Showing posts with label election. Show all posts
Showing posts with label election. Show all posts

Tuesday, July 7, 2009

අද දවස


අද දවස ගන්න දෙයක් නෑ. උදේ ඇහැරෙන්න පරක්කු උනා, බස් පරක්කු උනා, 124 බස් එක පොලීසියෙන් ඇල්ලුව, කැම්පස් බස් එක මිස් උනා, පස්සෙ නැගපු 255 බස් එක නැවතුනා, ලෙඩ ගොඩයි. කොහොමෙන් කොහොම හරි 8.20ට කැම්පස් එකට ආව. ලෙක්චර් එක මිස්. අනේ කමක් නෑ.
ඒක නෙමෙයි ඔන්න යුද්දෙ පටන් අරන් කියන්නෙ, ඊයෙ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 4ක් වාර්තා උනා කියල උදේ ප්‍රවෘත්ති වලට කිව්ව.

ඔන්න ඒ මදිවට අද චන්ද්‍ර ග්‍රහණක් තියෙනව කියන්නෙ, ඒ උනාට අපිට පේන්නෙ නෑලු. ඒකෙත් හැටි නේද???

Monday, June 29, 2009

තවත් යුද්ධයක්

ඔන්න තවත් යුද්ධයක් එනව. ඌව පළාත් සභා මැතිවරණය. අගෝස්තු 8 ලු තියෙන්නෙ. දැන් ඔන්න කට්ටියගෙ නොම්මර ටිකත් බෙදනවලු. මොනව වේද දන්නෙ නෑ. බලා ඉමු.