Sunday, July 19, 2009

Widgets

මුහුණු පොතේ සාමජිකයින් ගණන මිලියන 250 ඉක්මවයි


පසුගිය 17 වනදා මුහුණු පොතේ ලියාපදිංචි වී ඇති සාමාජිකයින් ගණන මිලියන 250 පසු කල බව Facebook CEO, Mark Zuckerberg පවසා ඇත.
මේ වසරේ මුල් භාගයේදී එහි සාමාජිකයින් ගණන මිලියන 100 ක් පමණ වූ අතර පසු ගිය මාසයේදී එම ගණන මිලියන 200 වී ඇත. මාසයක් පමණ කෙටි කාලයකින් එය මිලියන 250 දක්වා ඉහල නැග ඇත.

මුහුණු පොතේ වර්ධනය මේ සිතියමින් බලන්න.



ඒ කෙසේ වෙතත් ලංකාවෙ නම් මුහුණු පොතේ ඉන්න සෙනඟ ටික නම් හරිම පොඩ්ඩයි. මොකද ලංකාවෙ උන්ට කරන්න වෙන වැඩ තියෙනවනෙ, අනික ලංකාවෙ තාම කීයෙන් කී දෙනාටද පරිගණක තියෙන්නෙ, අන්තර්ජාල සබඳතා එක්ක.

9 comments:

  1. හැබැයි අන්තර්ජාල සබඳතා එක්ක පරිගණක තියන ලංකාවෙ ගොඩක් දෙනෙකුට තියන එකම වැඩේ Facebook යන එකද මන්‍දා !

    ReplyDelete
  2. මුල් දවස් වලනම් මූණුපොතේම තමා හිටියෙ හැබැයි දැන් හිතෙනවා ඒක මහ වැඩක් නැති වැඩක් කියලා මොකද ඕකේ ඉන්න අය තමන්ගේ ඇත්ත තොරතුරු දාන්නේත් නෑ අනික ගොඩක් කොල්ලෝ කෙල්ලො වගේ චැට් ක‍රනවානේ....

    ReplyDelete
  3. කතා දෙකම හරි.
    @ Supun Budhajeewa
    මමත් ඉස්සර තරම් දැන් මුහුණු පොත පාවිච්චියක් නෑ. අපේ සමහරු නම් ඉන්නව ඩවසම ඒකෙ ඉන්න.

    @ රන්දීර වීරකෝන්
    මගෙ මුහුණු පොතේ යාලුවො ලිස්ට් එකේ වැඩිපුර ඉන්නෙ අපේම කැම්පස් එකේ අය තමා. තව ගොඩක් ඉන්නව මම නොදන්න. ඒත් චැට් කරන වගෙ වැඩ කරන්නෙ දන්න අය එක්ක විතරයි.

    ReplyDelete
  4. මමත් ඔකේ ටික දවසක් හිටිය අපේ බචාල බැචිලා සෙට් කරගෙන වැඩ වල කාර්යක්ශම තාවය 50% වඩා බහිනව චැට් නිසා. චැට් මග හැරියොත් හෙතුත් ඔනි. ඒට වැඩිය හොදයි බොලොග් පිටුවක් ලියන එක.මට කොහෙදි හරි ඇහුන මේක ලෝක ආර්තිකයටත් නරක විදිහට බලපාල කියල

    ReplyDelete
  5. කොහොම හරි පේනවනේ ලංකාවත් කහ පාට වී ගෙන ආපු හැටි.

    ReplyDelete
  6. මාත් ඇබ්බැහි වෙලා ඒත් ඕක කිසිම ප්‍රයොජනයක් නැති එකක් කියලා මටනම් හිතෙන්නේ

    ReplyDelete
  7. ලංකාවෙ ජනගහනයට සාපේක්ෂව මුහුණු පොතේ ඉන්න ශ්‍රී ලාංකිකයින් ගාණ හුඟක් ලොකු ගානක් මම හිතන්නෙ, වෙන රටවල් එක්ක සංසන්දනය කරනකොට.

    ReplyDelete
  8. මුහුණු පොතේ ජංගම දුරකතන සබඳතාව දෙන්නේ තාම රටවල් පොඩි ගානක් එක්ක. එකෙත් එක රටකට සමාගම් 2ක් හෝ ඊට වැඩියෙන් දුන්නු රටවල් තියෙන්නේ අතලොස්සයි. ඒ අතරට ලංකාවත් වැටෙනවා. අනික මුහුණු පොතේ ලොක්කොන්ගේ 4වැනියට ඉන්නෙත් ලංකාවේ පොරක්නේ !

    ReplyDelete
  9. අප්පට හුඩු, ඒකෙ ලංකාවෙ එකෙකුත් ඉන්නවද? එලනෙ.
    කොහොම හරි ලංකාව වාසනාවන්ත වෙලා තියෙනව මොබයිල් අප්ඩේට්ස් ගන්න පුලුවන් වෙන්න. සමහර විට අර කිව්ව ලොක්ක නිසාද දන්නෙ නෑ.
    ට්විටරයත් ලංකාවට එස් එම් එස් අප්ඩේට් දෙන එකත් නැවත්තුවනෙ.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.