Tuesday, April 14, 2015
Monday, April 13, 2015
මිරිස් මෙච්චර සැර ඇයි?
ඉස්සෙල්ල අපි කතා කලා සීතල දෙයක් ගැන. දැන් කතා කරන්න හදන්නෙ පිච්චෙන දෙයක් ගැන.
මිරිස්!!
මිරිස් කිව්වම එක එක ජාතියෙ මිරිස් තියෙනව. මාලු මිරිස්, කොච්චි මිරිස්, නයි මිරිස්, වැරණිය මිරිස්, තව එක එක ජාති. එක එක ඒව එක එක මට්ටමින් සැරයි. සමහර ඒව නම් පොඩ්ඩක්වත් සැර නෑ නිකං කන්න පුළුවන්. සමහර ඒව නම් යංතං ගෑවුනත් කෙලින් ඉන්න බැරි තරම් දැවිල්ලයි. සමහර අය මිරිස් කන්න හරිම ආසයි. ඒකෙන් එයාල අමුතුම සතුටක් ලබනව. සරළව කිව්වොත් අමුතුම කික් එකක්. :)
ඉතින් මේ සැර, දැවිල්ල, පිච්චෙන ගතිය කොහොමද එන්නෙ???
මිරිස් වල තිබෙනව රසායනිකයක්, Capsaicin කියල. මින්ට් වලින් සීතල දැනෙන විට සිදුවන රසායනික ක්‍රියාවලිය ස්නායු වල ඇති කරනව වගේ, කැප්සයිසීන් වලින් කරන්නෙ, අපිව පිලිස්සෙන විට ඇති වන සංවේදනයට අදාල විදිහට ස්නායු තුළ රසායනික ක්‍රියාවලිය ඇති කිරීමට හේතු වන එක. එතකොට මිරිස් කෑවම අපිට පිච්චෙනව වගේ දැනෙන්න ගන්නව.
ඊට පස්සෙ මොකද වෙන්නෙ???
මොළය හිතන්නෙ අපිව පිච්චෙනව කියල. මොළය එතකොට කරන්නෙ එතනට යවනව, අපේ ශරීරයේ තිබෙන වේදනාව නසන රසායනිකය. Endorphins කියන්නෙ ඒක. අන්න ඒක දිව හා මුඛයට ආවම තමයි අර කිව්ව කික් එක එන්නෙ.
ඉතින් මේ මිරිස් වල සැර මනින්න ක්‍රමයක් තියෙනවද??
තියෙනව. Scoville Heat Units (SHU) කියන්නෙ ඒක. මිරිස් වල සැර මනින්න 1912දි Wilbur Scoville විසින් නිර්මාණය කරන ලද ඒකකයක්. මිරිස් වලින් ලබාගන්නා ලද කැප්සයිසීන් නිසාරණයක් මිනිස් දිවට එහි සැර නොදැනන තරම් ජලය මගින් තනුක කළ යුතු ප්‍රමාණය තමයි මේක මනින ක්‍රමය. තනුක කරන්න ඕනෙ කරන ජලය ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මිරිස් වල SHU අගය වැඩි වෙනව. ඒ කියන්නෙ සැර වැඩියි කියන එකයි.
නමුත් මේ මිනුම් ඒකකයේ ගැටළුවක් තිබෙනවා. මොකද මේ පරීක්ෂණයේදී භාවිතා වන පුද්ගලයා අනුව මෙහි මිනුම වෙනස් වෙන්නට පුළුවන් නිසා. ඉතින් පස්සෙ කාලෙක මිරිස් වල සැර මනින්න වෙනත් ක්‍රමයක් නිර්මාණය උනා liquid chromatography කියන තාක්ෂණය හරහා.
Carolina Reaper 2,200,000 SHU(Trinidad moruga scorpion)
ලෝකෙ සැරම මිරිස් වර්ගය
http://www.hellawella.com/top-10-hottest-peppers-world
|
මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.
පරණ අවුරුද්දේ අවසන් ලිපිය තමයි මේ. එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
Saturday, April 11, 2015
"මින්ට්" සීතල ඇයි?
Mint ටොෆි |
මින්ට් කිව්වම මින්ට් ජාති ගොඩක් තියෙනවනෙ. පෙපර්මින්ට් තමයි මම දන්න පරණම එක. පොඩි කාලෙ ඒවට මම නම් හුඟක් ආසයි. දැන් නම් පෝලෝ තියෙනව, තව ජාතිත් තියෙනව.
ඉතින් ඇයි මේව කනකොට සීතලක් දැනෙන්නෙ???
ඉස්සෙල්ල අපි බලමු අපිට කොහොමද උෂ්ණය / සීතල කියන එක දැනෙන්නෙ කියල.
අපේ ඇඟ පුරාම ස්නායු තියෙනවනෙ. ඉතින් ඔය ස්නායු වලින් මොළයට යවන එක් විදුලි පණිවුඩ වර්ගයක් තමයි උෂ්ණත්වය. සිසිල් හා උෂ්ණ කියන සංවේදන දෙකට අදාල විදුලි සංඥා වර්ග දෙකක් තිබෙනවා. අපිට උණුසුම් දෙයක් ස්පර්ශ වනවිට ස්නායු තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාව හරහා ඇතිවන විදුලි සංඥාව ස්නායු මගින් මොළයට යවනව. සිසිල් දෙයක් ස්පර්ශ වන විට, පරිසරය සිසිල් වන විට, ඊට අදාලව ස්නායු තුළ සිදුවන රසායනික ක්‍රියාවලිය හරහා ඊට අදාල විදුලි සංඥාව මොළයට යවනව.
ඉතින් ඒ පණිවුඩ මගින් තමා මොළය හඳුනා ගන්නේ පරිසරයෙ සිදුවන උෂ්ණත්ව වෙනස්කම් හා අපි ස්පර්ශ කරන දේ වල තිබෙන උෂ්ණත්ව වෙනස්කම්. ඒ අනුව තමයි අනිත් පැත්තට මොළයෙන් පණිවුඩ එවන්නෙ "ඕක ගොඩක් රස්නෙයි, අල්ලන්න එපා" වගේ පණිවුඩ.
ඉතින් මින්ට් වලදි මොකද වෙන්නෙ? ඒක රස්නෙත් නෑ සීතලත් නෑනෙ.
මින්ට් වල තිබෙනවා "මෙන්තෝල්" කියන ක්‍රියාකාරී රසායනිකය.
ඊට හැකියාව තිබෙනවා අර කිව්ව ස්නායු වල (මින්ට් එකක් කනව නම්, මුඛයේ තියෙන ස්නායු වල) රසායනික ක්‍රියාකාරිත්වය වෙනස් කරන්න. ඒ වෙනස් කරන්නෙ සිසිලස දැනෙන විට සිදුවන ආකාරයට එම රසායනික ක්‍රියාවලිය සිදුවන්නට. එවිට ඇතිවන විදුලි සංඥාව මොළයට ගියාම, මොළය හඳුනාගන්නවා සිසිල් දෙයක් එම ස්නායු සමඟ ස්පර්ශ උනා කියල.
ඉතින් අන්න ඒ නිසා තමයි අපි මින්ට් එකක් ආහාරයට ගන්නකොට සිසිලසක් දැනෙන්නෙ.
පෙපර්මින්ට් ශාකය |
මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.
අලුත් අවුරුදු නැකැත්
අලුත් අවුරුදු චාරිත්‍ර වලට අදාල නැකැත් කුමනාකාරයටද යෙදිල තියෙන්නෙ කියල බලාගන්න.
(වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලදී.)
හරියට බලාගන්න රූපය ලොකු කරගන්න ඒ මත ක්ලික් කරන්න.
Friday, April 10, 2015
බාර් කෝඩ් වැඩ කරන්නේ කොහොමද
බාර් කෝඩ් කියන්නෙ මොනවද කියල නොදන්න කෙනෙක් නෑනෙ. නේද?
ඒත් ඉතින් මොනවද මේ බාර් කෝඩ් කියන්නෙ කියල ලිපිය පටන් අරගමු,
වෙළඳපළේ තිබෙන දේ වල ලේබල් එක මත විවිධ පළලින් යුතු ඉරි රැසක් තිබෙනවා ඔබ දැක ඇති. තව ඉලක්කමක් එක්ක. අන්න ඒක තමයි බාර් කෝඩ් එකක් කියන්නෙ. ඕක තමයි බහුලවම භාවිත වෙන බාර් කෝඩ් වර්ගය. මේවා One Dimensional bar Codes කියලත් හඳුනවනවා. ඊට අමතරව තව වර්ගත් තිබෙනවා.
ඒක, යන්ත්‍රයකින් කියවිය හැකි පරිදි සකසන ලද අකුරු හා ඉලක්කම් සහිත කේතයක්.
වෙළඳ සැල් වලදී ලේසර් බීම් විහිදුවන උපකරණයකින් (Bar Code Reader) ලේසර් ආලෝකය එය මතට පතිත කර, එහි පරාවර්තනයන් හඳුනාගෙන එය පරිවර්තනය කරනු ලබනවා අදාල අකුරු හා ඉලක්කම් වලට.
ඉතින් ඕකෙ තියෙන්නෙ මොනවද?
අර කිව්ව වගේ, එම බාර් කෝඩ් එක දරන දෙය සම්බන්ධ යම් විස්තර ප්‍රමාණයක් තමයි බාර් කෝඩ් එකේ අන්තර්ගත වන්නේ.
යම් සමාගමකින් විකුණන වෙළඳ භාණ්ඩයකට ඔවුන් බාර් කෝඩ් එකක් භාවිතා කිරීම හරහා එම භාණ්ඩයේ Identification Number එකක් එයට ඇතුළු කළ හැකියි. එය වෙළඳ සැලේ තිබෙන Bar Code reader එක හරහා කියවා, එම භාණ්ඩයට අදාල විස්තර පරිගණකය තුළින් ලබා ගන්නට පුළුවන්.
බාර් කෝඩ් එක තුළ එම භාණ්ඩය ගැන විස්තර නෑ, තිබෙන්නේ අර කිව්ව වගේ identification number එකක් විතරයි. (මට මතකයි හුඟක් ඉස්සර බලපු ෆිල්ම් එකක තිබ්බ, ප්‍රධාන නළුව පරිගණකයක නෙට්වර්ක් එකේ වැඩක් කරද්දි කරන්ට් එක වැදිල මුළු ඉන්ටර්නෙට් එකේම ඩේටා එයාගෙ ඔලුවට එනව. ඔහුට මාරම දැනුමක් එනවට අමතරව එක් තැනකදි ඔහු චොක්ලට් එකක බාර් කෝඩ් එක බැලුවම ඔහුට ඒකෙන් ඒකෙ මිල, කල් ඉකුත් වන දිනය වගේ විස්තර ගොඩක් පේනව. නමුත් ඇත්තෙන්ම බාර් කෝඩ් එකෙ එච්චර විස්තර ඇත්තෙත් නෑ හා දාන්නත් බෑ)
ඉතින් ඔය identification number එකට අදාලව පරිගනකයේ තිබෙන විස්තර වෙනස් කිරීම හරහා වෙලඳ සැල් හිමියාට ඉතාම පහසුවෙන් මිල ගණන් වෙනස් කිරීම් වගේ කරන්න පුළුවන් හැම භාණ්ඩයේම මිල අලව අලව ඉන්නෙ නැතිව.
දැන් කාලෙ අලුතින්ම ඇවිල්ල තිබෙන බාර් කෝඩ් වර්ගයතමයි Two Dimensional bar Codes. ඒවා හඳුන්වන්නේ QR Codes නමිත්. ඔය පල්ලෙහා තියෙනව වගේ ඒව. ඕව කියවන්න පුළුවන් mobile software ඕනෙ තරම් තිබෙනවා. (One Dimensional ඒවා කියවන්න පුළුවන් mobile apps එහෙමත් තියෙනවා.)
මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.
ආලෝකය හා සාපේක්ෂතාවාදය
ආලෝකය හා සාපේක්ෂතාවාදය දෙක ගැන කතා කළොත්, සරළව කිව්වොත් දෙකම තේරුම් ගන්න අමාරු විෂයයන් දෙකක්.
පොඩි ගැටළු දෙකක් ගමු.
1. ඔබ ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ආලෝකය ඔබට පෙනෙන්නේ කොයි ආකාරයෙන්ද?
ඔබ ආලෝකයේ වේගයෙන් යන විට ආලෝකය තවමත්, ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා ඔබට දකින්නට පුළුවන්. ඉතින් න්‍යායාත්මකව බැලුවොත් එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ආකාරයට සිදු වනවා පෙනේවි. මේක කියවෙන්නෙ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයේ.
අපේ සූර්යයා වටේ අපි අති විශාල වේගයකින් ගිහිල්ල, සූර්යයා අභ්‍යාවකාශය තුළ විශාල වේගයකින් ගිහිල්ල, අපගේ මණ්දාකිණිය ඊටත් වඩා විශාල වේගයකින් ත්වරණය වෙලා උනත්, ආලෝකය ඒ කිසිම වේගයක සම්බන්ධයක් නැතිව ආලෝකයේ වේගයෙන්ම ගමන් කරනු ඇති.
2. අපිට ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිද?
ගණං හදල, පරීක්ෂණ කරල කියන විදිහට ආලෝකයේ වේගය, තත්පරයට මීටර් 299,792,458 යි. ඔය වේගෙන් යන්න පුළුවන් නම් අපිට තත්පරයකින් ලෝකේ වටේ වට හතහමාරක් යන්න පුළුවන්.
ඒක ඇවිල්ල අපි දන්න වේගවත්ම දේනෙ. හරි, ඇයි ඒත් මේ වේගෙන් යන්න මේ තරම් අමාරු??? අපි හිතමු, ඔය ගුරුත්වාකර්ෂණය, ඝර්ෂණය වගේ ප්‍රතිරෝධී බල නෑ කියල. එහෙනම් ඉතින් ත්වරණය වෙවී වෙවී හිටියොත් අපිට කවද හරි ආලෝකයේ වේගයට යන්න පුළුවන් කම තියෙන්න ඕනෙ. නැද්ද?
පොඩි ගැටළුවකට තියෙන්නෙ, එහෙම හරි යන්නෙ නෑ.
අයින්ස්ටයින් ඒකටත් පොඩි කේස් එකක් දාල තියෙනව එයාගෙ "සාපේක්ෂතාවදය" තියරියෙදි.
ඒකෙ කියන විදිහට මොකක් හරි චලනය වන වස්තුවක වේගය වැඩි වීමත් සමඟ, ඒකෙ ස්කන්ධයත් වැඩි වෙනවා. එහෙම ගත්තම, වස්තුව ආලෝකයේ වේගයට එළඹෙනකොට එහි ස්කන්ධය අනන්තයක් වෙනවා. එහෙම අනන්තයක වස්තුවක් චලනය කරවන්න අනන්ත ශක්තියක් අවශ්‍ය වෙනවා.
ඉතින් එහෙම ශක්ති ප්‍රභව මේ විශ්වයේ තියෙනවද කියල නම් අපි දන්නෙ නෑ.
ඉතින් මේ අවස්ථා දෙක ගත්තම, දෙකම තේරුම් ගන්න අපහසු අවස්ථා දෙකක්. තවත් මේ වගේ අවස්ථා අපිට හමු වෙනවා ඉහත කිව්ව විෂයන් දෙක ගැන කතා කරනකොට.
මේ ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙයි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.
Thursday, April 9, 2015
වසන්තයට මගෙන් - තාම කල්පනා කරමින්
හ්ම්ම්. බ්ලොග් වසන්තය පටන් අරගෙන දවස් දෙකක්. තාම බැරි උනා මොකුත් ලියාගන්න. ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ. ඒත් එක්කම හරි හමං විදිහට වෙලාවක් ආවෙ නෑ. මේ පෝස්ට් එක ලියන්නත් පේජ් එක ඕපන් කරල පැය ගානක් තිබිල තමයි මේ මොකක් හරි ලියන්නපටන් ගත්තෙ. ඉක්මනට මොනව හරි කල්පනා කරල ලියන්න දෙයක් හොයාගෙන, ලියන්න ඕනෙ.
බ්ලොග් වසන්තයේ ලියවෙන බ්ලොග් වල ලිපි ඔයාලට පුළුවන් "ලක් දැල" බ්ලොග් කියවනය හරහා කියවන්න.
ප.ලි. ඔයාලට මතක් වෙනව නම් මට ලියන්න පුළුවන් දෙයක්, කියන්න අවසර තිබෙනවා.
Subscribe to:
Posts (Atom)