Monday, October 9, 2017

සිතන පතන දේ ලබා ගන්නා හැටි How to achieve what you wish for



"ඔබගේ ජීවිතය වෙනස් කළ හැක්කේ ශක්තිමත් සිතුවිලි වලින් මිස භක්තිමත් යාදිනිවලින් නොවේ"


දොස්තර වරු තම බිරිඳට ලැබෙන්න සිටින දරුවා නිරෝගීව ලබාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට භාර වෙති
සියට සීයක් ආරක්ෂාව සලකා බලා නිෂ්පාදනය කරන මෝටර් රථ වලට ලංකාවේදී දෙහි ගෙඩි දෙකක් සහ අමු මිරිස් කරල් තුනක් එල්ලා මෝටර් රථයේ ආරක්ෂාව එයට භාර දෙති.

සිවිල් ඉංජිනේරුවන් නිවසක් තැනීමට පෙර නිදන් වස්තු වළලති.
සමහරු කේන්දර ඉතා තදින් විශ්වාස කරනවා, කේන්දර වලින් තොරව කිසිමදෙයක් හිතන්නෙවත් කරන්නෙවත් නෑ.
සමහරු තමන්ගේ තියෙන සියලුම ප්‍රශ්න දෙවි දේවතාවන්ට පවසල උදව් ඉල්ලනවා. තමාගේ සියලුම ප්‍රශ්නවලට දෙවියෝ පිලිතුරු දේවි කියලා හිතනවා.
මෙවැනි දේ සිදු කිරීමට හේතුව කුමක් ද???
බහුතරයක් ථෙරවාදී බෞද්ධයන් සිටින ශ්‍රී ලංකාවේ මෙවැනි ඇදහීම් සිදු කිරීමට හේතුව කුමක්ද?
සමහර විට මේවා ඇත්ත තිබෙනවා පේන්න පුළුවන්, දැනෙන්න පුළුවන්.
බොහොමයක් දෙනා මේවා හරහා බොරු කරමින් මුදල් වංචා කරනවා වෙන්නත් පුළුවන්.
එහෙත් ටිකක් දිග වැඩි දුර හිතා බැලුවොත් මටම හිතෙනවා මේ ඇත්තටම කෙරෙන්නේ හිතක් සමග සංග්‍රාමයක් කියලා.
මේවා හරහා අපිට ජීවිතය වෙනස් වෙනවා වෙන්නත් පුළුවන්, වෙනස් කර ගන්නත් පුළුවන්. නමුත් ඔබට හිතෙන්නේ නැද්ද ශක්තිමත් සිතිවිලි ධාරාවකට මීට වඩා දෙයක් කළ හැකියි කියලා?
ඔබට අවශ්‍ය දේ ඔබගේ යටි සිතට ම කාවැද්දිය හැකි නම් ඒ හරහාත් අර ඉහතින් කිව්ව දේවල් කරගන්න පුළුවන් කියල හිතෙන්නෙ නැද්ද?
දේව යාදිනිවලින් තොවිල් පවිල් වලින් සිදු කරන්නේත් අපි බලෙන් සිතට ඇතුළු කළයුතු දේ වෙනත් ක්‍රමෝපායන් හරහා යටි සිතට කා වැද්දීමම නේද?
අපි උදාහරණයක් සිතමු
කෙනෙක්ට කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නෑ. ඔහු දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහුට පාඩම් කරන දේ මතක හිටින්නට කියලා. ඉතින් ඉන් පසු දෙවියෝ මට උදව් කරාවි යන සිතිවිලි යටි සිතට කා වදිනවා. ඊට පස්සේ ඔහු පාඩම් කිරීම ආරම්භ කරනවා. ඔහුට පාඩම් කරන දේවල් හොදින් මතක හිටිනවා.
ඇත්තටම දෙවියන් ඔහුට උදව් කළා ද?
නැහැ.
ඔහු දෙවියන්ගෙන් කළ ඉල්ලීමට ඔහුගේ යටි සිතට කා වැදුණා. ඔහු හිතුවා දෙවියො මට උදව් කරයි කියල. ඉතින් යටි සිතෙන්නුඩු සිතට පණිවුඩය දෙනවා පාඩම් හොදීන් මතක හිටින්න කියල. ඒ පණිවිඩයත් සමඟ ඔහු පාඩම් කිරීම ආරම්භ කළා. ඉතින් ඔහුට හොඳින් පාඩම් මතක සිටියා.
ඉතින් මොකද ඔබ සිතන්නෙ?
ඔබගේ සිතිවිලි හරහාම ඔබගේ ජීවිතය වෙනස් කරගැනීම ඔබ අද සිටම ආරම්භ කරනවාද?

ඔබගේ අදහස් වලට විවෘතයි.

Are you a සබන්බෝල Man


මේක මම කාලෙකට ඉස්සර කියවපු දේකින් හදපු එකක්.
R U a සබන්බෝල Man,
Or a සම්බෝල Man,

Or a Footබෝල Man.

Be a අද Man.

Not a හෙට Man.

මොන විකාරයක්ද මේ කියන්නෙ???? නේද?

කවියෙ කියල තියෙන දේවල් ගැන පොඩ්ඩක් හිතුවොත්, කවියෙ තේරුම හිතට එනව. 
සබන්බෝල, සම්බෝල, ෆුට් බෝල, අද, හෙට. 

මොකද්ද මේ කියන්නෙ?

සබන් බෝල තියෙන්නෙ මොහොතයි. වෙන වෙන වැඩ කර කර හිටියොත් සබන්බෝල වල ලස්සන බලන්න බැරි වෙනව.
සම්බෝල කියන්නෙ දවසෙන් කාල ඉවර කරන්න ඕනෙ කෑමක්. ඊලඟ දවස වෙනකම් තියාගෙන හිටියොත් පිළුණු වෙලා විසි කරන්න වෙනව.
ෆූට් බෝලය කියන්නෙ කොච්චර පා පහරවල් කෑවත් ගෝල් එකටම යන්න දඟලන වස්තුවක්.
අද කරන්න තියෙන දේ අදම කරන්න ඕනෙ.
හෙට වෙනකම් ඉන්න හොඳ නෑ. එහෙම කල් දාන්න ගියොත් අන්තිමට පරක්කු වැඩි වෙන්න පුළුවන්.

මේ කවියෙන් ඔයාලගෙ ජීවිතයට ගන්න පුළුවන් දෙයක් ගන්න ආරාධනා කරනවා. 


මේ වගේ ජීවිතයට වැදගත් වෙන සරළ දේවල් ඉදිරියෙදි මම තවත් ඔයාලට දෙනව.
එකතු වෙලා ඉන්න.
Life-Guide කියන ටැග් එකෙන් මම ඒ ලිපි දානව.
http://madhawaweblog.blogspot.com/search/label/life-guide


ජයග්‍රාහී ජීවිතයකට සුභ පැතුම්!!!

Sunday, October 8, 2017

ඔව් මට පුළුවන් YES I can

නව අවස්ථා වලට "ඔව්" කියන්න.
මිනිසුන් හට "ඔව්" කියන්න.
දුෂ්කර අවස්ථා වලට "ඔව්" කියන්න.
අන්‍යන්ගෙන් "ඔව්" යන්න කියවා ගත හැකි පරිදි ධනාත්මක ප්‍රතිචාරයන් ලබා ගැනීමට උගනින්න.
"ඔව්. කැමතියි" යන්න මුළු හිතින්ම, හැඟීමකින්ම කියන්න.




"ඔව්"  කියන්නෙ හරිම ප්‍රභල වචනයක්. හරිම ධනාත්මක වචනයක්.
ඒක අපේ ජීවිතයට ලං කරගන්න ලං කරගන්න අපේ වැඩ හුඟක් සාර්ථක වෙනව. 

"නෑ", "බෑ", "ඕව හරියන්නෙ නෑ", "මට මේක බෑ", "මම දන්නෙ නෑ" වගේ දේවල් අපි හුඟක් දෙනෙක්ගෙ වාග් කෝෂ වල බහුලව තියෙන වචන, වාක්‍ය. මේව හරිම සෘණාත්මකයි කියන්නෙ අහන කෙනාටත් ඒ "බෑ සංකල්පය" ප්‍රේරණය වෙනව. 
මේව ටික, "ඔව්", "පුළුවන්", "මේක හරියනව", "මට මේක පුළුවන්" වගේ ධනාත්මක දේවල් වලට හරවගෙන අපිට හිතන්නට, වැඩ කරන්නට පුළුවන් නම් කොහොමද?
අනිවාර්යයෙන්ම ඉහළ සාර්ථකත්වයටකට යන්නට අපි හැමෝටම පහසුවෙන්ම පුළුවන් වෙනව.

ඒක කරන්න තියෙන්නෙ හරිම සරළ දෙයක්. "නෑ", "බෑ" කියන වචන අපේ වාග් කෝෂයෙන් පමණක් නෙමෙයි, අපේ හිතෙන්ම ඉවත් කරන්න ඕනෙ.

"ඔව්, පුළුවන්" කියන එක අපි මුළු හිතින්ම, මුළු ගතින්ම වැළඳගෙන පවසන්න ඕනෙ.

ඔබටත් පුළුවන්. මටත් පුළුවන්. 
ඉතින් ඇයි අපි නොකර ඉන්නෙ???


TRANSLATED.

Say "yes" to new opportunities.
Say "yes" to people.
Say "yes" to difficult situations.
Learn to get positive feedback so that others can read "yes".
Say "yes. I like" wholeheartedly, emotionally.

"Yes" is a very powerful word. A very positive word.
A lot of our work is successful in bringing it closer to our lives.

Things like "no", "no", "that's not right", "I can't do this", "I don't know" are words that are common in most of our vocabularies. These are so negative that the "no" concept is induced in the listener as well.
What if we could think and act by turning these into positive things like "yes", "can", "this is right", "I can do this"?
Of course, we can all easily go on to higher success.

It's a very simple thing to do. The words "no" and "no" need to be removed not only from our vocabulary but from our minds as well.

We have to embrace "yes, we can" wholeheartedly and wholeheartedly.

You can too. I can too.
So why aren’t we ???


මානසික අක්‍රමිකතා වලින් මිදෙන්නේ කෙසේද

මුලින්ම කියන්න ඕනෙ, මම මානසික වෛද්‍යවරයෙක් නෙමෙයි. ඉතින් ඔබට බරපතල මනසික අක්‍රමිකතාවයක් හෝ මානසික ගැටළුවක් තිබෙනවා නම් ඔබ වහාම සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයෙක් හමුවන්න.
ඒ කෙසේ වෙතත් මිතුරෙක්ට හෝ නෑදෑයෙක්ට හෝ ඔබගේ මවට, පියාට, සහෝදරයෙකුට, සහෝදරියකට පවසා ඔබගේ ගැටළුවට යම් සහනයක් ලබාගන්නට උත්සාහ කළ හැකියි. (එහෙම සමහරක් මගේ මිතුරු මිතුරියන් මා සමඟත් කතා කර යම් විසඳුම් ලබාගෙන තිබෙනවා.) 

මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වන්නේ යම් සරළ දේවල් ටිකක්. මීට අමතරව තවත් බොහෝ දේ තිබෙනවා. 



1. බලාපොරොත්තු සහිත වන්න.
බලාපොරොත්තුව කියන්නෙ හරිම පුදුම දෙයක්. හුඟක් ප්‍රශ්න ඒකට විසඳන්න පුළුවන්. දෙවියො පැන්ඩෝරාට අර රහස් පෙට්ටිය දීල කිව්වලුනෙ පොළවට යනකම් ඒක ඇරල බලන්නෙපා කියල. ඒත් පැන්ඩෝරාට තිබ්බ නොඉවසිල්ල නිසා ඇය මඟදිම පෙට්ටිය ඇරියලු. එතකොට ඒකෙ තියෙන දේවල් එලියට හැලුනලු. කලබලේට පැන්ඩෝරා පෙට්ටිය වැහුවත්, අන්තිමට පෙට්ටිය ඉතුරු උනේ "බලාපොරොත්තුව" විතරයිලු.
ඉතින් මිනිස්සුට තියෙන ලොකුම වත්කමක් තමයි මේ බලාපොරොත්තුව. බලාපොරොත්තුව හිතේ තියාගෙන අපට තිබෙන මානසික පීඩනයෙන්, ගැටළු වලින් සහනයක් ලබන්නට අපට පුළුවන්.

2. ඔබගේ ගැටළු සමභ සටන් නොකරන්න.
ගැටළු තියෙන්නෙ විසඳන්න. නැතිනම් අතෑරල දාල ඉන්න. ඒවත් එක්ක අපි සටන් කරන්න සටන් කරන්න ගැටළුව ශක්තිමත් වෙලා අපිව තලා පෙලා දානව. ඉතින් ගැටළුවට නිදහසේ සාමකාමීව මුහුණ දෙන්න. සටන් කරල කරල අන්තිමට වෙන්නෙ අපිම වෙහෙසට පත් වෙන එක විතරයි.

3. බියට මුහුණ දෙන්න.
බිය කියන්නෙ අමුතුම දෙයක්. මිනිස්සු හැම දේටම බිය වෙනව. අඳුරට, අවතාර වලට, යක්කුන්ට විතරක් නෙමෙයි, ප්‍රශ්න වලටත්. ප්‍රශ්න වලට බය උනොත් අපිට හිත නිදහසේ ජීවත් වෙන්න බැරි වෙනව. 
එහෙම බය උනු අය තමයි ඔය සියදිවි නසාගන්නෙ. ඒ ගැටළු වලට මුහුණ දෙන්න බය වෙලා. 
ඉතින් කිසිම අවස්ථාවට ප්‍රශ්න වලට බයවෙන්නෙපා. ප්‍රශ්න වලට ඔයාව බය කරන්න දෙන්නත් එපා. ප්‍රශ්න වලට නිර්භීතව මුහුණ දෙන්න.

4. තමා සිටින තත්වය තමා පිළිගන්න.
සමහරු ඉන්නව තමන් ඉන්නෙ කොයි වගේ තැනකද කියල තේරුම් ගන්නෙ නැති අය. සමහර ප්‍රශ්න නැති අය ඒ ගැන හිතල මානසිකව වැටෙනව. සමහර ප්‍රශ්න තියෙන අය ඒව ගැන හිතල මානසිකව වැටෙනව. තමන් ඉන්නෙ මොන වගේ තත්වයකද කියල තේරුම් ගන්න ඕනෙ. 
සමහර ප්‍රශ්න තියෙනව එතරම් හිතන්න අවශ්‍ය නැති ප්‍රශ්නයක් නොවන ප්‍රශ්න. සමහර ප්‍රශ්න තියෙනව හොඳින් සිතා බලා විසඳුම් හොයන්න ඕනෙ ප්‍රශ්න.
තමන්ගෙ තත්වය කිව්වම තවත් දෙයක් තියෙනව. ඔය කියන ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවශ්‍ය ආයුධ ආම්පන්න තමන් ලඟ තිබෙනවාද කියල තේරුම් අරගන්න ඕනෙ. ඒ ප්‍රශ්නයට මේ අවස්ථාවේ කෙලින්ම මුහුණ දෙන්න හෝ තාවකාලිකව පසුබහින්න හෝ වෙනත් දෙයක් සිදු කරන්න තමන් දැන් ඉන්න තත්වය යටතේ පුළුවන්ද කියල තමන් තේරුම් ගත යුතු වෙනවා.

5. අවදියෙන් සිටීමට ඉගෙන ගන්න.
වටපිටාව ගැන, පරිසරය ගැන විතරක් නෙමෙයි, තමන් ගැනම උනත් අවදියෙන් සිටින්නට ඕනෙ. මොකද අපි අපි ගැන, අපි වටේ සිදු වෙන දේවල් ගැන අවදියෙන් සිටියෙ නැති නම් තියෙන ගැටළු කොහෙද යන්නෙ, ගැටළු එක්ක පුළුවන් අවස්ථා, තැන් මොනවද කියල අපිටම තේරුම් යන්නෙ නෑ. අරම අවදියෙන්, අවදානයෙන් හිටියොත් අපිට පේන්න ගන්නව අපිට ගැටළු එන්නෙ කොතනින්ද, කොහොමද කියල. එතකොට අපිට ඒව වෙනුවෙන් ප්‍රතික්‍රියා කරන්න තවත් කාලය ලැබෙනව.

6. කරදර වලින් පාවෙලා ඉවතට යන්න.
සමහර ප්‍රශ්න තිබෙනව එතරම් හිතන්නෙ නැතිව අතෑරල දාන්න පුළුවන් ඒව. නැතිනම් අපිට කිසිම අතුරු ආන්තරාවක් නැති ඒව. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලින් හෙමීට පාවෙලා ඉවතට යන්න.
මේ කියන්නෙ අපිට බලපෑමක් කරන්න ඕනෙ ප්‍රශ්න වලින්  එහෙම පැනල යන්න කියන එක නෙමෙයි හරිද. 

7. හැම වෙලේම කිසියම් වැඩක යෙදෙන්න.
ප්‍රශ්න හිතින් ඉවත් කරන්න පුළුවන්, මානසික අක්‍රමිකතා වලින් මිදෙන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි, මොකාක් හරි වැඩක යෙදෙන එක.
අපිට පුළුවන් සින්දුවක් අහන්න, පොතක් කියවන්න, කවියක් පබඳින්න, වත්තෙ පිටියෙ වැඩක් කරන්න, ජිම් එකට යන්න, චිත්‍රයක් අඳීන්න, ටී වී එක බලන්න, වගේ විවිධ දේවල්.
මේ දේවල් වලින් අපේ හිත නිදහස් වෙනව, එහෙ මෙහෙ දුවන එක නවතිනව.

ඊලඟට ඔයාලගෙ හිතට වද දෙන ප්‍රශ්නයක් ආපු වෙලාවට මේ දේවල් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න. අනිවාර්යයෙන්ම සාර්ථකත්වයක් තියේවි. 

කිසිදා තෘප්තිමත් වන්නට එපා DO NOT be Content



"ලද දෙයින් සතුටු වන්න" කියල කියමනක් තිබෙනවා තමයි. නමුත් මේක හැම අවස්ථාවකටම තෘප්ත වන්නේ නෑ. 
“The drive to close the gap between near-perfect and perfect is the difference between great and unstoppable.” — Tim Grover
ටිම් ගෲවර් කියන්නෙ ප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක්. ඔහු කියනව ආසන්න වශයෙන් පරිපූර්ණ තත්වයේ සිට පරිපූර්ණත්වයට යනව කියන්නෙ ඔබ බලවත් කෙනෙකුගෙන් නොනැවැත්විය හැකි පුද්ගලයෙකු බවට පත් වනවා කියන එකයි කියල. 

ඔබ ඔබගේ ඉලක්කයක් සපුරා ගත්තත් ඔබ තෘප්තිමත් නොවිය යුතුයි. 
එය ඔබට ඉලක්කයක් නොවිය යුතුයි. ඔබට කෙතරම් එහි ඉදිරියට යා හැකිද යන්න ඔබ බැලිය යුතුයි. 

ඔබ ඉන් අකෘතඥ පුද්ගලයෙකු වනවාද??? 
අනිවාර්යයෙන්ම නෑ.
ඔබ නිහතමානී කෘතඥ පුද්ගලයෙක්, ඔබගේ ජීවිතයට, හා ලැබී ඇති සැම දේටම.
අන්න ඒ නිසාම තමයි ඔබ කිසි සේත්ම කම්මැලි හා තෘප්තිමත් නොවන්නේ.

ඔබට ජීවිතය සතුටින් ගෙවිය හැකි වන්නේ එක් ඉලක්කයක් සපුරාගෙන එහි නැවති සිටීමෙන් නොව, එම සාර්ථකත්වය පසෙකින් තබා නව ඉලක්කයක් වෙත ගමන් කිරීමෙන්.

සාර්ථකත්වය භුක්ති විඳිමින්, සාර්ථකත්වයේ මේසය මත වැඩි වේලා රැඳි නොසිටින්න. 
තවත් කෑම වේලක් ලබා ගැනීමට නම් මුලින්ම බඩගින්න ඇති කර ගත යුතු වනවා. 
ඉතින් බලා නොසිට යළිත් නව ඉලක්කයක් කරා යොමු වන්න. 

Wednesday, September 27, 2017

මේ පාර බුක් ෆෙයා ගමන

කට්ටිය සෙට් උනෙත් නෑ.
මුලදි පෝස්ට් එකක් දෙන්නත් බැරි උනා ඉස්සර අවුරුදු වල වගේ.
මේක ලියන්නත් පරක්කු උනා.

ගත්තු පොත් වලින් කොටසක්

කොහොම හරි, මම මේ පාර පොත් සල්පිලට ගියේ මගෙ නෝනත් එක්ක ටිකක් රෑ වෙලා. මොකද පොඩ්ඩගෙ වැඩත් එක්ක නිවඩු දවසක දවාලක යන එක ඉම්පොසිබල්. :)

කොහොම හරි මේ පාර ගත්තු මගෙ පොත් ලැයිස්තුව තමයි මේ.

Book Name
Author
Publisher
Price
පුනර්භව ගවේශන
පරි: කුමාර සිරිවර්ධන
දයාවංශ ජයකොඩි
400.00
අරලිය මල් ආරාමය
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
පිච්ච මල
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
සිල් සුවඳ
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
400.00
සුදු නෙළුම
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
සැඟවුණු මහද්වීපය
පරි: ප්‍රභාත් මිරිහාගල්ල
ප්‍රතිභා ප්‍රකාශකයෝ
350.00
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
පරි: ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
360.00
රාමා උයන
පරි: එස්. එම්. බන්දුසීල
S & T Group
750.00
රාමා  - 2
පරි: එස්. එම්. බන්දුසීල
S & T Group
700.00
අඟහරු මිනිසා
පරි: තත්සරණි බුලත්සිංහල
S & T Group
650.00
ඔබේ යටි සිත හඳුනා ගන්න
පරි: විශ්රාවන ගලප්පත්ති
අරටුව ප්රකාශන
400.00
Secret - The Power
Rhonda Byrne
Simon & Schuster, UK
2,050.00
Secret - The Magic
Rhonda Byrne
Simon & Schuster, UK
1,160.00
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අත්හැරීම 3
ඉන්ද්‍රජිත් සුබසිංහ
-
140.00
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අත්හැරීම 5
ඉන්ද්‍රජිත් සුබසිංහ
-
115.00
භාවනාවේ ප්‍රවීනයෙකු වන මඟ
නිලන්ත හෙට්ටිගේ
සුසර ප්‍රකාශකයෝ
200.00
තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ
රියර් අද්මිරාල් සරත් වීරසේකර
ආකර්ෂා ප්‍රකාශකයෝ
400.00
ජේන් අයර්
පරි: එන්. පී. විජේරත්න
ආශිර්වාද ප්‍රකාශකයෝ
700.00
ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර
පරි: චාමිකර වීරසිංහ
ෆාස්ට් පබ්ලිෂිං
250.00
මනරන්ජන මිත්‍යා කතා
තිලක් සේනාසිංහ
සරසවි ප්‍රකාශකයෝ
275.00
රාවණා මෙහෙයුම - 2
සුසිත රුවන්
ෆාස්ට් පබ්ලිෂිං
375.00
රාවණ යළි නැගිටියි
මිරැන්ඩෝ ඔබේසේකර
සමන්තී
350.00
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජ්‍යයාගේ සංස්කෘතික උරුමය
මිරැන්ඩෝ ඔබේසේකර
සමන්තී
350.00
සිරිත් මල්දම
ඇම්. එල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමා
සුසර ප්‍රකාශකයෝ
70.00
නායකයෙක් වන්න
අනු: ලීලානන්ද ගමාච්චි
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
200.00

ජයසේන ජයකොඩිගෙ පොත් ලිස්ට් එකෙන් කොටසක් දෙන්නම කියවල තිබ්බත් නෝනට ඒ පොත් ටික ඕනෙ කිව්ව නිසා ගත්ත. (ඒත් ගෙදර ඇවිල්ල බැලුවම දැක්කෙ අපි අරගෙන තියෙන්නෙ අතරින් පතර කියල. :( )
මේ සමහර පොත් ගත්තෙ තෑගි දෙන්න. 
මෙතන සඳහන් නොවුන පොඩිම පොඩි ළමයින්ට පොත් කිහිපයක් හා Nursing පොතකුත් තිබෙනවා.
ඉහත සඳහන් කරල තිබෙන්නෙ ඩිස්කවුන්ට් නැති ඔරිජිනල් මිල.
20-30%අතර ඩිස්කවුන්ට් තිබ්බ. 

ලොකු වැරැද්දක් උනා. මුලින්ම යන්න තිබ්බේ බාගේන් හෝල් එකට. ඒකට අන්තිමට ගියේ. වෙලාව මදි උනා. එතනට යනකොට 8.45යි. :( ඊලඟ පාර නම් ඒ වැරැද්ද කරන්නෙ නෑ කියල හිතාගත්ත.

යාළුවො නම් කවුරුවත් සෙට් උනේ නෑ. 
අපේ මිතුරු සෙට් එකටත් මේ පාර සෙට් වෙන්න බැරි උනානෙ. :(