Monday, October 17, 2011

Widgets

Theweni Esa Photo Fair 2011 ගියෙමි

ඔන්න ඉතින් මමත් හාපුරා කියල ජීවිතේ පලවෙනි වතාවට ගියාලු ඡායාරූපකරණය සම්බන්ධ Fair එකකට.  පොළක් කිව්වම ඉතින් ඔයාල දන්නවනෙ, බඩු විකුණන තැනක්නෙ, මේකත් එහෙම එකක් තමයි, විකුණන්නෙ ඡායාරූපකරණය සම්බන්ධ දේවල් තමයි. ගියේ සෙනසුරාද තමා ගියේ, ඒත් ලිපිය ලිවීම පරක්කු උනේ ගෙදර විදුලි අර්බුදයක් නිසා. 
මේක ගැන දැනගත්තෙ මම ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරන්න ස්ටුඩියෝ එකට ගිය වෙලේ. එතන තිබ්බ ෆ්‍රී පාස්. ඉතින් මම ඇහුවම මට 4ක්ම දුන්න. මම ඉතින් ගත්ත, විස්තරත් බලාගත්ත. මගෙ යාළුවෙක් ඉන්නව සන්ජය කියල, මේ වගේ වැඩ වලට මම ඌට තමා ඉතින් කතා කරන්නෙ. දළදා පෙරහැර බලන්න ගියෙත් ඌ එක්කනෙ. මිනිහත් ඉතින් එන්නම් කියල කිව්ව. ඔන්න සිකුරාද කියනව බෑඈඈ කියල. :( බුකියෙ මිතුරු මල්ලි කෙනෙක් එන්නම් කියල එයාටත් අසනීප වෙලා කිව්වනෙ. එදා උදේ ඔෆිස් එකේ එකෙක් එන්නම් කිව්ව, ඌත් ඊට පස්සෙ බෑ කිව්ව. ඉතින් මම තනියම ගියා. 
දවල්ට කාල එහෙම පිටත් වෙලා 2.15ට විතර ගියා සම්බුද්ධ ජයන්ති මන්දිරයට. "මාග" එකෙන් හැදුවට එදා තමා ඒකට මුලින්ම ගියේ. ඉතින් ටිකක් වටේ ඇවිදිනකොට මුණගැහුන තෙවෙනි ඇස එකේ ඉන්න අනූපම මහත්තයව. (මම එයත් එක්ක ) එයත් එක්කත් ටිකක් කතා කරල තෙවෙනි ඇස මැගසින් එකත් අරගෙන අර රැෆල් එකටත් දාල (ටිකට් එකේ කෑල්ලක නම ගම ලියල දාන්න තිබ්බෙ) ඉතිරි ටිකත් ගියා. ඔහොම වට දෙකක් ගියා. ඒ අතරෙ තමා මෙන්න මේ පහළ ෆොටෝ ටික ගත්තෙ.












අන්තිම එකට ඉස්සෙල්ල එක බැලුවොත් දන්න අඳුනන කෙනෙක් ඉන්නව. (හැමෝම නම් නෙමෙයි, සමහරෙක් දන්නව මුහුණු පොතේ අපේ ෆොටෝග්‍රැෆි ගෲප් එක්ක ඉන්නව නම් අනිවා දන්න කෙනෙක්.) පින්තූර පෙට්ටිය වෙබ් අඩවියේ ඇඩ්මින් දිනේෂ් පෙරේරා. (හෙවත් කෝට්ටේ දිනේෂ්) (ඔන්න මචෝ උඹේ පොඩි ඇඩ් එකක්. :D )
ෆොටෝ ටික බැලුවමම ඔයාලට තේරෙනව ඇති මේකෙ මොනවද තිබ්බෙ කියල. ඇත්තම කිව්වොත් ඡායාරූපශිල්පියෙකුට ඕනෙ වෙන හැම දෙයක්ම වගේ මෙතන මිලට ගන්න තිබුන. Canon, Nikon, Fuji, Olympus වගේ කැමරා හා උපාංග, ඡායාරූප මුද්‍රණ යන්ත්‍ර, මුද්‍රණ කඩදාසි, රාමු කිරීම සම්බන්ධ දේවල්, තව ගොඩාක් දේවල්. 
ඒත් ඉතින් මම නම් මොකුත් ගන්න නෙමෙයි ගියේ, බලන්න විතරයි. ගන්න නම් හිතුනු දේවල් එමටයි, ඒත් ඉතින් ඒව ගන්න නම් ලොතරැයියක්වත් ඇදෙන්න ඕනෙ.
මම ඉතින් අර වට දෙක ගිහිල්ල ඉවර වෙලා පිටත් වෙන්න ලෑස්ති වෙනකොට මෙන්න අපේ ඉස්කෝලෙ මගෙ ක්ලාස්මේට් ඇන්ඩ් අපේ කැම්පස් එකේ අපේ ෆැකල්ටියෙ හිටි එකක් ආව. අනේ ඌයි උගෙ යාලුවයි එක්ක තව වට 5ක් ගියා. :D (ඒකම විතරක් නෙමෙයි පරක්කු වෙන්න සිද්ධිය, sms යවල කරන තව තරඟයක් තිබ්බ, ඒකට sms යවල ඒකෙ ප්‍රතිඵල දෙනකම් ගිටියෙ.) කොහොම හරි 3.30ට පිටත්වෙන්න හිතන් උන්නු මම 5.45 වෙනකම් එතන හිටිය. අරුන් දෙන්න ගියා 5.30ට විතර. අන්තිමට ඒ තරඟෙ තෑග්ග නම් ලැබුනෙ නෑ. :(
ඒත් ඉතින් ඕකෙන් එක හොඳක් උනා. ඔන්න ඔය උඩ ෆොටෝ එකේ හිටි එකාව මුණගැහුන එක. ඒකත් අහම්බයක්ද මන්ද. මොකද මම 1වෙනි වටේ යනකොට ගියා NAPSL (National Association of Photographers - Sri Lanka) එකේ ස්ටෝල් එකට. ගිහිල්ල ඒ සංගමයේ සාමාජික ඉල්ලුම්පත්‍රයක් ගත්ත. ඔතන හිටිය සුදට සුදේ ටිකක් මහත් එකෙක්. මට එවෙලෙ ඌව එච්චර නෝට් උනේ නෑ. 5 වෙනි වටේ යනකොට තමා පින්තූර පෙට්ටිය අඩවියෙ ඇඩ් එකක් අයිනක තියෙනව දැක්කෙ. ඔන්න 6 වෙනි වටේද කොහෙද ගිහිල්ල ඔය NAPSL එකේ ස්ටෝල් එක ඉස්සරහ ස්ටෝල් එකේ Desiccators ටිකක් බලන අතරෙ  පොඩ්ඩක් අනිත් පැත්ත හැරිල බලනකොට දැක්ක රතු, කලු, සුදු බිස්නස් කාඩ් එකක් කෙනෙක්ගෙන් තව කෙනෙක්ගෙ අතට යනවා. බැලුවම අර මම මුලින් කීව එකා. අන්න එතකොට මගෙ මතකෙට ආව ඩයල් එක. :D පින්තූර පෙට්ටියෙ දිනේශ්. ඔන්න ඊට පස්සෙ ගිහිල්ල කතා කළාම මේකටත් මාව ක්ලික් උනා. :D ඔන්න ඊට පස්සෙ පොඩ්ඩක් ස්ටෝල් එකට වෙලා ඉඳගෙනම කතාවක් දාගෙන හිටිය. ඒ අස්සෙ අරූ පොඩ්ඩකට ගිය අතරෙ මට සිද්ධ උනා ස්ටෝල් එක බලාගන්නත්. :) ඕව ඉතින් අපට නුපුරුදුය. (ටෙක්නො එකේ අවුරුදු 4ක් එක දිගටම ස්ටෝල් වල ඉඳල තියෙනවනෙ. exhibitorsල නම් නෙමෙයි, Organisersල විදිහට. :) ) 
කොහොම හරි ඉතින් යන්තම් 5.45ට පිටත් වෙලා තමා ගෙදර ආවෙ.

ආ තව එකක් අමතක උනානෙ. නොවැම්බර් 4-6 දවස් තුනේ BMICH එකේ තියෙනව තවත් මේ වගේම Fair + Exhibition එකක්. ඒක Organize කරන්නෙ NAPSL එකත් එක්ක ඉන්දියානු කට්ටියක්ද කොහෙද. ඒකටත් යන්න තමා හිතාගෙන ඉන්නෙ. මේකට ආව නම් ඒ ප්‍රදර්ශනේට යන්න Free Entry Tickets ගන්න තිබ්බ. (ඒකත් මේ වගේ ෆ්‍රී එකක්ද නම් දන්නෙ නෑ)

ඔන්න ඕකයි මගේ Photo Fair 2011 කතාව. දිනේශ් කිව්ව, බුකියෙ කට්ටිය ගොඩක් එදා උදේ ආව කියල. මම ඉතින් ගියෙ හවසනෙ, මට නම් කාවවත් හම්බුනේ නෑ. :( 

4 comments:

  1. ඔය නොවැම්බර් 4-6 තියෙන එකට නම් මම යන්න හිතන් ඉන්නේ සමහර විට මට ෆ්‍රී ටිකට් හම්බ වෙන්න පුළුවන් අහා ලබන 22ත් එකත් තියෙනවා ඒක න්අම් ක්අරන්නේ අපේ බාප්පලා ඒකට නම් මම අනිවා යනවා

    ReplyDelete
  2. යන්නම් කියලා හිතාගෙන හිටියත් නිවාඩු නැති හින්ද ඒකටත් බාල්දිය

    නොගිහිල්ලා ඒක ගැන දැන ගන්න ලැබුනා පෝස්ට් එක නිසා, ස්තූතී වේවා

    ReplyDelete
  3. @ශානු:
    මොකද්ද 22 තියෙන්නෙ?
    එහෙනම් 4-6 එකේදි මුනගැහෙමුකො පුළුවන් උනොත්.

    @ඉෂාර:
    සතුටක්. :) 4-6 තියෙන එකට එන්නකො. මීට වඩා ගොඩාක් දේවල් ඒකෙ තියේවි.

    ReplyDelete
  4. ආස කරන ක්ෂේත්‍රයක්... නමුත් වියදම ටිකක් සැරයි වගේ දැනුන නිසා අත ගහන්න බයයි...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.