.
(මගේ මැරතන් බ්ලොගයේ ලිපියකි.)
රාහුල හාමුදුරුවො මහණ වෙන්න ඉස්සෙල්ල (ඒ කියන්නෙ දෙමටානේ කුමාරය කාලෙ), විදාගම හාමුදුරුවො ලඟ කාලයක් හිටිය. විදාගම හාමුදුරුවො යන හැම තැනකම දෙමටානේ කුමාරයත් ගියා. (පෙර කතාවක්: මේ දෙන්නම හොඳ කවියො)
ඔන්න ඉතින් දවසක් දෙන්න යනව දුර ගමක දානයකට. ඔහොම යනකොට මේ දෙන්නට පැල්පත් කණ්ඩයක් හරහා යන්න වෙනව. මේ එක පැල්පතක් ඉස්සරහ මිදුලේ සිනිඳු සේළයකින් සැරසිලා හාල් ගරන කාන්තාවක් දකිනව.
ඈ ඉතාම රූමත්, ඇඳ සිටි සේළයෙන් මිදී පැන දුවන්නට උත්සාහ දරන රණ හංස යුවලක් මෙන් ඇගේ පීන පයෝධර සේළයෙන් නිරාවරණය වෙලා තිබුන. ඇය දැක්කෙ නෑ මේ අමුත්තන්.
මේක දැකල මත් වෙච්ච විදාගම හාමුදුරුවො, දෙමටානේ කුමාරය ඉන්නව කියලත් අමතක වෙලා හාල් ගරන මේ කාන්තාව දැකල මෙහෙම කිව්ව.
සිහින් සිනිඳු සුදු සේලේ,
හීන් ඇඟට ඇඳි සේලේ,
දෙමටානේ කුමාරයත් ඈතදීම මේ කාන්තාව දැක්ක. හාමුදුරුවන්ගෙ ගති ලක්ෂණ හොඳින් බලා හිටිය කුමාරයට තේරුනා හාමුදුරුවො මේ කාන්තාවටලොබ බැන්ද කියල. ඒක පෙන්නන්න කුමාරය මොකද කළේ, අර කවිය මෙහෙම සම්පූර්ණ කළා.
හාල් ගරන කත මිදුලේ,
දැක් මහණෙක් ලොබය කළේ.
හපෝයි........
මාධව, ඔයා මේ ලියන කතා මම පුංචි කාලෙ තාත්ත මට කියල දීල තියෙනව.. ඒත් ඒ කතා තාත්ත කියා දීපු විදියට ලෝබ වෙච්ච මම තව කවුරු උනත් ආයෙ ආයෙ කියද්දිත් අහන් ඉන්න මම ආසයි...
ReplyDeleteCheajana
බොහොම ස්තුතියි අදහසට.
Deleteela ela
ReplyDelete