Sunday, July 12, 2009

Widgets

මගෙ වීඩියෝ සංස්කරණය


අපේ ඩිපාර්ට්මන්ට් එකේ හේඩ් ගිය බදාද මම ලැබ් එකේ ඉන්න වෙලාවක ලැබ් එක ඇතුළට ඔලුව දැම්ම. මම ඉන්නව දැකල මට කතා කලා.
අලුතින් ඉංජිනේරු පීඨයට එන පොඩි උන්ට orientation එකේදි පෙන්නන්න අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් විඩියෝ එකක් හදන්න ඕනෙලු. මාස කිහිපයකට ඉස්සර පිටින් කට්ටියක් ගෙන්නල හදපු මිනිත්තු 20ක documentry එකක් තියෙනව අපේ. ඒකෙන් හොඳ කෑලි ටිකක් කපල මිනිත්තු 10ක විඩියෝ එකක් හදන්න ඕනෙලු. ඉතින් මගෙන් ඇහුව පුලුවන්ද කියල. සර් දන්නව මම බෑ කියන්නෙ නෑ කියල. ඒකම තමා ඕක මටම කිව්වෙ. මාත් මොකද පැනල බාර ගත්ත.
ඉතින් ඩීවීඩී එකෙ තියෙන්නෙ VOB ටයිප් එකේ ෆයිල්නෙ. ඒව ට්‍රිම් කරන්න ගැලපෙන මෘදුකාංගයක් හොයා ගන්න ඕනෙ. අපේ instructor අය්ය කෙනෙක් ලඟ එහෙම එකක් තියෙනව කියල ආරංචි වෙලා මම ගිහින් ඇහුව. එයා මට ඒක දුන්න, ULead DVD MovieFactory 6.
ඒක ඉතින් ලැබ් එකේ පරිගණකයකට ස්ථාපනය කරගෙන වැඩේ පටන් ගත්ත. ඔන්න ඉතින් ෆයිල්ස් ටික import කරන්න හදනකොට මේක කියාපි "file format not supported" කියල.
ඇයි බොලේ, ඩීවීඩී ෆයිල් සපෝට් නොකරන ඩීවීඩී එඩිටිං මෘදුකාංගයක් දැක්කමයි, ආපහු උත්සාහ කලා ඒත් එච්චරම තමයි.ඉතින් මොකද කරන්නෙ DVD to AVI පරිවර්තකයක් හොයාගෙන ස්ථාපනය කරල ඒ ෆයිල්ස් ටික convert කලා. ඒක බැලුවම resolution අවුල්, ඉතින් settings හදල ආපහු convert කලා. ඒ වැඩ වලට වරුවක් ගියා.
අන්තිමට බලනකොට අර පරිවර්තකය trial version එකක් නිසා විඩියෝ එකෙන් බාගයයි පරිවර්තනය කරල තියෙන්නෙ. මොනව කරන්නද, ඊට පස්සෙ පිහිටට ආවෙ Divx converter එක.
ඔන්න ඒකෙන් ෆයිල් එකක් පරිවර්තනය වෙන්න දැම්ම, අන්තිමට පැයකට විතර පස්සෙ කියනව මොකද්ද වැරැද්දක්ලු පරිවර්තනය කරන්න බෑලු. මට ඉතින් නේද පොළොවෙ ගහන්න හිතුන කොම්පියුටරේ. (බෑනෙ ඉතින් එහෙම කලොත් 3න් ගුණයක් ගෙවන්න වෙනවනෙ ) මේ වෙනකොටත් වෙලාව හවස 5යි, මටත් එපා උනා වැඩේ. ඕනෙ රෙද්දක් කියල ගෙදර ඇවිත් මොනව හරි කරනව කියල ගෙදර ආව. බ්‍රහස්පතින්ද ගෙදර එන්න තිබ්බ එකත් නවත්තල සිකුරාද මුලු දවසම කැප කරලත් කරගත්තු කෙංගෙඩියක් නෑ. ඉතින් බස් වල රස්තියාදු වෙලා ගෙදර එනකොට රෑ 7යි.
සෙනසුරාද වැඩේ පටන් ගත්ත. පාවිච්චියට ගන්න හිතුවෙ මම හැමදාම පාවිච්චි කරන මගෙ මිතුරු Nero Collection එක.
එක භාවිතා කරල විඩියෝ එක MP4 වලට පරිවර්තනය කලා, මොකද ඒක විශාලත්වය අඩු තත්වය හොඳ ෆයිල් ටයිප් එකක් නිසා. ඔන්න ඉතින් එහෙම කරල ඒක MovieFactory වලට import කර බැලුව, ඔන්න ආපහු අර පරණ error message එක ආව. පුදුම video editing මෘදුකාංගයක් තමයි. මම ඉතින් බැලුව මෙයා සපෝට් කරන මීඩියා ෆයිල් වර්ග මොනවද කියල, අනේ මෙන්න මේවට විතරයි මෙයා සපෝට් කරන්නෙ. avi, rm, mpeg, mpv, dat, wmv, asf, vsp.
මොනව කරන්නද, ආපහු ඉතින් ෆයිල්ස් ටික Nero Recode එකට import කරල merge කරල mpeg විදිහට encode කර ගත්ත.
ඊට පස්සෙ ඒක අපහු MovieFactory එකට import කරගෙන, ඕනෙ තැන් වලින් කපාගෙන ඒකෙන්ම merge කරල mpeg විදිහටම encode කොරගත්ත.
ඔන්න යන්තම් වැඩේ ඉවරයි. සිකුරාද දවසම වියදම් කරල කර ගන්න බරි වෙච්චි වැඩේ, ගෙදර ඇවිත් මගෙ මේ පරණ පරිගණකයෙන් පැය කිහිපයකින් ඉවර කලා. මම දැනට දැකල තියෙන ජරාම DVD විඩියෝ එඩිටිං මෘදුකාංගය තමයි මේ Ulead MovieFactory කියන්නෙ. ඒක අඩු ගානෙ DVD වල තියෙන default file type එක වෙන VOB ෆයිල්ස් වලටවත් support කරන්නෙ නෑනෙ. ඒකෙ තියෙන එකම හොඳේ තමයි multi trimming facility එක. මට හැමදාම වගෙ උදව් උනේ Nero Ultra edition එකේ තියෙන Nero Record, Nero Vision මෘදුකාංග දෙක තමයි.
දැන් නිදාගන්න ඕනෙ, හෙට මේක බාර දෙනව කියල තම කිව්වෙ, ඉතින් හෙට කැම්පස් යන්න ඕනෙ. ටිකක් දවල් වෙලා යනව, හෙට වැඩත් නෑ නෙ.

10 comments:

  1. ඇයි premiere වලට මොකද වුනේ? මම හිතන්නේ ඔච්චර වැඩ දාන්න ඕනේ නෑ premiere වල.

    ReplyDelete
  2. හපොයි.. මාර සීන් එකනෙ..
    ULead Media Studio එකත් VOB වල‍ට support නෑ නේද?

    ReplyDelete
  3. HandBrake වලින් පරිවර්තන කර Premiere හෝ Sony Vegas PRO හෝ Creative Power Direction එකෙන් සංස්කරණ කරන්න පුළුවන්. ගුණාත්මක බව අඩු වෙනවා අඩුයි. imTOO මාදුකාශ යොදා ගන්න එපා ඒවායේ File ඒකක් හේතුවෙන් DivX Converter ඒක සවුත්තු වෙනවා. HandBrake නොමිලේ නිදහස් කේත එකක් වුණත් සුපිරි ඒකක්!

    ඔයාගේ බිලෝගයේ Word Verification ඒක කරුණාකරලා අයින් කරන්න පුළුවන්ද? ඒක සිංහලෙන් යතුරු කරන අයට කරදරයක්.

    ReplyDelete
  4. DVD Movie Factory එක .vob වලට සපෝට් නොකරන්න හේතුව මං හිතන හැටියට ඔය සොෆ්ට්වෙයා එක තියෙන්නේ කැමරා ආදියෙන් ගන්න avi, mpg වගේ ඒවා එකතු කරලා DVD එකක් හදන්න මිසක් DVD වීඩියෝ එඩිට් කරන්න නෙමෙයි.

    මටත් වීඩියෝ එඩිට් කරන්න ගියාම නානාප්‍රකාර ප්‍රශ්න එනව. එකපාරක් මොනම සොෆ්ට්වෙයා එකකින්වත් වැඩේ කරගන්න බැරිව අන්තිමට ගොඩදාගන්න උනේ Windows Movie Maker එකෙන්. (ඒ කාලේ මම Premiere දන්නෙ නෑ) Apple Final Cut වගේ සිරා වැඩකෑලි ගන්න අපිට කොයින්ද සල්ලි :P

    ReplyDelete
  5. අයියෝ මං මේක කලිං දැක්කෙ නෑනෙ.
    vob එකේ එක්ස්ටෙන්ෂන් එක .mpeg කරල ප්‍රමියර් වලට ගන්න පුලුවන්.
    එහෙම කලාම සමහර ඒවයේ ඕඩියෝ එන්නෙ නෑ. ඒකට හේතුව ඩොල්බි එන්කෝඩිං. එහෙම වුනොත් විතරක් ඔඩියෝ එක නීරෝ වගේ එකකින් වෙනම ගන්න පුලුවන්.
    එහෙමත් නැත්තම් හාඩ් එකේ ඉඩ තියේ නම් ඔක්කොම ටික avi කරගන්න නීරෝ වලින් පුලුවන්.
    රෙසලූෂන් සහ කොඩෙක් ගැන මං කලිං ලිපි දෙකක් ලිව්වා. ඒකෙ තියන සෙටිංස් වලට ගියානං කිසිම අවුලක් එන්න විදියක් නෑ.

    ReplyDelete
  6. @chamila_dealwis: Adobe Premiere CS3 වලින් තමයි මමත් මුලින්ම වැඩේට බැස්සෙ, කොහෙද ඒකත් වලට කරන්නෙ නෑ නෙ.

    @-බිன்ku- :මම handbrake ගැන බලන්නම්, ස්තූතී උපදෙසට.
    හරි, මම word verification අයින් කරන්නම්, මාව spam වෙන එකක් නෑ නෙ?

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම: ඔයා කියන කතාව හරි, ඒක තියෙන්නෙ DVD හදන්න විතරයි තමයි. ඒත් එයාලට බැරිද ඕකට තව ෆයිල් ටයිප්ස් ටිකක් සපෝට් කරන විදිහට ඔය මෘදුකාංගය හදන්න. :(

    ReplyDelete
  7. @Anu: අප්පට සිරි, එහෙමත් පුලුවන්ද ! ඒත් එක ටිකක් කරදර වැඩක් නේද? මොකද සද්දෙ වෙනම දාන්න වෙනවනෙ, ඒත් අවුලකුත් නෑ, කරන්න බැරි කමකුත් නෑ. කොහොම උනත් ඒ උපදෙසටත් ස්තුතී.

    මේ පෝස්ට් එක නිසා, දේවල් කීපයක්ම අලුතින් ඉගෙන ගන්න මට චාන්ස් එක ලැබුන, තව ලැබෙයි වගේ, තාම පෝස්ට් එක දාල පැය 8යිනෙ.

    ReplyDelete
  8. සද්දෙ වෙනම දාන්න වෙන්නෙ අර ඩොල්බි ප්‍රශනෙ තියනවනම් විතරයි. ඕක වෙන්නෙ සමහර DVD කැමරා වල තමා. නැත්තං mpeg කලාහ ලස්සනට එනවා. ප්‍රමියර් වලට ගේනකොට. මතක ඇතුව ‍ෆ්රේම් රේට් ගැලපෙනවද කියලත් බලන්න.

    ReplyDelete
  9. what a funny story, :)
    there is a saying "Try and try one day you can fly".you proved that bro.

    ReplyDelete
  10. මචං මධව.... මම නම් ඔය වෙලාවට ඉස්සෙල්ලාම කරන්නේ VOB ෆයිල් එකේ දිගුව (එක්ස්ටෙන්ශන් එක) ඹ්ඵ්Eඝ් කරල බලන එකයි...

    වෙලාවක් ලැබුනොත් කරල බලපන්....

    මම රබෙල්

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.