මම කාලෙකට ඉස්සර තොටගමුවේ රාහුල හිමියන්ගේ ජනප්‍රවාද ටිකක් කිව්වා ඔයාලට මතක ඇති.
ඒව කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහිල්ලා ඒවා බලන්න.
අද කතා කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ එක් ප්‍රසිද්ද ජන කතාවක් ගැන .
සමහවිට ඕගොල්ලෝ අහලා ඇති ශබ්දය අහලා ගෙම්බෙක්ට ඊතලයක් විදල මරල දමපු කතාවක් ගැන
මේ සම්බන්ධයෙන් ජනප්‍රවාද දෙකක් තියෙනවා.
අංක 1 - අන්දරේ
ඔයාලා කවුරුත් හඳුනන අන්දරේ ගැන තමයි පළවෙනි කතාව. අන්දරේ හිටියෙ රාජාධි රාජසිංහ රජතුමාගෙ කාලෙ. ඔන්න එක කාලයකදි රජතුමාට හරිම කරදරයක් සිද්ධ උනාලු. රෑට රෑට රජතුමා නිදාගෙන ඉන්නකොට ගෙම්බෙක් ශබ්ද කරල රජතුමාට කරදර කරනවාලු. එතුමාට මේ ශබ්දය නිසා රෑට නින්ද යන්නෙම නෑ.
ඉතින් රජතුමා රාජපුරුෂයන්ට අණ කලාලු කළාලු මේ ගෙම්බව අල්ලල මරා දමන්න. රාජ පුරුෂයෙක් ගෙම්බව අල්ලන්න හුඟාක් උත්සාහ කළත් කිසිම අවස්ථාවක බැරි උනාලු. මොකද ගෙම්බ දවල්ට හොයාගන්න නෑ. රෑ කරුවලේ පේන්නෙ නෑ.
ඉතින් අන්තිමට කරන්න දෙයක් නැති නිසා රජතුමා අණ බෙරයක් යැව්වා මේ රජතුමාට කරදර කරන ගෙම්බව අල්ලල මරා දමන කෙනෙක්ට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා.
හුඟක් අය ඇවිල්ලා උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ වුණේ නැහැ. මොකද දවල්ට මේ ගෙම්බා හැංගිලා තමයි ඉන්නේ. රෑට කවුරුහරි එළියක් කරල හොයන්න හැදුවොත් ගෙම්බ හැංගෙනව.
ඉතින් කාටවත්ම බැරි වුණා මේ ගේම්බව අල්ලන්න.
මේක හරිම කරදරයක් උනු නිසා රජතුමා රාජ සභාවට ඇවිල්ලත් නිදි කිරනවා.
ඉතින් අන්දරේට තේරුණා මේ රජතුමාගේ අපහසුතාවය. අන්දරේ රජතුමා ගෙන් ඇහුවා මොකද මේ කියලා. රජතුමා කතාව කිවුවහම අන්දරේ කිව්වා අන්දරේට පුළුවන් කියලා මේ ගෙම්බව මරා දමන්න.
ඔන්න අන්දරේ වැඩේ බාරගත්තා.
ඊළඟ දවසේ දුනු ඊතල එහෙම ලෑස්ති කරගෙන අන්දරේ කරුවලේම උයනට වෙලා ඔන්න පොකුණට පේන හරියක හැංගිලා හිටියා.
ඔන්න රෑ වෙනකොට ගෙම්බ කෑගහන්න පටන් ගත්තා. ඒත් ඉතින් මේ කරුවලේ අන්තරේට උනත් ගෙම්බව පේන එකක්ය, නෑනෙ.
අන්දරේ මොකද කළේ, ඕනෙ එකක් කියල, ගෙම්බ ඉන්න දිහාවට ඊතලේ මානල විද්ද. ගෙම්බගෙ සද්දෙ නැවතුනා. ඉතින් අන්දරේ ගෙදර ගිහිල්ලා හොඳට නිදාගත්තා.
ඊළඟ දවසේ උදේ පාන්දරින් ඇහැරිලා අන්දරේ උයනට ඇවිල්ලා බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියල/ එතකොට දැක්කා ගෙම්බා ඊතලේ කෙලවරේ ඇමිණිලා පොකුණ ගාව වැටිලා ඉන්නවා.
ඉතින් ඒ ඊතලය ඇනිච්චි ගෙම්බවත් අරගෙන ගිහිල්ලා අන්තරේ රජතුමාට පෙන්නුවා. මේක දැකල සතුටු උනු රජතුමා, අන්තරේට වස්තුව ගොඩකුත් දීල "සද්ද විද්ද" කියන නම්බු නාමයකුත් අන්දරේට දුන්න.
ඔන්න එදා ඉඳල තමයිලු අන්දරේගෙ නමට "සද්ද විද්ද" කියල කොටස පට බැඳුනෙ.
සද්ද විද්ද පළඟ පතිරණ රංපටබැඳී අන්දරේ .
අංක 02 - දස්කොන් අදිකාරම්
මේක ප්‍රසිද්ධ දස්කොන් ප්‍රමිලා කතාවේ කොටසක්.
ඔයාල දන්නව ඇතිනෙ ප්‍රමිලා බිසව, දස්කොන් අදිකාරම්ට ආදරය කරපු කතාව. මෙි ආදර පලහිලව්ව දැනගත්තු රජතුමා දස්කොන් අදිකාරම්ව මරා දමන්න නියම කරනව. නමුත් ඔහුව මරන්න රැගෙන යනකොට කිව්ව කවියක් නිසා ඔහුට වාසනාවක් ලැබෙනව. වැඩේ ගොඩක් දුරදිග ගිහිල්ල කියල ඒ කවිව ඇහුණු රජතුමාට තේරුනු නිසා ජරතුමා ප්‍රමිලා සහ දස්කොන් දෙදෙනාවම පිටුවහල් කරනවා. මේ දෙන්න ඈත ගමකට ගිහිල්ලා අප්‍රසිද්ධියේ ජීවත් වෙනවා.
ඉතින් ඔන්න මෙතනදිත් අර වගේම ගෙම්බෙක් ඇවිත් රජතුමාට කරදර කරනවා.
රාජ පුරුෂයෝ උත්සාහ කලත් මේ ගෙම්බා මරා දමන්න ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. ඉතින් රජතුමා අණ බෙරයක් යවනවා ගෙම්බව මරා දැමිය හැකි කෙනෙක්ට තෑගි ලබා දෙනවා කියලා.
ඉතින් මෙතනදි අර දස්කොන් අදිකාරම් වෙස් වලාගෙන ඇවිත් මේක කරන්න බාර ගන්නවා. රාජපුරුෂයන් රාජපුරුෂයන් රජුගේ භාණ්ඩාගාරයෙන් දුණු ඊතල මොහුට ලබා දෙනවා. ඉතින් දුනුදිය ඇද්දහම මේ දුනු කඩලා යනවා. මෙහෙම රාජ භාණ්ඩාගාරයේ තිබිච්ච සියළුම දුනු කැඩිලා යනවා, අන්තිමට ඉතුරු වෙන්නේ දස්කොන් අදිකාරම් ඒ කාලයේ පාවිච්චි කරපු දුන්න පමණයි.
ඉතින් ඒ දුන්න භාවිතා කරලා රාත්‍රියේ දී ගෙම්බා කෑගසන විට ගෙම්බාගේ ශබ්දය ඇහෙන දිශාවට විදල දස්කොන්ට හැකි වෙනවා මේ ගෙම්බව මරා දමන්න. මේ දක්ෂතාවය නිසා දස්කොන්ට තෑගි බෝගත් ගම්වරයක් ලැබෙනවා හැබැයි ඒ කෙසේ වෙතත් රජතුමා දන්නේ නැහැ මේ දස්කොන් අදිකාරම් කියලා.
ඔන්න ඔහොම ජනප්‍රවාද දෙකක් ලංකාවේ සාහිත්‍යයේ තිබෙනවා ශබ්දය දෙසට මානා ගෙම්බෙකු මරා දැමීම සම්බන්ධයෙන්.
මේ දෙකෙන් කොයික හරියක ද කියා අපි දන්නේ නැහැ.