Showing posts with label wordpress. Show all posts
Showing posts with label wordpress. Show all posts

Sunday, April 19, 2020

Hosted wordpress අඩවියකට wordpress.com වල ඇති පහසුකම් හා තවත් බොහෝ දේ ලබා ගන්න Wordpress JetPack



මේක මේ කාලෙ වැඩිපුරම භාවිත වෙන ප්ලගින් එක වෙන්නත් පුළුවන්.
මේකෙත් ෆ්‍රී හා ප්‍රිමියම් දෙකක් තියෙනව. ෆ්‍රී එකෙත් ගොඩක් පහසුකම් තියෙනව.
මේකෙ තියෙන පහසුකම් රාශිය අතරින් මම කැමතිම හා වඩාත්ම වැදගත් පහසුකම් මෙන්න මේව.

1. සයිට් එකට බරක් නැතිව Site #statistics ගන්න හා බලන්න.
මොකද මේකෙදි සයිට් ස්ටැට්ස් දෙන්නෙ wordpress.com එකත් එක්ක. ඉතින් සයිට් එකට කිසිම බරක් නෑ ඒකෙන්.

2. #Brute force attacks වැළැක්වීම.
සයිට් එකක පාස්වර්ඩ් එක හොරාගන්න භාවිත කරන මූලිකම ක්‍රමයක් තමයි bruteforce කියල කියන්නෙ. ඇඩ්මින් username එක හොයාගෙන ඒකට විවිධ පාස්වර්ඩ් ලක්ෂ ගණන් දාගෙන දාගෙන ගිහිල්ල බලන එක. ඒව මේකෙන් බ්ලොක් කරන්න පුළුවන්.

3. #Downtime monitoring
සයිට් එක ඩවුන් උනාද, ආපහු අප් උනාද කියල ඩිටෙක්ට් කරල අපිට ඊ මේල් එවනව. හොස්ට් එක reliable නම්
හා ප්ලගින්, තීම් වල ප්‍රශ්න නැතිනම් ඉතින් කේස් එකක් නෑ.

4. Performance & speed improvements.
image loading time, static pages loading time, lazy image loading හරහා සයිට් එකේ වේගය වැඩි කරනවා.

5. Publicize connections
Social network connectivity එක improve කරන එක හා පහසු කරන එක මේකෙන් කරනව.

5. Let visitors use a WordPress.com, Twitter, Facebook, or Google account to comment
කෙනෙක් මගෙන් ඇහුව #Disqus comment system එක ගැන. මේකෙන් කරන්නෙත් ඒකමයි. ඉතින් මොකටද fb, twitter, google account එකෙන් කමෙන්ට් කරන්න හදන්න වෙනමම ප්ලගින් එකක්?

pro එකට අප්ග්‍රේඩ් කරගත්තොත්, තව පහසුකම් මහ ගොඩයි.
Generate income with high-quality ads., Boost your search engine ranking with the powerful SEO tools in Jetpack, Connect your site to Google Analytics in seconds with Jetpack,

Image එකේ පෙන්වන්නෙ, මගෙ එක් වෙබ් අඩවියක, Jetpack plugin එකෙන් වසර 3ක් තුළ වළක්වපු bruteforce attacks ප්‍රමාණය.

Friday, April 19, 2013

ඔබගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය රැක ගැනීමට පියවර 8ක්

ඉතින් ඉතින්? හුඟ කාලෙකින් ලිපියක් ලියන්න හිතුන. වෙලාව මඳකම කියල බොරු කියන්න ඕනෙ නෑ, ඇත්තටම කම්මැලිකම තමා. 
මම ඉතින් මේ බ්ලොග් එක බ්ලොගර් වල කළාට මම වර්ඩ්ප්‍රෙස් මත කරන බ්ලොග් අඩවි කිහිපයකුත්, වෙබ් අඩවි කිහිපයකුත් තිබෙනවා. පහුගිය දවසක මගෙ හොස්ටිං කොම්පැනියෙන් මට ඊ මේල් එකක් ආව වර්ඩ්ප්‍රෙස් අඩවි වලට බොට්නෙට් එකකින් හැකර් ඇටෑක් එකක් තියෙනව, ඉතින් අඩවි බැකප් කරගන්න හා CloudFlare හරහා ආරක්ෂා කරගන්න කියල.
 ඒ බොට්නෙට් ඇටෑක් එක නම් වෙන්නෙ admin කියන ගිණුමට බොට්නෙට් එක හරහා Bruteforce ඇටෑක් එකක් කරන එක. ඒ කියන්නෙ පාස්වර්ඩ් දහස් ගාණක් දදා බලනව. (මෙන්න තියෙනව නිවුස් එක.)
ඉතින් ඒකෙන් නම් මට කිසිම කරදරයක් වෙන්නෙ නෑ කියල ශුවර්. මොකද ආරක්ෂාව තකා මම එදා ඉඳලම වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කළ ගමන් වෙනත් නමකින් තවත් ඇඩ්මිනිස්ට්‍රේටර් ගිණුමක් හදල admin ගිණුම ඩිලීට් කරල දානව.

ඉතින් මම ටිකක් හොයල බලල සහ අත්දැකීමෙන්, ලිපියක් ලියන්න හිතුව වර්ඩ්ප්‍රෙස් අඩවියක් එවන් කරදර වලින් බේරා ගැනීමට කරන්න පුළුවන් සරළ දේවල් ටිකක් ගැන කියන්න.




1. අලුත් ඇඩ්මින් ගිණුමක් හදන්න.
හුඟක්ම වර්ඩ්ප්‍රෙස් වලට එන්නෙ අර කිව්ව වගේ default "Admin" ගිණුමට එන Brute Force attacks. ඉතින් හැකර්ට මුරපදය විතරක් නෙමෙයි, යූසර් නේම් එකත් හොයන්න උනොත් වැඩේ අමාරු වෙනව නේද? ඉතින් ඔබ මුලින්ම වර්ඩ්ප්‍රෙස් දැම්මම කරන්න ඕනෙ වෙනත් නමක් සහිතව ඇඩ්මින් ගිණුමක් හදල ඉබේ සෑදෙන ඇඩ්මින් ගිණුම ඩිලීට් කරල දාන එකයි. මතක තබාගන්න ඔබ ලිපි එහෙම දාල තිබ්බොත් ඇඩ්මින් ගිණුම ඉවත්කරන්න ඉස්සෙල්ල ඒ ලිපි ඔක්කෝම අලුත් ඇඩ්මින් ගිණුමට ට්‍රාස්න්ෆර් කරන්න. අනිත් එක, අලුත් ඇඩ්මින් ගිණුමට සම්පූර්ණයෙන්ම වෙනස් යූසර් නේම් එකක් ලබාදෙන්න. (admin, administrator, සයිට් එකේ නම එහෙම යොදන්නෙඑපා.)

2. ශක්තිමත් මුරපදයක් යොදන්න.
හුඟක් අය කරන තවත් වැරැද්දක් තමා මේක. මතක තියාගන්න ලේසියට පහසු මුරපද යොදනවා. 
මම දවසක් වර්ඩ්ප්‍රෙස් වලින් හැදුව සිංහල වෙබ් අඩවියකට ගිහිල්ල නිකමට ලොගින් එකට admin හා abc@123 ගැහුව. මෙන්න ලොග් උනා. :D මම ඉතින් මොකුත් කළේ නම් නෑ, වෙබ් අඩවියෙ උන්ට මේල් එකක් දැම්ම ඒක වෙනස් කරන්න කියල. 
ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම ශක්තිමත් මුරපදයක් යොදන්න. අක්ෂර 8ක්වත් අවම වශයෙන් යොදන්න, සිම්පල්, කැපිටල් අකුරු, ඉලක්කම්, සංකේත සමඟ. මේ සියල්ල තිබෙනවා නම් ඉතින් මොකෙක්ටවත් ලේසි වෙන්නෙ නෑ ඔයාගෙ පාස්වර්ඩ් එක හොයන්න. :) (මගෙ සාමාන්‍ය පාස්වර්ඩ් වල අකුරු, ඉලක්කම් හා සංකේත 8-15 අතර තිබෙනවා. මම දන්නව සමහරුන්ගෙ නම් 25ක් විතරත් තියෙනව කියල. :D )

3. නික් නේම් එක වෙනස් කරන්න.
ඔයාගෙ අලුත් ඇඩ්මින් යුසර් නේම් එක පෝස්ට් එකක් ගානෙ තියෙන්න ඕනෙ නෑනෙ. එතකොට ඉතින් අර යුසර් නේම් එක වෙනස් කරල කරගන්න හදපු දේ අසාර්ථක වෙනව. වර්ඩ්ප්‍රෙස් වල තිබෙනව "Nickname" කියල එකක්. අන්න ඒකට වෙනත් නමක් දාන්න. එතකොට ඔබගේ අලුත් ඇඩ්මින් යූසර්නේම් එක පිටතට ප්‍රසිද්ධ වෙන එක වැළකෙනවා.

4. සමහරක් IP Addresses වලින් ලොග් වීම අවහිර කරන්න.
Login Lockdown නමින් ප්ලගිනයක් තිබෙනවා. මෙමගින් අඩවියට ලොග් වන්නන්ගේ IP ලිපින හා ලොග් වන්නට උත්සාහ දරන වේලාවන් මතක තබාගන්නා අතර, එකම IP ලිපිනයකින් අසාර්ථක ලොගින් උත්සාහයන් හඳුනාගෙන යම් උත්සාහයන් ගණනකට පසු එම IP ලිපින තාවකාලිකව බ්ලොක් කිරීමක් සිදු කරනු ලබනවා. 

5. ඔබගේ IP ලිපිනය හැර වෙනත් IP ලිපින වලින් ලොග් වීම අවහිර කිරීම.
මේක නම් හරියන්නෙ Static IP එකක් හරහා බ්ලොග් අඩවියට ලොග් වෙන අයට පමණක් සහ ඔබ වෙනත් අයට අඩවියේ ලියාපදිංචියට අවස්ථාවක් දී නොමැති නම් පමණකි. මින් කරන්නේ wp-admin තුළට වෙනත් IP ලිපින හරහා ඇතුළු වීම අවහිර කිරීමයි.
මෙය කරන්නේ, ඔබගේ අඩවියේ wp-admin ෆෝල්ඩරය තුළට ගොස් .htaccess ගොනුව විවෘත කරගන්න.
එය තුළ කොතැනකට හෝ මෙම කෝඩ් එක ඇතුළු කරන්න. YOURIPNUMBER කියන තැනට ඔබට ඕනෑ තරම් IP ලිපින ඇතුළු කරගත හැකියි. ඔබට තිබෙන්නේ # whitelist home IP address හා allow from YOURIPNUMBER පේළි දෙක යළි යළි යොදමින් අදාල IP ලිපින එකතු කරගැනීමයි.

[sourcecode]
order deny,allow
deny from all
# whitelist home IP address
allow from YOURIPNUMBER
# whitelist work IP address
allow from YOURIPNUMBER
# whitelist holiday IP address
allow from YOURIPNUMBER
[/sourcecode]
ඉතින් වෙනත් කෙනෙක් ඔබගේ අඩවියට ලොග් වීමට හැදුවොත් ඔහුට ලැබෙන්නේ පහතාකාරයේ පණිවුඩයක්.
Forbidden. You don’t have permission to access /wp-admin on this server.
6. New User Registrations නවත්වන්න.
ඔබගේ අඩවිය සාමාජිකයින් සහිත අඩවියක් නොවේ නම් ඔබගේ අඩවියේ නව සාමාජිකයින් ලියාපදිංචිය අවශ්‍ය දෙයක් නෙමෙයිනෙ. ඉතින් අඩවිය තුළ ලියාපදිංචි වීම අවහිර කරන්න. එය කරන්න, වර්ඩ්ප්‍රෙස් Dash Board > Settings වෙත යන්න. එහි Anyone can register යන හරි සළකුණ ඉවත් කර සුරකින්න.

7. සැමවිටම යාවත්කාලීන කරන්න.
වර්ඩ්ප්‍රෙස් හා ප්ලගින් සැමවිටම යාවත්කාලීන කරන්න. මුල් සංස්කරණයේ තිබෙන යම් යම් දුර්වලතා සැමවිටම නව සංස්කරණයකදී මඟහරවා වැඩිදියුණු කිරීම් සිදු කරනු ලබනවා. ඉතින් ඔබ සැමවිට යාවත්කාලීන කිරීමෙන් ඔබටත් ආරක්ෂාව සැපයෙනවා. ලොකු වැඩක් නෙමෙයි, ඩෑෂ් බෝර්ඩ් එකේම තියෙනවා අප්ඩේට් කරන්න ඔප්ෂන් එකක්. ක්ලික් කරන්න විතරයි තිබෙන්නේ. වර්ඩ්ප්‍රෙස් විසින් ඉතිරි සියල්ල ස්වයංක්‍රීයවම කරගන්නවා.

8. නිතිපතා Backup කරන්න.
බ්ලොග්/වෙබ් අඩවියේ හා ඩේටාබේස් යන දෙකම නිතිපතා backup කරගන්න එක හැමවිටම හොඳයි. කොච්චර කලත් කරදරේක වැටෙන්න බැරිම නෑනෙ. ඉතින් බැකප් එකක් තිබ්බොත් කිසිම දේකට බයවෙන්න දෙයක් නෑනෙ. Wordpress Database Backup කියන්නේ මේ වැඩේට හොඳ ප්ලගින් එකක්. සතියකට සැරයක් වගේ කරගන්නව නම් ඇති වෙයි. ගොඩක් අප්ඩේට් නොවෙන එකක් නම් මාසෙකට/ මාස කිහිපයකට සැරයක් උනත් ඇති වෙයි. 

ඉතින් මේ සරළ දේවල් ටික කළොත් නම් ඔබගේ වර්ඩ්ප්‍රෙස් වෙබ්/බ්ලොග් අඩවිය හැක් කරන්න කිසිම කෙනෙක්ට ලේසි නෑ. ඇත්තෙන්ම බෑම තමයි. :) ආපහු ඒ ගැන බයක් වෙන්න දෙයක් නෑ.

මීට අමතරව තවත් හොඳ, Wordpress ආරක්ෂාව සඳහා මම භාවිතා කරන වර්ඩ්ප්‍රෙස් ප්ලගින 3ක් මම කියන්නම්.


මේ තුනෙන් Better WP Security කියන එක මම ඉහළින්ම රෙකමෙන්ඩ් කරනවා. අනිත් දෙකේම තියෙන වැඩ ඒකෙන් කරන්න පුළුවන් සහ අංක 6 යටතේ කිව්ව එකත්. 

ඉතින් එහෙනම් සුභ පතනවා සුරැකි වර්ඩ්ප්‍රෙස් අනාගතයකට!!!

Monday, September 26, 2011

වැඩිපුරම භාගත කරගෙන ඇති Wordpress Plugins 20



මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.
ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.

ස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ඒ ඒ ලිපි වලට වෙන වෙනමම ටැග් දාන්න, සෙවුම් යන්ත්‍ර වලට හොයාගන්න ලේසි වෙන්න විවිධ දේ කරන්න මේ හරහා පුළුවන්. තවත් මේ වගේ ඒව තියෙනව, නමුත් මේක තමා මම දැකල තිබෙන හොඳම එක. ටිකක් සංකීර්ණයි, වැඩ කෑලි ගොඩායි.
Downloads 8,208,465

ඔබගේ අඩවියට එන කමෙන්ට්ස්, ස්පෑම් සඳහා පරික්ෂා කරන එක තමයි මේකෙන් කරන්නෙ. මේක ඉතාම ප්‍රයෝජනවත් ස්පෑම් වලින් වැළකීම සඳහා. මම නම් මේක අනිවා දාගන්නව මොනව නැතත්.
Downloads 7,010,496

ගූගල් සෙවුම් යන්ත්‍රයට ඔබගේ අඩවිය පහසුවෙන් index කිරීම සඳහා සයිට් මැප් එකක් සකසා දීම මෙම ප්ලගිනය මගින් කරනවා. ගූගල් සර්ච් වල ඔයාගෙ බ්ලොග් එක හොඳට ලිස්ට් වෙන්න නම් මේක අනිවා දාගන්න.
Downloads 5,386,430

මේක තවත් කන්ටැක්ට් ෆෝම් එකක් විතරයි, නමුත් ගොඩාක් භාවිතය පහසු, සරළ නමුත් ඉතාම හොඳ එකක්.
Downloads 4,203,678

ගොඩාක් ඔප්ෂන් තියෙන image gallery plugin එකක්. 
Downloads 3,494,547

ඔයාගෙ සර්වර් එකට ලෝඩ් එකක් නැතිව ඔයාගෙ අඩවියෙ stats බලාගන්න පුළුවන් ප්ලගින් එකක්. මේකෙන් කරන්නෙ wordpress.com වල stats හරහා සම්බන්ධ වෙන එකයි.
Downloads 2,589,702

මේකෙන් කරන්නෙ ඔයාගෙ අඩවියෙ තිබෙන දේවල් වල static html ෆයිල් හදන එක. ඒකෙන් අඩවිය client side එකෙන් ලෝඩ් වෙන එක ඉතාම වේගවත් වෙනව. (සයිට් එකේ ස්ටැටික් කොටස් ඔක්කොම කෑශ් කරගන්නව පරිගණකයට). හැබැයි මගෙ බ්ලොග් එකක නම් මට මේක කරදරයක් වෙලා අයින් කළා. මොකද අඩවිය ස්ටැටික් කොටස් කෑෂ් කර ගත්තම, අපී ඒකෙ වෙනසක් කලත් බොහෝ වෙලාවට ඒක අඩවියට එන්නන්ට පේන්නෙ නැතුව යනව, ඔවුන්ට පේන්නෙ අර කෑෂ් වෙලා තියෙන එක තමයි. ඒ කියන්නෙ පරන එක. :(
Downloads 2,391,929

ඔයාගෙ බ්ලොග් එක ජංගම දුරකථන වලින් පහසුවෙන් බලන්න පුළුවන් කරන ප්ලගිනයක් තමා මේක. මේකෙන් බ්ලොග් එක iPhone App එකක් වගේ කරනව. :)
Downloads 2,228,517

මෙක මොකද්ද කියල නම් කාටවත් කියන්න ඕනෙ නෑනෙ. ගූගල් මගින් ලබාදෙන වෙබ් සයිට් ඇනෑලිටික්ස් සේවාව තමා මේක. සාමාන්‍යයෙන් අපි කරන්නෙ ඒකෙන් දෙන කෝඩ් එක අපේ පිටුවකට එකතු කරන එකනෙ. නමුත් මේකෙන් කෙලින්ම ප්ලගිනය හරහා ඔබට ඒ වැඩ ටික කරගන්න පුළුවන්.
Downloads 2,037,340

මේක ඇවිල්ල සෝශල් ශෙයාරිං ප්ලගිනයක්. ඔබගේ ලිපි, ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවි වලට ශෙයා කරන්න පුළුවන් මේක හරහා. නමුත් මම නම් මේකට වඩා කැමතියි Sexy Bookmarks කියන ශෙයාරිං ප්ලගිනයට.
Downloads 1,850,470

සමහරක් බ්ලොග් අඩවි වල පහලින් පිටුවෙන් පිටුව යන්න ඉලක්කම් එක්ක තීරුවක් තිබෙනවා ඔබ දැකල ඇති. අන්න ඒක දාගන්නෙ මේකෙන් තමා. මේක අඩවියේ ලිපි අතර යනකොට හරිම පහසුවක් ලැබෙනවා.
Downloads 1,713,578

මේකත් contact form එකක් තමා. අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න පුළුවන්. කරදරකාර ටෙම්ප්ලේට් නෑ. ස්පෑම් ඇටෑක් එන්නෙත් නෑ. contact forms ප්ලගින වලින් මේක හා Dragon Design Form Mailer තමයි මම කැමතිම contact forms ප්ලගින.
Downloads 1,586,123

ඉස්සෙල්ල එකම වගේ එකක්. ගූගල් ඇනැලිටික්ස් වලට ඕනෙ කරන ජාවාස්ක්‍රිප්ට් එක පිටු වලට දාල දෙනවත් එක්කම මේකෙ තිබෙනව ඇනැලිටික්ස් වල විස්තර අඩවියේ මුල් පිටුවට එකතු කරන්න පුළුවන් විජට්ටුවකුත්.
Downloads 1,433,450

ගූගල් එකෙන් දෙන භාෂා පරිවර්තකය අඩවියට එකතු කරන්න පුළුවන් මේකෙන්. ඔයාගෙ අඩවියේ තියෙන අන්තර්ගතය ක්ලික් දෙකකින් භාෂා 58කින් ඕනෙම එකකට කියවන්නාට පරිවර්තනය කරන්න පුළුවන් මේකෙන්. (සිංහල නම් ගූගල් තාම දන්නෙ නැතිලු.)
Downloads 1,215,595

මේක ඇවිල්ල e-commerce වලට තිබෙන හොඳ Web 2.0 වර්ඩ්ප්‍රෙස් ප්ලගිනයක්. ඔබේ අඩවියේ තිබෙන දේවල් විකුණන්න පුළුවන්, ෂොපිං කාට් එකක් දාගන්න පුළුවන් ප්ලගිනයක් තමා මේක.
Downloads 1,208,872

මේ ප්ලගිනය හරහා ඔබට පුළුවන්, ස්වයංක්‍රීයවම ඔබ ලිපියක් දැම්ම ගමන්ම ඔබ එකතු කරල තිබෙන social bookmarking අඩවි වලට ඒ ලිපිය එකතු කරන්න.
Downloads 1,155,054

social sharing වලට මම නම් කැමතිම ප්ලගිනය තමා මේක. මේක හරහා social sharing buttons සෙට් එකක් ඔයාගෙ ලිපි වලට එකතු කරගන්න පුළුවන්. ලස්සන පෙනුමකුත් තිබෙනව මේකට.
Downloads 1,089,436

ඔබ ලිව්ව ලිපියට relate වෙන ලිපි වල ලැයිස්තුවක් ඒ ලිපිය යටින් පෙන්වන එක තමයි මේකෙන් කරන්නෙ. tags, categories වලින් තමයි මේ ලිපි තේරිම සිදු කරන්නෙ.
Downloads 1,067,965

වර්ඩ්ප්‍රෙස් export file එකකින්, ලිපි, පිටු, අදහස්, ප්‍රවර්ග, තව ගොඩාක් දේවල් මේ ප්ලගිනය මගින් අලුත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට import කරගන්න මේක හරහා පුළුවන්.
Downloads 1,050,154

ඉතා පහසුවෙන්, ඔබගේ වර්ඩ්ප්‍රෙස් ඩේටාබේස් එක බැකප් කරගන්න මේකෙන් පුළුවන්.
Downloads 1,044,319

ඉතින් ඔබ මොකද හිතන්නෙ? මේ අඩවියත්, එකක් ඇරුනම මගෙ බ්ලොග් අඩවිත් තිබෙන්නෙ බ්ලොග්ස්පොට් වල තමයි. නමුත් මේක ප්‍රයෝජනවත් වෙන ගොඩක් අය මේ සිංහල බ්ලොගෝලයේ ඉන්නවා. ඉතින් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.
අනිත් එක ඔයාලත් වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න හිතන් ඉන්නව නම් ඒක ඉතාම හොඳයි. නමුත් හොස්ට් කරන්න තැනක් ඕනෙ කරනව. ෆ්‍රී හොස්ටිං එකක කරන්න පුළුවන් පහසුවෙන්ම, ටෙස්ට් කරන්න, පරික්ෂා කරන්න, පුරුදු වෙන්න නම්. (භාවිතයට උනත් නරකම නෑ.) ඔයාලගෙ ඩොමේන් එකකම අඩවිය දාගන්න පුළුවන්නෙ. ඩොමේන් එකක් නැත්තම් ඩොට්.ටීකේ වලින් ෆ්‍රී ඩොමේන් එකක් ගන්න. හොස්ට් එකක් නැත්තම් බයිට්හොස්ට් එකෙන් ෆ්‍රී හොස්ටිං ගන්න. (මම භාවිතා කරන, මට හොඳයි කියල හිතෙන හොඳම ෆ්‍රී හොස්ටිං එක.)
වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් එකක් හදන්නෙ කොහොමද කියල නම් ගොඩාක් අය කතා කරල තිබෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ කියල මම හිතනවා.

Tuesday, October 27, 2009

Google Friend Connect එක දැන් Wordpress වලටත්



Google Friend Connect ගෑන දන්නවනෙ? ඔන්න දෑන් එම ප්ලගිනය Wordpress සඳහාත් සකසල. මෙමගින් කියවන්නන්ට මෙම wordpress බ්ලොග් සඳහාත් Google, OpenID, yahoo, AIM, හරහා ලොග් වෙන්න පුළුවන්. මෙමගින් ලොග් වන විට, එම ප්ලගිනය මගින් ඊට අදාල ලෙස wordpress ගිණුමක් අරඹනවාලු.


Google Friend Connect
කවුරු හරි ලිපියකට අදහස් දෑක්වු විට ඒවා Friend Connect activity stream එකේ පෙන්නනවා.
වෑඩි විස්තර සඳහා ගූගල් කෝඩ් වෙබ් අඩවියට යන්න.
උදාහරණ හා ආදර්ශන මෙතනින් හා මෙතනින් බලන්න.