Thursday, September 20, 2012

Widgets

[Update 2] මම ගන්න ඒවමත් නෙමෙයි, නමුත් ඔයාලට පොත් ගන්න උදව්වක්

ඉතින් අපි සෙට් එකක් යනවලුනෙ එන ඉරිද පොත් සල්පිලට. ඕකෙන් කට්ටිය පොත් ගොඩක් ගන්න අදහස ඇතිනෙ. සමහරු නම් එකක් දෙකක් වෙන්නත් පුළුවන්, සමහරු නම් පොත් කන්දක් වෙන්නත් පුලුවන්. ගිය පාරත් අපිත් එක්ක ගිය සමහරුන්ට ගත්තු පොත් ටික එල්ලගෙන ගිහිල්ල කොන්දෙ අමාරුත් හැදුනලුනෙ. :)

ගිය පාරත් මම කිව්ව පොත් ටිකක් ගැන, ඒවත් එක්ක මේ පාරත් පොත් ලැයිස්තුවක් දෙන්න හිතන්නෙ.
හැබැයි මෙහෙමයි. මගෙ රසාස්වාදය වෙනයි ඔයාලගෙ රසාස්වාදය වෙනයි. ඉතින් මම මේ කියන පොත් සමහරුන්ට හොඳ වෙන්නත් පුළුවන්, සමහරුන්ට සවුත්තු වෙන්නත් පුළුවන්. ඔයාලගෙ අදහසුත් දෙන්න. එතකොට පොත් ලැයිස්තුව අලුත් කරන්න පුළුවන්නෙ ටික ටික. මේ සමහරක් පොත් මගෙ ලඟ තියෙන ඒව. සමහරක්, මගෙ ලඟ නැතත් කියවල තියෙන ඒව. සමහරක් මගෙ ලඟත් නැති කියවලත් නැති ඒව. (අන්න ඒවයින් ටිකක් සහ කියවල තියෙන මගෙ ලඟ නැති ඒවයින් ටිකක් මම මේ පාර ගනීවි.)

ගුරු ගීතය
චිංගීස් අයිත්මාතව් | පරි: දැදිගම වී. රොද්‍රිගූ | ප්‍රකා: කීර්ති
සුප්‍රසිද්ධ දුයිෂෙන්ගේ කතාව. මේක ගැන නම් කියන්න ඕනෙ නැතිව ඇති. 

ධිවර ගීතය
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
ධීවට පිරිසක් සමඟ මාළු අල්ලන්න යන කුඩා දරුවෙක්. අතරමං වෙලා පාර හොයාගන්න බැරිව, වැඩිමලුන් එකා එකා මිය යනවා. අවසානයේ මේ කුඩා දරුවා පමණයි. ඔහු කෙසේ හෝ ගොඩබිමට එනවා. සමහරවිට කියවන්න කම්මැලි හිතෙයි. මොකද මේකෙ දෙබස් අඩුයි, තිබෙන්නෙ හිතන දේවල් තමා වැඩිපුර.

ජමිලා
චිංගීස් අයිත්මාතව් | අනු: දැදිගම වී. රොද්‍රිගූ  | ප්‍රකා: කීර්ති
මේකත් හුඟක් ප්‍රසිද්ධ පොතක්නෙ ඉතින්.

සමුගනිමි ගුල්සාරි
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
මහලු වියේ සිටින අශ්වයෙකු හා මහල්ලෙකුගේ කතාවක්.

සුදු නැව
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන


2001, 2010, 2061, 3001 Space Odyssey Series එක 
ආතර් සී. ක්ලාක් | ප්‍රකා: S & T Group

රාමා හමුව
ආතර් සී. ක්ලාක් | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: S & T Group
පිටසක්වලින් අපගේ සෞර ග්‍රහ මණ්ඩලය හරහා යන නන්නාඳුනන මිය ගොස්ද නැතිද අවිනිශ්චිත යානාවක්...

අවසන් සිද්ධාන්තය
ආතර් සී. ක්ලාක් | පරි: තත්සරණි බුලත්සිංහල | ප්‍රකා: S & T Group
ක්ලාක්ගේ අවසන් කෘතිය.

මනුසත් උයන
ඩෙස්මන් මොරිස් | | ප්‍රකා: S & T Group

හිතන පතන යන්ත්‍ර
විද්‍යා ප්‍රබන්ධ එකතුවක්. | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: S & T Group

මැංචෝසන් චාරිකා
ආර්. ඊ. රාස්ප් | අනු: ඩී. බී. කුරුප්පු | ප්‍රකා: කුරුලු පොත්
බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් හුඟක් ලස්සන කතාවක්. සාමාන්‍ය විහිළු නෙමෙයි, හිතෙන්නෙවත් නැති ආකාරයේ out of the box විහිළු පිරුනු කතාවක්. මේක නම් හොයාගන්න තියෙයිද කියල ශුවර් නෑ. බලන්න ගොඩගේ පොත් මැදුර. පොඩි ගාණක් වෙන්නෙ, තිබ්බොත් හැබැයි අනිවා ගන්න.

මහල්ලා සහ මුහුද
අර්නස්ට් හෙමිංවේ | පරි: ප්‍රාම් තෙල්දෙණිය | ප්‍රකා: පොත් මිතුරෝ

ලව් ස්ටෝරි
එරිච් සේගල් | පරි: ප්‍රදීප් කුමාර බාලසූරිය
මේ පොත ලොව පුරා ඉතාම විශාල භාෂා ගණනකට පරිවර්තනය වෙලා තිබෙන, වාර්තා ගත අලෙවියක් වෙලා තියෙන ආදර කතාවක්.

සන්තියාගෝ නම් සැරිසරන්නා
පවුලෝ කොයියෝ | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
සුප්‍රකට "The Alchemist" පොතේ පරිවර්තනය

වෙරෝණිකා මැරෙන්නට තීරණය කරයි.
පවුලෝ කොයියෝ | පරි: ගාමිණි වියන්ගොඩ | ප්‍රකා: Fast Publishers
ජීවිතය එපා වී වස බී මැරෙන්නට ගොස් අවසානයේ රෝහලක ඇඳක් උඩදී සිහිය එන වෙරෝණිකාගේ දුක්බර කතාව..

මිනිත්තු එකොළහේ කතාව
පවුලෝ කොයියෝ | පරි: රුවිනි තල්පාවිල | ප්‍රකා: විදර්ශන

යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය
පවුලෝ කොයියෝ | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන

පියදෙරා ගඟබඩ හිඳ වැළපුණෙමි
පවුලෝ කොයියෝ |  | ප්‍රකා: විදර්ශන

වීදි දරුවා
බර්ලි ඩොරති | පරි: දෙව්දූ සෙනෙවිරත්න | ප්‍රකා: Baby Bee

ඈ හෙවත් අයේෂා, අයේෂා යළි පැමිණෙයි
රයිඩර් හැගාඩ් | පරි: කේ. පී. කරුණාතිලක | ප්‍රකා: දයාවංශ ජයකොඩි
මෙතුමාගේ පොත් හැම එකක්ම ඉතා ඉහළ ගණයේ කෘති.
වසර දහස් ගණනක් වයසැති රූප ශ්‍රීයෙන් අග තැන්පත් මායාකාරී රැජිණකගේ කතාව. ත්‍රාසය භීතිය පිරි කතා මාලාවක්.

මොන්ටිසුමාගේ දියණීය
රයිඩර් හැගාඩ් | පරි: ප්‍රේමසිරි මාහියංගොඩ | ප්‍රකා: දයාවංශ ජයකොඩි
පැරණි මෙක්සිකෝවේ ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ විනාශය, මවගේ ඝාතකයා සොයා යන මිනිසෙක් මුහුණදෙන ඛේදජනක සිදුවීම් මාලාවක්.

නිරුවත් වානරයා
ඩෙස්මන් මොරිස් | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: නව විද්‍යා
සුප්‍රසිද්ධ "Naked Ape" මනෝ විද්‍යා ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. මිනිසාගේ ගතිගුණ හා හැසිරීම් මනෝ විද්‍යා ඇසකින්.

ෆ්‍රැන්කස්ටයින්
මේරි ෂෙලී | පරි: චන්ද්‍ර අනගිරත්න | ප්‍රකා: දයාවංශ ජයකොඩි
දන්නවනෙ අර ශරීර කොටස් එකතු කරල අලුත්ම කැතම කැත ජීවියෙක්ව හදපු කතාව? අන්න ඒක තමයි මේ.

ස්මිත්
ලියොන් ගාෆීල්ඩ් | පරි: චිත්‍රා අයි. පෙරේරා | ප්‍රකා: Baby Bee
වීදි දරුවෙක්. සොරකම් කරන ලද ලියවිල්ලක්. එම ලියවිල්ලත් සමඟ ඔහුගේ ජීවිතයට තර්ජනයක්. ඒත් අන්තිමේ ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක්.

කලු සිවුරුධර භික්ෂුව
ඇන්ටන් චෙකෝව් | පරි: රංජිත් ධර්මකීර්ති | ප්‍රකා: එස්. ගොඩගේ
ටිකක් අමුතු කතාවක්. මට නම් ටිකක් තේරුනත් හොරයි. :)

ඇට මැස්සා
පරි: සුගතපාල ද. සිල්වා

ගුප්ත ප්‍රතිවාදියා
අගතා ක්‍රිස්ටි | පරි: බර්ටි ද. සොයිසා
අගතා ක්‍රිස්ටි කියන්නෙ ලෝප්‍රකට රහස් පරීක්ෂක කතා ලිව්ව කතුවරියක්නෙ, මේ එයාගෙ එක් පොතක්.

රට රට වල සුරංගනා කතා
පරි: ටෙනිසන් පෙරේරා | ප්‍රකා: සරසවි
සුරංගනා කතා ඉතින් කියවන්න එපා වෙන්නෙ නෑනෙ.

මනස්තාපය
වික්ටර් හියුගෝ | පරි: විජයරත්න දොලවත්ත
ප්‍රකට Les Miserable කතාවේ සිංහල පරිවර්තනය. මේකද කොහෙද ලෝකෙ ප්‍රථම නව කතාව.

අදහස්
ෆෙඩ්‍රික් හරේන්
අලුත් අදහස් එකතුවක් හා අපේ අදහසුත් ලියන්නත් ඉඩක් තියල තියෙන පොතක්.

සොෆීගේ ලෝකය

පොලියානා

වානේ පන්නරය ලැබූ හැටි

වානරයා
වූ චෙං එන් | පරි: ඒ. පී. ගුණරත්න් | ප්‍රකා: සූරිය
ප්‍රසිද්ධ අමරණීය වානර මුණිවරයාගේ කතාව.

ස්පාටකස්
ග්‍රීසියේ වහලුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ කතාව.

කීඩෑවෝ ඇවිල්ලා

මළගිය ඇත්තෝ
එදිරිවීර සරච්චන්ද්‍ර


මුවන් පැලැස්ස
මුදලිනායක සෝමරත්න | ප්‍රකා: සරසවි
මේක ගැනත් කියන්න ඕනෙ නෑනෙ. :) මේ ප්‍රසිද්ධ ගුවන්විදුලි වැඩසටහන ගැන කවුද නොදන්නෙ.


ජනකාන්ත මිත්‍යා මත
තිලක් සේනාසිංහ | ප්‍රකා: සරසවි

රාවණා මෙහෙයුම
සුසිත රුවන් | ප්‍රකා: සරසවි
රාවණා රජු ගැන පවතින සාක්ෂි සමඟ කතා කරන පොතක්. මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන පොතක්.

කවි කඳුර (2011 ස්වර්ණ පුස්තක සම්මානය හිමි)
සුනේත්‍රා රාජකරුණානායක | ප්‍රකා: සරසවි

චුම්බන කන්ද (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)
ජයතිලක කම්මැල්ලවීර | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
බුද්ධදාසී
සුනේත්‍රා රාජකරුණානායක

සඳුන්ගිර ගිනි ගනී
සුනේත්‍රා රාජකරුණානායක
දුප්පත් මිනිස්සු, කොළඹ වැඩකාරකමට යන පොඩි කෙල්ලක්, ආදරයෙන් සළකන පවුලක්...


හරි. දැනට ලිස්ට් එක මෙන්න මේකයි. මේ පොත් බොහොමයක්, ගොඩක් දෙනා අත තියෙන්න පුළුවන් ඒව. නමුත් නොදන්න අයටත් දැනගන්නයි දැම්මෙ. තව මතක් වෙන විදිහට හා විස්තර ලැබෙන විදිහට මේ ලිස්ට් එක අප්ඩේට් කරන්නම්.
ඔයාලත් පොත් ගැන කියන්න කමෙන්ට් හරහා. එතකොට අනිත් අයට ඒවත් පහසුවක් වෙනවානෙ.

එහෙනම් අපි 23 වන ඉරිදා හමුවෙමු පොත් සල්පිලේදී... දැකල හඳුනගත්තොත් තට්ටුවක් දාල කතා කරන්න.

----------- අලුතින් එකතු කිරීම 2012.09.20 --------------------

ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන්ගේ අප්‍රකට ලිපි
සමුද්‍ර වෙත්තසිංහ | ප්‍රකා: සමුද්‍ර වෙත්තසිංහ
ආනන්ද හාමුදුරුවො ලියලු ලිපි හා උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ සිදුවීම් තමයි මේකෙ තියෙන්නෙ.

මුතු කරාබුව පැළඳි යුවතිය (Girl with a pearl earing)
ට්‍රේසි චෙවලියර් | පරි: ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද | ප්‍රකා: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් වර්මීර්ගේ චරිතය ඇසුරු කර ලියවුනු මනරම්, ගුප්ත, අනුවේදනීය ප්‍රබන්ධයක්.

පර්ජා (Parja)
ගෝපිනාත් මෝහන්ති | පරි: චිත්‍රා අයි. පෙරේරා | ප්‍රකා: විදර්ශන
කඳුකර ඕරිස්සා ප්‍රදේශයේ ජීවත් වන ගෝත්‍රික මිනිසුන්ගේ ජීවිත ගැන කියවෙන ඉන්දීය නූතන නව කතාවක්.

ජේන් අයර්
චාලට් බ්‍රොන්ටේ | පරි: එන්. ජී. විජේරත්න | ප්‍රකා: ආශිර්වාද
මේ ලෝකයේ ජනප්‍රියම ප්‍රේම වෘතාන්තය තමයි මේක. සම්භාව්‍ය ආදර කතාවක්.

ඔලිවර් ට්විස්ට්
චාර්ල්ස් ඩිකන්ස් | පරි: ඇම්. ඇම්. පියවර්ධන | ප්‍රකා: ආශිර්වාද
අනාථ නිවසෙන් පැන යන දරුවෙක් මුහුණදෙන විවිධ කම්කටොළු, ගැටළු... අවසානයේ සතුටුදායක අවසානයක්.

වෛරයේ මිදි ඵල (The Grapes of Wrath)
ජෝන් ස්ටෙයින්බෙක් | පරි: ශ්‍යාමන් හේමකොඩි | ප්‍රකා: විදර්ශන
ඇමරිකානු කම්කරු නීති පවා වෙනස් වීමට තරම් බලපෑමක් සිදු කරන ලද ඇමරිකානුවන් වැඩිම දෙනෙක් කියවන ලද මේ පොත වෙනුවෙන් කතුවරයාට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයද හිමි වෙනවා. මේක ඇමරිකාවේ සිදුවුනු දරුණුතම මානව ඛේදවාචකය පසුබිම් කරගත් හද සසල කරවන නිර්මාණයක්.


----------- අලුතින් එකතු කිරීම 2012.09.22 --------------------

ඈ සහ ඇලන්
රයිඩර් හැගාඩ් | පරි: චන්ද්‍ර අනගිරත්න | ප්‍රකා: දයාවංශ ජයකොඩි
අයේෂා කතාවේ අයේෂා සොයාගෙන ඇලන් ක්වාටර්මෙන් යන ගමනේ විස්තරය. මේක ඇලන් ක්වාටර්මෙන් කතා මාලාවේ එක් කතාවක්.

සරදියෙල්
විමලසේන ඉහළගම | ප්‍රකා: දයාවංශ ජයකොඩි

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
ඉන්ද්‍රජිත් සුබසිංහ | ප්‍රකා: කරුණාරත්න සහ පුත්‍රයෝ
දිවයින පත්‍රයේ මේ නමින් පළ වන ලිපි මාලාව කවුරුත් දන්නවනෙ. අන්න ඒකයි මේ. මේකෙ පොත් 2ක් තිබෙනවා. දෙකම ගන්න.

මකුළු දැල
අගතා ක්‍රිස්ටි | පරි: තොම්සන් ඒ වැන්දබෝනා | ප්‍රකා: සරසවි

මෙසපොතේමියාවේ ඝාතනය
අගතා ක්‍රිස්ටි | පරි: තොම්සන් ඒ වැන්දබෝනා | ප්‍රකා: සරසවි

අගතා ක්‍රිස්ටිගෙ පොත් කිහිපයකම පරිවර්තන සරසවි ප්‍රකාශකයින් කරල තිබෙනව.

සක්කාරං  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
චමින්ද වෙලගෙදර | ප්‍රකා: ෆාස්ට් පබ්ලිෂින්

ලලිත සමය  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
එරික් ඉලයප් ආරච්චි | ප්‍රකා: සරසවි ප්‍රකාශකයෝ

කළුවරයි පුරහඳ  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
අනුරසිරි හෙට්ටිගේ  | ප්‍රකා:  සදීපා ප්‍රකාශකයෝ

සිටුවර පුවත  (2012 ස්වර්ණ පුස්තක සම්මානය හිමි)  
රූපා ශි‍්‍රයානි ඒකනායක

පියැසි කවුළුව (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)  කපිල කුමාර කාලිංග

රතු ඉද්ද  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   කරුණාදාස සූරියආරච්චි

අභිරහස් ජීවිත තරණය  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   ටෙනිසන් පෙරේරා

පරඬැල්  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   ශාන්ති දිසානායක

තුන් තකතීරු මං
දිලීප ජයකොඩි

තවත් ඉදිරියේදී ලැයිස්තුව අප්ඩේට් කරන්නම්.

------- අමතර සහයක් --------

ඒ ඒ ප්‍රකාශයකයින්ගෙ ප්‍රදර්ශන කුටි තිබෙන තැන්

සිරිමාවෝ වම්පස ශාලාව 
සරසවි පොත් හල - A62-69
විජිත යාපා - A 4a, 9b

සිරිමාවෝ දකුණූපස ශාලාව
දයාවංශ ජයකොඩි - B130-137
Fast Publishing - B102-104
රත්න ප්‍රකාශකයෝ - B111-112
සමයවර්ධන - B119-120
විදර්ශනා - B99-100
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය B93-97

සිරිමාවෝ පිටත වම්පස ශාලාව
එම්. ඩී. ගුණසේන - C139-140
මල්පියලි C141-146

සිරිමාවෝ බිමට ඇතුළු වන තැන වම්පස ශාලාව
රත්න - E
අකුර - E1

සිරිමාවෝ බිමට ඇතුළු වන තැන දකුණුපස ශාලාව (F)
Expographic

VIP වාහන නවතන තැන (K)
අකුර
සමයවර්ධන
සරසවි
විජිත යාපා

ආපනශාලාව පස විශාල ශාලාව 
ආශිර්වාද - H392-393
සරසවි
වීරෝදාර ලිපිද්‍රව්‍ය - H364-367

තවත් අයට වැදගත් වල ප්‍රකාශකයින්ගේ කුටි සඳහන් නොවුවාට සමාව අවසර.

6 comments:

  1. පොත් ලිස්ට් එක නම් මරු !!!

    ReplyDelete
  2. මේ පොත් ලිස්ට් එක නම් ගොඩක් වැදගත්..ස්තුතියි මාධව..
    කියන්න අමතක වුනා පොලියානා සීරිස් එකක් තියනවා..සතුට බෙදන පොලියානා,ජිමී සහ පොලියානා..
    පළවෙනි එක තරම් ලස්සන නොවුනත් සීරිස් එකක් විදිහට කතාව ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මතක් කිරීමට. මටත් ඔය කිව්වමයි මතක් උනේ එහෙම කීපයක් තියෙනවා කියල. :)

      Delete
  3. මේ ලැයිස්තුව දිෂාරා වීරසිංහ සොයුරියගෙන්.

    1. ස්වයංජාත - සමරවීර විජයසිංහ
    2. මගේ පවුලයි අනෙක් සත්තුයි , කුරුල්ලෝ සිව්පාවෝ සහ නෑදෑයෝ, දේව උද්‍යානය - ගෙරල්ඩ් ඩරල්
    3. සෙසේ - ප්‍රසාද් සමරසේකර
    4. උභයජීව
    5. අමුතු ඉලන්දාරියා
    6. සක්කාරං ( ගොඩක්ම කැමති නැත)
    7. පූර්ව ජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුනානායක
    8. දම්පාට කතාව - ඈලිස් වෝකර්.
    9. බිඳුනු බිලින්දා - දිලිප ජයකොඩි පරිවර්තන
    10. තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං - චෙතන් භගත්
    11. හලෝ හලෝ - චේතන් භගත්
    12. ගංතුලානේ ගණිතාන්දර
    13. මිනිත්තු එකොළහේ කතාව - පාවුලෝ කොයියෝ
    14. දිරිය දරුවෝ - රාජශ්‍රී පීරිස්
    15. හපනා - ටී බී ඉලංගරත්න
    16. කාන්තාරයේ කුසුම
    17. අරණකට පෙම් බැඳ
    18. ගුරුසිත නොරිදවා
    19. ගෙදර අමුත්තෝ - සිරිල් විජේසිංහ
    20. අත අත නෑර - සුමිත්‍රා රාහුබද්ධ

    ReplyDelete
  4. 11. හලෝ හලෝ - චේතන් භගත් මේ පොතේ පබ්ලිෂර් කවුද අයියේ ගන්න පුළුවන් කොහෙන්ද

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.