
මෙන්න මේ අත්දැකීම ගොඩක් අයට ඇති.ඔන්න යාළුවෙක් කියනව ඔයාට, "මම මෙන්න බ්ලොග් එකක් පටන් ගත්ත, පොඩ්ඩක් බලන්නකො හොඳද කියල." කියල. එයා කියනව එයා ඒකෙන් කරන්න හිතන් ඉන්න දේවල්. සල්ලි හොයන්න හිතන් ඉන්නව නම් ඒ ගැන.සති කිහිපයකට පස්සෙ ඔයාට ඒ යාළුවව මුණගැහෙනව. ඔයා අහනව "කොහොමද බ්ලොග් එකේ වැඩ?" කියල. මොකද්ද ලැබෙන උත්තරේ?"අනේ වෙලාවක් නෑනෙ ලියන්න" කියල.බ්ලොග් එකක් ඇරඹීම කියන්නෙ හුඟක් අය හිතන විදිහට ඒකෙ අවසානය නෙමෙයි, ආරම්භයයි. ඒක, ලස්සන ඩිසයින් එකක්, හිතට වදින...