Monday, December 14, 2015

"රැකියා වෙළඳපළ ජය ගනිමු" ග්‍රන්ථය ඔබත් ලබාගන්න



මාස කිහිපයක උත්සාහයකින් පසුව ඔන්න ඔයාල බලාගෙන හිටිය අත්පොත එළිදක්වන්න තමයි මේ සූදානම් වන්නෙ.

පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය ගැන මුලින්ම කියන්නම්.
  1. "රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම???
  2. ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ?
  3. සාර්ථක CV එකක් සාදා ගනිමු
  4. මොකද්ද මේ CV එකක් කියන්නෙ?
    1. CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද?
    2. CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
    3. ඔබ CV කීයක් සෑදිය යුතුද?
    4. ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
    5. CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?
    6. සාර්ථක CV එකක් කොහොම විය යුතුද?
    7. මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි
    8. තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
    9. සාර්ථක CV එකක දිග
    10. සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting
    11. ඔබගේ CV එක ඉලක්ක කිරීම
    12. මුද්‍රිත CV, ඊමේල් CV, වෙබ් CV
  5. ඔබගේ සුදුසුකම් ෆයිල් එක සකසා ගන්නේ කෙසේද
  6. Cover Letter එකක් නිවැරදිව සාදාගනිමු
  7. ජොබ් එකකට හරියට අයදුම් කරන්නේ කොහොමද
  8. සම්මුඛ පරීක්ෂණයකට හරියට මුහුණ දෙමු
    1. සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්නේ කොහොමද
    2. සම්මුඛ පරීක්ෂණයට අඳින්නෙ පළඳින්නෙ මොනවද
    3. සම්මුඛ පරීක්ෂණය දවස
    4. සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙමු
    5. සම්මුඛ පරීක්ෂණයින් පස්සෙ
  9. Professional Online Profile එකක් පවත්වාගෙන යන්න
    1. මොකද්ද මේ Professional Online profile එකක් කියන්නෙ?
    2. ඔන්ලයින් ප්‍රොෆයිල්, රැකියා සෙවීමට භාවිතා කළ හැක්කේ කෙසේද?
    3. LinkedIn හරහා Online Profile එකක් සාදාගන්න.
    4. මොකද්ද මේ LinkedIn?
    5. මොකද්ද LinkedIn වල අවශ්‍යතාවය?
Demo එකක් පහත ලින්ක් එකෙන් බලාගන්න.
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view?usp=sharing

මේ පොතත් එක්ක ඔයාලට නොමිලේ ලැබෙන දේවල්
  1. CV Templates
  2. Cover Letter Template
  3. බහුල සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට නිදසුන් පිළිතුරු
  4. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" නොමිලේ බෙදා හැරුණු ඊබුක් එක
  5. අත්වැල් කිහිපයක්
  6. ඒත් එක්කම ඔයාල ඉදිරියට හදන CV එකක දුර්වලතා හඳුනාගෙන, ඒවා නිවැරදි කරල, අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නිවැරදි කරල ඒක හොඳ ආකාරයට හදල දෙනව. (එක් CV එකක් සඳහා) 
මේ දේවල් 6 ලැබෙන්න නම් ඔයා මේ පොත මිලට ගැනීම සිදු කළ යුතුම වෙනවා. 

අංක 6 ගැන කතා කළොත්, ඊට පස්සෙ උනත් ඔයාලට ඒ සේවාව ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ ගැන දැනගන්න මෙම සබැඳිය හරහා යන්න.
http://careerguidancelk.blogspot.com/p/cv-correction-service.html

මගෙ අත්දැකීම් හා දැනුම එකතු කරල තමයි මේ පොත නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් මම උනු මහන්සියට හා ගත කළ කාලයට ඔයාලගෙන් පොඩි මුදලක් අය කරනවා. ඒ වෙනුවෙන් ඔයාල තරහ වෙන එකක් නෑ කියල හිතනව. ඒ මිලටත් වඩා වටිනා දේවල් ටිකක් මේ හරහා ඔබට ලැබෙනව කියල මම ස්ථිරවම කියා සිටිනවා.
මම මීට පෙර, නොමිලේ ඔයාලට ලිපි රැසක්, කෙටි අත්වැල් දෙකක්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" යන්න ගැන කතා කරන ebook එකක් ලබා දුන්නා.

ලොකු මුදලක් වෙන්නෙ නෑ. $1.49. (ඒ කියන්නෙ රු.200-220ක් වගේ පොඩි මුදලක්)

පහත Buy Now බොත්තම හරහා ඔබට මේ පොත මිලට ගන්නට හැකියාව තිබෙනවා. PayPal මගින් කෙලින්ම ඔබට මුදල් ගෙවිය හැකියි 
 Buy Now
$1.49

PayPal නොමැති අය සිටිනවා නම් මට ඊ මේල් ලිපියක් එවන්න. මම eZCash / mCash / Bank Transfer සඳහා අවශ්‍ය විස්තර එවන්නම්.

වැදගත් කරුණක් කියන්නට තිබෙනවා.
මේ පොත මම ඔයාල වෙනුවෙන් ගොඩක් මහන්සියෙන් ලියපු පොතක්. ඉතින් මම මිලක් නියම කරල තිබෙන මෙම පොත නොමිලේ බෙදා හරින්නට එපා යයි කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ සිදුවන තැනක් දුටුවහොත් ඒ පිළිබඳ මා වහාම දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. 
ලංකාවේ බුද්ධිමය දේපළ පණත යටතේ එය ඉතාම වැරදි ක්‍රියාවක් කියලත් ඔබට මතක් කරන්නට කැමතියි.

ඉතින් ඔබ මෙම පොත ඔබගේ මිතුරන් හා බෙදා හදාගන්නා විට ඔවුන්ටත් මෙය මිලට ගැනීමට මෙම පිටුව වෙත ඔවුන්ව එවන්න කාරුණික වන්න.

Buy Now


මගේ Affiliate කෙනෙක් වී ඔබත් උපයන්න. 


මෙම පොත ඔබට පුළුවන් ඔබගේ වෙබ් / බ්ලොග් අඩවි හරහාත් විකුණන්නට. මම ඒ වෙනුවෙන් ඔබට 33%ක Affiliate Commission එකක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ ඔබගේ Affiliate Link එකකින් මගෙ පොත මිලට ගන්නා වාරයක් පාසා ඔබගේ Affiliate ගිණුමට $0.50 බැගින් බැර වෙනවා.
මේ මුදල් ඔබට ඔබගේ Paypal ගිණුමට කෙලින්ම ලබා ගන්නට පුළුවන්. 100%ම ලැබෙනව.
ඒත් එක්කම eZCash, mCash, Bankd Transfer (Commercial/Sampath) හරහාත් ඔබට ඒ මුදල් ලබා ගන්නට පුළුවන්. හැබැයි ඒවට නම් 5%ක service charge එකක් ගන්න වෙනව. 

වැඩි විස්තර සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න.
http://careerguidancelk.blogspot.com/2015/12/ebook-affiliate-programme.html

හැකියාවක් තිබුණොත් මෙම පොත තවත් වැඩිදියුණු කොට මුද්‍රණය කිරීමේ කැමැත්තකුත් මට තිබෙනවා. මේ උත්සාහය ඇගයීමකට ඔබත් බලාපොරොත්තු වනවා නම් ආරාධනා කරනවා මා වෙත ඔබට හැකි අයුරින් කුඩා ආධාරයක් වුවත් කරන ලෙස ආරාධනා කරනවා. 

 

වෙනත් කිසියම්ම හෝ ගැටළුවක් ඇති නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්නට ඉල්ලා සිටිනවා.

UPDATE:
මෙම පොත ඉදිරියට අන්තර්ජාලය හරහා සෘජුව මිලට ගැනීමට නොහැක. ඔබට මෙම පොත අවශ්‍ය නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්න. එවිට සියළුම විස්තර ඔබ වෙත නොපමාව ලැබෙනු ඇත. 

Digital Delivery by E-junkie

Saturday, October 31, 2015

මහතෙක් යයි කිව හැකි කොන්දොස්තර මහතෙක්


කොන්දොස්තර කිව්වම බස් වල යන ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නෙ "මොකද ඔතන නැවතිලා ඉන්නෙ, ඉස්සරහට යන්න", "ඔය මැද නැවතිලා ඉන්න මල්ලි, ඉස්සරහට යන්න", "ඔතනින් පස්සට යන්න" වගේ කතා කරුණාවෙන් නෙමෙයි සැර වැර දාල කතා කරන පුද්ගලයින් කණ්ඩායමක් නේද?
ඊට පස්සෙ, ඉතුරු නොදී මඟ ඇරල, අපි බහින තැන ලං වෙනකොට ඉතුරු ඉල්ලන්න කොන්දොස්තර හොයාගෙන බස් එකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෙනඟ මැද්දෙන් පීරගෙන යන්න වෙන අවස්ථා ඕනෙ තරම් ඔබ හැමෝම අත්විඳල ඇතිනෙ? නේද?

අද මම කාලෙකින් බස් එකක ගියා. ගෙදර ඉඳල කොළඹට. 122 අවිස්සාවේල්ල පිටකොටුව බස් එකක. 
මම නැග්ග බස් එකේ කොන්දොස්තර මහතා ගැන තමයි මේ කතාව.
ඔහුගේ කතා විලාසය හරිම අපූරුයි. හරිම මිත්‍රශීලී. "ඔය ඉස්සරහ ඉන්න මල්ලිය තරහ නැතිව පොඩ්ඩක් ඉස්සරහට යමුද පුතේ", "ඔය චූටි මහත්තය ඔතනින් පොඩ්ඩක් ඉඩ දෙනවද" වගේ තමයි මේ කොන්දොස්තර මහතා බස් එකේ යන අයට කතා කරන්නෙ.
"මල්ලිල ඉතින් ඉස්සරහට යන්නෙ ගෑණු ළමයි කවුරුහරි හිටියොත්නෙ නේද, ඒ ඉතින් එයාලගෙ හැටිනෙ" කියල විහිලුවෙන්ම කියනව එක වෙලාවක. 
ඉතිරි දෙන්න තියෙන අය හොයාගෙන බස් එකේ ඉස්සරහ ඉඳල පස්සට ගිහිල්ල ඉතිරි දෙනව. සමහරුන්ට මතක නෑ තමන්ට ඉතිරි ගන්න තියෙනව කියලත්. මෙයාම කතා කරල "මෙන්න මල්ලි ඔයාගෙ ඉතිරි සල්ලි" කියල ඉතුරිය දෙනව. එක් වරක් බස් එකෙන් පිරිමි ළමයෙක් බැස්ස, මෙයා කෑගහල ඒ මල්ලිට කතා කරනව, "මල්ලී, ඔයා ඉතිරි ගත්තෙ නෑ නේද?" කියල බස් එකෙන් බැස්ස කෙනාටත් කතා කරල ඉතුරු සල්ලි දුන්න.

මට එවෙලෙම හිතුන මේ කොන්දොස්තර මහත්තය ගැන නම් පොඩ්ඩක් කියන්නම ඕනෙ කියල. 
ඉහළින් තියෙන්නෙ ඔහුගේ ඡායාරූපයක් නම් නෙමෙයි, මම අන්තර්ජාලයෙන් සොයාගත්තු එකක්. 

මෙහෙම කොන්දොස්තරල සුහදශීලීව, මිත්‍රශීලීව කතා බහ කරනව නම්, අපහසුවෙන් උනත් මිනිස්සු බස් වල යයි බැණ අඬගහන්නෙ නැතිව. 

Wednesday, October 14, 2015

ISO 9001 නව සංස්කරණය හා බැදේ


ISO 9001: 2015 සංස්කරණයද පැමිණ ඇත. අපි ISO 9001:2008 සංස්කරණයෙන් 2015 සංස්කරණය වෙත වසර 3ක් ඇතුළත මාරු විය යුතුය. එසේ නොවුවහොත් අප වෙත ලැබී ඇති තත්ව සහතිකය අවලංගු වනු ඇත.

නමුත් පුදුමයට කරුණක් වනුයේ, සමහර ප්‍රසිද්ධ සමාගම් තමන් ISO 9001:2000 තත්ව සහතිකය ලබා ඇති බව පවසමින් මාධ්‍ය වල වෙළඳ දැන්වීම් පළ කිරීමය. ISO 9001:2000 තත්ව සහතිකය අවලංගු වී දැනටමත් වසර 12 ගෙවී ඇති බව බොහෝ දෙනා නොදන්නා නිසා ඔවුන් මෙසේ තම පාරිභෝගිකයින් රවටයි.


නොදන්නා අයගේ දැනගැනීම පිණිසය.

ISO වේවා SLS වේවා ඕනෑම සහතිකයකට/ප්‍රමිතියකට එය පළ කළ වර්ෂයක් වේ. ඉන් පසු ඒවායේ නව සංස්කරණ නිකුත් කරන විට පැරණි සංස්කරණය අවලංගු වේ. ISO සඳහා නම් පැරණි සංස්කරණයෙන් අලුත් සංස්කරණයට සමාගමකට මාරු වීමට වසර 3ක කාලයක් ලබා දේ. 
යම් සහතිකයක නව සංස්කරණයක් නිකුත්ව ඇතිනම්, කිසියම් සමාගමක් පැරණි සංස්කරණයක් සඳහා තමන් එම සහතිකය ලබා ඇති බව පවසයි නම්, එය සාවද්‍ය ප්‍රකාශයක් වේ. මක් නිසාද යත්, කිසිදු ප්‍රමිතිකරණ ආයතනයක්, පැරණි සංස්කරණ සඳහා ප්‍රමිති/සහතික නිකුත් නොකරන නිසාය.

Sunday, September 20, 2015

පොත් ප්‍රදර්ශනය බලන්න යනවාද? උපදෙස් ටිකක්

මුලින්ම කියන්න ඕනෙ, මේ උපදෙස් මම කොපි පේස්ට් කල ඒව ටිකක්. මනෝරම වීරසිංහ අය්ය මුහුණු පොතේ දාල තිබ්බ එකක්. නමුත් ඒක සිය ගුණයක් වටින නිසා ඒකම බෙදාගන්න හිතුවා. 

කෑම පුලුවන් නම් පිටින් අරං යන්න... ඉතාම දියාරැ, මස්කට්ටක් දාපු බත් වේලක් BMICH කැන්ටිමෙන් කන්න පැය භාගයක් පෝලිමේ ඉන්න වෙනවා.. වතුර බෝතලයක් අරං බැක් පැක් එකක දාගෙන යන්න.. ලැප් එක අයින් කරල.. මොකද අත රිදෙනවා නැත්තං..
නූඩ්ල්ස් කන්න එපා! බාගෙට තම්බල දෙන්නෙ හදිසිය නිසා.. වරක් කල් ඉකුත්වූ නූඩ්ල්ස් දාලා අහුවුණා.. ඒවා කාලා විදවන පාඨකයෙක් තමා මම.. කොකාකෝලා වල ප්‍රමිතිය පවා ඔතනදි බාලයි.. ඒ නිසා දෙපාරක් හිතන්න...
පර්ස් එකේ විතරක් නැතුව සල්ලි කිහිප පොළක තියාගන්න.. ඒ වගේම ATM ගැන වැඩිය විශ්වාසය තියාගන්න එපා. සල්ලි අතේ අරං යන්න.. සම්පත් ක්‍රෙඩිට් කාඩ් එක අමතර 5%ක් දුන්නට වැඩක් නෑ.. හේතුව 30% වට්ටම් දෙන තැන් වලින් කාඩ් එකෙන් ගෙවද්දි දෙන්නෙ 25%යි!
පුලුවන් තරම් හවස් වෙලා යන්න... තදබදය, විඩාව, පෝලිම් යන තුනම අඩුයි. රෑට ස්ටෝල්වල සෙනග නැහැ.. නිදහසේ තෝරන්න පුලුවන්...
දවස් දෙකක් යෑම තමා නුවණට හුරුම දේ. පළවෙනි දවසේ සැලසුමේ තියෙන සියලුම කුටි වලට ඔලුව දාන්න.. ප්‍රධාන කුටි වලට ඔලුව දාන්න ඕනි අන්තිමට.. මොකද ඒවට හිරවුණාම එලියට එන්න බෑ..
දෙවෙනි දවසෙ යද්දි යාලුවෙක් එක්කං යන්න.. තනියම යෑම හරිම බෝරිං..
නිරන්තරයෙන් බිල පිරික්සා, ඉතිරි මුදල් නිවැරැදිද බලන්න..මොකද කාටත් වරදිනවා...

නියමිත පරිදි වට්ටම් ලැබුණාද කියල බලන්න..
පොත මිලයට ගන්න කලින් වට්ටම ගැන විමසා සිටින්න.. සල්ලි ගස්වලින් කඩන්නෑනෙ නිකං පුදල එන්න... හැමවිටම පොත මුල් ප්‍රකාශකයගෙන්ම ගන්න බලන්න. එවිට වට්ටම වැඩියි...

උදාහරණයක් විදියට සුරස ප්‍රකාශන ආයතනය සිය කෘති වලට දෙන 30% වට්ටම, එළියෙ තියෙන වෙනත් ප්‍රකාශකයන්ගෙන් ගන්න බෑ.. ඒ අය දෙන්නෙ 20%යි.. මොකද ඒ අයට පොතක් දාන්නෙ 40%ක වට්ටමකට.. ඉතින් පිට පොතක් විකිණීමෙන් කුඩා ප්‍රකාශකයන්ට ලැබෙන්නෙ 20%ක ලාභයක් පමණයි.
පොතක් ගනිද්දි පිටු නිවැරැදිව මුද්‍රණය වෙලාද බලන්න.. මොකද, ප්‍රදර්ශනය ලංවෙලා මුද්‍රණාලවලින් පොත් එන්නෙ උණු උණුවෙ ආප්ප වගේ..හදිසියට ගැදරින්, බයින්ඩින්, කටිං වල දෝෂ ඇතිවෙන එක අතිශයින් ස්වාභාවිකයි.. මොකද සල්ලි දීලා පොත ගන්න ඕබ ඉන්නෙ කහටගස්දිගිලියෙ, මොණරාගල නම්, ආයෙ කොළඹ ඇවිත් ඕක මාරු කරන්න ඔබට දාස් ගාණක් වැය වෙනවා..
හැම විටම බිල්පත ලග තියාගන්න.. මොකද එකම පොත වෙන වෙන තැන්වල තියෙන නිසා පරීක්ෂා කරොත් ප්‍රශ්න ඇතිවෙනවා.. ඊයේ මට තෑගි වශයෙන් ලැබුණු පොත් ගැනත් ඒ ගැටලුවම ඇතිවුණා..

හෙට (සඳුදා) යනව නම් මගෙන් උපදෙසක්. 
හෙට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ Convocation එක. ඉතින් උදේ ඉඳල හවස් වෙනකම් ඒක නිසා BMICH එක පැත්ත හුඟාක් කාර්යබහුව වෙයි. පාකිං අමාරු වෙයි, ට්‍රැෆික් කිහිප ගුණයකින් වැඩි වෙයි. 
ඒකත් හිතන්න.

වසර කිහිපයකට පෙර නම් මම පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ලිපි ලිව්ව, දැන් නම් පොත් කියවෙනව ගොඩාක් අඩුයි. :(

Sustainability සහ බුදු දහම

මම මුලින්ම Sustainability කියන්නෙ මොකද්ද කියල කිව්ව ඔයාලට මතක ඇති.

අද කියන්න හදන්නෙ නම් පොඩි බණ කතාවක්. මේක තියෙන්නෙ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ල වග්ගයේ.



ඔන්න දවසක් උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ව හමු වෙන්නට ගියා. ආචාර සමාචාර පවත්වල එතුමා එකත්පස්ව හිඳගෙන කතාවට වැටුන.
අන්න ඒ දෙබස මෙන්න මෙහෙම එකක්.

රජතුමා අහනව, "හිමියනි, අද දින අපගේ දේවිය මෙහි පැමිණියාද?
ආනන්ද හිමියන් පවසනව "ඔව් රජතුමනි, ඇය පැමිණියා"
"ඇය ඔබ වහන්සේට මොනවාද ලබා දුන්නේ?"
" ඇය අප හට සිවුරු පන්සියයක් ලබා දුන්නා"
"එහෙත් හිමියනි, එතරම් සිවුරු ප්‍රමාණයකින් ඔබ වහන්සේ මොනවාද කරන්නෙ??"
"රජතුමනි, ඒවා අපි පරණ වූ සිවුරු සහිත භික්ෂූන්ට බෙදා දෙනවා"
"හිමියනි, පරණ වූ සිවුරු වලින් ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා පොරෝනා විදිහට භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පොරෝනා වලට ඔබවහන්සේලා කුමක් කරන්නේද?
"රජතුමනි, අප ඒවා කොට්ටා හා මෙට්ටා කවර ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ කොට්ටා හා මෙට්ටා කවර වලට ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා බිම් ඇතුරුම් ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ බිම් ඇතුරුම් වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, අප ඒවා පා පිස්නා ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පා පිස්නා වලට ඔබ කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා දූවිලි පිස්නා ලෙස භාව්තා කරනවා"
"හිමියනි, පරණ වූ දූවිලි පිසනා වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, යළි භාවිතාවට ගත නොහැකි තත්වයට කඩමලු වී ඇති ඒවා අපි කැබලි වලට ඉරා මැටි සමඟ මිශ්‍ර කර පොළව ඇතිරීමට භාවිතා කරනවා"

රජතුමා මෙවිට කල්පනා කරනව "බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන මෙන ශ්‍රමණයන් ඉතාමත් අරපරිස්සමින් හා ඥාණවන්ත ලෙස ක්‍රියා කරනවාද. කිසිම දෙයක් අපතේ යන්නට දෙන්නේ නෑ." කියල.

ඉතින් ඔබ මොකද්ද හිතන්නෙ?
මේ sustainability කියන එක අලුත් දෙයක් නෙමෙයි, බුදු රජාණන් වහන්සේ විසින් වසර 2700ක කාලයකට ඉස්සර උන් වහන්සේගේ ශ්‍රාවකයින්ට උපදෙස් දීල, ක්‍රියාවේ යෙදවූ දෙයක්.

ඉතින් ඇයි අපිට බැරි? 

මේ ලිපි මගේ නව බ්ලොග් අඩවිය "Build Greener Sri Lanka" බ්ලොග් අඩවියෙන්ද ඔබට කියවිය හැකියි. 

Sunday, September 13, 2015

හරිතාගාර ආචරණය හා අපි

මුලින් මම ප්‍රවේශය ගත්තෙ මොකද්ද sustainability කියන්නෙ කියන එකත් එක්ක. ඒක ඔයාල කියවන්න ඇතිනෙ නේද?
අද මාතෘකාව හරිතාගාර වායු හා හරිතාගාර ආචරණය ගැන. තාම මම අදාල මාතෘකාවට ආවෙ නෑ. ඒකට අවශ්‍ය වෙන මූලික කරුණු ගැන ඔබට යම් අදහසක් ලබා දීල තමයි මම අදාල විෂයයට එන්නෙ. තව ලිපි කිහිපයක් ලියන්න තියෙන ඒකට. 

ඒක නෙමෙයි, මේ දවස් වල හරිම රස්නෙයි නේද? මේ දවස් වල කියලමත් නෙමෙයි, කොච්චර වැස්සත් දැන් අවුරුද්දක දෙකක ඉඳල, ටික කාලෙකට ඉස්සෙල්ලට වඩා සැළකිය යුතු උණුසුමක් තිබෙනව නේද?

ඒ ගැන හිතනවත් එක්ක, අපේ අද මාතෘකාවට එමු.

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය කියන්නෙ? 
2. මොනවද මේ හරිතාගාර වායු? 
3. ඉතින් ඕකෙන් මොකද්ද වෙන අවුල???
4. අපි මොකද්ද කරන්න ඕනෙ????

මේ ප්‍රශ්න ඔයාලගෙ හිතට එන්න ඕනෙ. මේ දේවල් සමහරු නම් දන්නවත් ඇතිනෙ. නමුත් ඔබ නොදන්නා කරුණු ටිකකුත් කියන්න මම බලාපොරොත්තු වෙනවා.

මුලින්ම අපි බලමු මොනවද මේ හරිතාගාර කියන්නෙ කියල.

0. මොනවද මේ හරිතාගාර?

මේක බලන්නකො. 

මේව දැකල තියෙනව නේද? මේවට කියන නම මොකද්ද?
ඔව්. මේවට තමා හරිතාගාර කියන්නෙ.
මේව ඇතුළට ගිහිල්ල තියෙනවද? ගියාම මොකද්ද ඇඟට එක පාරම දැනෙන්නෙ?
රස්නෙයි. නේද?
අවට පිටත පරිසරයට වඩා මේක ඇතුළෙ උෂ්ණත්වය යම් ඉහළ අගයක් ගන්නව. 
ඇයි ඒ???

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය?

අර ඉහතින් කිව්ව එක වෙන්න මූලික වෙන ක්‍රියාවලියට තමා කියන්නෙ "හරිතාගාර ආචරණය" කියල. 
ඒ කියන්නෙ?
පරිසර උෂ්ණත්වය ඉහළ යන එක සිද්ධ වෙන්න හේතු වෙන ක්‍රියාවලියක තමයි හරිතාගාර ආචරණය කියන්නෙ.

ඒක වෙන්නෙ කොහොමද?
පහත රූපය බලන්න.



මොකද්ද පේන්නෙ?
අපිට සූර්යයාගෙන් තාපය ලැබෙනව.
කොටසක් වායුගෝලය හා පොළව මඟින් උරා ගන්නව.
වායුගෝලයේ පවතින තාපයෙන් කොටසක් ආපහු පොලවෙන් උරාගන්නව, තවත් කොටසක් වායුගෝලයෙන් පිටත අභ්‍යාවකාශයට මුදා හැරෙනව.
අන්න ඒක තමයි සමබරතාවය. 

එතකොට මොකද්ද අලුතින් එන කොටස?

හරිතාගාර වායු?
මොනවද මේ හරිතාගාර වායු?

2. මොනවද මේ හරිතාගාර වායු?
මම කිව්වනෙ හරිතාගාර ආචරණයෙන් වෙන්නෙ පරිසර උෂ්ණත්වය ඉහළ යන එක කියල. එතකොට හරිතාගාර ආචරණය වෙන්නෙ හරිතාගාර වායු නිසා. 
එතකොට, හරිතාගාර වායු කියන්නෙ පරිසර උෂ්ණත්වය ඉහළ නංවන්නට හේතු වන වායූන්.

මොනවද ඒ වායූන්?
හරිතාගාර ආචරණය ඇතිකරන්න මූලිකම වෙන වායූන් 4ක් තියෙනව. මෙහෙම ඒව ලැයිස්තුගත කරමු, ඒවායින් සිදු කරන බලපෑමත් එක්ක.
  1. ජල වාෂ්ප (36 - 70%)
  2. කාබන් ඩයොක්සයිඩ් (9 - 26%)
  3. මෙතේන් (4 - 9%)
  4. ඕසෝන් (3 - 7%)

හරි දැන් කියයි ජල වාෂ්ප වලින්නෙ ලොකුම කේස් එක තියෙන්නෙ අපි ඒකට විසඳුමක් හොයමු කියල. ඔව් ඉතින්, කාන්තාරයක් කළා නම් ඒකටත් විසඳුමක් තමයි. :D 
නෑ. මෙහෙමයි, ජල වාෂ්ප කියන දේ වායු ගෝලයේ තිබෙන දෙයක්. ඒකෙ සමබරතාවයක් තිබෙනව. ඒකෙන් වෙන හරිතාගාර ආචරණය නිසා තමයි අපි මේ ගැහෙන්නෙ වෙවුලන්නෙ නැතිව හොඳට ඉන්නෙ. 
එතකොට ගැටළුවට එන්නෙ. දෙවෙනියයි, තෙවෙනියයි. සිව්වැන්නට ඉන්න ඕසෝන් ඉතින් තියෙන්නෙ ඉතාම කුඩා ප්‍රමාණයක් හා ඉහළම වායුගෝලයේ නිසා, ලොකුම බලපෑමක් නෑ.
එතකොට බැලුවම ලොකුම බලපෑම කරන්නෙ කාබන් ඩයොක්සයිඩ් වායුව. දන්නවනේ ඒ මොකද්ද කියල. දහනයක් වෙන සෑමවිටම වායූගෝලයට පිටවන වායුවක් තමයි කාබන්ඩයොක්සයිඩ්.
ගින්නක් ගැහුවත්, වාහනේක ගියත්, ඛනිජ තෙල් වර්ගයකින් දුවන කිසියම්ම හෝ යන්ත්‍රයක් ක්‍රියා කරවුවත් කාබන් ඩයොක්සයිඩ් වායුව අපේ වා තලයට එකතු වෙනවා. 

ආපහු අපේ ප්‍රශ්නෙට.

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය කියන්නෙ? 

කොහොමද මේ හරිතාගාර ආචරණය වෙන්නෙ?
දැන් ටිකක් තාක්ෂණික වෙන්න යන්නෙ. 
සූර්යයාගෙන් අපිට ලැබෙන විකිරණ වල තිබෙනව සියළුම ආකාරයේ තරංග ආයාමයන්. ඒවාට විවිධ මට්ටමේ ශක්තීන් තිබෙනවා. 
ඒවායින් යම් කොටසක් වායු ගෝලයේ තිබෙන වායූන්ගෙන් උරා ගන්නව. උරා ගන්න ආකාරය ගැන මම කතා කරන්නෙ නෑ. ඒක ගැන කියන්න නම් පරමාණු වල තිබෙන ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් අතර ගමන් කරන ආකාරය ගැන කතා කරන්න වෙනව. උසස්පෙළට රසායන විද්‍යාව හදාරපු අය මේ ගැන දන්නවනෙ, නේද?
ඉතින් පොළවෙන් අර සූර්ය ශක්තිය උරාගෙන ඊට වඩා පහළ ශක්තියක් ඇති, දිගු තරංග ආයාමයන් තිබෙන විකිරණ පිට කරනව. ඉතින් මේ හරිතාගාර වායු මොකද කරන්නෙ, අන්න අර දිගු තරංග ආයාම තියෙන විකිරණ වලට වායු ගෝලයෙන් පිටතට යන්න දෙන්නෙ නැතිව ආපහු ඒව උරාගෙන වායුගෝලය තුලටම මුදා හරිනව. මේ පහළ රූපයේ තිබෙන්නෙ ජල වාෂ්ප (නිල්) හා කාබන් ඩයොක්සයිඩ් (රතු) දෙක ඒ ක්‍රියාවලිය සිදුකරන තරංග ආයාමයන්. 


ඉතින් එතකොට මොකද වෙන්නෙ? 
වායුගෝලයේ තිබෙන තාපය ඉන් පිට වෙන්නෙ නෑ, ඇතුළෙ එකතු වෙවී එකතු වෙවී තියෙනව.
අන්තිමට පරිසරයේ උෂ්ණත්වය ටික ටික ඉහළ යනව.

ඔන්න ඕකයි හරිතාගාර ආචරණය කියන්නෙ.

3. ඉතින් ඕකෙන් මොකද්ද වෙන අවුල???

මෙන්න මේක තමයි බරපතලම ප්‍රශ්නෙ.
පරිසර උෂ්ණත්වය ඉහල යනව ටික ටික. 
මම මුලින්ම ඔයාලගෙන් ඇහුවෙ, දැන් හරි රස්නෙයි නේද කියල.
ඔව්. අන්න ඒකට හේතුව මේ හරිතාගාර ආචරණය තමයි එක් පැත්තකින් බැලුවම. තව හේතුවක් තියෙනව, ඒක අපි ඉස්සරහට කතා කරමු.

ලෝකෙ පුරාම මේක වෙනකොට මොකද වෙන්නෙ???

හරිම රස්නෙයි, මොකද වෙන්නෙ? අපි ෆෑන් දාගෙන ඉන්නව, AC එක තවත් තදට දාගන්නව.... මොකද වෙන්නෙ? තව තවත් අපි බලශක්තිය වියදම් කරනව. ඒවායින් තව තවත් පරිසරයට හරිතාගාර වායු මුදා හැරෙනව, ඒකෙන් තවත් පරිසර උෂ්ණත්වය ඉහළ යනව. ඕක ඉවරයක් නැතිව වෙනව.
අපි මෝටර් වාහන වල ගොඩක් එහෙ මෙහෙ යනව. ඒවායින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුවත් වාතලයට මුසු වෙනවා. 

ලංකාවෙ ටික කාලයකට ඉස්සර සාමාන්‍ය පරිසර උෂ්ණත්වය තිබ්බෙ සෙල්සියස් 27-29 අතර. දැන් සාමාන්‍යය කීයද දන්නවද? සෙල්සියස් 31 - 33. ෂුවර් නැත්තම් හොයල බලන්න. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එහෙම අහල බලන්න. 

තව මොනවද වෙන්නෙ?
උෂ්ණත්වය ඉහළ යනකොට සාගරයේ ඇති ජලය ප්‍රසාරණය වෙනව.
එතකොට? 
සාගර ජල මට්ටම ඉහළ යනව.

අයිස් ග්ලැසියර දිය වෙනව.
එතකොට?
සාගර ජල මට්ටම ඉහල යනව.

දිය වෙන අයිස් ග්ලැසියර මුහුදට එකතු වෙනව.
එතකොට?
මිනිස්සුන්ට බීමට ගත හැකි ජලය 1%න් වැඩි ප්‍රමාණයක් තියෙනව ඔය ග්ලැසියර වල. ඒව මුහුදට එකතු උනාම ලුණු වතුර බොන්න පුළුවන්ද???

තව බැලුවොත්, උෂ්ණත්වය දරාගන්න බැරිව, පොළව උඩ, පොළව යට, ජලයේ ඉන්න සත්තුන් විනාශ වෙලා යන්න පුළුවන්, නියඟ වැඩි වෙනවා, ගංවතුර උවදුරු ඉහළ යනවා....
ඔන්න ඔහොම තව දේවල් ගොඩක් වෙනව.

4. අපි මොකද්ද කරන්න ඕනෙ????

දැන් අපි එනව වැදගත්ම ප්‍රශ්නෙට.
කොහොමද මේක වළක්වන්නෙ???
කණගාටුයි කියන්න මේව වලක්වන්න දැනටමත් බැරි මට්ටමට ඇවිල්ල. අපිට කරන්න පුළුවන් මේක තවත් බරපතල වෙන්න නොදී නවත්තගෙන ඉන්න එක තමයි.
මහ ලොකුවට අන්තර්ජාතික සම්මේලන තිබ්බට ලෝකෙම එකතු වෙලා, වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරන්න, ඒ කිසිවකින් කිසිවක් සිදු වෙලා නෑ. තාමත් වායුගෝලයේ ඇති CO2 ප්‍රමාණය ඉහළ යනව.

පහත ප්‍රස්තාරයේ තිබෙන්නෙ අවුරුදු ලක්ෂ 4කට ඉස්සර ඉඳල වසර 2000 වෙනකම් වායුගෝලයේ CO2 වායුවේ විචලනය (වායු කොටස් මිලියනයකට CO2 කොටස් ගණන)
අවසන් වසර 1000 වෙනමම පෙන්නල තියෙන්නෙ.


මොකද්ද පේන්නෙ? පහුගිය අවුරුදු 200ක වගේ ඉඳල අපි වායුගෝලයට මුසු කරන CO2 ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ දමමින් සිටින බව නේද?

මේ පහත ප්‍රස්තාරයේ තිබෙන්නෙ පහුගිය අවුරුදු 200 තුළදී විවිධ පෙට්‍රෝලියම් දහනයෙන් මේ ලෝකෙ අපි වායුගෝලයට එකතු කර ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයන් (වසරකට කාබන් මෙට්‍රික් ටොන් වශයෙන්(


පේනව නේද කොච්චර ගොඩක්ද කියල!!!!

ඉතින් ආපහු, අපි මොකද්ද කරන්න ඕනෙ???
පුළුවන් තරම්, හරිතාගාර වායු පරිසරයට මුහු කරන එක අඩු කරන එකයි. ඒක 100%ක් නවත්වන්න කිසිම ආකාරයකින් බෑ. මොකද බිලියන 7ක් මිනිස්සු ප්‍රාශ්වාස කරන වාතයෙත් CO2 තියෙනවනෙ. 
නමුත් ඒව එච්චර ගොඩක් නෙමෙයි, මේ ඉහත කිව්ව ඒව එක්ක ගත්තම. 

හිතන්න. කොහොමද මේක අඩු කරන්නෙ කියල.
සරළ උදාහරණ ටිකක් දෙන්නම්.
පෙට්‍රෝලියම් තෙල් භාවිතා වන උපකරණ භාවිතය අවම කරන්න.
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න උත්සාහ කරන්න. පොඩි දුරක් නම්, ඇවිදන් යන්න, නැත්තම පාපැදියක් භාවිතා කරන්න. (ඔය කිව්වම මතක් උනේ, ජපානෙ පිටරටවල් වලට කාර් හදල යවල, උන් පුශ් බයිසිකල් වල යනව. :D )
ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ දැමිය හැකි දේ කරන්න.
බලශක්තීන් හැකිතරම් පරිස්සමින් හා උපරිම කාර්යක්ෂමතාවයකින් හා උපරිම ඵලදායීතාවයකින් භාවිතා කරන්නට උත්සාහ කරන්න.

සාකච්ඡාවට විවෘතයි.

මේ ආකාරයේ තවත් ලිපි Green යන ටැගය යටතේ මම ඉදිරියටත් ලියනව. එකතු වෙලා ඉන්න.
මෙම ලිපි හා තවත් මේ සම්බන්ධ ඉංග්‍රීසි ලිපි පල කරන්නට මම වෙනත් බ්ලොග් එකකුත් හැදුව. ඒකත් බලන්නට ආරාධනා කරනවා


ඔබගේ ඉමේල් ගිණුමට මේ ලිපි කෙලින්ම ලබා ගන්න, පහත පෝරමය හරහා සබ්ස්ක්‍රයිබ් වන්න. 


Enter your email address:


Delivered by FeedBurner

Sunday, September 6, 2015

නව විෂයකට ප්‍රවේශයක් - මොකද්ද මේ Sustainability කියන්නෙ?

අලුත් දෙයක් ගැන කතා කරන්න හිතුව. ඒකට ප්‍රවේශයක් වශයෙන් මේ "Sustainability" කියන දේ ගැන ටිකක් කතා කරන්න හිතුව.

"Sustainability" කියන එකට ප්‍රවේශයක් මම ගන්නව මෙන්න මේ චීන කියමනින්. (ඉංග්‍රීසියෙන් තිබ්බ එක මම සිංහලට පරිවර්තනය කළා.)
"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."
පොඩ්ඩක් මේ ප්‍රකාශය ගැන කල්පනා කරන්නට ඔබට ආරාධනා කරනව. ඒකෙන් කියවෙන දෙය ඔබ තේරුම් ගත්තොත්, මොකද්ද මේ "sustainability" කියන්නෙ කියල ඔබට යම් අදහසක් ලැබෙනවා. 


හරි.
මේ ඉහතින් තිබෙන රූපය බලන්න. මොකද්ද ඔබට පෙනෙන්නෙ?
අපි යන්නෙ කොයිබටද කියල නේද? 
මේ ලෝකය දැන් යන්නෙ ටික ටික විනාශයකට නේද??? 

අපි මේ ලෝකයේ තිබෙන සියළුම ආකාරයේ සම්පත් ඉතා සීග්‍රයෙන් භාවිතාවට ගනිමින් සිටිනවා. අපි මේ ලෝකය ඉතා සීග්‍රයෙන් දූෂණය කරමින් සිටිනව. අපි මේ ලෝකය ටික ටික ජීවත් වීමට නොහැකි තත්වයට පත් කරමින් සිටිනවා.
ඔබ පිළිගන්නවාද?

එතකොට මොකද්ද sustainability කියන්නෙ?
ඒකට හුඟක් බරපතල definition එකක් තියෙනව. නමුත් මම සරළවම කියන්නම්.

Sustainability කියන්නෙ අර මම උඩම කිව්ව ප්‍රකාශය ආරක්ෂා වන පරිදි වර්තමානයේදී ක්‍රියා කිරීමයි.

ඒ කිව්වෙ?

"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."

ඒ කියන්නෙ,
අපි අද ලෝකයේ තිබෙන පහසුකම් හා සම්පත්, අනාගත පරපුර වෙනුවෙනුත් ආරක්ෂා කරමින් භාවිතා කළ යුතුයි කියන එකයි. 
වර්තමානයේ ජීවත්වන්නන් වඩා හොඳ ජීවන තත්වයක් ගත කරමින් හා අනාගත පරපුරටත් හොඳ ජීවන තත්වයක් ලබා ගැනීමට හැකි පරිදි ලෝකයේ තිබෙන සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම "Sustainability" වශයෙන් අර්ථ දක්වන්න පුළුවන්. 

මොකද අතිශය සීග්‍රයෙන් හා කිසිදු පාලනයකින් තොරව ලෝකයේ තිබෙන සම්පත් විනාශ කරමින් අවභාවිතා කළොත් අනාගත පරපුරට මොකද වෙන්නෙ???

ඔවුන්ට ජීවත් වෙන්න කිසිදු සම්පතක් ඉතිරි නොවෙනවා ඇති. 

අපි එහෙම කළොත් ඔවුන් කාටද බනින්නෙ? ඔබට හා මට නේද?

"අපේ මුතුන්මිත්තන්ට බැරි උනා තමන්ගෙ දරු මුණුබුරන්ට ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ ලෝකයක් ඉතිරි කරන්න. ඔවුන් කිසිම අරපිරිමැස්මක් රහිත කිසිදු උවමනාවක් තිබුනෙ නැති තමන් ගැන පමණක් කල්පනා කළ ආත්මාර්ථකාමී පිරිසක් නේද..." 
කියල ඔවුන් අනාගතයේදී කියන එකක් නැද්ද???

අපගේ පසු පරම්පරාවන්ට ජීවත් වන්නට ලෝකයක් අපි ඉතිරි නොකළ යුතුද???

ඔබට සිතන්නට යමක් හා කියන්නට යමක් ඉතිරි කරමින් මම මෙතනින් නවතිනවා.

සාකච්ඡාවට විවෘතයි. 


Wednesday, September 2, 2015

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 2

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1 ලිපිය ලිව්වෙ ගොඩක් කාලෙකට ඉස්සර. ඒකෙ ඉතිරි ටික ලියල තිබ්බත් පෝස්ට් කරන්න අමතක වෙලා තිබ්බෙ.
මම තවත් පොත් පිංචක් ලියල ඒකට දානව කියල කිව්වත්, ඒකත් ලියවුනේ නැති නිසා පෝස්ට් එකක් විදිහටම දාන්න හිතුවෙ.



තත්වයෙන් උසස් අන්තර්ගතයක් නිර්මාණය කරන ආකාරය

ඉහත මම කිව්ව වගේ, අන්තර්ගතය උසස් වීමම ඉහළ Search Engine Ranking එකක් එන්න හේතුවක්. හොඳ අන්තර්ගතයක් සහිත ලිපියක් නැති නම් ඔබගේ අඩවියට කිසිදු කෙනෙක් පැමිණෙන එකක් නෑ, ඔබට විශ්වාසවන්තී පිරිසක් එකතු වෙන එකක් නෑ, හොඳ search engine ranking එකක් ලැබෙන එකකුත් නෑ.
ඉතින්, ඔබ වටා පිරිසක් එක් කරගනිමින්, සමාජ ජාල වල බෙදා හදා ගැනීම් එක්ක සබැඳි රැසක් එකතු කරගන්න පුළුවන් වටිනා, ප්‍රයෝජනවත් අන්තර්ගතයක් නිර්මාණය කරන්න සරළ උපදෙස් ටිකක් මෙන්න.

  • සිත්ගනාසුළු දේවල් ලියන්න උත්සාහ කරන්න. මොකද කවුරුත් කැමති නෑනෙ කම්මැලි හිතෙන දේවල් කියවමින් කාලය අපතේ හරින්න.
  • ප්‍රයෝජනවත් දේවල් ලබා දෙන්න. මිනිසුන්ට උදව් කරන්න, ඔවුන්ට ඔවුන්ගේ ගැටළු විසඳා ගත හැකි දේවල් ලබා දෙන්න.
  • ඔබම සමීක්ෂන කරල හොයල බලල අලුත්ම දෙයක් වාර්තා කරන්න. වෙන අයත් දාල තියෙන දේවල් එහෙම්මම දාන්න යන්න එපා. අලුත් දෙයක්, වටිනා දෙයක් නිර්මාණය කරන්න.
  • අධ්‍යාපන වටිනාකමක් සහිත වැදගත් තොරතුරු, පාඩම්, උපදේශන ලිපි ඔබගේ ශ්‍රාවකයින්ට ලබා දෙන්න. යමක් නිවැරදිව සිදුකරනා ආකාරය ඔවුන්ට කියල දෙන්න.
  • විවිධාකාරයේ ලැයිස්තු හදන්න, ගොඩක් අය ඒවගෙ දේවලට බොහොම කැමතියි.
  • වීඩියෝපට පළ කරන්න. වීඩියෝපට කියන්නෙ හරිම පහසුවෙන් බෙදාහදාගැනෙන, සබැඳි විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් දෙයක්. හුඟක් අය කැමතියි විඩියෝපට නරඹන්න. ඒව හරිම පහසුවෙන් ඉක්මනින් ශෙයා කෙරෙන දේවල්.
  • නිර්මාණාත්මක විෂය පරාසයක් තෝරාගන්න. උදාහරණයක් විදිහට ඔබ Photo Editing වගේ දේ වලට දක්ෂයෙක් නම් ඔබට පුළුවන් යම් යම් දේවල් ගැන රූපාකාරයෙන් කියල දෙන්න.
  • විවාදාත්මක කරුණු ගෙනහැරපාන්න. විවාදාත්මක ලිපි ලියන්න. එවිට එයට එකඟ වන අයත් එකඟ නොවන අයත් එකතුවී අදහස් දක්වමින්, හොඳ සංවාදයක් සිදු කරාවි.

Wordpress කොහොමද Optimize කරගන්නෙ.

මේ කොටස නම් අදාල වෙන්නෙ ඔබ විසින්ම හොස්ට් කරන ලද වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක් මත ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය පවත්වාගෙන යනවා නම් තමයි.
ඉස්සෙල්ල කිව්ව වගේ වැදගත් අන්තර්ගතයක් නිර්මාණය කිරීම තමයි ප්‍රධානතම දේ. නමුත් වර්ඩ්ප්‍රෙස් භාවිතා කරන්නන්ට තව වැදගත් දේවල් ටිකක් කරන්න තිබෙනව. මේ වගේම දේවල් තිබෙනව බ්ලොගර් භාවිතා කරන්නන්ටත්.
  • මුලින්ම බ්ලොග් එක හදනකොට වර්ඩ්ප්‍රෙස් තුළින් අපි අපගේ අඩවියේ වෙබ් ලිපිනය කෙසේද කියන එක හදන්න ඕනෙ. http://www.myblog.com ලෙස හෝ http://myblog.com ලෙස. මේ දෙකෙන් එකක් ඔබ මුලින්ම තෝරාගන්න ඕනෙ. ඒක ආපහු වෙනස් කරන්න එපා කවදාවත්. ඒ ඩොමේන් නාමයම තමයි ඔබ Google Webmaster Tools වලට ලබා දිය යුත්තේ.
  • ඊලභට කරන්න ඕනෙ custom permalinks දාගන්න එක. සාමාන්‍යයෙන් වර්ඩ්ප්‍රෙස් වල තිබෙන permalinks structure එක වෙනස් කරන්න ලිපියේ නම, පිටුවේ නම් ලින්ක් එක තුළට එන ආකාරයට. Settings > Permalinks වලට ගිහිල්ල “Post Name” හෝ “Custom Structure” දීල ඒකට : /%category%/%postname%/ ආකාරය දෙන්න. මේක ඉහළ Search Engine Ranking එකක් ලබා ගන්න අතිශයින්ම වැදගත් දෙයක්.
  • ඔබ ලිපි වෙන් කිරීමට Categories භාවිත කරන්නේ නම්, අනිවාර්යයෙන්ම ගැළපෙන keywords සහිත Allias සහිත categories භාවිතා කරන්න.
  • ලිපියේ නම සහ ලිපියේ ලින්ක් එක එකිනෙකට වෙනස් අකාරයට සකසන්න. ඒකෙන් ඔබට පුළුවන් ඔබට යොදාගන්න බැරිඋනු keywords තව ටිකක් ලිපියට ඇතුළු කරගන්න. ලිපියේ ලින්ක් එක පෙන්වන තැන තිබෙන Edit බොත්තම ක්ලික් කරල url එක වෙනස් කරන්න. හැබැයි අදාල වෙන ආකාරයේ ලින්ක් එකක් යොදන්න.
  • Related Posts plugin එකක් භාවිතා කරල කියවමින් පවතින පිලියට ගැළපෙන වෙනත් ලිපිත් කියවන්නාට පෙනෙන්නට සළස්වන්න. ඒ හරහා ඔබට පුළුවන් ඔබගේ අඩවියේ කෙනෙක් ගත කරන කාලය වැඩි කරන්න, ඔවුන් කියවන ලිපි ප්‍රමාණය වැඩි කරන්න.  ඒත් එක්කම ඔබගේ අඩවියේ Bounce Rate එකත් අඩු වෙනවා. ‍YARRP කියන්නෙ ඒකට හොද ප්ලගිනයක්.
  • පිරිසිදු Code හා CSS සහිත සරළ නමුත් හොඳ තීම් එකක් හොයාගෙන භාවිතා කරන්න. Premium Theme එකක් වඩාත් හොඳයි. ඒකට නම් යම් මුදලක් වියදම් කරන්න වෙයි. ඒත් එක්කම, නොමිලේ ලබාදෙන හොඳ තීම් උනත් තියෙනව.
  • සැමවිටම ඔබගේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය, නවතම සංස්කරණයට උසස් කරන්න. පැරණි සංස්කරණ හැක් කරන්න පහසුයි අලුත් එකකට වඩා. ඒත් එක්කම Secure Wordpress වැනි ආකර්ෂණ ප්ලගිනයකුත් ස්ථාපනය කරගන්න.
  • Google Site Map වැනි Site map ප්ලගිනයක් ස්ථාපනය කර ඒ site map එකේ ලින්ක් එක Google Web Master Tools වලට ලබා දෙන්න. ඒතකොට ඔබගේ අඩවියේ පිටු ගූගල් මගින් වඩා කාර්යක්ෂම ලෙස crawl කරනවා.

තවත් දේවල් ඔබගේ හිතෙත් ඇති, ඔබත් දන්නවා ඇති. ඉතින් ඒව ක්‍රියාත්මක කරන්න. ගූගල් කියන්නෙ අන්තර්ජාලය තුල තිබෙන විශාලතම සෙවුම් යන්ත්‍රය. ඉතින් ඒ හරහා තමයි ඔබගේ අඩවියට වැඩිපුරම ට්‍රැෆික් එන්නෙ.


"Get-Traffic" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Wednesday, June 24, 2015

Group Buying සයිට් වලින් බඩු ගැනීම


මොනවද මේ Group Buying Sites?
තේරුම නම් අහන්නෙපා. උදාහරණෙකින් කියන්නම්.
ඩිස්කවුන්ට් සයිට්.
උදා: buynow.lk, mydeal.lk, anything.lk, easy.lk ....................

මේවයෙ හරි ලාභෙට බඩු තියෙනවනෙ. ඔයාල දැකල ඇති.
එයාල කියන විදිහට සමහර බඩු වල ඔරිජිනල් මිලෙන් 50%කට වඩා අඩු මිලකට එයාල සමහර බඩු අපිට දෙනවා.

ඒ කියන තරම් එච්චර අඩු මිලට දෙන්නෙ කොහොමද ඇත්තටම?
මම නම් වැඩිපුර දන්නෙ නෑ. නමුත් දේවල් දෙකක් දන්නව.
1. එයාලට Showroom maintenance වියදමක් යන්නෙ නෑ. (ඒකට අදාල විදුලිය, කුලිය, සේවකයින් සඳහා වැටුප්, අදාල වෙනත් වියදම්)
2. එයාල සමහර බඩු කොරියාව, චීනය, වියට්නාමය වගේ රටවලින් කෙලින්ම ගෙන්වනවා. ඉතින් ගොඩක් අඩු මිලට ගන්න පුළුවන්.

එතකොට ඔය එයාල කියන ඔරිජිනල් මිල?
ඒක මාකට් එකේ තියෙනව කියන මිලනෙ. හැබැයි සමහර දේවල් මම දැකල තියෙනව මාකට් එකේ තියෙන මිලටත් වඩා එයාල දාල තියෙන මිල වැඩියි. එක දන්නෙ නැති අය හිතන්නෙ මේව පට්ටම ලාභයිනෙ කියල.
හෝටල් වලටත් එහෙමයි. හුඟක් හෝටල් වල ඇත්ත මිල ගණන් මෙයාල දාල තියෙන මිල ගණන් වලට වඩා හුඟක් වෙලාවට අඩුයි.

මම කියන්න ආවෙ මේ දේවල් නෙමෙයි. මෙයාල කියන සමහර උපකරණ වල ක්‍රියාකාරිත්වය ගැන ගැටළු තිබෙනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ ගැන තමා මම කියන්නෙ.
සමහර වෙලාවට ඒවා සම්බන්ධ ගැටළු වලට ඔවුන් සාර්ථකව පිළිතුරු දෙන්නෙ නෑ.

උදා: මම easy.lk එකෙන් ගත්ත Pest Reject (කෘමීන් එලවන) උපකරණයක්. ගෙනල්ල පාවිච්චි කරල බැලුවම ඒකෙන් වැඩක් නෑ. ඒක දාල තිබ්බට මැස්සො, මදුරුවො, කැරපොත්තො එලවනව කියල. ඒක ඉස්සරහින් ඒ ඔක්කොම සත්තු ආතල් එකේ එහෙ මෙහෙ යනව. උන්ට කිව්වම කේස් එක උන් කියපි මේක මැස්සන්ට මදුරුවන්ට වැඩ නෑ කියල. ඊට පස්සෙ මම කිව්ව item description එකේ නම් ඒ ඔක්කොමල්ලටම වැඩ කියල දාල තියෙනව කියල. ඊට පස්සෙ කිව්ව එහෙනම් ඒක ගෙනත් දෙන්න refund කරන්නම් කියල. මට නිවාඩු දාගෙන නුගේගොඩට යන්න වෙලාවක් නැති නිසා ඒ රු.1250ට සමු දුන්න.

ඉතින් ඔන්න ඔහොම කේස් වෙන්න පුළුවන් කියලයි මට කියන්න ඕනෙ උනේ. ඕවායෙ තියෙන බඩු හරියට වැඩ කරනවද කියල ඇත්තටම ශුවර් නෑ. හොඳ ඒවත් අනිවාර්යයෙන් තියෙනව,
මම mydeal.lk එකෙන් ගත්තු 10000mAh Power bank එක දැන් කාලාන්තරයක් සුපිරියට වැඩ.

අනිත් එක, ඔය සයිට් වල තියෙන දේවල් වලින් 70-80%ක්ම ebay එකේ තියෙනව ඒ දාල තියෙන මිලට වඩා ගොඩක් අඩුවට. සමහර දේවල් 90%ක් වගේ අඩු මිලට.
උදා: Selfie Stick එකක් ඔය සයිට් වල 1000-1500/- අතර මිලකට විකිණෙනකොට ඒක ebay එකෙන් ගන්න පුළුවන් 200-300/= වගේ මිලකට.

Hotel Bookings ඔය සයිට් වලින් බලල කරන්න හිතනව නම් ඊට ඉස්සෙල්ල ඒ හෝටල් වලට කතා කරල බලන්න, සහ අනිවාර්යයෙන්ම agoda.com, bookings.com වල ඒ හොටෙල් වල මිල ගනන් චෙක් කරන්න. agoda වල එහෙම ගොඩක් වෙලාවට ගොඩක් අඩු මිලට තියෙනව.

හරි.
කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනු නිසා හදිසියෙ හිතුනු දේවල් ටිකක් එකතු කරල මේ ලිපිය ලිව්වෙ. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා.


Tuesday, April 14, 2015

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!


ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා!!!

Monday, April 13, 2015

මිරිස් මෙච්චර සැර ඇයි?

ඉස්සෙල්ල අපි කතා කලා සීතල දෙයක් ගැන. දැන් කතා කරන්න හදන්නෙ පිච්චෙන දෙයක් ගැන.

මිරිස්!!


මිරිස් කිව්වම එක එක ජාතියෙ මිරිස් තියෙනව. මාලු මිරිස්, කොච්චි මිරිස්, නයි මිරිස්, වැරණිය මිරිස්, තව එක එක ජාති. එක එක ඒව එක එක මට්ටමින් සැරයි. සමහර ඒව නම් පොඩ්ඩක්වත් සැර නෑ නිකං කන්න පුළුවන්. සමහර ඒව නම් යංතං ගෑවුනත් කෙලින් ඉන්න බැරි තරම් දැවිල්ලයි. සමහර අය මිරිස් කන්න හරිම ආසයි. ඒකෙන් එයාල අමුතුම සතුටක් ලබනව. සරළව කිව්වොත් අමුතුම කික් එකක්. :)

ඉතින් මේ සැර, දැවිල්ල, පිච්චෙන ගතිය කොහොමද එන්නෙ???

මිරිස් වල තිබෙනව රසායනිකයක්, Capsaicin කියල. මින්ට් වලින් සීතල දැනෙන විට සිදුවන රසායනික ක්‍රියාවලිය ස්නායු වල ඇති කරනව වගේ, කැප්සයිසීන් වලින් කරන්නෙ, අපිව පිලිස්සෙන විට ඇති වන සංවේදනයට අදාල විදිහට ස්නායු තුළ රසායනික ක්‍රියාවලිය ඇති කිරීමට හේතු වන එක. එතකොට මිරිස් කෑවම අපිට පිච්චෙනව වගේ දැනෙන්න ගන්නව.
ඊට පස්සෙ මොකද වෙන්නෙ???
මොළය හිතන්නෙ අපිව පිච්චෙනව කියල. මොළය එතකොට කරන්නෙ එතනට යවනව, අපේ ශරීරයේ තිබෙන වේදනාව නසන රසායනිකය. Endorphins කියන්නෙ ඒක. අන්න ඒක දිව හා මුඛයට ආවම තමයි අර කිව්ව කික් එක එන්නෙ. 

ඉතින් මේ මිරිස් වල සැර මනින්න ක්‍රමයක් තියෙනවද??
තියෙනව. Scoville Heat Units (SHU) කියන්නෙ ඒක. මිරිස් වල සැර මනින්න 1912දි Wilbur Scoville විසින් නිර්මාණය කරන ලද ඒකකයක්. මිරිස් වලින් ලබාගන්නා ලද කැප්සයිසීන් නිසාරණයක් මිනිස් දිවට එහි සැර නොදැනන තරම් ජලය මගින් තනුක කළ යුතු ප්‍රමාණය තමයි මේක මනින ක්‍රමය. තනුක කරන්න ඕනෙ කරන ජලය ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මිරිස් වල SHU අගය වැඩි වෙනව. ඒ කියන්නෙ සැර වැඩියි කියන එකයි.
නමුත් මේ මිනුම් ඒකකයේ ගැටළුවක් තිබෙනවා. මොකද මේ පරීක්ෂණයේදී භාවිතා වන පුද්ගලයා අනුව මෙහි මිනුම වෙනස් වෙන්නට පුළුවන් නිසා. ඉතින් පස්සෙ කාලෙක මිරිස් වල සැර මනින්න වෙනත් ක්‍රමයක් නිර්මාණය උනා liquid chromatography කියන තාක්ෂණය හරහා.

Carolina Reaper   2,200,000 SHU

(Trinidad moruga scorpion)
ලෝකෙ සැරම මිරිස් වර්ගය
http://www.hellawella.com/top-10-hottest-peppers-world

මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

පරණ අවුරුද්දේ අවසන් ලිපිය තමයි මේ. එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Saturday, April 11, 2015

"මින්ට්" සීතල ඇයි?

Mint ටොෆි

මින්ට් කිව්වම මින්ට් ජාති ගොඩක් තියෙනවනෙ. පෙපර්මින්ට් තමයි මම දන්න පරණම එක. පොඩි කාලෙ ඒවට මම නම් හුඟක් ආසයි. දැන් නම් පෝලෝ තියෙනව, තව ජාතිත් තියෙනව.
ඉතින් ඇයි මේව කනකොට සීතලක් දැනෙන්නෙ???

ඉස්සෙල්ල අපි බලමු අපිට කොහොමද උෂ්ණය / සීතල කියන එක දැනෙන්නෙ කියල.
අපේ ඇඟ පුරාම ස්නායු තියෙනවනෙ. ඉතින් ඔය ස්නායු වලින් මොළයට යවන එක් විදුලි පණිවුඩ වර්ගයක් තමයි උෂ්ණත්වය. සිසිල් හා උෂ්ණ කියන සංවේදන දෙකට අදාල විදුලි සංඥා වර්ග දෙකක් තිබෙනවා. අපිට උණුසුම් දෙයක් ස්පර්ශ වනවිට ස්නායු තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාව හරහා ඇතිවන විදුලි සංඥාව ස්නායු මගින් මොළයට යවනව. සිසිල් දෙයක් ස්පර්ශ වන විට, පරිසරය සිසිල් වන විට, ඊට අදාලව ස්නායු තුළ සිදුවන රසායනික ක්‍රියාවලිය හරහා ඊට අදාල විදුලි සංඥාව මොළයට යවනව.
ඉතින් ඒ පණිවුඩ මගින් තමා මොළය හඳුනා ගන්නේ පරිසරයෙ සිදුවන උෂ්ණත්ව වෙනස්කම් හා අපි ස්පර්ශ කරන දේ වල තිබෙන උෂ්ණත්ව වෙනස්කම්. ඒ අනුව තමයි අනිත් පැත්තට මොළයෙන් පණිවුඩ එවන්නෙ "ඕක ගොඩක් රස්නෙයි, අල්ලන්න එපා" වගේ පණිවුඩ.

ඉතින් මින්ට් වලදි මොකද වෙන්නෙ? ඒක රස්නෙත් නෑ සීතලත් නෑනෙ.
මින්ට් වල තිබෙනවා "මෙන්තෝල්" කියන ක්‍රියාකාරී රසායනිකය.
ඊට හැකියාව තිබෙනවා අර කිව්ව ස්නායු වල (මින්ට් එකක් කනව නම්, මුඛයේ තියෙන ස්නායු වල) රසායනික ක්‍රියාකාරිත්වය වෙනස් කරන්න. ඒ වෙනස් කරන්නෙ සිසිලස දැනෙන විට සිදුවන ආකාරයට එම රසායනික ක්‍රියාවලිය සිදුවන්නට. එවිට ඇතිවන විදුලි සංඥාව මොළයට ගියාම, මොළය හඳුනාගන්නවා සිසිල් දෙයක් එම ස්නායු සමඟ ස්පර්ශ උනා කියල. 
ඉතින් අන්න ඒ නිසා තමයි අපි මින්ට් එකක් ආහාරයට ගන්නකොට සිසිලසක් දැනෙන්නෙ.

පෙපර්මින්ට් ශාකය


මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

අලුත් අවුරුදු නැකැත්

අලුත් අවුරුදු චාරිත්‍ර වලට අදාල නැකැත් කුමනාකාරයටද යෙදිල තියෙන්නෙ කියල බලාගන්න.
(වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලදී.)



හරියට බලාගන්න රූපය ලොකු කරගන්න ඒ මත ක්ලික් කරන්න.

Friday, April 10, 2015

බාර් කෝඩ් වැඩ කරන්නේ කොහොමද


බාර් කෝඩ් කියන්නෙ මොනවද කියල නොදන්න කෙනෙක් නෑනෙ. නේද?

ඒත් ඉතින් මොනවද මේ බාර් කෝඩ් කියන්නෙ කියල ලිපිය පටන් අරගමු,
වෙළඳපළේ තිබෙන දේ වල ලේබල් එක මත විවිධ පළලින් යුතු ඉරි රැසක් තිබෙනවා ඔබ දැක ඇති. තව ඉලක්කමක් එක්ක. අන්න ඒක තමයි බාර් කෝඩ් එකක් කියන්නෙ. ඕක තමයි බහුලවම භාවිත වෙන බාර් කෝඩ් වර්ගය. මේවා One Dimensional bar Codes කියලත් හඳුනවනවා. ඊට අමතරව තව වර්ගත් තිබෙනවා. 
ඒක, යන්ත්‍රයකින් කියවිය හැකි පරිදි සකසන ලද අකුරු හා ඉලක්කම් සහිත කේතයක්.
වෙළඳ සැල් වලදී ලේසර් බීම් විහිදුවන උපකරණයකින් (Bar Code Reader) ලේසර් ආලෝකය එය මතට පතිත කර, එහි පරාවර්තනයන් හඳුනාගෙන එය පරිවර්තනය කරනු ලබනවා අදාල අකුරු හා ඉලක්කම් වලට.

ඉතින් ඕකෙ තියෙන්නෙ මොනවද?
අර කිව්ව වගේ, එම බාර් කෝඩ් එක දරන දෙය සම්බන්ධ යම් විස්තර ප්‍රමාණයක් තමයි බාර් කෝඩ් එකේ අන්තර්ගත වන්නේ. 
යම් සමාගමකින් විකුණන වෙළඳ භාණ්ඩයකට ඔවුන් බාර් කෝඩ් එකක් භාවිතා කිරීම හරහා එම භාණ්ඩයේ Identification Number එකක් එයට ඇතුළු කළ හැකියි. එය වෙළඳ සැලේ තිබෙන Bar Code reader එක හරහා කියවා, එම භාණ්ඩයට අදාල විස්තර පරිගණකය තුළින් ලබා ගන්නට පුළුවන්.
බාර් කෝඩ් එක තුළ එම භාණ්ඩය ගැන විස්තර නෑ, තිබෙන්නේ අර කිව්ව වගේ identification number එකක් විතරයි. (මට මතකයි හුඟක් ඉස්සර බලපු ෆිල්ම් එකක තිබ්බ, ප්‍රධාන නළුව පරිගණකයක නෙට්වර්ක් එකේ වැඩක් කරද්දි කරන්ට් එක වැදිල මුළු ඉන්ටර්නෙට් එකේම ඩේටා එයාගෙ ඔලුවට එනව. ඔහුට මාරම දැනුමක් එනවට අමතරව එක් තැනකදි ඔහු චොක්ලට් එකක බාර් කෝඩ් එක බැලුවම ඔහුට ඒකෙන් ඒකෙ මිල, කල් ඉකුත් වන දිනය වගේ විස්තර ගොඩක් පේනව. නමුත් ඇත්තෙන්ම බාර් කෝඩ් එකෙ එච්චර විස්තර ඇත්තෙත් නෑ හා දාන්නත් බෑ)
ඉතින් ඔය identification number එකට අදාලව පරිගනකයේ තිබෙන විස්තර වෙනස් කිරීම හරහා වෙලඳ සැල් හිමියාට ඉතාම පහසුවෙන් මිල ගණන් වෙනස් කිරීම් වගේ කරන්න පුළුවන් හැම භාණ්ඩයේම මිල අලව අලව ඉන්නෙ නැතිව.

දැන් කාලෙ අලුතින්ම ඇවිල්ල තිබෙන බාර් කෝඩ් වර්ගයතමයි Two Dimensional bar Codes. ඒවා හඳුන්වන්නේ QR Codes නමිත්. ඔය පල්ලෙහා තියෙනව වගේ ඒව. ඕව කියවන්න පුළුවන් mobile software ඕනෙ තරම් තිබෙනවා. (One Dimensional ඒවා කියවන්න පුළුවන් mobile apps එහෙමත් තියෙනවා.)



මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

ආලෝකය හා සාපේක්ෂතාවාදය

ආලෝකය හා සාපේක්ෂතාවාදය දෙක ගැන කතා කළොත්, සරළව කිව්වොත් දෙකම තේරුම් ගන්න අමාරු විෂයයන් දෙකක්.

පොඩි ගැටළු දෙකක් ගමු.

1. ඔබ ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ආලෝකය ඔබට පෙනෙන්නේ කොයි ආකාරයෙන්ද?

ඔබ ආලෝකයේ වේගයෙන් යන විට ආලෝකය තවමත්, ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා ඔබට දකින්නට පුළුවන්. ඉතින් න්‍යායාත්මකව බැලුවොත් එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ආකාරයට සිදු වනවා පෙනේවි. මේක කියවෙන්නෙ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයේ.
අපේ සූර්යයා වටේ අපි අති විශාල වේගයකින් ගිහිල්ල, සූර්යයා අභ්‍යාවකාශය තුළ විශාල වේගයකින් ගිහිල්ල, අපගේ මණ්දාකිණිය ඊටත් වඩා විශාල වේගයකින් ත්වරණය වෙලා උනත්, ආලෝකය ඒ කිසිම වේගයක සම්බන්ධයක් නැතිව ආලෝකයේ වේගයෙන්ම ගමන් කරනු ඇති.



2. අපිට ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිද?

ගණං හදල, පරීක්ෂණ කරල කියන විදිහට ආලෝකයේ වේගය, තත්පරයට මීටර් 299,792,458 යි. ඔය වේගෙන් යන්න පුළුවන් නම් අපිට තත්පරයකින් ලෝකේ වටේ වට හතහමාරක් යන්න පුළුවන්.
ඒක ඇවිල්ල අපි දන්න වේගවත්ම දේනෙ. හරි, ඇයි ඒත් මේ වේගෙන් යන්න මේ තරම් අමාරු??? අපි හිතමු, ඔය ගුරුත්වාකර්ෂණය, ඝර්ෂණය වගේ ප්‍රතිරෝධී බල නෑ කියල. එහෙනම් ඉතින් ත්වරණය වෙවී වෙවී හිටියොත් අපිට කවද හරි ආලෝකයේ වේගයට යන්න පුළුවන් කම තියෙන්න ඕනෙ. නැද්ද?

පොඩි ගැටළුවකට තියෙන්නෙ, එහෙම හරි යන්නෙ නෑ.

අයින්ස්ටයින් ඒකටත් පොඩි කේස් එකක් දාල තියෙනව එයාගෙ "සාපේක්ෂතාවදය" තියරියෙදි.
ඒකෙ කියන විදිහට මොකක් හරි චලනය වන වස්තුවක වේගය වැඩි වීමත් සමඟ, ඒකෙ ස්කන්ධයත් වැඩි වෙනවා. එහෙම ගත්තම, වස්තුව ආලෝකයේ වේගයට එළඹෙනකොට එහි ස්කන්ධය අනන්තයක් වෙනවා. එහෙම අනන්තයක වස්තුවක් චලනය කරවන්න අනන්ත ශක්තියක් අවශ්‍ය වෙනවා. 
ඉතින් එහෙම ශක්ති ප්‍රභව මේ විශ්වයේ තියෙනවද කියල නම් අපි දන්නෙ නෑ. 

ඉතින් මේ අවස්ථා දෙක ගත්තම, දෙකම තේරුම් ගන්න අපහසු අවස්ථා දෙකක්. තවත් මේ වගේ අවස්ථා අපිට හමු වෙනවා ඉහත කිව්ව විෂයන් දෙක ගැන කතා කරනකොට. 


මේ ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙයි. 


බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

Thursday, April 9, 2015

වසන්තයට මගෙන් - තාම කල්පනා කරමින්

හ්ම්ම්. බ්ලොග් වසන්තය පටන් අරගෙන දවස් දෙකක්. තාම බැරි උනා මොකුත් ලියාගන්න. ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ. ඒත් එක්කම හරි හමං විදිහට වෙලාවක් ආවෙ නෑ. මේ පෝස්ට් එක ලියන්නත් පේජ් එක ඕපන් කරල පැය ගානක් තිබිල තමයි මේ මොකක් හරි ලියන්නපටන් ගත්තෙ. ඉක්මනට මොනව හරි කල්පනා කරල ලියන්න දෙයක් හොයාගෙන, ලියන්න ඕනෙ.


බ්ලොග් වසන්තයේ ලියවෙන බ්ලොග් වල ලිපි ඔයාලට පුළුවන් "ලක් දැල" බ්ලොග් කියවනය හරහා කියවන්න.





ප.ලි. ඔයාලට මතක් වෙනව නම් මට ලියන්න පුළුවන් දෙයක්, කියන්න අවසර තිබෙනවා.

Monday, March 30, 2015

බ්ලොග් වසන්තය

මේක අලුත් වැඩසටහනක්. තවත් බ්ලොග් සැණකෙලියක් නම් නෙමෙයි.
බ්ලොග් ලියන කට්ටිය මුණගැහිල සෙට් වෙන්නෙ නම් නෑ. නමුත් ඔන්ලයින් සෙට් වෙන වැඩක්.



මේක පටන් ගත්තෙ, අපේ සිංහල බ්ලොගෝලයේ මුල් කාලයේ හිටපු බ්ලොග් ලියන්නො ටික ආපහු බ්ලොග් පෝස්ට් එකක් දෙකක් හරි ලියන්න, එයාලගෙ බ්ලොග් වල අලු ගසා දාල ගන්න පොළඹවන්න.

මේ තියෙන්නෙ මේකෙ, හේතු පාඨය,

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිනෙන සුභ වෙලාවේදී සිංහල බ්ලොග් වසන්තයක් යළි උදා කිරීමට එකී මෙකී නොකී තරුණ මහළු සියළුම බ්ලොග් කරුවන් එකතු කරගෙන සිදු කරනා මහා බ්ලොග් මංගල්‍යය.......!
අයියලා, මල්ලිලා,අක්කලා නංගිලා, මචංලා, මචීලා, ඇන්ටිලා අංකල්ලා ..... අර ඕල්ඩ් බෝයිස්ලා, ගර්ල්ස්ලා අවුරුද්දකට සැරයක් වගෙ සෙට් වෙලා ක්‍රිකට් ටූනමන්ට්, නෙට්බෝල් ටූනමන්ට් තියෙනවා වගේ අපි මේ පරන බ්ලොග් කාරයෝ ටිකක් එකතු වෙලා ලියමුද බ්ලොග් පෝස්ට් දෙක තුනක් සිංහල අවුරුද්දත් අල්ලලා.....?

ඔන්න එහෙමනම් නමෝ විත්තියෙන් 2015, අප්‍රේල් 8 - 15 ත් අතර සතිය ඇතුලේ පුළුවන් තරමක් ගුණාත්මක පෝස්ට් ප්‍රමාණයක් කරන්න ඕනෙම මාතෘකාවකට අදාලව. ඒ හැම පෝස්ට් එකක්ම මේ ගෲප් එකේ පබ්ලිශ් කරමු. බ්ලොග් වසන්ත සතිය ඇතුලත පොඩි බ්ලොග් රෝලක් තම තමන්ගේ බ්ලොග් එකේ ඇඩ් කරගමු මේ පෝස්ට් ඔක්කොම එකතු කරලා.....!

ඉතින් ඔන්න ඕකයි කතාව.
අපේ පරණ බ්ලොග් කාරයොන්ට ඔන්න ආරාධනා කොරනව මේ වැඩේට.

ඔය කිව්ව ගෲප් එක තමයි මේක.


කාලාන්තරය : අප්‍රේල් 8 - 15 දක්වා
වේලාව : ඔය දවස් අටේම හැම වෙලේම


ප. ලි: ලිපියේ තිබෙන දේ වලින් සමහරු හිතල තිබෙනවා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් පරණ බ්ලොග් ලිව්ව කට්ටියට විතරයි කියල. එහෙම එකක් නෑ, ගුණාත්මක ලිපියක් ලියන්න හැකි ඔබ සැමට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.



බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

Thursday, March 5, 2015

"Fiverr සිංහලෙන්" - Fiverr වෙත සරළ ප්‍රවේශයක්


Freelancing කියන්නෙ ලංකාවෙ තරුණ ප්‍රජාව පොඩියට හා ලොකුවට සම්බන්ධ වෙලා ඉන්න, කීය කීය හරි ඩොලර් ටිකක් හොයාගන්න සාර්ථකම ක්‍රමයක්. 
ඒවා අතරින් Fiverr කියන්නෙ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය තමයි තියෙන්නෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට් හා ඒ කොයිවගෙත් මිල වෙන්නෙ ඩොලර් 5ක් වන එකයි.
ඉතින් සරළ ප්‍රොජෙක්ට් නිසා හා පහසුවෙන් කළ හැකි ඒවා තිබෙන නිසා මෙය හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා. 
මෙම අඩවියේ ගිණුමක් සාදා ගැනීම පහසු වුවත්, මෙහිදී ප්‍රොජෙක්ට් ලබා ගැනීම හා තම ගිණුම සාර්ථකව පවත්වාගෙන යාම සමහරුන්ට පැටලිලි සහගතයි. 
මේ ගැන ගොඩක් බ්ලොග් වල ලිපි ලියවිලා තිබෙනවා. 
මම අද ඔබට කියන්නට යන්නේ LKMarketer විසින් රචනා කර නොමිලේම බෙදා හැරෙන පොත් පිංචක් ගැනයි. මෙහි Fiverr ගිණුමක් සාදා ගැනීම හා ඊට පසුව ගිණුම සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන උපදෙස් ඉතා සරලව හා පැහැදිලිව දක්වා තිබෙනවා.
ඉතින් ඔබ Fiverr එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් හා සම්බන්ධ වෙලා අසාර්ථක වෙලා ඉන්නව නම් මෙම පොත් පිංචේ අන්තර්ගතය ඔබට ගොඩක් සහයක් වේවි.


ඉතින් මෙතනින් ගිහිල්ල මෙම වටිනා පොත් පිංච ලබාගන්න.
http://hstr.gq/wp/

Facebook fanpage එක
https://www.facebook.com/lkmarketer

Facebook Group එක
https://www.facebook.com/groups/lkmarketer/

බ්ලොග් එක
http://lkmarketer.blogspot.com

UPDATE:
ඉහත සබැඳීයන් ක්‍රියාකාරිත්වයේ නැති බව කිහිපදෙනෙක් විසින් පවසන ලදී.
පහත සබැඳියෙන් උත්සාහ කරන්න.
http://www.mediafire.com/file/h77179y0bkydy2o/Fiverr-Sinhalen.pdf

UPDATE:
විවිධ පුද්ගලයින් විවිධ නම් ප්‍රකාශ කරමින් අසැබි වදන්ද සමඟින් මෙහි කමෙන්ට් පළ කර තිබුණා. මම මෙහි මුදලට විකුණන වෙනත් කිසිවෙකුගේ ඊ බුක් පළ කරන්නේ නෑ. මගෙම නිර්මාණ හෝ නොමිලේ බෙදාහැරෙන ඊ බුක් පමණයි පළ කරන්නෙ. ඒ නිසා කරුණාකරල ඉල්ලා සිටිනවා විවිධ අයගේ නම් ප්‍රකාශ කරමින් නරක කමෙන්ට් පළ කිරීමෙන් වළකින ලෙස.