Friday, July 10, 2009

Widgets

මගේ චිත්‍ර ඇඳිල්ල


ඔන්න මට සෙට් උනා යාලුවෙක්ගෙ Tablet PC එකක්. කොහෙද ඉතින් වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමා. මම එකෙන් චිත්‍රයක් ඇන්දලු. මම එච්චර දක්ෂ චිත්‍ර ශිල්පියෙක් නම් නෙමෙයි, ඒත් යන්තම් ඇන්ද. බලන්නකො කොහොමද කියල.



ඒක ඇන්දෙ පරිගණකයෙන්නෙ. මේ පහළ තියෙන එක ඇන්දෙ කඩදාසියක දිය සායම් වලින්. දැන් මාස කිහිපයකට ඉස්සෙල්ල ඇන්ද චිත්‍රයක්. දිය සායම් පෙට්ටියක් එහෙම්මම තියෙන නිසා තව චිත්‍රයක් අඳින්නත් හිතෙනව.



10 comments:

  1. අගෙයි අගෙයි... කදිමයි...

    ReplyDelete
  2. ඕක හරි මරු භාන්ඩෙ නේද? ඉස්සර මමත් ඇඳ ඇඳ හිටියා.. හරි ජොලි.

    ReplyDelete
  3. ඇත්ත, අපිට ආතල් උනාට screen එකට නම් තරහ ඇති.

    ReplyDelete
  4. අඩේ, මාරයි නෙ !

    ReplyDelete
  5. ගින්දර.... මට නම් චිත‍්‍ර අඳින්න බැහැ. බල්ලෙක් ඇන්දොත් නිකම් හරකෙක් වගේ...... හරකෙක් ඇන්දොත් බූරුවෙක් වගේ..... අනේ මන්ද....

    ReplyDelete
  6. හැම මිනිහෙක්ම කලාකරුවෙක්, සමහරු අනිත් අයට වඩා හුඟක් දක්ෂයි, එහෙම අය තමා ලොකු ලොකු වැඩ කරන්නෙ, අනිත් අය එදිනෙදා පොඩි පොඩි කලාත්මක දෙවල් කරනව. ඔයාට චිත්‍ර බැරි උනත් වෙන පැත්තකින් කලාත්මකව හිතන්න පුලුවන් ඇති.

    ReplyDelete
  7. @කේෂල, චිත්‍ර අදින්න අමාරු නෑ ඇත්තටම ක්‍රමවේද හා කැපවීම තියේ නම්. ඒත් එක් කෙනෙක් අදින දේම ඔයාට අදින්න බැරි නොවෙන්න පුලුවන් ඒත් ඔයාගේ ක්‍රමයක් තියෙනවා ඔයාගේ අදින එකක.

    ReplyDelete
  8. හරියටම හරි, තමුන්ට ගැළපෙන ක්‍රමවේදය හොයා ගන්න ඕනෙ.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.