මේකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල නම් මම දන්නෙ නෑ. ඉංග්‍රීසියෙන් කියන්නෙ
3D Stereograms කියල. මේ පහල තියෙන රූපෙ දැක්කම මොකද්ද හිතෙන්නෙ? මොකුත් නෑ?
ඔයාලට මතකද, අර චූටි චූටි බුද්ධ රූප ගොඩක් තියෙන රූපෙ. ඔව්, ඔය පහළ තියෙන එක තමා.
එක දිහා බලා හිටියම ලොකු බුද්ධ රූපයක් මැවිල පේන? අන්න ඒ වගේ රූප තමා මේ. සමහරු නම් කියන්නෙ ඒක පේන්න පින තියෙන්න ඕනෙ කියල. (මෙම රූපය සොයා දුන් සන්ධ්‍යා මිතුරියට මගේ ස්තුතිය).
මේ ලිපිය කියවල ඉවර කළාට පස්සෙ ඒ පිනට ඔයාලටත් උරුමකම් කියන්න පුළුවන් වෙයි.

තෙරෙන්නෙ නැද්ද බලන්න? සමහරුන්ට මේක බලන්න හරි ලේසි, සමහරුන්ට උත්සාහ කලාම බලන්න පුලුවන්, හැබයි ටික දෙනෙක් ඉන්නව මේව බලන්න කොහොමවත්ම බැරි, ඒ අයට තමුන්ගෙ ඇස් වල නාභි දුර තමන්ට ඕනෙ ඕනෙ විදිහට වෙනස් කරන්න බෑ.
පොඩි උදව්වක් දෙන්නම්. මෙන්න මේ සටහනේ විදිහට බලන්න උත්සාහ කරන්න. ඇස් දෙක අනන්තයට නාභිගත කරල රූපෙ දිහා බලන්න ඕනෙ. මමත් පුරුදු උනෙ ඔහොම තමා, ටිකක් අමාරු වෙයි සමහරුන්ට. උත්සාහ කරන්නකො.