මම
ඉස්සෙල්ල ලිපියක කීවනෙ බ්ලොග් එකේ තීම් එක ලස්සනට තියෙනකොට බ්ලොග් එකට එන පිරිස වැඩි වෙනවා කියල.
ඒකට හේතුව මොකද්ද?
ලස්සනට පිළිවෙළට තියෙන බ්ලොග් එකකට එන්න කට්ටිය කැමතියි. එක එක මඟුල් එල්ලල තියෙන, වෛවරණ, ඇහැට අමාරු බ්ලොග් වලට එන්න මිනිස්සු කැමති නෑ. ඉතින් සරළ ලස්සන පිළිවෙලකට තියෙන තීම් එකක් බ්ලොග් එකට දාගන්න පුළුවන් නම් ඔබට ඒක හරහාත් හොඳ විශ්වාසවන්ත කියවන්නන් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. එන අය කියාවි, "අනේ ඒ බ්ලොග් එක නම් දකින්න ආසයි, ලස්සනට පිළිවෙලට තියෙනව" කියල. කාටද ආඩම්බර? :)
මේ මුලින්ම දෙන්න හදන ටෙම්ප්ප්ලේට් නම් ටිකක් බර ඒව. ඒ කිව්වෙ ලස්සන JQueries සහ Slideshow තිබෙන ඒව ටිකක්. මේවායින් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ඔයාලට පුළුවන්. ඊලඟට දෙන්නම්කො සරළ ටිකක්.
Namisan - Stunning Slider Blogger Template
මේක අලුත්ම jQuery Featured Slideshow එකක් තිබෙන ලස්සන transition effects තිබෙන ටෙම්ප්ලේට් එකක්. මේකෙම ගැජට් ගොඩකුත් තිබෙනවා. Right Side Bar එකක් තිබෙන කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක් තමයි මේක.
Ocenolis Magazine - Advanced Blogger Template
වර්ණවත් ටෙම්ප්ලේට් එකක් වෙන මේක, දකුණු පස side bars දෙකක් තiිබෙන කොලම් තුනක ටෙම්ප්ලේට් එකක්. ක්ලික් කරනකොට රොටේට් වෙන Featured slider එකකුත් තිබෙනවා.
Nyke - Magazine Blogger Template
දකුණු පස සයිඩ් බාර් එකක් තිබෙන මේ මැගසින් ටෙම්ප්ලේට් එකේ ආවේණික slideshow එකක් තිබෙනවා.
Floor - jQuery Rich Blogger Template
මේකත් නියමම ටෙම්ප්ලේට් එකක්. අඳුරු වර්ණයක් සහිත මේ ටෙම්ප්ලේට් එකේ ලස්සන මෙනු එකක් එහෙම තිබෙනවා.
Game Madness - Assassins Creed Blogger Template
මේක ඇවිල්ල ගේම් වලටම හදපු තීම් එකක්. උඩ තිබෙන featured slider එක මුළු වෙබ් පිටුවේ හරස් ඉඩ පුරවාගෙන තිබෙනවා. ලස්සන transition effect එකකුත් තිබෙනවා. ඇයි, තව එක එක ගැජට් ගොඩකුත් තියෙනව.
MoonLight - Clean Magazine Blogger Template
මේක ඇවිල්ල ටිකක් සරල තීම් එකක්. ඒත් ලස්සනට පිළිවෙළට තියෙන තීම් එකක් කියල කියන්න පුළුවන්. කොලම් දෙකක් හා දකුණුපස සයිඩ් බාර් එකක් තිබෙන තීම් එකක්.
Simplex Buzz - Full Background Slideshow
මේක නම් අමුතුම ටෙම්ප්ලේට් එකක්. මේකෙ තිබෙන විශේෂෙ තමා, බ්ලොග් එකේ මුළු පසුබිමම slideshow එකක්. ඒත් එක්කම මේකෙ, තව අමතර featured posts section එකකුත් කොලම් දෙකක ඩිසයින් එකකුත් තිබෙන්නෙ.
Oracle - Advanced Magazine Blogger Template
මේකත් මැගසින් ටෙම්ප්ලේට් එකක්. වම් පස තමයි සයිඩ් බාර් එක තිබෙන්නෙ. Slideshow එකේ ෆේඩ් වෙලා යන effect එකක් තමයි තිබෙන්නෙ.
Extreme - Portfolio Magazine Blogger Template
මේක ඇවිල්ල Portfolio Template එකක්. නමුත් බ්ලොග් එකකට හොඳයි. Featured Postsඳාතර scroll කරගෙන බලාගෙන යන්න පුළුවන්. වෙනමම categories section එකකුත් තිබෙනවා. කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක් මේක.
Superb - Advanced Blogger Template
මේකෙ ලස්සන අමුතුම නියම Featured Slider එකක් තියෙන්නෙ. Slides එක උඩ එක තියල හරහට එහා මෙහා කරන්න පුළුවන් වෙන්න වගේ. තව එක එක වැඩ කෑලි තියෙන මේ ටෙම්ප්ලේට් එක කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක්.
Modern Photography - Abstract Style Template
Photography Portfolio එකක් කරන්න හොඳ මේ ටෙම්ප්ලේට් එකෙත් ලස්සන ලොකු featured slideshow එකක් තිබෙනවා. Slider එක ඉබේම හා මවුසය මගින් වෙනස් කරන්න පුළුවන්. මේකත් කොලම් දෙකක් හා දකුණුපස side bar එකක් තිබෙන ටෙම්ප්ලේට් එකක්.
Calenotis - Photographers Magazine Blogger Template
තවත් මැගසින් තීම් එකක්. full width Featured Slider Slideshow එක ත්‍රිමාණ ගතියක් තියෙන එකක්. විවිධ transitions වලට slider එක ඉබේම scroll වෙනවා. මේක Professional Magazine design එකක් තිබෙන කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක්.
Magulesco -Featured Magazine Blogger Template
මේකත් සරළ නමුත් professional තීම් එකක්. මේකෙ slider එකත් ලස්සනයි. කොලම් දෙකක මැගසින් තීම් එකක් තමයි මේක.
Dimenzion - 3D Style Blogger Template
classic featured slider එකක් තියෙන මේ ටෙම්ප්ලේට් එකේ featured posts ලැයිස්තුව තිබෙන්නෙ දකුණු පසින්. කැපී පෙනෙන වර්ණ තිබෙන මේ ටෙම්ප්ලේට් එක කොලම් දෙකක එකක්.
Glow - Free Premium Blogger Template
මේකෙ slider එකේ පැත්තෙන් slider එකේ තියෙන ඒව thumbnails වගේ පෙන්නනව. ලස්සන, කොලම් දෙකක මැගසින් ස්ටයිල් එකක් තියෙන මේ ටෙම්ප්ලේට් එකේ side bar එක තිබෙන්නෙ දකුණු පසින්.
Mahasoli Tribune - Magazine Blogger Template
තවත් ලස්සන මැගසින් තීම් එකක්. මේකෙත් slider එක, එක මත එක තියල තියෙනව වගේ පේන්නෙ. රූපයත් එක්ක විස්තරයකුත් තිබෙනව. ක්ලික් කළ ගමන් ඒක ඕපන් වෙනව. දකුණුපසින් side bar එක තිබෙන මේ තීම් එක කොලම් දෙකක එකක්.
ඔයාලට හිතට අල්ලන හොඳ ටෙම්ප්ලේට් ටිකක් මෙතන තියේවි අනිවාර්යයෙන්ම. තවත් ලස්සන ටෙම්ප්ලේට් ටිකක් එක්ක ඉදිරියේදී හමුවෙමු.
"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.
මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.