Thursday, October 4, 2018

මෙවර පොත් සල්පිල, මගේ අත්දැකීම් හා අදහස්

වෙනදා මෙන්ම මේ වසරේදීත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. පසුගිය වසරවල දී වගේම මේ වසරේදීත්  මම පොත් ප්‍රදර්ශනය බැලීමට සහ පොත් මිලදී ගැනීමට ගියා. 

පෝය දිනයේ දවල් 12ට ගත්තු ඡායාරූප දෙකක්

මේ ලිපිය ලියන්න ආරම්භ කළේ ප්‍රදර්ශනේ පටන් ගත්තු දවසට පස්සෙ දවසෙ උනත් මට මේක ඉවර කරල දාන්න වෙලාවක් ලැබුණේ නෑ. :( 

ගිය වසරේදී රාත්‍රි කාලයේ ගොස් ලබාගත් අත්දැකීම නිසා මේ වසරේදීත් පොත් ප්‍රදර්ශනේට ගියේ රාත්‍රී කාලයේ. පොත් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම හවස 6 සිට 9 දක්වා මම පොත් ප්‍රදර්ශනය බැලීම සහ පොත් මිලට ගැනීම සිදු කළා
අන්තර්ජාලයේ ෆේස්බුක් හරහා පොත් සල්පිල සම්බන්ධ විවිධ ආකාරයේ tips share කිරීම නිසා මෙවර පොත් සල්පිල බැලීමට සහ පොත් මිලදී ගන්නා අයට ඒක ඉතා විශාල පහසුවක් වුණා. මමත් ඒ දේවල් වලින් යම් යම් අදහස් අරගත්ත. ඔය මුහුණුපොතේ කණ්ඩායම් අතරින් ඉදිරියෙන් හිටියෙ  "පොත් කියවන අය | Srilankan Book Readers" ගෲප් එක. 

මමත් පොත් ප්‍රදර්ශනේට පළමු දිනම සහභාගී වූ නිසා ලබාගත් අත්දැකීම් අනිත් අයට විවිධ ආකාරයෙන් ප්‍රයෝජනවත් විය හැකි දේවල් පිළිබඳව ෆේස්බුක් මත මගේ අදහස් පළ කළා. ඉන් ප්‍රයෝජන ලබා ගත් බොහෝ දෙනෙක් මට ස්තුති කරලා තිබුණා. 
හැමෝම මේ පාර කියල තිබ්බෙ මුලින්ම බාගේන් හෝල් එකෙන් පටන් ගන්න කියල. ගිය වසරේ මගේ අත්දැකීම් මත මමත් මුලින්ම ගියේ ඉතින් බාගේන් හෝල් එකට තමයි. 
බාගෙන් හෝල් එකේ තිබ්බ ස්ටෝල්ස් වක පොත් රාක්ක රාත්‍රී කාලයේ වනවිට ඉතාම අපිළිවෙල තත්ත්වයට පත් වී තිබුණත් යම් ආකාරයක හොඳ පොත් ලබා ගැනීමට හැකියාව තිබුණා. 
බාගේන් එකට යනවා නම් උදේ පාන්දරින්ම යා යුතුයි. මක්නිසාදයත් උදේ පාන්දර පොත් පිළිවෙළට තිබීම හා නව පොත් උදයෙන්ම එකතු කිරීමයි. මම දෙවන දිනයකුත් ගියානෙ. ඒ ගියේ පෝය දවසෙ. එදත් බාගෙන් එකටම තමා මුලින්ම ගියේ. හැබැයි සෙනඟ නම් පිරිල.
මුල් දිනයේ මම හා මගේ බිරිඳ පොත් මිලට ගත්තෙ, වැඩිපුරම ඉලක්ක කළේ අපේ අවු:3 පොඩි පුතුට ඉදිරියට ගැළපෙන පොත් ගන්න එක. දෙවනුව මගෙ ලඟ අඩු පාඩු තිබෙන පරිවර්තන කිහිපයක් හා තෙවනුව මනෝ විද්‍යා, ධනාත්මක චින්තන පොත් ටිකක් මිලට ගන්න. ඔයත් එක්කම මට අලුත්ම ආසාවක් ඇවිල්ල තිබ්බ ජන කතා පොත් එකතුවක් හදාගන්න. ඉතින් ඒකට ගැළපෙනපොත් ලිස්ට් එකක්ම මම ලියාගෙන තිබ්බෙ, ඒවත් ගන්න අදහස් කරගෙන හිටිය. 

ඉතින් දැන් මේ ඉවර වෙච්චි ප්‍රදර්ශනේ ගැන කියල වැඩක නෑනෙ. ඊලඟ අවුරුද්දෙ එකටත් ගන්න පුළුවන් අදහස් කිහිපයක් විතරක් කියන්නම්.
  1. ආරම්භ කරන්න බාගේන් එකෙන්. ඒකෙන් ඇති තරම් පොත් ගන්න. ඒකෙ 40% ඩිස්කවුන්ට් එකකට තියෙන පොත් අනිත් තැන් වල 20%ට තියේවි. ඉතින් ඒක බාගේන් එකෙන් අරගන්නෙ නැතිව අතාරින එක අපරාදෙ.
  2. ලිපි ද්‍රව්‍ය සම්බන්ධ කුටි ගොඩක් තිබුණත් අනිත් කොටස් වල, ඒවත් යම් ප්‍රමාණයක් බාගේන් එකෙන්ම ගන්න පුළුවන් වෙයි. ඒකත් සළකල බලන්න.
  3. පොඩි අයගෙ පොත් උනත් සාමාන්‍යයෙන් වැඩියෙන්ම තියෙන්න පුළුවන් තැන තමයි බාගේන් එක. (මේ අවුරුද්දේ නම් උඩින්ම)
  4. වාහනේක යනව නම් පාක් කරගන්න ටිකක් කට්ටක් කන්න වෙනව අනිවා. මොකද BMICH තුළ හා අවට පාකිං ස්පේසස් ගොඩක් නෑ. ගිය වසරෙ නම් ඇතුළෙම පාක් කරගන්න පුළුවන් උනාට මේ පාර නම් ඇතුළට යන්න හිතන්නවත් බැරි උනා. මුල්ම දිනයේ හවස 5ට යනකොටත් පාකිං ෆුල්. හෙවෙනිය ගිය දිනයේ උදේ 8.45ට යනකොටත් පාකිං ෆුල්. පොඩි කට්ටක් කාල එලියෙ හදල තිබ්බ පාක් එකේ දාගත්තෙ. 
  5. මැගී කාල බඩගින්න නිවා ගන්න හිතනව නම් ඒක අමතක කරන්න. යන්න මවුන්ට් ලැවීනියා එකෙන් දාල තියෙන ගමේ කඩේට. කඩල, මය්යොක්ක, බතල, රොටී, නූඩ්ල්ස්, කාල බඩ පුරවගන්න සමානම මිලට. සරුවත් එකක්, දොඩම් වීදුරුවක් බොන්න පිපාසයට. (මුදල් ගෙවා පළ කල ඇඩ් එකක් නොවේ)
  6. යන්න ඉස්සෙල්ල මැප් එක හොයනව නම් Colombo International Book Fair Facebook Page එකේ චෙක් කරන්න මුලින්ම. 
  7. පොත් හා කතුවරු හොයන්න මම භාවිතා කළේ grantha.lk වෙබ් අඩවිය. ඒකෙ All Books ගිහිල්ල පිටුවෙන් පිටුව බල බල පොත් තේරුව. ඒව Google Keep එකේ ප්‍රකාශකගෙ නමත් එක්ක දාගත්ත. එතකොට අදාල ප්‍රකාශක කුටියට ගියාම බලාගෙන බලාගෙන අරගෙන අරගෙන ගියෑකි. 
  8. ක්‍රෙඩිට් කාඩ්, අර ගිය අවුරුද්දෙ දුන්නු MyBookClub කාඩ් එකට කියල නම් කිසිම අමතර වාසි නම් තිබුණෙ නෑ මේ පාර. නමුත් ඒව අරගෙන යන්න එන පාරත්. සමහරවිට තිබ්බොත් එහෙම. 
  9. ෆේස්බූක් පොත් සම්බන්ධ ගෲප් වල සාමාජිකයින්ට අමතර වට්ටම් දෙන වෙළඳ කුටි තිබ්බ. ඒ නිසා එවත් පොඩ්ඩක් මතක තියාගෙන ගිහිල්ල මුදල් ගෙවනකොට අහන්න. මට එකක්වත් කියන්න මතක් උනේ නෑනෙ.
ඔය ටික තමා කියන්න තියෙන්නෙ. 
මේ ලිපිය මීට ඉස්සෙල්ල හාන්න තිබ්බ නම් තව ගොඩක් දේ ලියන්න තිබුණ. :( සමාවෙන්න ඒක බැරි උනාට.


මම හා මගෙ නෝන මිලට ගත්තු පොත් එකතුව මම මුහුණු පොතේ දැම්ම. මේ පහළ තියෙන්නෙත් ඒවමයි. 











කවුරු හෝ මිතුරන් හමුවෙයි කියල හිතුව. හමු උනේ නම් එකම එක මිත්‍රයයි. මාව දැකල ඇවිල්ල කතා කළාට ඔහුට මගේ ස්තුතිය.



එහෙනම් ලබන වසරේ පොත් ප්‍රදර්ශනයේදී හමුවෙමු.