Saturday, August 12, 2017

ගෙදර භාවිතයට පොඩි Solar Electricity System එකක් අපිම හදමු. DIY FINAL


මම ඉස්සෙල්ල පෝස්ට් එකක් ලිව්ව මේ ගැන. හැබැයි ප්‍රායෝගික දැනුමක් රහිතව. හොයල බලල, අහල බලල, කියවල බලල ගත්තු දැනුමෙන්. (http://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html) 
ඉතින් ඒ දැනුමත් එක්ක මමම සිස්ටම් එකක් හැදුව. පොඩි එකක්. සරළ එකක්. ඒ ගැන කියන්නයි දැන් හදන්නෙ.

මම හදපු සිස්ටම් එක ගැන සරළව.
150W Solar Panel with 180Ah Battery Backup and 1000W Inverter with DC Lighting

වොට් 150 සෝලර් පැනල් එකක් භාවිතා කරල තමයි හැදුවෙ. භාවිතයෙන් ඉවත ලූ 90Ah Deep Cycle Batteries දෙකක් දාල ඉන්වර්ටර් එකකින් 230V වලට හරවන්න හැදුවෙ. ඒත් එක්කම 12V output එකක් භාවිතා කළා බල්බ් කිහිපයක් දල්වන්න.

මගෙ සිස්ටම් එකේ ඡායාරූප කිහිපයක් පහතින්.

පැනල් එක වහලය උඩ සවි කර ඇති අන්දම

බැටරි බැක් අප් එක (UPS එක ගැන වෙනමම කියන්නම්)

මගෙ control panel එක. සරළයි නේද? (Connection දීල නැති ඒව ගැනත් කියන්නම්)

"ඔය පොඩි එකටද ඔච්චර ඇඩ් එකක් දුන්නෙ???" කියල හිතුනද?
කමක් නෑ. එහෙම තමයි ඉතින් මුලින්. :) 

අවශ්‍ය උපකරණ


මට මිස් උනා insulation tape එක, Hacksaw Blade එක, කියත, Measuring Tape එක. මේ හැමදෙයක්ම උවමනා නෑ. ශේප් කරගන්න පුළුවන් නම්. 

අවශ්‍ය උපකරණ හා වියදම්

කියන්න එපැයි වැදගත්ම දේ.
Budget එක. හැමෝම අහන්නෙ මේකනෙ. මේ මගෙ වියදම් විස්තරය. 

Description
Unit Price
No. of Units
Price
Buy from
Solar Panel 150W (12V)
14000
1
14000
local
Charging Controller (30A)
1129.8
1
1129.8
ebay
LED 25W
250
3
750
Local
90Ah Battery (12V)
2700
2
5400
Local, Used
12->220V 1000W inverter
3249.4
1
3249.4
ebay
Wires (15A and 5A)

 7m, 5m
800
Local
15A 2 pole Breaker
750
1
750
Local
Watt Hour Meter
2457
1
2457
ebay
Misc
1054

1054
Local
Total


29590.2


පැනල් එක ගත්තෙ කඩවත ලලිත් මහතාගෙන්. ඔහු ලඟ ඔනෑම සයිස් එකක පැනල් තියෙනව 10-250W. ඉක්මන් එකේ ඇඩ් තියෙනව. (Lalith Amarasinghe)
Charging Controller (30A) and Inverter (MPPT Modified Sin Wave, 1000W) ගත්තෙ eBay. හැබැයි ඉතින් ඒවයෙ durability ගැන නම් සහතිකයක් නෑ. ඉතින් මම තව charging controller එකක් ඕඩර් කළා. inverter එකට බැකප් එක වෙනුවට තමයි මගෙ අවුරුදු 12ක් පරණ UPS එක සවි කරල තියෙන්නෙ.

12V LED Bulb නම් හැමතැනම ගන්න තියෙනව හුඟක් අඩු මිලට. ලලිත් මහතා ලඟත් තිබෙනව. මම ඔහුගෙන් 25W වගේ LED බල්බ් 3ක් ගත්ත. 
මෙතන බැටරි වලට මම රු.2700‍x2 ක් දාල තියෙනව. භාවිතයෙන් ඉවත ලූ Deep Cycle Battery මිල වෙන්නෙ රු. 8000 සිට ඉහළට. (75Ah වලින් ඉහළට) නමුත් මට ඔය බැටරි දෙකටම ගියේ රු.5400යි. ඒ මිලට නම් හොයන්න අමාරු වෙයි. එතනින් තමා සිස්ටම් එකේ මිල ලොකුවටම වෙනස් වෙන්නෙ. (මගෙ මුළු වියදම රු. 29,600ක් වගේනෙ. මාකට් එකේ තියෙන බැටරියක් ගන්නකොට ඔයාලගෙ වියදම තව රු. 3000-4000කින් වගේ වැඩි වෙයි.)
පැනල් එකෙන් කොන්ට්‍රෝලර් එකට, කොන්ට්‍රෝලර් එකෙන් බැටරියට 15A වයර් භාවිතා කළා ඇම්පියක් 8-9ක් උපරිම පැනල් එකෙන් එක නිසා. 15A දැම්මෙ මගෙ බලාපොරොත්තුවක් තියෙන නිසා තව 150W panel එකක් සවි කරන්න මේකට)
බැටරිය, සිස්ටම් එකෙන් වෙන් කරන්න තමයි 15A 2 Pole Breaker එක භාවිතා කළේ.
ඡායාරූපයේ තිබෙන 5A Breaker එක මම සවි කළේ බැටරියෙන් inverter එක වෙන් කරන්න. දැනට මම inverter එක සම්බන්ධ කරල නෑ. බැකප් එකට තියන් ඉන්න UPS එකේ ඉන්වර්ටර් එක තමා භාවිතා කරන්නෙ 230V ගන්න.
අමතර වියදම් ගියේ, පැනල් එක ගහල තියෙන ලෑල්ල, ඉස්කුරුප්පු ඇණ, කනෙක්ටර්, පැනල් එකට වයර් සම්බන්ධ කරන්න භාවිතා කරන සොකට්, ඩිජිටල් වෝල්ට් මීටර්, rail mount, ස්විච් වගේ දේවල් වලට. 

Electronic Watt Hour Meter එකක් සවි කරන්න ඉන්නව. eBay එකෙන් දැම්ම තාම ආවෙ නෑ. ඒකෙ මිලත් මම උඩ එකතු කරල තියෙන්නෙ. 

ගණනය කරන ආකාරය
මම මේ කියන්නෙ ඉතාම සරළ ආකාරයේ ගණනය කිරීමක්. මීට වඩා සංකීර්ණව හා වඩා නිවැරදිව ගණනය කරන්න පුළුවන්. 

විදුලිය භාවිතය
අපි මේකෙන් දිනකට ගන්න බලාපොරොත්තු වෙන බලශක්තිය කොච්චරක්ද කියල මුලින්ම අදහසක් ගන්න ඕනෙ. අපි හිතමු දවසකට පැය 4කට වොට් 150ක් ගන්නව කියල. 
ඒ කියන්නෙ 600Wh

පැනලය තෝරා ගැනීම
ඊට පස්සෙ අපි හිතමු දිනකට පැය 4ක හොඳ හිරු එළියක් තිබෙනවා කියල. එතකොට තමා පැනල් එකෙන් සම්පූර්ණ බලශක්තිය ලබා දෙන්නෙ. 
එතකොට 600Wh නිපදවන්න අවශ්‍ය පැනල් එකේ සයිස් එක වෙන්නෙ 600Wh/4h = 150W.
Loss එක zero කියල උපකල්පනය කළොත් 150W පැනල් එකක් තිබ්බ නම් එතකොට ඇති. 

150W Panel එකෙන් දෙන්නෙ 12V DC Out එකක්. එතකොට ඉතිරි සියළුම දේවල් 12V වලට ගැළපෙන්නයි ගන්න ඕනෙ. 
150 හා ඊට අඩු ඒව 12V. 150W වලට වැඩි ඒව 24V තමයි out කරන්නෙ. 

ඉන්වර්ටර් එකේ loss එක 20%ක් කියල ගත්තොත් 190W පැනල් එකක් ඕනෙ වෙනව වැඩේට. අපි ඒ අමතර 40W අර උඩ කිව්ව සූර්යාලෝකය ලැබෙන පැය 4ට අමතර පැය වලින් නිපදවෙන විදුලියෙන් කපා හරිමු. එතකොට 150W Panel එකක් අපිට ඇති. 

150W panel එකක උපරිම output Current එක 8.7A වගේ. ඒ ගණන හිතාගෙන අනිත් ගණනය කිරීම් කරන්න. 

Charging Controller and Wiring
එහෙම බැලුවම 150W system එකක් හදාගන්න ඕනෙ කරන උපකරණ, වයර්, 10A වලට ගැළපෙන්න හදාගන්න. හැබැයි මම කියන්නෙ අනාගතේ ගැන හිතල තව ටිකක් upgrade කරන්න බලාගෙන ඉඩ තියාගෙන හදන්න. මම හැදුවෙ 300W වලට upgrade කරන්න පුළුවන් වෙන්න. 

Inverter
150W ගන්න නම් ඉතින් 250W Inverter එකක් ඇති වෙයි. එතකොට මිල තව ටිකක් අඩු වෙයි උඩ මම කියල තියෙන ගණනට වඩා. 

බැටරි
deep cycle battery තමා මේකට හරියටම හරියන්නෙ. මොකද ඒව තමා ගැළපෙන්නෙ හෙමින් චාජ් වෙලා හෙමින් ඩිස්චාජ් කරන්න. අනිත් එක වැඩි කාලයක් විදුලිය ගන්න ගැළපෙන්නෙත් ඒව. ඒව අලුත්ම එකක් නම් ගොඩක් මිලයි. භාවිතයෙන් ඉවත් කරපු එකක් හොයාග්ංඅන්න ට්‍රයි කරන්න. බැරිම උනොත් starter battery එකක් භාවිතා කරන්න. (ඒකෙන් ගන්න පුලුවන් තියෙන capacity එකෙන් බාගයයි කියල හිතල ගණනය කිරීම් කරන්න. 
ඉතින් 150W පැය 4ක් ගන්න නම් ඉන්වර්ටරයක් භාවිතා කරමින්, . 
අපි හිතුවොත් 200Wක් (Inverter loss එක එකතු කරල), පැය 4 ක් ගන්න ඕනෙ කියල, ගණං හැදුවම අපිට එනව 67Ah කියල. ඒ කියන්නෙ 90Ah බැටරි එකක්වත් ඕනෙ වෙනව. 

ඉහත ගණනය කිරීම් න්‍යායත්මක මට්ටමෙන් කරල තියෙන්නෙ. ඉතින් සත්‍ය තත්වය වෙනස් වෙන්න පුළුවන් අඩු හා වැඩි පැත්තට. 

ඉතින් උපකරණ ටික හරි නම් වැඩේ ආරම්භ කරන්න තියෙන්නෙ.

Wiring සිදුකරගන්නා ආකාරය 
මේ තියෙන්නෙ මම මුලින්ම කුරුටු ගාපු කටු සටහනක්.


ඕක අමතක කරන්නකො. මෙන්න මේක තමා මගෙ wiring diagram එක.  



ඕකෙ විදිහට තමා එතකොට අමුණන්න ඕනෙ. 

නම් කරල තියෙන ඒව නම් ගැටළුවක් නෑනෙ. අංකනය කරල තියෙන ඒව ගැන ආපහු පොඩ්ඩක් කියන්නම්.
1. 15A Cable භාවිතා කරන්න.
2. DC විදුලිය ගන්න Outputs ටික මම වෙනම කොටසකට සෙට් කළා. 12V හා 5V output ගන්න කොටස් ටික සවි කරගන්න පැනල් එකේ කොටසක් වෙන් කළා. 5V outputs තාම සවි කළේ නෑ. 
3. 15A Cable භාවිතා කරන්න. (1/.178)
4. 5A Cable භාවිතා කරන්න. (1/.113)
5. WH Meter
6. ගෙදර Socket Outlet එකක්. 

පැනලය සවි කිරීම
එක එක අය එක එක දේවල් කියනව. ඉතින් මට හොඳම කියල හිතුව විදිහට කළා. හරිම කියල හිතුනෙ නිරිතට අංශක 15ක් ඇල කරල සවි කරන එක. මම සවි කළේ බටහිරට අංශක 20ක විතර ඇලයක් තියල. උළු වහලය උඩ නිසා ඇලය පොඩ්ඩක් වැඩියි. නමුත් මට ඒක අවුලක් වෙන එකක් නෑ කියල හිතල තමා එහෙම සවි කළේ. වහලයේ පහලින් සවි කරල තියෙන නිසා වහලයට වඩා ඇලය අඩු කළාට වැඩක් නෑනෙ හිරු එලිය ඒ කෝණයෙන් තියෙනකොට එන්නෙ නැති නිසා. 

පැනලයේ සිට Charging Controller එකට 15A වයර් එකක් තමා ඇදල තියෙන්නෙ. මේක පුළුවන් තරම් කෙටි වෙන තරමට හොඳයි. නමුත් තට්ටු දෙකක් පහළට ආවට අවුලක් නෑ. 

Charging Controller එකෙහි වැදගත්කම
ඇයි මේක භාවිතා කරන්නෙ?
බැටරි ආරක්ෂා කරගන්න. මොකද දන්නවද, මේක නැති උනොත් බැටරිය over charge හා over discharge වෙලා බැටරියේ ආයු කාලය අඩු වෙනව. බැටරිය පුපුරන්න උනත් බැරි නෑ. ඉතින් මේක අත්‍යවශ්‍ය වෙනවා. 

Inverter එක සවි කිරීම
Inverter එක කෙලින්ම බැටරියට සවි කරන්න. මොකද ඒකෙන් ගන්න ලොකු ඇම්පියර් ගාණ Charging Controller එකට දරන්න බැරිව Charging controller එක ඉක්මනට පිච්චෙන්න ඉඩ තියෙනව.  
ඒක බැටරි වලින් වෙන් කරන්න ස්විච් එකක් දාන්න. මම අර 5A Breaker එක දාල තියෙන්නෙ ඒකට. වයර් සම්බන්ධ කරල නැත්තෙ දැනට මම ඒ ඉන්වර්ටර් එක භාවිත නොකරන නිසා. 

Control Panel එක සකසා ගැනීම 
Plywood Sheet කෑල්ලක් හොයා ගත්තම ඉහත කොටස් ටික පිළිවෙලට අමුණගන්න පුළුවන්. ඩ්‍රිල් එකක් තිබ්බ නම් ලේසී වයර් සවිකරන්න සිදුරු ටික හදා ගන්න. මම නම් ඇලිස් කටුවෙන් හෙමීට සිදුරු කරගත්ත. 
මගෙ Control Panel එක තමා උඩ දාල තිබ්බෙ. ඒක බිත්තියට සවි කරගන්න ඕනෙ. තාම ඒක කළේ නෑ. වයර් ටිකත් කේසිං වල දාල පිළිවෙළක් කරන්න ඕනෙ. 
බෝඩ් එකේ ඉඩ තියල තියෙන්නෙ Backup Charging Controller, Backup Inverter, Watt Hour Meter, 12V, 5V outputs ports සවිකරගන්න. 

හරියට සවි කරගත්ත නම්, 
යන්තම් හරි එළිය තියෙනව නම්, Charging Controller එකේ "Solar" කියල සඳහන් වෙලා තියෙන බල්බය දැල්වෙන්න ඕනෙ. (මගෙ එකේ නැත්තෙ, මම ෆොටෝ එක ගත්තෙ රෑ 12.30ට)
බැටරියෙ විදුලිය තියෙන ප්‍රමාණය අනුව Battery Level එකට අදාල LED දැල්වෙයි. (මගෙ එකේ 12.7 වගේ තිබ්බෙ. ඒකයි LED 2/3ක් දැල්විලා තියෙන්නෙ. 
DC Load එකක් සම්බන්ධ කරල තියෙනව නම් LOAD කියල තියෙන LED එක දැල්වෙයි.



හරි. දැන් අපේ සිස්ටම් එක හදල අවසානයි හා වැඩ කරනව. දැන් ඉතින් දෙය්යනේ කියල LED ටිකක් සවි කරගෙන, නැත්තම් inverter එකෙන් ගෙදර විදුලියට සම්බන්ධ කරගන්න තියෙන්නෙ. 

සැළකිය යුතුයි.
ගෙදර විදුලියට සම්බන්ධ කරනකොට අනිවාර්යයෙන්ම ගෙදර distribution panel එකේ Main Switch හා Trip Switch Off කරන්න. 

මෙම ඉන්වර්ටරයට සම්බන්ධ කළ හැකි හා නොහැකි උපකරණ
අඩු විදුලියක් ගන්න LED බල්බ්, LED TV, Table/Pedestal Fan, Radio, Equipment with DC Adapters කිසි අවුලක් නැතිව පුළුවන්. 
MPPT Modified Sin Wave Inverter වල තියෙන්නෙ real sin wave එක නෙමෙයි. ඒ වගේ digital wave එකක්. ඉතින් real sin wave ඕනෙ කරන උපකරණ දුවන්න බෑ. උදා: මෝටර්
ඒ වගේම Starting Current එක වැඩි උපකරණ දුවන්න බෑ. උදා: ශීතකරණය, වතුර මෝටරය, CRT TV. හැබැයි inverter type fridge වැඩ කරන්න පුළුවන්.

DC 12V වලින් භාවිතා කළ හැකි උපකරණ මොනවද
LED Bulbs කවුරුත් දන්නවනෙ. ඊට පස්සෙ ෆෑන්. සමහරු දන්නෙ නැතිව ඇති, 12V වලින් වැඩ කරන වතුර මෝටර්, විදුලි ස්ත්‍රික්ක, Pedestal Fans එහෙමත් තියෙනව කියල. ඔය ඔක්කොම අර උඩ කිව්ව කඩවත ලලිත් මහතා ලඟ තිබෙනව.
ඒවාට අමතරව 12v වලින් වැඩ කරන ශීතකරණත් තිබෙනව. නමුත් ලංකාවෙ නම් දැනට නෑ.
සිගරට් ලයිටර් හෝල්ඩර් එකට ගහල ක්‍රියාත්මක කරන්න පුළුවන් විදුලි ඉලෙක්ට්‍රොනික උපකරණත් අපිට මේකෙන් වැඩ කරවගන්න පුළුවන්. තියෙන්නෙ කාර් වල සිගරට් ලයිටර් හෝල්ඩර් එකට ගහන සොකට් එකක් ගෙනත් මේකට සවි කරගන්න එක විතරයි.

ඉතින් මෙච්චර තමයි මගෙ ප්‍රොජෙක්ට් එක.
ඔයාලත් මේ වගේ ගෙදර පොඩි වැඩකට Off Grid Solar System එකක් හදාගන්නව නම් නිවසේ විදුලි බිල පොඩි ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. මගෙ ඉලක්කය යුනිට් 20ක් අඩු කිරීම. ඒ හරහා එන ඉතිරියෙන් මගෙ සිස්ටම් එකේ වියදම වසර 2-3 අතර කාලයකින් මට කවර් කරගන්න පුළුවන්.

ඔයාලත් සිස්ටම් එකක් හදනව නම් මගෙ දැනුමෙ හැටියට දෙන්න පුළුවන් සහයක් දෙන්නට පුළුවන්. මොනව හරි උපාංගයක් සොයා ගන්න අපහසුතාවයක් තිබ්බොත් ඒකටත් සමහරක් විට මට සහය වෙන්නට පුළුවන් වෙයි. මතක් කරල පරණ ලිපියත් කියවන්න. මේකෙ නැති දේවල් ඒකෙ තියෙනව.
 (http://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html)

ගැටළු කමෙන්ට් වල දාන්න. මම දන්න විදිහට උත්තර දෙන්නම්.

සිස්ටම් එකක් හැදුවොත්, ඔයාලගෙ අත්දැකීම් අපිටත් කියන්න කියල ආරාධනා කරනව.

මේක මට අත්දැකීමක් එකතු කරගන්න විශේෂයෙන්ම හදපු එකක් මිසක් ලොකු ඉතිරියක් ප්ලෑන් කරල හදපු එකක් නෙමෙයි. නමුත් තත්වය බලල ඉතිරිය වෙනුවෙන් මේක වැඩිදියුණු කරන්න නම් ඉඩ තිබෙනවා.

මේ ලිපියට එන කමෙන්ට් හරහා හැමෝටම තවත් ඉගෙනගන්න දේවල් ලැබෙයි. ඉතින් කමෙන්ට් වලට සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට ඔයාලටත් ඒ දැනුම ලැබෙනවා.
එහෙනම් හරිත යුගයකට සුභ පැතුම්!!!

ඔයාලත් මෙහෙම සිස්ටම් එකක් හදන්න සූදානම් වෙනව නම්, යම් තාක්ෂණික හෝ වෙනත් සහයක් අවශ්‍ය නම් මට ඊ මේල් එකක් දාන්න, මම හැකි සහයක් දෙන්නම්. මගෙ මේල් එක madhawa [at] engineer [dot] com. 
------------------
මේ වගේ මට එක එක වෙලාවට හිතට එන ප්‍රොජෙක්ට් මම කරනව.
ඔයාලට මතක ඇති සමහරවිට, මම මීට ඉස්සෙල්ල කරපු ප්‍රොජෙක්ට් එක තමයි ඔන්ලයින් බිස්නස් එකක් ස්ටාට් කරන්න ටෙස්ට් කළ එක. ඒක නම් ගොඩක් සාර්ථක උනා. ඒ අත්දැකීම තමයි මම මේ පෝස්ට් එකෙන් බෙදාගත්තෙ.
http://tyroclub.blogspot.com/2016/10/start-your-own-business.html

තවත් ප්‍රොජෙක්ට් එකකින් හමුවෙමු.

තාම හිතනව ඊළඟට මොකද කරන්නෙ කියල. දැනට අදහස් කිහිපයක් තියෙනව.
1. CCTV Camera System එකක් ගෙදරට
2. Arduino වලින් Smart Home
3. Arduino වලින් remote controlled car
4. මාළු ටැංකියක් සෑදීම

ඔයාටත් අදහස් තියෙනව නම් මට කියන්න.


UPDATE: 
අපි FaceBook Group එකක් හැදුව Off Grid Solar Systems DIY හදන අයට සාකච්ඡා කරන්න. ඒකට එකතු වෙන්නත් ආරාධනා කරනවා. 

Sunday, June 18, 2017

අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන/මිලට ගන්නා ඔබගෙන් සහයක් අවශ්‍යයි


මම පොඩි සමීක්ෂණයක් කරනවා ලංකාවෙ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන්නන් හා භාණ්ඩ මිලට ගන්නන්ගේ රටාවන් සම්බන්ධයෙන්. ඉතින් මම ඒකට පොඩි ප්‍රශ්නාවලියක් හැදුව. 
ඔබ ලංකාවේ ජීවත් වන,  අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන හෝ භාණ්ඩ මිලට ගන්න පුද්ගලයෙක් නම් ආරාධනා කර සිටිනවා මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයල මට හැකිතරම් තොරතුරු එකතු කරගන්න සහය වන්නට කියා.

ප්‍රශ්නාවලියට සබැඳීය.

මෙයින් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර ලැබෙන නිගමන ඔබ සමඟ මම අනාගතයේදී බෙදාහදා ගන්නම්.
හැකියාවක් තිබෙනවා නම් මෙම පුවත ඔබගේ මිතුරන්ටත් පවසන්න. එවිට මට මෙහි නිරවද්‍යතාවය ඉහළ නංවා ගන්නට හැකි වේවි.

ස්තුතියි. 

Wednesday, June 14, 2017

හුඟ කාලෙකින් මේ පැත්තෙ


හුඟ කාලෙකින් බ්ලොග් එකේ ලියන්න බැරි උනා. වෙලාව තමයි ඉතින් නැත්තෙ, අනිත් එක විවිධාකාරයේ වැඩ වලට අතගහල නිසා එක එක වැඩ වලට ටික ටික වෙලාව දෙන්න එපැයි. ඒ කෙසේ වෙතත්, මේ දවස් වල නම් වෙලාව කියන එක ඇත්තෙම නෑ. 
කොහොම හරි ලියන්න නම් වෙලවක් වෙන් කළ යුතුමයි. මොකද ඒකනෙ මගෙ විනෝදාංශය.
මේ දවස් වල අලුත් විෂය පරාසයක් ගැන පොඩ්ඩක් මම අධ්‍යයනය කරනව. ඒ සම්බන්ධයෙන් පොඩි දේවල් ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. එතෙක් එකතු වෙලා ඉන්න.

සුභ රත්‍රියක්!!!

Friday, February 24, 2017

Solar Lighting System එකක් අපිම හදමු - DIY



තාම ප්ලෑනිං හොඳේ. 
දැන් හැමතැනම solar lighting systems ගැන කතාව. ආණ්ඩුවෙනුත් මේකට ලොකු තල්ලුවක් දුන්නනෙ.
කොහොම උනත් හොඳ වැඩක්. ණය පහසුකම් පවා දෙන නිසා මේක ඉස්සරහට යාවි කියල හිතෙනව. දැන් රජයේ ආයතන වලටත් ඕව හයි කරගෙන යනව. 

කොහොම හරි ඉතින් මමත් හිතුව අපේ ගෙදරටත් එකක් හයි කරන්න. හැබැයි අපේ ගෙදර බිල ඒකක 140-170 අතර තියෙන්නෙ. ඉතින් කෙලින්ම ලොකු සිස්ටම් එකක් හයි කරන එක එතරම්ම තේරුමක් නෑ. මොකද Payback period එක ගොඩක් වැඩියි.

මේ පහත තියෙන්නෙ CEB එකේ බිල හැදෙන විදිහ. 

Consumption per month(kWh)
Energy Charge (LKR/kWh)
Fixed Charge(LKR/month)
0-60
7.85
–
61-90
10
90
91-120
27.75
480
121-180
32
480
More Than 180
45
540


මේ තියෙන්නෙ විවිධ ඒකක ගණන් වලට බිල එන විදිහ.

Units
Bill
169
3,651.50
159
3,331.50
149
3011.50
139
2691.50
129
2371.50
119
2055.75
109
1778.25
99
1500.75
89
851.00
79
751.00

ඔයාලට පේනව ඇති, බිලේ ලොකු වෙනසක් වෙන්නෙ ඒකක 90 පනිනකොට හා ඒකක 180 පනිනකොට කියල. ඉතින් ඒකක 150ක සාමාන්‍යයක් තියෙන අපේ ගෙදරට ලොකු සිස්ටම් එකක්, ඒ කිව්වෙ 1kW, 2kW වගේ සිස්ටම් එකක් දාගන්න එක එතරම් තේරුමක් නෑ. යුනිට් 180 පනිනව නම් අනිවා 2-3kW වගේ එකක් සවි කරගන්න එක නම් ගොඩක් වටිනවා. (සාමාන්‍යයෙන් 1kW සිස්ටම් එකකින් යුනිට් 100-120 අතර ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් මාසෙකට)

මේ දේවල් අනුව මට ලොකු සිස්ටම් එකක් වැඩක් නැති නිසා මගෙ ප්ලෑන් එක 200W විතර සිස්ටම් එකක් හදාගන්න. Lighting සහ වැඩි වොට් ගාණක් නැති විදුලි උපකරණ ටිකක් වෙනුවෙන් භාවිතා කරන්න.

ඉතින් මම තාම බඩු ටික එකතු කරන ගමන් ඉන්නෙ.
මේ තියෙන්නෙ මගෙ ප්ලෑන් එක හා වියදම් විස්තරය. මම කරන්න හදන්නෙ inverter එකක් හරහා 230V අරගෙන change over එකක් හරහා ගෙදරට දෙන එක. 


Unit Price
No. of Units
Price
Buy from
Solar Panel 100W
11500
2
23000
local
Charging Controller
1200
1
1200
ebay
100Ah Deep Cycle Battery
9000
2
18000
Local, Used
220V 1000W inverter
3300
1
3300
ebay
Miscellaneous
2000

2000
Local
Total
47500

Miscellaneous කියල දාල තියෙන්නෙ change over switch, වයර්, ප්ලග්, ටේප්, වගේ දේවල් වලට වියදම් වෙන් කරල. 
පැනල් තියන ෆ්‍රේම් එකට නම් මම ගාණක් දාල නෑ. 

සෝලාර් පැනල්
පැනල් ගැන කිව්වොත්, අපේ වැඩේට ඕනෙ කරන්නෙ Poly crystalline Solar Panels. Mono crystalline ඒව වඩා හොඳ උනත් ලංකාව වගේ රටකට එතරම් විශේෂයක් නෑ. ඒවයෙ මිලත් සාපේක්ෂව වැඩියි. 

10W, 20W, 50W, 70W, 100W, 150W පැනල් වලින් 12V ප්‍රතිදානයකුත්, ඊට වැඩි ඒවායින් 24V ප්‍රතිදානයකුත් ලැබෙනව. ඉතින් මම තෝරා ගත්තෙ 100W Panels 2ක්.  
මම ලංකාවෙ පැනල් විකුණන කිහිප දෙනෙක්ටම කතා කළා. මට හොඳ මිලක් ලැබුනෙ කඩවත ලලිත් මහතාගෙන්. එයාගෙ ඉක්මන් එකේ ඇඩ් එක පහත තියෙනව. චීනයෙන් ගෙන්වල ලද පැනල් තමා ඔහු ලභ තියෙන්නෙ. 
https://ikman.lk/en/ad/solar-panel-70w-for-sale-gampaha
https://ikman.lk/en/ad/20w-solar-panel-for-sale-gampaha


UPDATE (30/07/2017)
මම ගත්ත 150W panel එකක්. පස්සෙ 300W වලට upgrade කරන්න ලබාගෙන. 

Charging Controller
බැටරි හරියට චාර්ජ් කරන්න, පැනල් එක, බැටරිය පරිස්සම් කරගන්න මේක අත්‍යවශ්‍යයි. 
Charging Controller එක ගත්ත ebay එකෙන්. 30A එකක්. මගෙ දැන් සිස්ටම් එකට 10A එකකුත් ඇති. නමුත් ඉස්සරහට වැඩි කරන්න ප්ලෑන් එකක් තියෙන නිසා වැඩි එකක් ගත්ත. EBay එකෙන් තමා ගත්තෙ. 
ගන්නකොට මතක් කරල MPPT වර්ගයෙන් ගන්න. ඒක තමා හොඳ එක. 
Battery Bank
බැටරි ගැන දෙයක් කියන්න තියෙනව. Deep Cycle Batteries තමා මේ වැඩේට හොඳම. ඒව අලුත්ම එකක් රු. 30,000 - 40,000ක් වගේ වෙනව. නමුත් මේ වැඩේට පාවිච්චියෙන් ඉවත දාපු හොඳ කන්ඩිෂන් එකේ තියෙන එකක් ගන්න පුළුවන්. ලොකු සමාගම් වල UPS systems වලින් ඉවත් කරන ඒව මේ වැඩේට ඉහටත් උඩින්.


උඩ කිව්ව ලලිත් මහතා ගාවත් තියෙනව. නමුත් මිල ටිකක් වැඩියි. මට පහත ලින්ක් එක ඊයෙ හම්බුනා. එතන නම් ගාණ ටිකක් අඩුයි. හැබැයි ඒ බැටරි ලොට් එක එන්නෙ මාර්තු වලලු. මම, මට හා මිතුරෙක්ට බැටරි 4ක් pre-order කළා. ඔයාලටත් ඕනෙ නම් දැන්ම මේල් එකක් / කෝල් එකක් දාල බැටරි බුක් කරගන්න. (First Come First Serve දෙන්නෙ. ඒ නිසා ඉක්මන් වෙන තරමට හොඳයි.) මේ ඇඩ් වල හැටියට 8000-9000/= අතර මිලකට 90 හෝ 100Ah බැටරි ගන්න පුළුවන්.
https://ikman.lk/en/ad/deep-cycle-ups-battery-solar-for-sale-colombo
https://ikman.lk/en/ad/deep-cycle-battery-for-solar-for-sale-colombo
UPDATE: ඇඩ් දෙක expire වී ඇත. අලුත් ඇඩ් එකක් දැක්ක ගමන් මම දාන්නම් මෙතනම. 

මම තව හොයනව. මීට අඩු තැනකුත් හොයාගන්න තියෙනවද කියල. 

ඒව හොයා ගන්න බැරි නම් හෝ මිල වැඩි නම් භාවිතයෙන් ඉවත් කරපු Starter Battery එකක් උනත් කමක් නෑ. (වාහන බැටරි) ඒකක් නම් රු. 2000-5000 අතර ගාණකට හොයා ගන්න පුළුවන්.

මේ දෙකේ ප්‍රධාන වෙනස ගැන කිව්වොත්, Deep cycle batteries වල මුලු ධාරිතාවයෙන් 80% විතර භාවිතයට ගන්න පුළුවන් උනාට starter battery එකක පුළුවන් 50%ක් වගේ. (මේ සංඛ්‍යා ගැන නම් මට හොඳම අදහසක් නෑ හැබැයි)
ඒත් එක්කම සෝලාර් වලට මේ දෙජාතියෙන් බැටරි ගන්නව නම් durability හා life time අතින් deep cycle batteries ගොඩක් ඉහළයි. 

12V to 220V Inverter
ඉන්වර්ටරයක් භාවිතා කරන්නෙ නැති නම් අපි වෙනමම wiring එකක් කරගන්න හා 12V වලින් වැඩ කරන උපකරණ ගන්න අවශ්‍ය වෙනව. 12V වැඩ කරන බල්බ්, ෆෑන්, වතුර මෝටර්, ස්ත්‍රික්ක තියෙනව. ඒව ගන්න වෙනව.
ඒක කරදර වැඩක් නිසා මම කරන්නෙ inverter එකක් භාවිතා කරල 12V DC විදුලිය 230V AC වලට හරවන එක. එතකොට change over switch එකක් හරහා මට ඕනෙ වෙලාවට CEB එකෙන් Inverter එකට මාරු වෙන්න පුළුවන්. 

මම මගෙ පැනල් ධාරිතාවය, බැටරි ධාරිතාවය, භාවිතය ගැන හිතල 1000W එකක් තමා ගත්තෙ.  පස්සෙ ඕනෙ උනොත් ඊට වැඩක් එකක් ගන්නව.  වැඩි ලෝඩ් එකක් හයි කළොත් මේකෙ තියෙන ආරක්ෂක විධිවිදාන වලට අනුව මේක ඕෆ් වෙනව. මේකත් ගත්තෙ Ebay එකෙන්. 
තව මේකට උවමනා උපකරණ තමයි change Over Switch, Plugs, Wires වගේ දේවල්.

ගෙදර lighting, fans, TV, Radio, Chargers වගේ දේවල් වලට තමා මම මේක භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. Fridge එකට පුළුවනද කියල හරියටම කියන්න බෑ. තව ටිකක් හොයල බලන්න ඕනෙ. මොකද ෆ්‍රිජ් එකේ wattage එක ලොකු ගාණක් නොවුනත් ඒකෙ compressor එකේ starting current එක කොහොමද කියල මම දන්නෙ නැති නිසා. හොයල බලන්න ඕනෙ.

UPDATE (30/07/2017)
Inverter නොවන ශීතකරණ නම් දුවන්නට බැරිය. (starting power එක 1000W වගේ. ඉතින් inverter එක ඕෆ් වෙනව ෆ්‍රිජ් එක ඔන් කළ ගමන්. Inverter ෆ්‍රිජ් දුවන්න පුළුවන් වෙයි. 

මේ තියෙන්නෙ wiring diagram එකක්.



ගණං මිනුම් ටිකක් කරන ගමන් ඉන්නෙ. ඒවයෙ අප්ඩේට් එකකුත් දාන්නම් ඉක්මනටම. 

real system photos එක්ක මේ සම්බන්ධ අප්ඩේට් එකක් එක්ක එන මාසෙ එන්නම්. 

ඔයාලගෙ ගෙදරට එකක් හදාගන්න මොකක් හරි හෙල්ප් එකක් ඕනෙ නම් දෙන්නම්. හැබැයි මම මේ  සම්බන්ධයෙන් ඉහළම තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මමත් හොයමින් ඉගෙනගනිමින් කරන්නෙ. මගෙ දැනුමෙ හැටියට දෙන්න පුළුවන් හොඳම පිළිතුර දෙන්නම්, නැතිනම් අහල / හොයල හරි කියන්නම්. කමෙන්ට් එකක් දාන්න ගැටළුවත් එක්ක.  

පහත කමෙන්ට් වල ඉන්න Thiwanka Wimalasooriya මේ සම්බන්ධයෙන් හොඳ දැනුමැත්තෙක්. ඔහුගෙනුත් උපදෙස් ගන්න පුළුවන්. http://twimalasuriya.blogspot.com මේ තියෙන්නෙ ඔහුගෙ බ්ලොග් එක.


UPDATE (30/07/2017)
දැන් ඔක්කොම කොටස් මිලට අරගෙන තියෙන්නෙ. වයර් සහ ස්විච් ටික ගත්තම වැඩේ පටන් ගන්න පුළුවන්. මම අලුතින්ම පෝස්ට් එකක් දාන්නම් ආපහු. 

Update (12/08/2017)
සිස්ටම් එක හදල මම ලිව්ව අලුත් ලිපියත් බලන්න.
http://madhawaweblog.blogspot.com/2017/08/solar-electricity-system-diy.html


UPDATE: 
අපි FaceBook Group එකක් හැදුව Off Grid Solar Systems DIY හදන අයට සාකච්ඡා කරන්න. ඒකට එකතු වෙන්නත් ආරාධනා කරනවා. 


Monday, January 30, 2017

CV Correction Service

මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් සඳහා එක් වරක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

එය ඔබ කියෙව්වේ නැති නම් මෙම සබැඳියෙන් ඒ පිළිබඳ විස්තර බලන්න.
http://careerguidancelk.blogspot.com//2015/12/lets-win-the-job-market-ebook.html

මොකද්ද මේ CV Correction Service එක?


ඔයාල රැකියාවකට අයදුම් කරන්න සූදානම් වෙලා දැන් ඔයාල CV එක හදන්නයි ලෑස්ති වෙන්නෙ. නමුත් ඔයාට මේක හරියටම හදාගන්නෙ කොහොමද කියල හරිම අදහසක් නෑ. හදන CV එකේ ඉංග්‍රීසි අකුරු හරිද, ව්‍යාකරණ හරිද කියල බලාගන්නට හොඳ කෙනෙක් නෑ.

ඉතින් ඔබ මොකද කරන්නෙ?
එන්න අපේ ලඟට. 
අපි සූදානම් ඔයාගෙ CV එක හරියට හදල දෙන්න.

හරියට Layout එක හදල, හොඳ Color Theme එකක් දාල, හරියට අක්ෂර වින්‍යාසය නිවැරදි කරල, ව්‍යාකරණ නිවැරදි කරල හොඳ CV එකක් ඔබට හදල දෙනව. 

ඔබ මේ සේවාව ලබා ගන්නේ පහත ආකාරයටයි.
  1. මුලින්ම careerguidancelk [at] mail[dot] com වෙත ඔබගේ CV එක එවන්න. එය හරියටම හදල තිබෙන්නට අවශ්‍ය නෑ. නමුත් ඇතුළත් කළ යුතු සියළුම විස්තර ඇතුළු කරන්න.
  2. ඒ ඊ මේල් එකෙහි, ඔබ අයදුම් කරන්නට සූදානම් වන රැකියා ඇබෑර්තුව ගැනත්, ඊට ඉල්ලුම් කිරීමට ලබා දී ඇති අවසන් දවසත් යන විස්තර ඇතුළු කළ යුතු වනවා. (ඒවා නැති නම් අවශ්‍ය වන්නේ නෑ)
  3. ඉන්පසු ඔබගේ ඊ මේල් ලිපිනයට මා ගෙවීම් සිදු කළ යුතු විස්තර එවනවා. 
  4. මේ සඳහා ඔබ රු.250ක ගෙවීමක් සිදු කළ යුතු වනවා. එය ඔබට Paypal, eZCash, mCash, Bank Transfer හරහා සිදු කළ හැකියි.
  5. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු ඔබගේ CV එක නිවැරදි කරන්නට මම ආරම්භ කරනවා. 
  6. ලැබෙන ඉල්ලුම්පත්‍ර අනුව ඔබගේ CV එක නිවැරදි කිරීමට දින 2-3ක දක්වා කාලයක් ගත විය හැකියි. ඒ නිසා ඇබෑර්තුවට ඉල්ලුම් කරන්නට ලබා දී ඇති අවසන් දිනයට දින 4ක්වත් පෙර ඔබගේ විස්තර එවන මෙන් ඉල්ලා සිටිනවා. 

ඔබගේ ඊ මේල් ලිපිනය, අනාගතයේදී අප විසින් ලබා දීමට සැලසුම් කරන පහසුකම් වල විස්තර එවීම වෙනුවෙන් අපි සුරැකුම් කරගනු ලබනවා.

Saturday, November 19, 2016

මගෙ අලුත් ඉංග්‍රීසි බ්ලොග් එක


මට ඉස්සර නම් ඉංග්‍රීසි බ්ලොග් එකක් තිබුණ.
පස්සෙ ඒක මම වෙන මාතෘකාවකට හැරෙව්ව. නමුත් wordpress.com එකේ තිබ්බ මගෙ ඉංග්‍රිසි බ්ලොග් එක ඩිලීට් නොකළත් තාමත් තියෙනව. ඒකෙ  ලිපි කියවන අය තාමත් ඉන්නව. සමහරු ඒකෙ ලිපි කියවල මට මේල් එහෙමත් එවනව.
ආපහු හිතුන ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගන්න මගෙ වෘත්තීයම දේවල් එක්ක ලිපි ලියන්න.
ඉතින් මේ පහලින් තියෙන්නෙ ඒ බ්ලොග් එක.
අද පටන් ගත්තෙ.
මම ඊයෙ කරපු presentation එකක් හා ඒකට අදාලව හදපු ලිපි ටිකක් තමයි දැනට දාල තියෙන්නෙ. තව මම හුඟ කාලෙකට ඉස්සෙල්ල හදපු Stock Trading Basics කියල දෙන presentation එකකුත් දාල තියෙනව,

ඉතින් මීට පස්සෙ මේ වගේ වෘත්තීයමය දේවල් ඉංග්‍රීසියෙන් ලියන්න මම මේ බ්ලොග් එක භාවිතා කරනව.
සමහර අයට නම් මේ දේවල් රසවත් නොවෙන්න ඉඩ තිබෙනව. නමුත් ලෝකය පුරාම ඉන්න අයගෙන් ටික දෙනෙක් හරි ප්‍රයෝජනයක් මේවායින් ගනීවි.

ආරාධනා කරනවා ඔබටත් එකතු වෙන්න.

Friday, October 21, 2016

ඔබේම ව්‍යාපාරයක් අරඹා ජයගන්න. එකතු වන්න. Tyro Club



මම මුලින් දාපු ලිපිය "30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න" ලිපිය හුඟක් අය කියවන්න ඇති කියල හිතනව. ඒක කියවල වැඩක් කරන්න පටන් ගත්තු දෙතුන් දෙනෙකුත් ඉන්නව (මට කිව්ව). අති සාර්ථක ලෙස.
අනිත් අය දැන් පරක්කු වැඩියි. මම පෝස්ට් එක ඉවත් කලා.

මොකද දන්නවද, වටිනාකමක් එකතු කරන්න අවශ්‍ය නිසා. ඒ දේවල් ඉගෙනගෙන තමන්ගෙම ව්‍යාපාරයක් 


අරඹන්න තවත් කැමති අය ඉන්නව නම් මට කියන්න.
උදව් කරන්න මම සූදානම්. පොදුවේ නෙමෙයි, පුද්ගලික වශයෙන්. 

මට ඔයාලගෙ විස්තර එවන්න. ඒකට පහත පෝරමය භාවිතා කරන්න.



මේ ප්‍රශ්න වලට උත්තරත් එක්ක මට මැසේජ් එකක් දාන්න. ඒ විස්තරත් තියෙන මැසේජ් විතරයි මම බලන්නෙත්. 


Tyro Club නමින් මම FB Private Group එකක් හැදුව. ඒකට ඇතුළු වෙන්න පුළුවන් ඉහත ප්‍රශ්න වලට හොඳ පිළිතුරු ලබා දෙන අයට විතරයි. බිස්නස් එක සාර්ථක කරගන්න හැකි සෑම සහයක්ම මම දෙන්න කැමතියි. Members Only Group එකක් මේක. වටින අය විතරයි මේකට එකතු කරගන්නෙ. වටින කියල අදහස් කළේ, මහන්සි වෙලා බිස්නස් එකක් ආරම්භ කරල සාර්ථක වෙන්න කැමති අය. 


මේ සම්බන්ධ වීම හරහා අර මුල් ලිපිය විතරක් නෙමෙයි, ඊට වඩා ගොඩක් උපදෙස් හා සහය ලැබෙයි. 

සමහරවිට ආයෝජකයින් පවා හම්බෙන්න පුළුවන්.

මගෙ පෝස්ට් එක කියවල, දැනට ආරම්භයක් ගත්තු සිව් දෙනෙක් ගැන මම කියන්න කැමතියි.

  1. එක්කෙනෙක් ikman.lk අඩවිය හරහා සතියකින් රු. 12000ක මුදලක් ලාභය වශයෙන්ම පමණක් හොයල තියෙනව. මේ සතයක්වත් වියදම් කරන්නෙ නැතිව. පොඩ්ඩක් මහන්සි වෙලා විතරයි. 
  2. දෙවැන්නා FB Fan Page එකක් හරහා වෙළඳාම ආරම්භ කර දින 2-3කින් රු.4000-5000 අතර ලාභයක් ලබාගත හැකි Orders ලබාගෙන තිබෙනව. දැන් එයා bulk order එකක් දැම්ම supplier එක්ක කතා කරගෙන. 
  3. තෙවැන්නා කරමින් හිටිය වැඩක් අතෑරල දාල හිටිය වැඩක් උනේ නැති නිසා. නමුත් මම කිව්ව දේවල් වලින් අදහසක් අරගෙන ආපහු පටන් ගත්ත. දවස් කිහිපයකින් රු.5000ක් පමණ ලාභයක් උපයල භාණ්ඩ 3-4ක් විකුණල.
  4. සිව්වැන්න මේ මම මේ පෝස්ට් එක හදන අතරෙ මැසේජ් කළා. රු. 3000ක් උපයල එක වැඩක් කරල. සතයක්වත් වියදම් නොකර.

මේ හතර දෙනාගෙන් දෙන්නෙක් මගෙන් මැසේජ් කරමින් යම් යම් කුඩා සහයන් ලබාගෙන තිබෙනව. නමුත් තනිවම හිතල ගොඩ ගිය දෙන්නෙක්. අනිත් දෙන්න මගෙ පෝස්ට් එක කියවලම විතරක් හිතල කරල ගොඩ ගිය දෙන්නෙක්.


ඉතින් ඇයි ඔයාලටත් බැරි???


එකතු වෙන්න. Tyro Club එක්ක. 



මූලිකව කරන්න තියෙන්නෙ දේවල් කිහිපයයි.

  1. සාර්ථක ව්‍යාපාරයක් ඇරඹීම සඳහා හිත ශක්තිමත් කර ගැනීම.
  2. ඒ ගැන සරළ හෝ සැලැස්මක් ගොඩ නඟා ගැනීම.
  3. ඉහත සබැඳියේ ඇති පෝරමය පුරවා මා වෙත එවීම.

එහෙම අපි සාර්ථක අනාගතයක් වෙනුවෙන් එකතු වෙමු.

Tyro කියන වචනෙ ගැනත් කියන්නම්.

Tyro කියන්නෙ Beginner කියන එක. ඒ කියන්නෙ මූලික අවධියේ සිටින කෙනෙක්, නවකයෙක් කියන එක. ඉතින් අපි ඔක්කොම මේ බිස්නස් ලෝකෙට නවකයො.