Sunday, September 6, 2009

Widgets

මුහුණු පොතේ වැඩි මිතුරන් ගණනක් ඕනෙද?

නම හොඳ උනාට ටිකක් සල්ලි යන වැඩක් හොඳේ.
දන්නවනෙ ඉතින්, මුහුණු පොත කියන්නෙ ඉතා හොඳ, කාර්යක්ෂම දැන්වීම් ප්‍රචාරණ මාධ්‍යයක්. තමුන්ගෙ මිතුරන් ගණන හෝ, රසික පිටුවකට ඉන්න රසිකයන් ගණන වැඩි නම් තමුන්ට ලැබෙන ප්‍රසිද්ධිය වැඩියි. නමුත් ඉතින් එහෙම මිතුරන් ගණන වැඩි කරගන්න එක නම් ලේසි නෑ.
ඒකට විසඳුමක් ඕස්ට්‍රේලියානු වෙළඳ ප්‍රචාරණ ආයතනයක් (uSocial) ලබා දීල තියෙනවලු. මොකද්ද දන්නවද, සල්ලි වලට මිතුරන්/රසිකයින් ලබා දීම0
එයාලගෙ පැකේජ කිහිපයක් තියෙනව, පටන් ගන්නෙ මිතුරන් 1000න්. වියදම ඇමරිකානු ඩොලර් 177යි. ඉවර වෙන්නෙ මිතුරන් 10,000න්, එකට යන්නෙ ඇමරිකානු ඩොලර් 1167යි.


Targetted Facebook Friends

මුහුණු පොතේ කට්ටිය මෙහෙම කියනවලු."We're just beginning an investigation now, but it's clear to us that potential customers of their service should be cautious," Facebook said in a statement."

ඔය කිව්ව කොම්පැනියෙ කට්ටිය මෙහෙම කිව්වලු අන්තිමට.
"The value of a person that is tricked, coerced or bribed into being a Facebook friend or fan is extremely limited and may actually work against whatever goals the customer is attempting to achieve."

7 comments:

  1. විකාරයක්... :/

    Facebook මිතුරන් උපරිම තියාගන්න පුළුවන් 3500ක් ද කොහෙද නේද? :O

    ReplyDelete
  2. ඇත්ත. මේක අපිට නම් පිස්සුවක්, විකාරයක් තමයි, ඒ උනාට මේක නිසා කොම්පැනි වලට තමුන්ගෙ ජනප්‍රියත්වය, වෙළඳාම වැඩි කරගන්න පුළුවන්.
    මිතුරන් 5000 තමා තියාගන්න පුළුවන් උපරිම ගාන, මටත් ඒ පිළිබඳ ප්‍රශ්නයක් ආව, මේක දාල තියෙන සයිට් එකේ මේක දැක්කම.

    ReplyDelete
  3. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්..... :D

    ReplyDelete
  4. ලස්සන කෑල්ලකගෙ පොටෝ එකක් දාගත්ත නම් මාසයක් යන්න කලින් ඔය වැ‍ඩේ කරගන්න පුලුවන් :P

    ReplyDelete
  5. මල විකාරයක් නෙව. මම මේ ඉන්න උන්ටික අයින් කරගන්නෙ කොහොමද කියල දඟලනවා !

    ***

    5000 සීමාව ගැන:

    5000 සීමාව තියෙන්නෙ Personal Profiles වලට විතරයි. Public Profiles - ඉස්සර Facebook Pages - වලට ඊට වඩා fansලා ගන්න පුළුවන්. නමුත් ඒකටත් යම්කිසි සීමාවත් තියේද දන්නෙ නෑ.

    කොහොම වුනත්, 5000 සීමාව ආයතන වලට අදාළ නැහැ, මොකද ආයතන හදන්නේ Personal Profiles නෙවේ Public Profiles නේ.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.