අද දවස ගැන දවස පටන් ගන්නකොට ලියන්න හිතුන.
උදේ පාන්දරම කැම්පස් ආව. උදේ එන ලෑස්ති වෙන අතරෙ, රූපවාහිනියෙ පත්තර විස්තර බැලුව. කතා ගොඩයි.
මට නම් වැදගත්ම දේ තමයි, ලෝක බැංකු ණය ලැබීම. ඔයගොල්ලො බලනව ඇති මට ඒක වැදගත් කොහොමද කියල. ඇයි මම කොලඹ කොටස් වෙළඳ පළේ චූටි චූටි ආයෝජන කරල තියෙනවනෙ, මේ දවස් වල වැලේ වැල් නෑ, මේ ණය නිසා කොටස් වෙලඳ පළ ඉහල යන්න බොහෝ දුරට ඉඩ තියෙනව. ඒකයි.
තව මොනවද කිව්වේ. ආ, අන්න ඌව, යාපනය, වවුනියාව තැපැල් ඡන්ද දෙන එක පටන් අරන්, රනිල් අංකල්ගෙ කතා, ටයි පටියෙන් බෙල්ලෙ වැල දාගත්තු එක ගෑනු ළමයෙක් මැරිල, තව ගෑනු ළමයි දෙන්නෙක් කනේරු ඇට වර්ගයක් කාල දවස් 7ක් රෝහලේ ඉඳල නැති වෙලා, සංධානයට එකතු වෙච්චි අය, සංවිධායක කම නොලැබුනාට තරහින් ඉන්න අය, බේරුවල හටං, ගම නගමු අලුත්ම විත්ති. තව දේවල් ගොඩයි, මට කැම්පස් බස් එකේ යන්න ඕනෙ නිසා මම ගෙදරින් පිටත් උනා.
ඔන්න ඔහොමයි අද දවස පටාං ගත්තෙ, ඉස්සරහට මොනවද වෙන්නෙ කියල දෙය්යො තමයි දන්නෙ.
“DSLR රහස්” photography & Cinematography
4 days ago

8:29 AM
Unknown
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




හික් හික්.. මටත් ඔය කොටස් ටිකක් දෙන්න බැරිද? :P කැම්පස් එකට ගෙනාවම ඇති.. මම එතනින් එහාට අරන් යන්නම් :P :P
ReplyDelete