කට්ටිය සෙට් උනෙත් නෑ.
මුලදි පෝස්ට් එකක් දෙන්නත් බැරි උනා ඉස්සර අවුරුදු වල වගේ.
මේක ලියන්නත් පරක්කු උනා.
ගත්තු පොත් වලින් කොටසක් |
කොහොම හරි, මම මේ පාර පොත් සල්පිලට ගියේ මගෙ නෝනත් එක්ක ටිකක් රෑ වෙලා. මොකද පොඩ්ඩගෙ වැඩත් එක්ක නිවඩු දවසක දවාලක යන එක ඉම්පොසිබල්. :)
කොහොම හරි මේ පාර ගත්තු මගෙ පොත් ලැයිස්තුව තමයි මේ.
Book Name
|
Author
|
Publisher
|
Price
|
පුනර්භව ගවේශන
|
පරි: කුමාර සිරිවර්ධන
|
දයාවංශ ජයකොඩි
|
400.00
|
අරලිය මල් ආරාමය
|
ජයසේන ජයකොඩි
|
දයාවංශ ජයකොඩි
|
350.00
|
පිච්ච මල
|
ජයසේන ජයකොඩි
|
දයාවංශ ජයකොඩි
|
350.00
|
සිල් සුවඳ
|
ජයසේන ජයකොඩි
|
දයාවංශ ජයකොඩි
|
400.00
|
සුදු නෙළුම
|
ජයසේන ජයකොඩි
|
දයාවංශ ජයකොඩි
|
350.00
|
සැඟවුණු මහද්වීපය
|
පරි: ප්‍රභාත් මිරිහාගල්ල
|
ප්‍රතිභා ප්‍රකාශකයෝ
|
350.00
|
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
|
පරි: ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද
|
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
|
360.00
|
රාමා උයන
|
පරි: එස්. එම්. බන්දුසීල
|
S & T Group
|
750.00
|
රාමා - 2
|
පරි: එස්. එම්. බන්දුසීල
|
S & T Group
|
700.00
|
අඟහරු මිනිසා
|
පරි: තත්සරණි බුලත්සිංහල
|
S & T Group
|
650.00
|
ඔබේ යටි සිත හඳුනා ගන්න
|
පරි: විශ්රාවන ගලප්පත්ති
|
අරටුව ප්රකාශන
|
400.00
|
Secret - The Power
|
Rhonda Byrne
|
Simon & Schuster, UK
|
2,050.00
|
Secret - The Magic
|
Rhonda Byrne
|
Simon & Schuster, UK
|
1,160.00
|
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අත්හැරීම 3
|
ඉන්ද්‍රජිත් සුබසිංහ
|
-
|
140.00
|
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අත්හැරීම 5
|
ඉන්ද්‍රජිත් සුබසිංහ
|
-
|
115.00
|
භාවනාවේ ප්‍රවීනයෙකු වන මඟ
|
නිලන්ත හෙට්ටිගේ
|
සුසර ප්‍රකාශකයෝ
|
200.00
|
තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ
|
රියර් අද්මිරාල් සරත් වීරසේකර
|
ආකර්ෂා ප්‍රකාශකයෝ
|
400.00
|
ජේන් අයර්
|
පරි: එන්. පී. විජේරත්න
|
ආශිර්වාද ප්‍රකාශකයෝ
|
700.00
|
ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර
|
පරි: චාමිකර වීරසිංහ
|
ෆාස්ට් පබ්ලිෂිං
|
250.00
|
මනරන්ජන මිත්‍යා කතා
|
තිලක් සේනාසිංහ
|
සරසවි ප්‍රකාශකයෝ
|
275.00
|
රාවණා මෙහෙයුම - 2
|
සුසිත රුවන්
|
ෆාස්ට් පබ්ලිෂිං
|
375.00
|
රාවණ යළි නැගිටියි
|
මිරැන්ඩෝ ඔබේසේකර
|
සමන්තී
|
350.00
|
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජ්‍යයාගේ සංස්කෘතික උරුමය
|
මිරැන්ඩෝ ඔබේසේකර
|
සමන්තී
|
350.00
|
සිරිත් මල්දම
|
ඇම්. එල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමා
|
සුසර ප්‍රකාශකයෝ
|
70.00
|
නායකයෙක් වන්න
|
අනු: ලීලානන්ද ගමාච්චි
|
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
|
200.00
|
ජයසේන ජයකොඩිගෙ පොත් ලිස්ට් එකෙන් කොටසක් දෙන්නම කියවල තිබ්බත් නෝනට ඒ පොත් ටික ඕනෙ කිව්ව නිසා ගත්ත. (ඒත් ගෙදර ඇවිල්ල බැලුවම දැක්කෙ අපි අරගෙන තියෙන්නෙ අතරින් පතර කියල. :( )
මේ සමහර පොත් ගත්තෙ තෑගි දෙන්න.
මෙතන සඳහන් නොවුන පොඩිම පොඩි ළමයින්ට පොත් කිහිපයක් හා Nursing පොතකුත් තිබෙනවා.
ඉහත සඳහන් කරල තිබෙන්නෙ ඩිස්කවුන්ට් නැති ඔරිජිනල් මිල.
20-30%අතර ඩිස්කවුන්ට් තිබ්බ.
ලොකු වැරැද්දක් උනා. මුලින්ම යන්න තිබ්බේ බාගේන් හෝල් එකට. ඒකට අන්තිමට ගියේ. වෙලාව මදි උනා. එතනට යනකොට 8.45යි. :( ඊලඟ පාර නම් ඒ වැරැද්ද කරන්නෙ නෑ කියල හිතාගත්ත.
යාළුවො නම් කවුරුවත් සෙට් උනේ නෑ.
අපේ මිතුරු සෙට් එකටත් මේ පාර සෙට් වෙන්න බැරි උනානෙ. :(
එල එල අය්යෙ
ReplyDeleteඅපි බුක් ෆෙයා ගිය හැටි මම මෙහෙම ලිව්වා යාලුවා
ReplyDeletehttps://danugeadaviya.blogspot.in/2017/10/blog-post.html?m=1