට් එකක බාර් කෝඩ් එක බැලුවම ඔහුට ඒකෙන් ඒකෙ මිල, කල් ඉකුත් වන දිනය වගේ විස්තර ගොඩක් පේනව. නමුත් ඇත්තෙන්ම බාර් කෝඩ් එකෙ එච්චර විස්තර ඇත්තෙත් නෑ හා දාන්නත් බෑ)
ඉතින් ඔය identification number එකට අදාලව පරිගනකයේ තිබෙන විස්තර වෙනස් කිරීම හරහා වෙලඳ සැල් හිමියාට ඉතාම පහසුවෙන් මිල ගණන් වෙනස් කිරීම් වගේ කරන්න පුළුවන් හැම භාණ්ඩයේම මිල අලව අලව ඉන්නෙ නැතිව.
දැන් කාලෙ අලුතින්ම ඇවිල්ල තිබෙන බාර් කෝඩ් වර්ගයතමයි Two Dimensional bar Codes. ඒවා හඳුන්වන්නේ QR Codes නමිත්. ඔය පල්ලෙහා තියෙනව වගේ ඒව. ඕව කියවන්න පුළුවන් mobile software ඕනෙ තරම් තිබෙනවා. (One Dimensional ඒවා කියවන්න පුළුවන් mobile apps එහෙමත් තියෙනවා.)
මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.
වටින ලිපියක්. තව බාර් කෝඩ් රීඩර් ගැනයි, ඒවා එන්කෝඩ් / ඩිකෝඩ් වෙන විදිහ ගැනත් ලිපියක් ලිව්වා නම් නියමයි....!
ReplyDeleteඒ ගැන හොයල බලමු. මමත් ඒ ගැන හොයල බලල නෑ. ස්තුතියි.
Deleteදැනුමක් ගත්ත ලිපියක්
ReplyDeleteමේවගේ පුංචි දේවලින් දෙන විශාල දැනුම් කොටස් සමාජ ගත කිරීම කාලීන අවශ්‍යතාවක්. ඒ සඳහා අවධානය යොමු කිරඹ වෙනුවෙන් ස්තුතියි මාධව
ReplyDeleteබොහොම ස්තුතියි.
DeleteThank u for the valuable post
ReplyDeleteනියමයි.
ReplyDeleteමාත් දන්න තරමින් වෙන්නෙ පරිගනකයෙ අදාල මෘදුකාංගයට කෝඩ් එක ඇතුලත් භාණ්ඩය පිළිබඳ තොරතුරු ඇතුලත් කරන එක තමයි.
ඊයෙ හවහ වෙච්චි දෙයක් නිසා මාධව මතක් උනා.
ReplyDeleteමේක උනේ ජියාන්ට් කියන හයිපර්මාකට් එකේ. කලිසමක් ගත්ත පුතාට, ගාන ගහල තියෙන්නෙ ඩිනාර් 2.700 යි. බිල ගෙවන්න ගියාම 3.900යි. බාර්කෝඩ් වැරැද්දක්ලු. පස්සෙ පොඩ්ඩක් සද්දෙන් කතාකරහම 2.700 ගානෙම දුන්න, මොකද ප්‍රයිස් ටැග් එකේ තියෙන මිලටම දෙන්න ඕන කියන නීතියක් මේ රටේ තියෙන නිසා :)
math me gana hoya hoya hitiye. thanx ayye..
ReplyDelete