Showing posts with label "Symposium on Localised Systems and Applications". Show all posts
Showing posts with label "Symposium on Localised Systems and Applications". Show all posts

Thursday, September 3, 2009

ගෙදර ආවා.



කැම්පස් එකේදි බ්ලොග් එක ලියන එක නම් ටිකක් කරදරකාරියි. සිංහල නැතුව නෙමේ, ගෙදර වගේ ලියන්න ගැළපෙන පරිසරයක් නෑ. ගෙදර මගේම කොම්පියුටරයෙන් විතරයි ලියන්න හිතෙන්නෙ, ඉතින් අද ගෙදර ආපු නිසා ලිපි කිහිපයක් ලියවෙයි, අද, හෙට අනිද්ද දවස් වල. අපේ ඩිපාර්ට්මන්ට් එකේ සිංහල තිබ්බෙ පරිගණක එකක දෙකක විතරයි, ඉතින් මම මේ සතියෙ කළේ අනිත් පරිගණක ඔක්කෝටම සිංහල කිට් එක ස්ථාපනය කරපු එක තමයි. දැන් ටිකක් හරි. ඒත් මම කිව්ව වගේ එහෙදි ලියන්න නම් කම්මැලියි. 
ආ,.. තව දෙයක් කියන්න අමතක උනානෙ, ඊයෙ අපේ විශ්ව විද්‍යාලයෙ තිබ්බනෙ "සියබසින් නිමවූ යෙදුම් හා පද්ධති පිලිබඳ සම්මන්ත්‍රණය"ක් ("Symposium on Localised Systems and Applications"). ඒකටත් මම සහභාගි උනා, අපේ මේ Sinhala Blogosphere එකේ ඉන්න කට්ටිය කීප දෙනෙකුත් මුහුණට මුහුණ හමුවෙලා හඳුනා ගැනීමටත් ලැබුන. මම ඒ සම්මන්ත්‍රණය ගැන නම් කියන්න බලාපොරොත්තුවක් නෑ, මේ ලිපියෙන්. ඒ ආපු කිහිප දෙනෙක් හොඳ ලිපි කිහිපයක් ලියයි කියල මම බලාපොරොත්තු වෙනව.

එහෙනම් තවත් හොඳ ලිපි කිහිපයකින් වැඩේ පටාං ගමු.