Thursday, July 30, 2009

මේ දවස් වල වැඩ

මෙ දවස් ටික නම් ටිකක් කාර්යබහුලයි. (එත් නිකං ඉන්න වෙලාවලුත් බහුලයි :), මොකද කිව්වොත් අපේ අර මම කිව්ව ප්‍රොජෙක්ට් එකේ ස්ක්‍රීන් ශොට්ස් ටිකක් යවන්න ඕනෙ අද හෙටම, ඊලඟට වැදගත්ම දේ තමයි මට විභාගයක් තියෙනව 7,8, ඒකට පාඩම් කරනව, විෂයන් 4යි, ඒත් වැඩ නම් හෙමින් තමයි. ඊලඟට June Term එකේ විභාග තියෙනව 11, 13, ඒකටත් පාඩම් කරන්න ඕනෙ, මොකද ඒ විෂයන් ලේසි උනාට විභාග නම් ලේසි නෑ. ඔන්න ඒ අස්සෙ "වසරේ හොඳම කණිෂ්ට නව නිපැයුම්කරුවා" (Junior New Inventor of the Year) තේරීමේ තරඟයේ වැඩ කටයුතුත් වැටිල, අවසන් 450 දෙනාගෙන් ඊලඟ වටයට යන 100 දෙනා තේරීමේ තරඟ 9 වෙනිද පටන් ගන්නව,...

Monday, July 27, 2009

අද දවස

අද දවස ගැන දවස පටන් ගන්නකොට ලියන්න හිතුන.උදේ පාන්දරම කැම්පස් ආව. උදේ එන ලෑස්ති වෙන අතරෙ, රූපවාහිනියෙ පත්තර විස්තර බැලුව. කතා ගොඩයි.මට නම් වැදගත්ම දේ තමයි, ලෝක බැංකු ණය ලැබීම. ඔයගොල්ලො බලනව ඇති මට ඒක වැදගත් කොහොමද කියල. ඇයි මම කොලඹ කොටස් වෙළඳ පළේ චූටි චූටි ආයෝජන කරල තියෙනවනෙ, මේ දවස් වල වැලේ වැල් නෑ, මේ ණය නිසා කොටස් වෙලඳ පළ ඉහල යන්න බොහෝ දුරට ඉඩ තියෙනව. ඒකයි.තව මොනවද කිව්වේ. ආ, අන්න ඌව, යාපනය, වවුනියාව තැපැල් ඡන්ද දෙන එක පටන් අරන්, රනිල් අංකල්ගෙ කතා, ටයි පටියෙන් බෙල්ලෙ වැල දාගත්තු එක ගෑනු ළමයෙක් මැරිල, තව ගෑනු ළමයි දෙන්නෙක් කනේරු ඇට වර්ගයක් කාල...

Friday, July 24, 2009

Macro Photography

නම macro උනාට මේකෙදි කරන්නෙ හුඟාක් පොඩි දේවල් වල ඡායාරූප ගන්න එක.මේ සතියේ ඡායාරූපකරණය practical එක කලේ macro lense එකක් පාවිච්චි කරල ඡායාරූපයක් ගන්න එක. ඒක නම් නියම අත්දැකීමක්. Micro world එකට එබී බැලීමක්.අපේ කණ්ඩායමට අවස්ථාව ලැබෙනකම් අපි පොඩ්ඩක් වටේ එහෙ මෙහෙ ගිහින් බැලුව ගන්න හොඳ scenery එකක්. මුලින්ම තෝර ගත්තෙ කූඩලු ගෙඩියක්, ඒකෙ බූව තමයි ගන්න හිතුවෙ. තව වටේ යනකොට දැක්ක ලස්සන මලක්. ඒකෙ රේණු ටික ගන්න හිතුව. ඒත් අපිට ඉස්සෙල්ල කණ්ඩායම් කිහිපයක්ම මල්...

Tuesday, July 21, 2009

ඇපලෝ සඳ ගමනට වසට 40යි.

ඇපලෝ 11 යානය සඳ මතට ගොඩ බැහැල අදට අවුරුදු 40යි. පොඩි කාලයක් නෙමෙයි. මේ අවුරුදු 40ට අභ්‍යාවකාශ ගවේෂණයේ කොච්චර දියුණුවක් වෙලා තියෙනවද. 1967 ජුලි 20 වනදා කෙනඩි තුඩුවෙන් ඉහළට නැග්ග ඇපලෝ 11 යානය සඳ මත ගොඩ බැස්ස හැටි ලෝකෙම ජනතාව රූපවාහිනියෙන් බැලුව.මේ තියෙන්නෙ ඇපලෝ සඳ යානය.මේ ඉන්නෙ යානයෙ ගිය කට්ටිය.මේක තමයි එයාල සඳ මත පිහිටවපු ඵලකය.මේ ගැන වැඩිපුර දැනගන්න, විකිපීඩියා කියවන්න. http://en.wikipedia.org/wiki/Apollo_11එදා ඒක දැක්කෙ නැති අය Youtube එකෙන් බලන්න,...

Sunday, July 19, 2009

මුහුණු පොතේ සාමජිකයින් ගණන මිලියන 250 ඉක්මවයි

පසුගිය 17 වනදා මුහුණු පොතේ ලියාපදිංචි වී ඇති සාමාජිකයින් ගණන මිලියන 250 පසු කල බව Facebook CEO, Mark Zuckerberg පවසා ඇත. මේ වසරේ මුල් භාගයේදී එහි සාමාජිකයින් ගණන මිලියන 100 ක් පමණ වූ අතර පසු ගිය මාසයේදී එම ගණන මිලියන 200 වී ඇත. මාසයක් පමණ කෙටි කාලයකින් එය මිලියන 250 දක්වා ඉහල නැග ඇත.මුහුණු පොතේ වර්ධනය මේ සිතියමින් බලන්න. ඒ කෙසේ වෙතත් ලංකාවෙ නම් මුහුණු පොතේ ඉන්න සෙනඟ ටික නම් හරිම පොඩ්ඩයි. මොකද ලංකාවෙ උන්ට කරන්න වෙන වැඩ තියෙනවනෙ, අනික ලංකාවෙ තාම කීයෙන් කී දෙනාටද පරිගණක තියෙන්නෙ, අන්තර්ජාල සබඳතා එක...

RSS තමන්ගෙ ෆෝන් එකට/මේල් එකට ගෙන්න ගන්න

මේකත් නියම සයිට් එකක්. මේකෙන් පුලුවන්, ඕනෙම RSS feed එකක updates තමුන්ගෙ, මේල් එකට/ෆෝන් එකට/මැසෙන්ජර් එකට ගෙන්න ගන්න. හරිම ලේසී configure කරගන්න. ෆ්‍රී එකවුන්ට් එකක් විතරයි හදා ගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ෆෝන් නම්බර් එක, මේල් ඇඩ්‍රස් එක ඇඩ් කරගෙන ලින්ක්ස් ඇඩ් කරල ඕනෙ විදිහට සෙටින්ග්ස් හදාගන්න තමා තියෙන්නෙ.මේක බැලුවම හොඳට තෙරෙයි.සයිට් එකට මෙතනින් යන්න. http://notify...

Friday, July 17, 2009

සියලු Status Updates එකම වහලක් යටින්

අපේ profiles එක එක සයිට් වල අපි හදාගෙන තියෙනවනෙ. ඒවයෙ තියෙනව status updates දාන්න. ඉතින් හැමදාම ඒ හැම සයිට් එකකටම යන්නෙ නෑනෙ. (අනිත් අය කොහොමද දන්නෙ නෑ, මම නම් එහෙමයි. ) ඉතින් එක තැනක ඉඳන් ඒ හැම එකක්ම අප්ඩේට් කරන්න තියෙනව නම් හොඳයි නේද?මෙන්න මේ සයිට් එක එහෙම එකක්. http://ping.fm/මේකෙන් පුලුවන් social networkings sites (FaceBook, LinkedIn, Yahoo 360), Chat Client status (GTalk, Yahoo Massenger, Skype, AOL, Windows Live) වල අප්ඩේට්ස් දාන්න, ඒ වගේම,...

Thursday, July 16, 2009

ට්විටරයේ ගූගල්

මම මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ නම් ට්විටරය ගැන හුඟක් කියල තියෙනව, මේකෙ ඒ ගැන ලියන පළවෙනි බ්ලොග් පෝස්ට් එක. ගූගල් එක, එයාලගෙ එක එක නිෂ්පාදන සඳහා ට්විටරයේ එකවුන්ට් හදල තියෙනව. ඔයාලත් ට්විටරයේ ඉන්නව නම් කැමත්තක් තියෙන ඒව follow කරන්න. මෙතනින් ඒ ලිස්ට් එක බලන්න.http://tec-updates.blogspot.com/2009/07/user-list-google-accounts-on-twitter.html...

වැඩක් නැති දවස් 4ක්

දවස් 4ක් කැම්පස් එකේ ඉඳල අද ගෙදර ආව. මාර නිදහසක්. සඳුදා කැම්පස් ගියේ අර විඩියෝ එක බාර දෙන්න. අඟහරුවාදා Art and Tradition ලෙක්චර් එක කට් කලා, එදයින් Art and Tradition ලෙක්චර් ඉවරයිලු. බදාද ඉතින් වැඩ නැති දවසනෙ. අද බ්‍රහස්පතින්ද, ඊයෙ ආරංචි උනා අද Photography ලෙක්චර් එක නැතිවෙන්න ඉඩ තියෙනව කියල, ඒත් උදේ ආව. ලෙක්චර් එක නෑ තමා, ඒ කියන්නෙ හවස ප්‍රැක්ටිකලුත් නෑ. ඉතින් දවල් කෑමට ගෙදර යන්න හිතාන හිටිය, කොහෙද එක පාරටම වැස්සක් කඩා හැලුනනෙ. ඉතින් යාළුවො එක්ක අයිනකට සෙට් වෙලා 304යි ඕමි ගැහුව. හවස 4.30 කැම්පස් බස් එකේ ගෙදර ආව. කොහොම හරි මේ සතිය නම් මහ වැඩක්ම...

Sunday, July 12, 2009

මගෙ වීඩියෝ සංස්කරණය

අපේ ඩිපාර්ට්මන්ට් එකේ හේඩ් ගිය බදාද මම ලැබ් එකේ ඉන්න වෙලාවක ලැබ් එක ඇතුළට ඔලුව දැම්ම. මම ඉන්නව දැකල මට කතා කලා. අලුතින් ඉංජිනේරු පීඨයට එන පොඩි උන්ට orientation එකේදි පෙන්නන්න අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් විඩියෝ එකක් හදන්න ඕනෙලු. මාස කිහිපයකට ඉස්සර පිටින් කට්ටියක් ගෙන්නල හදපු මිනිත්තු 20ක documentry එකක් තියෙනව අපේ. ඒකෙන් හොඳ කෑලි ටිකක් කපල මිනිත්තු 10ක විඩියෝ එකක් හදන්න ඕනෙලු. ඉතින් මගෙන් ඇහුව පුලුවන්ද කියල. සර් දන්නව මම බෑ කියන්නෙ නෑ කියල. ඒකම තමා ඕක මටම කිව්වෙ. මාත් මොකද පැනල බාර ගත්ත.ඉතින් ඩීවීඩී එකෙ තියෙන්නෙ VOB ටයිප් එකේ ෆයිල්නෙ. ඒව ට්‍රිම් කරන්න...

Saturday, July 11, 2009

ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය

ගූගල්, මෙහෙයුම් පද්ධතියක් හදලලු නේද "Google Crome OS" කියල. ඔන්න මට හිතෙනව මයික්‍රොසොෆ්ට් එකට මේක නම් හොඳ තරඟයක් දෙයි කියල. මේ මෙහෙයුම් පද්ධතිය ඕපන් සෝස් එකක්ලු. මේ අවුරුද්දෙ අග වෙනකොට මේකෙ කේතය පිටතට දෙනවයි කියන්නෙ.මේක විශේෂයෙන් හදල තියෙන්නෙ නෙට්බුක් පරිගණක වලට උනත් Desktop පරිගණකයකටත් ගැළපෙනවලු. මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරපු නෙට්බුක් පරිගණක 2010 වසරෙ තෙවන කාර්තුවෙදි පාරිභෝගිකයන්ට ලබා ගන්න පුලුවන් වෙයිලු.පොඩ්ඩක් කියවල බලන්නකො එයාල මොකද කියන්නෙ...

Friday, July 10, 2009

මගේ චිත්‍ර ඇඳිල්ල

ඔන්න මට සෙට් උනා යාලුවෙක්ගෙ Tablet PC එකක්. කොහෙද ඉතින් වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමා. මම එකෙන් චිත්‍රයක් ඇන්දලු. මම එච්චර දක්ෂ චිත්‍ර ශිල්පියෙක් නම් නෙමෙයි, ඒත් යන්තම් ඇන්ද. බලන්නකො කොහොමද කියල. ඒක ඇන්දෙ පරිගණකයෙන්නෙ. මේ පහළ තියෙන එක ඇන්දෙ කඩදාසියක දිය සායම් වලින්. දැන් මාස කිහිපයකට ඉස්සෙල්ල ඇන්ද චිත්‍රයක්. දිය සායම් පෙට්ටියක් එහෙම්මම තියෙන නිසා තව චිත්‍රයක් අඳින්නත් හිතෙ...

Wednesday, July 8, 2009

ශ්‍රවණ මිරිඟු

මම මේක මගෙ ඉංග්‍රීසි ලොග් එකෙත් එක පාරක් දැම්ම, මම මේක සිංහල බ්ලොග් එකකත් අද දැක්ක (පරණ පෝස්ට් එකක් ). ඒත් මටත් ආපහු මේක ගැන කියන්න හිතුන. Auditory illusions හෙවත් ශ්‍රවණ මිරිඟු. මෙන්න මේක බාගෙන අහල බලන්න. මොකද හිතෙන්නෙ කියන්න. හැබැයි headphones set එකක් භාවිතා කරල අහන්න පුලුවන් නම් හුඟක් හොඳයි. මේකට කියන්නෙ virtual haircut කියල.මම මේ ගැන දැන ගත්තෙ මීට හුඟ කාලෙකට පස්සෙ, මගෙ යාලුවෙක් මට අහන්න සැලස්සුව, මම ඊට පස්සෙ මේක මගෙ යාලුවො හුඟකට අහන්න සැලස්සුව. හැමෝටම පුදුමයි. ඇත්තටම මේ භාවිතා කරල තියෙන තාක්ෂණය නම් පුදුම සහගතයි, Cetera Algorithm එක නම් නියමයි.හිතෙන්නෙ...

Tuesday, July 7, 2009

අද දවස

අද දවස ගන්න දෙයක් නෑ. උදේ ඇහැරෙන්න පරක්කු උනා, බස් පරක්කු උනා, 124 බස් එක පොලීසියෙන් ඇල්ලුව, කැම්පස් බස් එක මිස් උනා, පස්සෙ නැගපු 255 බස් එක නැවතුනා, ලෙඩ ගොඩයි. කොහොමෙන් කොහොම හරි 8.20ට කැම්පස් එකට ආව. ලෙක්චර් එක මිස්. අනේ කමක් නෑ. ඒක නෙමෙයි ඔන්න යුද්දෙ පටන් අරන් කියන්නෙ, ඊයෙ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 4ක් වාර්තා උනා කියල උදේ ප්‍රවෘත්ති වලට කිව්ව. ඔන්න ඒ මදිවට අද චන්ද්‍ර ග්‍රහණක් තියෙනව කියන්නෙ, ඒ උනාට අපිට පේන්නෙ නෑලු. ඒකෙත් හැටි නේද???...

Sunday, July 5, 2009

පොඩි කතාවක්.

පොඩි ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි සෙල්ලම් කර කර හිටිය. ගෑණු ළමය ලඟ ලොසින්ජර ටිකක් තිබ්බ, පිරිමි ළමය ලඟ ලස්සන වීදුරු බෝල ටිකක් තිබ්බ. පිරිමි ළමය කිව්ව, එයා ලඟ තියෙන ඔක්කොම වීදුරු බෝල ටික, ලොසින්ජර වලට හුවමාරු කරමු කියල. ගෑණු ළමය කැමති උනා. පිරිමි ළමය තමුන් ලඟ තිබ්බ ලස්සනම වීදුරු බෝලෙ තියාගෙන ඉතුරු ටික ගෑණු ළමයට දුන්න. ගෑණු ළමය පොරොන්දුවෙ හැටියට ඔක්කොම ලොසින්ජර ටික දුන්න. එදා රෑ, ගෑණු ළමය හොඳට නිදාගත්ත, ඒත් පිරිමි ළමයට නින්ද ගියෙ නෑ. එයා කල්පනා කලේ...

Saturday, July 4, 2009

ඡායාරූපකරණය

අපේ මේ June term එකේ මම කරන එක විෂයක් තමයි "ඡායාරූපකරණය". ඉතින් දැන් නිදහසේ ෆොටෝ එකක් රසවිඳින්න බෑ, මොකද, දැන් ඉගෙන ගත්තු තියරි වලට ෆොටෝ එක තියෙනවද කියල තමයි මුලින්ම බලන්නෙ.කොහොම උනත් මම එච්චර හොඳට ෆොටෝ ගන්න දන්නෙ නෑ, ඒත් පොඩ්ඩක් හරි, මේ ගන්න ඒව ඉස්සර ගන්න ඒවට වඩා හොඳයි කියල හිතෙනව. පොඩ්ඩක් බලල කියන්න...

Google Chrome වලට Greasemonkey දැමීම

අපේ කැම්පස් එකේ මගෙ යාලුවො සෙට් එකක්ම Travian කියන ඔන්ලයින් ගේම් එක සෙල්ලම් කරනව. මමත් ඒකට සෙට් වෙන්න හිතල ඒත් වැඩක් නෑ කියලම හිතුන. ඒත් අද හිතුන පොඩ්ඩක් ට්‍රයි එකක් දාල බලන්න කම්මැලිකමත් එක්ක.http://www.travian.com මට ඉතින් ඕක දිහා හැම වෙලේම බලා ඉන්න කම්මැලි නිසා මම පොඩ්ඩක් හොයල බැලුව මේක autopilot යවන්න ක්‍රම තියෙනවද කියල. එතකොට තමයි මට මේ greasemonkey scripts ටිකක් ලැබුනෙ. ඉතින් මම Greasemonkey ගිනි හිවලට ස්ථාපනය කරල අර කිව්ව scripts ටිකත් දැම්ම. ඒත් මම වැඩිපුර පාවිච්චි කරන්නෙ Google Chrome නිසා මට ඒව ටික Chrome වලටත් ස්ථාපනය කරගන්න ඕනෙ උනා....

Friday, July 3, 2009

කොටස් වෙළඳපල ආයෝජනය

කොටස් වෙළඳපල ආයෝජනය කරල මල කරදරයක් වෙලා තියෙන්නෙ. අපි මොකක හරි කොටස් ටිකක් ගත්තොත් ඒක ඊට පස්සෙ ඉහළ යන්නෙ නෑ. පහලම තමයි. ඉතින් අලාභම තමයි. මොනව කරන්නද බලා ඉන්නව ඇරෙන්න. බලමුකො කවද හරි නගින්නෙ නැතැයි මිල ගණං. අද ගෙදර හිටියට වැඩක් නෑ, ඇයි ඉතින් වෙළඳාමක් කරගන්න මිල ගණං නගින්න එපැයි. දැන් කොළඹ කොටස් වෙළඳපල 0.33% කින් පහළ බැහැල තියෙන්නෙ....

Thursday, July 2, 2009

laptop එක භාවිතයෙන් Wireless hotspot එකක් නිර්මාණය කිරීම

මෙහෙම එකක් ඕනෙ කියල හිතුනෙ හොස්ටල් එකේ අන්තර්ජාල පහසුකම් නැති නිසා. ඒත් HSPA බට්ටො නම් වටේම තියෙනවනෙ. මෙන්න මෙතන තියෙනව කරන හැටි. මෙහෙම එක්කෙනෙක් කලොත් වටේ කට්ටියට හවුලෙ එක internet connection එකක් බෙදා හදාගෙන වැඩ කරගන්න පුලුවන්. (හැබැයි ඉතින් මේක කරන්න පුලුවන් වල laptop තියෙන අයට විතරයි. ) http://www.binoyxj.com/2009/06/create-a-wireless-hotspot-using-your-laptop-easi...

Wednesday, July 1, 2009

අලුත්ම ගිනි හිවලා

මටත් හිතුන ගිනි හිවලගෙ අලුත්ම සංස්කරණය දාල බලන්න. ඉතින් දැන් ඒක බානව. අතේ ගෙන යාහැකි සංස්කරණයත් බාගත්ත. තව මගෙ බ්ලොග් එකකට අදහස දක්වල තිබ්බ යාළුවෙක් කිව්ව සංස්කරණයත් බාගත්ත. දාලම බලන්න ඕනෙ....

බීමතින්

මෙන්න බලන්න සුරා පානය කලාම වෙන දේ.මේක කියවල ඉන්න විඩියෝ එක බලන්න ඉස්සෙල්ල.මේක අප්‍රිකාව ගැන ප්‍රංශයෙන් හදපු එකක්. වචන තේරුනේ නැතුවට රූප තේරෙනවනෙ. අප්‍රිකාවෙ තියෙනව පලතුරු ගස් වර්ගයක්, මේකෙ ගෙඩි වල ලොකු alchohol සාන්ද්‍රණයක් තියෙනව. ඉතින් නියඟය කාලෙට සත්තු ඇවිත් මේ ගෙඩි කාල තමුන්ගෙ පිපාසය නිවා ගන්නව.ඊටපස්සෙ මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො.මේක අටපට්ටමේත් එක සැරයක් පෙන්නුව, මතක ඇති සමහරුන...

කැම්පස් එකේ සිට බ්ලොග් ලිවීම

කැම්පස් එකේදි බ්ලොග් එක බලන්න, පෝස්ට් එකක් දාන්න ගියාම තමා එපා වෙන්නෙ, මොකද කිව්වොත් කොම්පියුටර් වලින් එකක දෙකක විතරයි සිංහල කියවන්න පුලුවන්. සිංහල කිට් එක ස්ථාපනය කරන්න Admin privileges එපැයි....