Friday, July 24, 2009

Widgets

Macro Photography


නම macro උනාට මේකෙදි කරන්නෙ හුඟාක් පොඩි දේවල් වල ඡායාරූප ගන්න එක.
මේ සතියේ ඡායාරූපකරණය practical එක කලේ macro lense එකක් පාවිච්චි කරල ඡායාරූපයක් ගන්න එක. ඒක නම් නියම අත්දැකීමක්. Micro world එකට එබී බැලීමක්.
අපේ කණ්ඩායමට අවස්ථාව ලැබෙනකම් අපි පොඩ්ඩක් වටේ එහෙ මෙහෙ ගිහින් බැලුව ගන්න හොඳ scenery එකක්. මුලින්ම තෝර ගත්තෙ කූඩලු ගෙඩියක්, ඒකෙ බූව තමයි ගන්න හිතුවෙ. තව වටේ යනකොට දැක්ක ලස්සන මලක්. ඒකෙ රේණු ටික ගන්න හිතුව. ඒත් අපිට ඉස්සෙල්ල කණ්ඩායම් කිහිපයක්ම මල් රේණු ගන්නව දැක්ක නිසා ඒ අදහස වෙනස් කලා. තව ටිකක් එහෙ මෙහෙ බලනකොට දැක්ක, අසෝක මල් පඳුරක අතු අස්සෙ තිබ්බ චූටි මකුලු දැලක්, ඒකෙ හිටිය අබ ඇටයක් විතර විශාල මකුලුවෙක්, ඔන්න දැන් කට්ටියම තීරණේ කලා මේක තමයි හොඳම එක කියල. 5කුත් දාල කැමරාව ලැබෙනකම් හිටිය.

අපිට පාවිච්චි කරන්න ලැබුනු camera එකේ macro lense එක 5X zooming තියෙන එකක්. පට්ට බරයි. ඉතින් වැඩේට සෙට් උනා, යන්තම් zoom කරල මකුලුවගෙ ඇඟට focus කරල ගත්ත, කොහෙද වැඩේ සවුත්තුයි. තව එකක් ගන්න ට්‍රයි කලා, ගහ හුළඟට වැනෙනව. ආපහු ට්‍රයි කලා, මම වැනෙනව. ලේසි වැඩක් නෙමෙයි, පට්ට කට්ටක් කෑවෙ ෆොටෝ එක ගන්න, මොකද අපිට tri-pods තියෙනව කියලයෑ. යන්තම් ඉතින් විනාඩි 15 ක් විතර ට්‍රයි කරල එකක් ගත්ත. නරකමත් නෑ, එහෙම ගත්තු මංගල ඡායාරූපයනෙ. ඒක දාන්න විදිහක් නෑ, සර් එක මේල් කරනව කිව්ව, ලැබුනම දාන්නම්, හැබැයි එච්චරම හොඳ නෑ හොඳේ. ඒත් එහෙම ගත්තු පළමු ඡායාරූපය නිසා ඒක නිසා ඒක මට හොඳයි.

Macro photography ගැන දන්නෙ නැති අය පොඩ්ඩක් විකිපීඩියා එකට ගිහින් බලන්න.

මෙන්න මෙහෙම දේවල් තමයි මේ වගෙ වැඩ වලට ඕනෙ, ඒත් අපිට නම් දුන්නෙ කැමරාව විතරයි, ඉතින් ලේසි වැඩක් නෙමෙයි.

මේකක්ම ඕනෙ නෑ, කවද හරි අන්වීක්ෂයක් පාවිච්චි කරල තියෙන අය දන්නවනෙ, යන්තම් කදාව එහා මෙහා කලොත් කොච්චර වෙනස් වෙනවද කියල පේන දේ.
මේ තියෙන්නෙ macro photography වලින් ගත්තු ෆොටෝ එකක්, මම ගත්තු එකක් නෙමෙයි හොඳේ, මම මේම අන්තර්ජාලයෙන් ගත්තු එකක්.

7 comments:

  1. මම ලඟ මැක්රෝ ලෙන්ස් එකක් නැති නිසා මම ඒ කාලේ මැක්රෝ ෆොටෝ ගත්තේ 50mm Normal Lense එක ඉස්සරහින් උත්තල කාචයක් තියලා. (කාචය ලඟින්ම)

    උත්සාහ කරලා බලන්න, අත්දුටුවයි සත්තයි.

    ReplyDelete
  2. අදහස නම් පංකාදුයි. කරල බලන්න ඕනෙ. හැබයි ඉතින් කාගෙ හරි කැමරාවක් ඉල්ලගෙන තමයි, මගෙ ලඟ කිසිම ආකාරයක හොඳ කැමරාවක් නෑනෙ. ෆෝන් එකෙත් තියෙන්නෙ වී ජී ඒ කැමරාවක්.

    ReplyDelete
  3. මම ලග තියෙන්නේ SE P990i ෆෝන් එකක් cam ඒකේ මැක්‍රො තියනවා මේ වැඩේට හරියයි ද

    ReplyDelete
  4. ෆෝන් එකේ තියෙන මැක්‍රෝ එකෙන් නම් මේ වගේ දෙයක් කරන්න අමාරුයි. හුඟක් පොඩි දේවල් නම් ඒකෙන් ගන්න බෑ. ඒත් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න.

    ReplyDelete
  5. කොරලම බලමු නේ......

    ReplyDelete
  6. Hope u r not using SLR Cam.
    (5X zoom??)... Macro photos waladi SLR ekak nam,Prime lense ekak tamai wadaath hoda..

    ReplyDelete
  7. ඔව්. අපි පාවිච්චි කලේ DSLR එකක්. ඩීල තියෙන ඒවයින් එපැයි practical එක කරන්න. :) 5X zooming තියෙන මැක්‍රො ලෙන්ස් එකක් එක්ක තමයි ඒක දුන්නෙ.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.