Tuesday, February 16, 2010

Widgets

කියවන්නෝ ඇත කොමෙන්ට් කරන්නෝ නැත



මගේ මෙම සිංහල බ්ලොගයට සාමාන්‍යයෙන් මසකට unique visitorsලා හාර පන්සියයක් හා page loads අටසියයක්වත් ලැබේ.
මගේ Photography බ්ලොගයට මසකට අඩුම ගානේ unique visitorsලා හය හත්සියයක් හා page loads දහස පනී.
නමුත් මතක ඇති කාලයකින් මගේ මෙම බ්ලොග් 2න් එකකටවත් හොඳ කොමෙන්ටුවක් ලැබුනේ නැත. (විශේෂයෙන්ම photography එකට) ඇයි දැන් කස්ටියට කොමෙන්ට් එකක් කරන්නවත් වෙලාවක් නැති වෙලාද???
අනේ මන්ද, Comments are the driving force of blogging කියනවලුනෙ (මගෙ කතාවක් හොඳේ, මේක වෙන කවුරුත් කියල නෑ. :D ) ඒත් ඉතින් කොමෙන්ට් නැති උනාම ලියන්නත් කම්මැලි හිතෙනව. 


52 comments:

  1. හම්.. ඒක ඈත්ත.. ලියන එක නම් එපා වෙනව comment නැති උනාම. දැන් ගොඩක් අය කමෙන්​ට් කරන්නෙත් ඈදුනුම් කමට.. නැත්තම් ඒකත් නෑ..

    ReplyDelete
  2. අවුලක් නෑ.මෙන්න මගෙන් කොමෙන්ට් එකක්,
    Comments are the driving force of blogging කියන කථාව නම් හරියට හරි.කොමෙන්ට් අඩුයි කියලා සැලෙන්න එපා :p

    ReplyDelete
  3. ගනන් ගන්න ඒපා .... කියවන ඒකම වටිනවා ....

    ReplyDelete
  4. ඔව්, ඒ උනාට අදහස් උදහසුත් ගොඩාක් වටිනව.

    ReplyDelete
  5. මමනම් comments නොදැම්මට,ඔයාගෙ බ්ලොග් එක හැමදාම බලනව.ඒ නිසා දිගටම ලියන්න

    ReplyDelete
  6. ස්තුතියි කියවනවට, පොඩි කොමෙන්ට් එකක් දාන්න, ඒකෙන් කාටවත් කරදරයක් නෑ නෙ. :)

    ReplyDelete
  7. ඔයා දන්නවනෙ කියවන්න කට්ටිය ඉන්නව කියල. ඉතින් comments නෑ කියල සැලෙන්න එපා, මමනම් comments තිබ්බත් නැතත් ලියනව.

    ReplyDelete
  8. ගීතික බුලත්සිංහලFebruary 16, 2010 at 11:44 AM

    අපි කියවනවා

    ReplyDelete
  9. මේකනෙ වැඩේ.දැන් සින්ඩියේ ගොඩක් බ්ලොග් තියනවනේ.ඒවා කියවන්න ගත්තම කමෙන්ට් කරන්න වෙලාව මදි.කට්ටිය බලනවා කියලා දන්නවනේ.ඒ නිසා සැලෙබ්න්න එපා.දිගටම ලියන්න.....

    ReplyDelete
  10. @ මටත් ඕකම වෙනවා. ගණන් ගන්න එපා ඒක නෙමේ ඔයා පාදුක්කෙද?

    ReplyDelete
  11. @Kasun Nadeeshana: ගණං ගන්නෙ නෑ ගොඩක් වෙලාවට.
    ඔව් පාදුක්කෙ තමයි, හරියටම කිව්වොත් ගලගෙදර.

    ReplyDelete
  12. ගණං ගන්ඩ එපා සහෝ. ඕක ලෝක සොභාවය නේ.. කොහොම නමුත් කොමෙන්ට් එකකින් මාර ගටක් නං එනවා තමා. මෙන්න අපිත් දැම්මා කොමෙන්ටුවක්. දැං ඉතිං දෙයියනේ කියලා ලියාගෙන යන එකයි තියෙන්නේ.
    -ජය

    ReplyDelete
  13. අනිවාර්යෙන්. අයියා මම හිතන්නේ ගොඩක් වෙලාවට කමෙන්ට් අඩු වෙන්න එක හේතුවක් තමා අපේ බ්ලොග් කියවන්න එන අයගෙන් ගොඩක් දෙනෙක් අපිව දන්නේ නෑ ඒක නිසා ඒ අය කමෙන්ට් දාන්න බය වෙනවා තව හේතු ගොඩක් ඇති ඒත් කමක් නෑ මේක හොඳ ලිපියක් :)

    ReplyDelete
  14. සැලෙන්න එපා මල්ලි. මෝරා කොල්ලො කවදද සැලුනේ. ඒවුනත් ඉතින් බලන අයත් පොඩි කමෙන්ට් එකක් හරි දාලා යනවනම් ලියන කෙනාට ඒක ලොකු දිරිදීමක් වෙනවා.

    ReplyDelete
  15. අපි කවදාද අය්ය සැලුනෙ? :D
    අපි සැලෙන්නෙ නෑ, කවුරු මොනා කිව්වත් අපි ලියන එක නවත්තන්නෙ නෑ...

    ReplyDelete
  16. ගීතික බුලත්සිංහලFebruary 16, 2010 at 1:16 PM

    මම පාදුක්කෙදි ඔයාව දැකල තියෙනව ඒත් හරියටම කවුද කියල මතක නැහැ.

    ReplyDelete
  17. @ගීතික: ඒකත් එහෙමද.. :) මතක් කරල බලන්නකෝ.

    ReplyDelete
  18. Two reasons Y Im not,
    1)
    I dont wanna log and comment. so if U allow Anonymous it would b good. ( if its not secure, u can approve and publish)

    2)
    U r not listning to other user comments. for ex: whn consider about picture DOF, U can say its like this and that, but when some one says U can do it in that way or something, u r not listning.

    Check this and decide what Im talking about.
    ( http://photography-sinhalen.blogspot.com/2009/09/blog-post.html#comments )

    ReplyDelete
  19. මාධව ගේ කතාව නම් සහතික ඇත්ත. මටත් මේ දවස් වල බ්ලොග් පෝස්ට් දාන එක ටිකක් එපා වෙලා තියෙන්නේ. මගේ සෙල්ලිපි සටහන් වලටත් comments ලැබෙන්නේ ගොඩාක් අඩුවෙන්. මාධව නම් හුඟක් වෙලාවට comment කරනවා. ඒත් අනිත් අය නම් කියවනවා විතරයි වගේ.
    මම කැමතියි අපේ කට්ටිය comments හරහා බ්ලොග් ලිපි සම්බන්ධව බුද්ධිමය සංවාදයක් ගොඩනගනවා නම්.

    ReplyDelete
  20. @With:
    1) ඔබට පුළුවන් මගෙ බ්ලොග් වල Anonymous විදිහට කොමෙන්ට් කරන්න.
    2) සමහර වෙලාවට කොමෙන්ට් එකකට රිප්ලයි කරන්න බැරි වෙන්න ඉඩ තියෙනව, ඒකට සමාවෙන්න ඕනෙ. එහෙම එකක් දෙකක් මග ඇරුන කියල, කියන්න එපා මම කට්ටියට ඇහුම්කන් දෙන්නෙ නෑ කියල, ඒක නම් සම්පූර්ණයෙන් වැරදි කතාවක්. සමහර කොමෙන්ට් තියෙනව රිප්ලයි ඕනෙ නැති ඒව, හා රිප්ලයි කිරීම එතරම්ම වැදගත් නැති ඒව, මම ඒ වගේ එකකට රිප්ලයි නොකරන්න ඉඩ තියෙනව. මොකද මම හැම වෙලේම ඔන්ලයින් ඉන්න කෙනෙක් නෙමෙයි, සමහර කාල වල මම හරිම කාර්යබහුලයි, ඒ කාලෙට ලිපි ලියන්න වෙලාවක් හොයාගන්නෙත් අමාරුවෙන්. ඒ කාල වලදි නම් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වෙන අවස්ථා ඕනෙ තරම් තියෙනව.

    ReplyDelete
  21. ගීතික බුලත්සිංහලFebruary 16, 2010 at 1:36 PM

    අද නම් ‍පෝස්ට් දාන කට්ටියත් අඩුවෙලාද මන්දා.......

    ReplyDelete
  22. මමත් බලනවා. හැබැයි අද නං හිත පිරෙන්න කොමෙන්ටි තියෙනවා වගේ නේ

    ReplyDelete
  23. ඉස්සර වගේ දැන් බ්ලොග් කියවන අය කමෙන්ට් දානව අඩුයි. ගොඩක් වෙලාවට මට සින්ඩියට එන්න වෙලාවක් ඇත්තෙත් නෑ.

    ReplyDelete
  24. හික්ස්. :) ඒක හරි...

    ReplyDelete
  25. ඇත්ත ඇත්ත, මටත් ඒක තේරෙනව. මටත් සමහර වෙලාවට යන්තම් බලන්න විතරයි වෙලාව තියෙන්නෙ.

    ReplyDelete
  26. "Comments are the driving force of blogging" kiyana eka nam attama atta . . . .samaawenna nitara comment karanna bari wena ekata . . eth aniwaaryen balawana . .. puluwan hama welaawema comment karannamko . ..

    ReplyDelete
  27. ස්තුතියි. මම දන්නව මගෙත් එක්ක ගොඩක් අය ඉන්නව කියල, නමුත් පොඩි කික් එකක් එනවනෙ කට්ටිය අදහස් දක්වනකොට.

    ReplyDelete
  28. මාධව මහත්මයා, ඔබේ සටහන් වලට ප්‍රතිචාර දැක්වීම අපහසුවක් නොවේ. සමහරුන්ට ප්‍රතිචාර දැක්වූ විට, ලැබෙන්නේ ගල් මුල්ය. දාර්ශනිකයන්යැයි කියා ගන්නා අය ඒ ගනයට වැටේ. ඔබට එක අවවාදයක් දෙන්නම්. ඔබ ඡායාරූප බ්ලොග් සටහනේ ඔබ විසින් ගන්නා ලද ඡායාරූප දත්ත සමග පලකරන්න. මමද ඔබ මෙන්ම ඡායාරූප උපාධියක් නොමැත්තෙක්මි. නමුත් මම ඡායාරූප ගැනීමට ප්‍රිය කරන්නෙක්මි. මම ඡායාරූප ගැන විශේෂඥයෙක්ද නොවෙමි.

    ReplyDelete
  29. අධෛර්යය මත් නොවන්න මල්ලි. බොහෝ දෙනෙකුට පොදු ප්‍රශ්නයක්නේ. ඔයාට විතරක් වුනා නම් තමයි කළබල වෙන්න වෙන්නේ.

    ReplyDelete
  30. මෙහෙමත් එකක් තියෙනවා ,
    කමෙන්ට් කරන්න ටිකක් වෙලාව මදි පාඩු උනාම, මම පෞද්ගලිකව හිතනවා, මම කාටද priority දෙන්න ඕනේ කියලා, කමෙන්ට් එකක් දාන්න තරම්ම...

    ඉතින් මගේ බ්ලොග් එකේ නිතරම ගැවසෙන, කමෙන්ට් කරන, මාව දිරිමත් කරන කෙනෙකුට මම ටක් ගාලා කමෙන්ට් එකක් දානවා, මොන වැඩේ තිබුනත්.අනිත් අයට, ඒක අසාධාරන තමයි,,ඒත් කරන්න දෙයක් නෑ.. මම පෘතග්ජන මනුස්සයෙක් නේ..

    ReplyDelete
  31. පිස්ස කියපු එක ඇත්ත. ඒ වැඩේනම් මමත් කරනවා තමා. අවංකව කිව්වොත් මේක නම් කියවන්නෙ කලාතුරකින්, තාක්ෂණික දේවල් ගැන තියෙන ඒව මම කියවන්නෙ නෑ වැඩිය. හැබැයි ෆොටෝග්‍රැෆි එකනම් ඔක්කොම මුල ඉඳල අගටම කියෙව්ව. දැන් ඉතින් ඔය ඔක්කොම ට්‍රයි කරන්න පුලුවන් කැමරාවක් ගන්න ඕනෙ. ඉස්සරහට ෆොටෝග්‍රැෆි එකේ කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
  32. පිස්සා හරි,

    මචං නිකන් ෆලෝවර් කෙනෙක් වෙලා මාස ගනනකින් ඇවිල්ලත් කමෙන්ට් එකක් දාන්නේ නැතුව
    නිකම්ම ගිය එකෙක් ගේ බ්ලොග් එකට අපි යයිද?

    මොකද බ්ලොගින් තනියම කරන්න ගියොත් වෙන්නේ එපා වෙන එක.

    මොකෙක්වත් කියවන්නේ නෑ, නිකම් කැසිල්ලට ලිව්වා වගේ වෙනවා.
    මේකයි ඇත්ත.

    ඒක හින්දා පුළුවන් හැම වෙලාවෙම අඩුම ගානේ
    ":)"
    "එල"
    "චාටර්" වගේ එක වචනයක්වත් දාන්න ට්‍රයි කරන්න.


    බිඟුවා...!

    ReplyDelete
  33. මම නම් බ්ලොග් ලියන කෙනෙක් නෙවෙයි....ඒත් දවස ගානේ බ්ලොග් කියනවනවා.......හැම වෙලාවෙම ක්මෙන්ට් දාන්නේ නෑ....ඒත් කියවනවා....ඒ නිසා සැලෙන්න එපා...

    ReplyDelete
  34. Thanks for open "Anonymous" comments.

    Cheers
    - With

    ReplyDelete
  35. මට නම් ඔය දෙක්ම කෙරෙන්නෙ අඩුවෙන්. කොම්මෙන්ට් නම් දන්නෙ සහෙන අඩුවෙන් මන්... ඊත් කියවනව ඊත් ඉතින් වෙඩියම නෙ...

    ReplyDelete
  36. @සරත් ගුණතුංග : මම කවදාවත් කිසිම කෙනෙක්ට බනින ගහන ගණයේ කෙනෙක් නොවෙමි. ඉතින් මොන විදිහෙ කොමෙන්ට් ආවත් මම පිළිතුරු දෙනව. මම Comment moderate කරන්න අකමැති නිසා තමයි Anonymous කොමෙන්ට්ස් disable කරල තිබ්බෙත්, නමුත් ඉල්ලීම පිට ඒක enable කළා.
    Photography සම්බන්ධයෙන්, මම ඒ ගැන ඔබට කියල දුන්නට මගෙ ලඟ එතරම් හොඳ ඡායාරූප ගැනීමට ගැළපෙන කැමරාවක් නෑ (මගෙ ෆොන් කට්ටෙ තියෙන කැමරාව විතරයි මගෙ සන්තකේට තියෙන එකම කැමරාව) හැබැයි ගැළපෙන කැමරාවක් පාවිච්චි කරල්ල ලැබුණු වෙලාවක නම් අත අරින්නෙ නැතුව ෆොටෝ ගන්නව. (හිතන්න එපා "මේ යකාට කැමරාවක්වත් නැතුවද, මහලොකුවට අපිට මේ ෆොටෝ ගන්න හැටි කියල දෙන්නෙ" කියල)

    @RanDil : කලබලයක් නෑ අය්ය, මම දන්නවනෙ තත්වෙ.

    @.::පිස්සා::. : මටත් ඔය තත්වෙ පොදුයි, මමත් ඔබ වගේ කරන අවස්ථා තියෙනව.

    @ත‍රිඳු : මමත් බොහෝවිට මට ප්‍රයෝජනවත් කියල හිතෙන ඒව කියවල, කිවයුතු දෙයක් තිබෙනව නම් කොමෙන්ට් එකක් දානව.
    ස්තුතියි මගෙ ලිපි සම්පූර්නයෙන්ම කියවන එකට. මම දන්නව තව ගොඩක් අය ඉන්නව මගෙ ලිපි හොඳින්ම කියවන.

    @බිඟුවා...! : ඔබත් සමඟත් මම එකඟයි, ඒ වගේ පොඩිම පොඩි කොමෙන්ට් එකක් උනත් ඇති තව ලියන්න ගටක් එන්න.

    @Saman : ස්තුතියි.

    @Anonymous : With Pleasure

    @coolc : අපිට හැම පොඩිම කියවන්නත් වටිනව.

    ReplyDelete
  37. ආත්මාර්තකාමී අයත් blog ලියනව.මිනිස්සු විවිධාකාරයි.

    ReplyDelete
  38. "Comments are the driving force of blogging"
    ඒක නම් සහතික ඇත්ත. ඒත් ඉස්සරහට "Hits are the driving force of blogging" කියලා හිත හදාගන්න වෙයි වගේ මේ යන විදියට. සිංඩියෙ බ්ලොග් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න සහ පාඨකයින් කාර්යබහුල වීම වැඩිවෙන්න වැඩිවෙන්න කමෙන්ට වැටෙන එක අඩුවේගනයි යන්නෙ. :(
    සැලෙන්න එපා අයියෙ, දිගටම ලියන්න. ඔබට ජය! :)

    ReplyDelete
  39. hello madhawa,i also like your blog very much.but i am not ued to comment .very sorry.
    do not worry.write,write,,,,
    (reader from korea)

    ReplyDelete
  40. @ධනික : කතාව ඇත්ත, මමතේක පිළිගන්නව. සැලෙන්නෙ නෑ මල්ලි.

    @Anonymous : Please no need to sorry, U are a potential reader, So that is also something for me. Thanks.

    ReplyDelete
  41. මම ලියන එක අතහැරිය comments නැති නිසා. මම ලියන ඒවා තේරැමක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. comment danna thaam deyak liyala nathnam danne nahane... e nisa liyala thiyana de balanna..

      Delete
  42. ඔය පුතාගේ සටහන් මමත් කියවනව අපිට හරි වැදගත් .

    ReplyDelete
  43. godak evata comment karanna bahane ai e

    ReplyDelete
  44. හප්පටසිරි! මේකෙ තියෙනවනෙ කියවන්න එපා වෙන තරමට කමෙන්ට්!!
    කමෙන්ට් වගෙද කොල්ලෝ.... නිදහසේ යමක් කියන්න තියෙන නිදහස ම!

    ReplyDelete
  45. @Kaputa : මම නම් නවත්තන්නෙ නෑ.
    @Anonymous : ස්තුතියි.
    @Anonymous2 : ඒකට නම් හේතුවක් හිතාගන්න බෑ, සමාවෙන්න.
    @ශාකුන්තල: කතාව ඇත්ත, ලියන්න තියෙන නිදහස තමයි ලොකුම දේ.

    ReplyDelete
  46. දැන් comments එපා වෙයිද දන්නේ නෑ නේද? :)

    ReplyDelete
  47. ela ela. me post ekata comment 47k thiyanawa Madhawa ayye..

    ReplyDelete
  48. mamanam kiyawana hama post ekakatama wage post danawa.. :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා. දැන් පෝලිමට කියවගෙන දාගෙන යනව නේද? :)

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.