Thursday, August 5, 2010

Widgets

ඔබගේ වෙබ් අඩවියයේ Traffic වැඩි කරගන්නේ කොහොමද?

අපි හැමෝම හරියට වෙබ් අඩවි, බ්ලොග් අඩවි හදනව. නමුත් ඒවට අපිට ඕනෙ තරම් traffic එකක් එනවද? නෑ, ඇයි ඒ? ඒවට හේතු ගොඩක් තියෙනව. මම කතා කරන්න හදන්නෙ වෙබ් අඩවි ගැන. වෙබ් අඩවියක වටිනාකම වෙන්නෙ ඒකට එන සෙනඟ ප්‍රමාණයයි. ඔබට සිටින ප්‍රේක්ෂකයින් ගණන වැඩි වෙන්න වැඩි වෙන්න, ඔබට ඔබේ ඉලක්කය කරා යන්න, ඔබට අවශ්‍ය දේ වැඩි පිරිසකට ලබා දෙන්න, මුදල් උපයන්න, අනෙකුත් අය සමඟ සම්බන්ධ වෙන්න, වගේ දේවල් කරන්න හරිම ලේසි වෙනවා.
ඒ නිසා මම මේ පොඩි ලිපි පෙළකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා, ඔයාලගෙ වෙබ් අඩවියේ traffic වැඩි කරගන්න මොන මොන දේවල් කරන්න පුළුවන්ද කියල. මේවායි කිහිපයක් හරි කරල බලන්න, අනිවාර්යයෙන්ම ඔබගේ අඩවියේ traffic වැඩි වේවි. කියවන්නන් ගණන වැඩි වේවි.
හරි එහෙනම් පටන් ගමු.


බ්ලොග්

1. ඔබේ අඩවියට බ්ලොග් එකක් එකතු කරගන්න. ඔයාගෙ වෙබ් අඩවිය ස්ථිතික (static) එකක් නම්, ඒකට බ්ලොග් අඩවියක් එකතු කරන්න හිතල බලන්න. ඒ විතරක් නෙමෙයි, ඒකෙ අලුත් අලුත් දේවල් පුළුවන් තරම් ලියන්න. ඒ හරහා ඔයාලට පුළුවන් ඔයාලගෙ අඩවියට කියවන්නන් පැමිණීම පවත්වාගෙන යන්න. මොකද එයාලට ආපහු ඇවිල්ල බලන්න හේතුවක් ඔබ හදල දීල තියෙනව. ඒ හරහා ඔබගේ අඩවියේ search engine ට්‍රෆ්ෆික් එකත් වැඩි වෙනවා. එහෙම බ්ලොග් එකක් හදාගන්න පුළුවන් ක්‍රම ඕනෙ තරම් දැන් තිබෙනවනෙ, Wordpress කියන්නෙ ඉතාම හොඳ විසඳුමක්. ඔබේම වෙබ් ඉඩක් නැතිනම් free host එකක උනත් දාගන්න බැරිකමක් නෑ නෙ. නැතිනම් Blogger.

2. අනෙකුත් බ්ලොග් අඩවි වල අදහස් දක්වන්න. ඔබගේ අංශයට සම්බන්ධයක් තිබෙන බ්ලොග් අඩවි නැරඹීමේ හා ඒවාට අදහස දැක්වීමේ පුරුද්දක් ඇති කරගන්න. ඒ අදහසත් එක්ක ඔබට පුළුවන්, ඔබගේ වෙබ් අඩවියේ සැබැඳියක් යොදන්න. ඒ හරහාත් ඔබගේ අඩවියට යම් කියවන්නන් ප්‍රමානයක් අනිවාර්යයෙන්ම එනවා, ඒ එක්කම ඔබගේ saerch engine rank එකටත් ඒකෙ බලපෑමක් තිබෙනවා. (ඒක වෙන්නෙ ඉතින් ඔබ අදහස් දක්වන බ්ලොගයට ඉහළ රෑන්ක් එකක් තිබ්බොත් තමයි.)

3. ආගන්තුක ලිපි (Guest Posts) ලියන්න. හුඟක් බ්ලොග් අඩවි ගෙස්ට් පෝස්ට් ලියන්න ඉඩ දෙනවා, (සිංහල බ්ලොග් අවකාශයේ නම් එහෙම ඒව කිහිපයයි තියෙන්නෙ ම දන්න විදිහට. මගෙ එකත් එහෙම කරන්න ඕනෙ. :) ) ඒ ලිපිය තුළ ඔයාලගෙ වෙබ් අඩවියටත් ලින්ක් එකක් හා ඔබේ නම සදහක් කරන්න පුළුවන්. ලිපියක් ලියල එම බ්ලොග් එකේ අයිති කාරයට යවල බලන්න, සමහරවිට ඔබේ ලිපිය ඒ බ්ලොග් එක තුළ පළ වෙන්න ඉඩ තිබෙනව.

4. බ්ලොග් තරඟාවලි වලට අනුග්‍රහය දක්වන්න. මොකක්හරි බ්ලොග් තරඟාවලියක් තිබෙනව නම් ඒකට මොනවා හෝ දෙයක් (Product or service) ලබා දීල අනුග්‍රහයක් දක්වන්න ඔබට පුළුවන්. එම බ්ලොග් කරුවා ඔබගේ අඩවියට ඒ ලිපි හරහා සැබැඳියක් ලබා දේවිනෙ.

5. බ්ලොග් කානිවල් වලට සහභාගි වන්න. බ්ලොග් කානිවල් කියන්නෙ බ්ලොග්කරුවන් එකතු වෙලා සිදු කරන Online event එකක්. අපේ බ්ලොග් මැරතන් එක එක්තරා ආකාරයක කානිවල් එකක් තමයි. ඒ වගේ එකක් හරහා ඔබට හුඟක් කියවන්නන් එකතු කරගන්න පුළුවන්.

6. Networking. මේක නම් ඉතාම වැදගත් දෙයක්. අන්තර්ජාලය තුළ ට්‍රැෆික් වැඩිකරගන්න තියෙන පහසුම හා හොඳම ක්‍රමයක් මේක. විවිධ අඩවි වලට ඔබගේ අඩවිය ගැන කියන්න, බ්ලොග් එකේ ලිපිවල සබැඳි යොදන්න.... Social Networking කියන්නෙ මෙන්න මේකට තමා. ලොකු වෙබ් අඩවියක/බ්ලොග් අඩවියක අයිතිකාරයෙක් එක්ක යාළු වෙන්න, එයාගෙ අඩවියේ ඔයාගෙ අඩවියට සබැඳියක් යොදවාගන්න. ඒ හරහාත් ඔබට හොඳ ට්‍රැෆික් එකක් ගන්න පුළුවන් වෙයි. මේක කරන්න තියෙන හොඳම ක්‍රමය තමා, මුලින් ඔයා ඒ අඩවියට ලින්ක් එකක් දාල, ඒ අඩවියේ අයිතිකාරය එක්ක ඊ මේල් මගින් සබඳතාවයක් ගොඩ නගා ගැනීම.

Subscribers

7. RSS Feed එකක් publish කරන්න. ඔබ RSS feed එකක් ඔබේ අඩවියට දැම්මොත් ඔබේ කියවන්නන්ට පුළුවන් RSS Reader එකක් හරහා ඔබගේ අඩවියට සම්බන්ධ වෙන්න. ඔබ නව ලිපියක් ලියූ වහාම එය ස්වයංක්‍රීයවම ඔබේ කියවන්නන් අතට පත් වෙනවා, ඒ හරහා ඔබගේ කියවන්නන් ඔබට බැඳ තබා ගැනීම කරන්න පුළුවන්.

8. Feed Burner භාවිත කරන්න. ඔබගේ RSS Feed එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ නම් ඔබ Feedburner සමඟ ගිණුමක් ඇඹිය යුතුයි. එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවයක්, නමුත් එහි සේවා රැසක් තිබෙනව. ඔබගේ subscribers' statistics වගේ දේවල් නම් ඉතාම වැදගත්. එමගින්, ඔබගේ RSS Feed එක බොහොමයක් වෙබ් බ්‍රවුසර් හා RSS කියවන සමඟ භාවිතය පහසු කරවනවා. එනිසා ඔබගේ subscribersල කිසිම තාක්ෂණික ප්‍රශ්නයකට මුහුනපාන එක් නෑ.

9. E mail හරහා subscribe වන්න ඉඩ දෙන්න. හුඟක් අන්තර්ජාලය භාවිත කරන්නන් තාම RSS Readers හරි හැටි භාවිත කරන්නෙ නෑ. ඒ නිසා E mail Subscriptions ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. ඒකත් Feedburner මගින් පහසුවෙන්ම කළ හැක්කක්. ඔබට කරන්න තියෙන්නෙ Feedburner හි Publicize තුළ තිබෙන මෙම අංගය ක්‍රියාත්මක කරවල, ලබා දෙන subscription ලින්ක් එක අඩවියට යෙදීම පමණයි.

10. E mail Newsletters හදන්න. E mail subscription කියන එක තව පියවරක් ඉදිරියට ගෙනයන්න ඔබට පුළුවන් E mail newsletters හරහා. ඔබේ කියවන්නන්ට ඔබට ලබා දෙන්න ඕනෙ දේ වඩාත් හොඳින් පාලනය කිරීමේ හැකියාවක් මේ හරහා ඔබට ලැබෙනව. කාලයෙන් කාලයට ඔබට පුළුවන්, ඔවුන්ට පණිවිඩ යවන්න. සමහරවිට මේ සඳහා E mail Marketing මෘදුකාංගයක් යොදාගන්න උනත් ඔබට සිදුවේවි.

තව තව උපදෙස් පස්සට. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. 

මෙම ලිපි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

25 comments:

  1. එළ එළ හොද ලිප්යක් අනිත් එවත් ඉක්මනට ලියන්න

    ReplyDelete
  2. ස්තුතියි.
    අනිවා, ඉක්මනටම ලියනවා. කාලෙකින් මේ බ්ලොග් එකට හොද ලිපියක් ලියන්න ලැබුනෙ නෑ නෙ.
    අලුත් තීම් එක ගැන මොකද හිතන්නෙ?

    ReplyDelete
  3. එල එල නියම වැදගත් ලිපියක්....අනිත් ටකත් දාන්න ඉක්මණටම....
    ම්ම්ම් තීම් එක අවුලක් නෑ..ඒත් කොලපාට තීරු ටික පොඩ්ඩක් ඇහැට අමාරුයි වගේ...ඒත් ඒක වැඩිය ඇස ගැටෙන්නේ නැති නිසා ෂේප්‍‍....

    ReplyDelete
  4. ගීතික බුලත්සිංහලAugust 5, 2010 at 2:05 PM

    මමත් ‍ගොඩක් ආසාවෙන් කියවනවා. ඇත්ත තමයි කොලපාට ටිකක් ඇහැට අමාරුයි. ලුමිනස් (ලුනුමිරිස්)
    කලර් වගෙ.

    ReplyDelete
  5. හ්ම්ම්. එහෙනම් ඒක හදන්න වෙනව. :) ස්තුතියි.

    ReplyDelete
  6. වැදගත් ලිපිපෙළක ආරම්භයක් වගේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න. අපි බලන් ඉන්නවා.

    ReplyDelete
  7. හොඳ ලිපියක් ....

    ඉතා වැදගත්

    ReplyDelete
  8. මරැ නියමයි. අනිත්වත් ඉක්මනට දාන්න

    ReplyDelete
  9. ගොඩක් ස්තූතියි.ඇත්තටම ගොඩක් වටින ලිපියක්.දිගටම ලියන්න.මමත් නොවරදවාම කියවනවා.

    ReplyDelete
  10. ඉතා වැදගත් ලිපියක් සහෝ..... එල..දිගටම ලියන්න ;)

    ReplyDelete
  11. ස්තුතියි අදහස් වලට, ඊළඟ ලිපිය හෙට අනිද්දම. :)
    එකතු වෙලා ඉන්න.

    ReplyDelete
  12. මචං Feedඊurner ගැනයි ඒක භාවිතයෙන් E-mail Subscriptions හදාගන්න හැටියි ගැන විස්තරයක් තියන link එකක් නැද්ද?

    ReplyDelete
  13. එහෙම එකක් නම් නෑ මචන්. feedbutner.com ගියාම ඒකෙ තියෙනව විස්තරේ, ඕනෙ නම් මම පොඩි ලිපියක් දාන්නම්.

    ReplyDelete
  14. මේක හොද ලිපියක්...ගොඩක් ව‍ටිනා අදහස් ටිකක් දීල තියෙන්නෙ

    ReplyDelete
  15. ගොඩක් වටිනව. thanx

    ReplyDelete
  16. ගොඩාක් වැදගත් ලිපියක් යාලු.මට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.අනිත් ඒවත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  17. එළකිරි ලිපියක්.
    http://bestmenuka.blogspot.com

    ReplyDelete
  18. ඔක්කොම දාල තියෙන්නෙ දැන්.
    http://madhawaweblog.blogspot.com/2011/01/traffic.html
    පොතක් විදිහටම බාගන්න..

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.