Wednesday, July 8, 2009

Widgets

ශ්‍රවණ මිරිඟු

මම මේක මගෙ ඉංග්‍රීසි ලොග් එකෙත් එක පාරක් දැම්ම, මම මේක සිංහල බ්ලොග් එකකත් අද දැක්ක (පරණ පෝස්ට් එකක් ). ඒත් මටත් ආපහු මේක ගැන කියන්න හිතුන. Auditory illusions හෙවත් ශ්‍රවණ මිරිඟු. මෙන්න මේක බාගෙන අහල බලන්න. මොකද හිතෙන්නෙ කියන්න. හැබැයි headphones set එකක් භාවිතා කරල අහන්න පුලුවන් නම් හුඟක් හොඳයි. මේකට කියන්නෙ virtual haircut කියල.
මම මේ ගැන දැන ගත්තෙ මීට හුඟ කාලෙකට පස්සෙ, මගෙ යාලුවෙක් මට අහන්න සැලස්සුව, මම ඊට පස්සෙ මේක මගෙ යාලුවො හුඟකට අහන්න සැලස්සුව. හැමෝටම පුදුමයි. ඇත්තටම මේ භාවිතා කරල තියෙන තාක්ෂණය නම් පුදුම සහගතයි, Cetera Algorithm එක නම් නියමයි.
හිතෙන්නෙ නැද්ද මේ වගේ එකක් හදන්න? හරි ලේසී, ඕනෙ කරන්නෙ හොඳ මයික් දෙකකුයි, පරිගණකයකුයි, ඒ වැඩේ කරගන්න පහසුකම් තියෙන ඕඩියෝ එඩිටිං මෘදුකාංගයකුයි විතරයි.
මම එක මයික් එකක් පාවිච්චි කරලත් මෙහෙම පොඩි එකක් හැදුව. අපි හැමෝ ලඟ තියෙන Nero SoundTrack පාවිච්චි කරල.

3 comments:

  1. කෝ ඔයා හදපු එක?

    ReplyDelete
  2. "හැබැයි headphones set එකක් භාවිතා කරල අහන්න පුලුවන් නම් හුඟක් හොඳයි"

    හොඳයි විතරක් නෙමේ අනිවාර්යයෙන්ම headset/earphone එකකින් අහන්න වෙනවා මේ effect එක විඳින්න නම්.

    ReplyDelete
  3. ෂා නියමයි. අමුතුම experience එකක්. උඹ හදපු එකත් දාපන්!

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.