Saturday, September 17, 2011

Widgets

පොත් ප්‍රදර්ශනේ බලන්න මම හෙට යමි

ඔන්න ඉතින් සමහරෙක් අද යන්න ඇති ප්‍රදර්ශනේ බලන්න. මම ඉතින් යන්න ඉන්නෙ හෙට තමා. මම කිව්වට මාත් එක්ක, උදිතයි, නිසුපයි එනව.
මුහුණු පොතේ අපේ මෙගා ත්‍රෙඩ් එකේ කතා උනු විදිහට හෙට උදේ 10ට BMICH එක ඉස්සරහ පොකුණ ගාවට කස්ටිය සෙට් වෙන්නයි කල්පනාව. ගෝල්ඩ් ෆිෂ් එහෙමත් එනව කිව්ව. තව කට්ටිය ගොඩක් එයි. :)
ඔයාලත් එනවද? එහෙනම් අපි එතනට සෙට් වෙමුද?

ඒක නෙමෙයි, කට්ටිය ගන්න ඕනෙ පොත් එහෙම හිතාගෙනද ඉන්නෙ? මොකද මට ආරංචි උනු හැටියට, අද නම් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති තරම් සෙනඟ උන්නලු. :( පොත් කියව කියව තෝර තෝර ඉන්න නම් ලේසි වෙන එකක් නෑ කියලයි හිතෙන්නෙ. හෙට තවත් සෙනඟ වැඩි වෙයි.
මගෙ පොත් තෝර ගන්න උදව්වක් ලිපිය කියෙව්වද? සමහරක් විට සමහරෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව.
එහෙනම් හෙට හම්බුවෙමු.

9 comments:

  1. මාධව මලයෝ...මටත් හීනයක් ඕකට එන එක ,,,ඒත් ඉතින් ඩියුටිය..යානේ මන්ද!!

    ReplyDelete
  2. අපොයි !!! එන්න වෙන්නෙ නැ අයියෙ... :( නිවාඩු නැ ....

    ReplyDelete
  3. හ්ම්ම්, ඒකත් එහෙමද? රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් කියලත් කතාවක් තියෙනවනෙ. :( බලන්නකො.

    ReplyDelete
  4. @Geeth: ඇයි දෙය්යනේ, හෙට ඉරිද නෙව. :9

    ReplyDelete
  5. මටත් එන්න වෙන්නෙ නෑ කොල්ලො.[එන්න හිතාගෙන හිටියට]
    වෙන මොකක්වත් හින්ද නෙවෙයි ... මම හදිස්සි වෙලා ඉවසගන්න බැරුව මාස දෙකකට විතර කලින් පබ්ලික් ලයිබරරි එකෙ තිබුණ පොත් ප්‍රදර්ශනයට ගිහින් පොත් ටිකක් ගෙනාවනෙ.
    දැන් ඉතින් ආයෙත් පොත් ගන්න සල්ලි නෑ.

    ReplyDelete
  6. හ්ම්ම්. මමත් ඕකට යන්න හිටිය, ඒත් හොඳ වෙලාවට බැරි උනා. :)

    ReplyDelete
  7. ආව නම් මම ගන්නෙ මෙන්න මේ පොත් ටික තමයි.

    මළ මිනිස්සු ... නිකොලොයි ගොගොල් [මෙක නම් හොයන්නම බැරි එකක්]
    ගසක කඳුලු .... විකී බෝම්
    පික්වික් පේපර්ස් .. කතෘ මතක නෑ.
    රොබින්සන් කෲසෝ .. පරණ මුද්‍රණය
    අලිපාර සහ තිත්ත කෝපි යන දෙකම.
    වන ප්‍රවාහය .. මතක විදිහට අපේ දොස්තර මහත්තය වෙන්න ඕන.
    මැකීගිය දඩ මං සහ තව එ වගෙම පොතක්.. නම මතක නෑ.[වැදි ජනයාගෙ චර්යා රටා පිළිබඳව ලියැවුන අපූරු පොත් දෙකක්]

    කල්කී ... කතෘ මතක නෑ.
    රොබට් නොක්ස්ගෙ ලංකා විස්තරය ...
    වෘකයාගෙ දවස ...අභය හේවාවසම් හොඳට පරිවර්තනය කරල තියෙනව.[ අපේ රොයිලි මලයගෙන් ඇහුවනම් කියයි]
    මායා රංජන්ගෙ කැලේ ගැන ලියපු එක.
    ගැඹුරු මුහුද ... ආතර්.සී. ක්ලාක් ගෙ.
    තව ගොඩක් තිබ්බත් .. දැනට ඔය ඇති.
    මේවයින් .. මළ මිනිස්සුයි .. මායා රන්ජන්ගෙ පොතයි ගත්තෙ නැති වුනත්.. ප්‍රදර්ශනේ තිබිල පොටෝ එකක් හරිඅරගෙන ආවොත් .. මම එයාට තෑග්ගක් දෙනව.

    ReplyDelete
  8. පොත් ප්‍රදර්ශනේට ගිහින් ආවට පස්සෙනේ මේ ලිපිය දැක්කේ. අයියා හිතන් හිටිය පොත් ටික ගන්න ඇති ය කියලා හිතනවා.

    මම නම් ෂ‍්රලොක් හෝම්ස් පොතක් තමා ගත්තේ. මම එකයි අපේ මලයා එකයි තමා ගත්තේ.

    ReplyDelete
  9. @Kumaraya: නියම පොත් සෙට් එක.

    @මධුරංග: :) හිතන් හිටි ඒව කිහිපයක් හොයාගන්නවත් බැරි උනානෙ. නමුත් හොඳ ටිකක් ගත්ත. කියවල තිබෙන ඒව කිහිපෙකුත් ගත්ත. මම දාන්නම්කො පෝස්ට් එකක්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.