Monday, January 4, 2021

Widgets

නව වසරට නව ඉලක්කයක්

 


2021!

අලුත් අවුරුද්දක්, ජීවිතේට තවත් දින 365ක්.
මොකද මේ ලැබුණු අලුත් දින 365 කරන්න බලාපොරොත්තු වෙන්නෙ? මොනවද සැලසුම්?

2020!

පසුගිය අවුරුද්ද.
අලුත් අවුරුද්දෙ සැලසුම් වලට ඉස්සෙල්ල, පරණ අවුරුද්දෙ මොකද උනේ, මොනවද කළේ කියල පොඩ්ඩක් හැරිල බලමුද? 

වසරෙන් භාගයක්ම වගේ ගෙවුනෙ COVID19 එක්ක. ගෙදරට වෙලා. එහෙම නේද?

මොකද කළේ?
online tuition class/lectures වලට සහභාගි නොවී ඉන්න බැරි නිසා සහභාගි උනා, TV බැලුව, films බැලුව,  novels කියෙව්ව, phone එකෙන් games ගැහුව, නිදාගත්ත, …. ද?
හැරිල බැලුවම හිතෙන්නෙ “මොනවද මම මේ කරල තියෙන පිස්සු වැඩ? අපොයි මගෙ වටිනා කාලය!” කියලද? අන්න එහෙම හිතෙනව නම් තව ඉදිරියට කියවගෙන යන්න.

නැතිනම් හිතෙනවද, “සුපිරි ආතල් එකකින් ජීවිතේ ගෙවුන” කියල? එහෙම හිතෙනව නම් මේක කියවන්නෙ නැතිව browser එක close කරල දාන්න. හා හා, පොඩ්ඩක් ඉන්න, හිතෙන්නෙ නැද්ද “මොනාද දන්නෙ නෑ මේ අනිත් අයට කියන්න ලෑස්ති වෙන්නෙ මට නොකිය” කියල? එහෙනම් තව පොඩ්ඩක් ඉස්සරහට කියවල බලන්න. 

නැත්නම් කළේ, online tuition class/lectures වලට සහභාගි උනා, අලුත් දේවල් ඉගෙනගත්ත, අලුත් දේවල් හොයල බැලුව, අලුත් දේවල් කරල බැලුව, ජීවිතේට වටිනා යමක් එකතු කරගත්ත කියලද? එහෙම හිතුන නම්, තවත් වටිනා දේවල් ඉස්සරහට තියෙනව, කියවගෙන යන්න.

ආපහු පරණ ප්‍රශ්නෙ.
මොකද මේ ලැබුණු අලුත් දින 365 කරන්න බලාපොරොත්තු වෙන්නෙ? මොනවද සැලසුම්?

ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට ඔයාට දැනට සාර්ථක පිළිතුරත් තියෙනව නම් හෝ, පිළිතුරක් නැතිනම් හෝ, ඒ පිළිතුර තවත් ශක්තිමත් කරගන්න හෝ, පිළිතුරක් හදාගන්න සහයක් වෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නෙ. 

මුළු ලිපියම කියවන්න, මගෙ පුද්ගලික වෙබ් අඩවියට පිවිසෙන්න. 

0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.