Monday, November 28, 2011

Widgets

හිත ඇදිල යන මාතෘකාවක් ලිපියට දාන්නෙ කොහොමද

අපේ බ්ලොග් කියවන්නො හුඟක් අය කාර්යබහුලයි ගොඩක්. බ්ලොග් එකක් දෙකක් කියවන්න එන්න වෙලව හොයාගන්නෙත් සමහරු අමාරුවෙන්.
ඉතින් ඔබටත් ඒ අයගේ අවධානය ගන්න තරඟ කරන්න වෙලා.
එහෙම නිකම්ම කරන්න බෑනෙ. ඉතින් ඔබට සිද්ධ වෙනව කියවන්නන්ගේ අවධානය දිනාගන්න වැඩ කරන්න. ඒක කරන්න මුලින්ම ඔයා කරන්න ඕනෙ හිත ඇදිල යන, ඇහැ ඇදිල යන මාතෘකාවක් ඔයාගෙ ලිපියට යොදන එකයි.
මාතෘකාව තියුණු විය යුතුයි. කියවන්නාට කුතුහලයක් සමඟ ලිපිය මොකද්ද කියල බලන්න හිතෙන එකක් විය යුතුයි.

ඉතින් කොහොමද එහෙම ඒව ලියන්නෙ?

මගෙ බ්ලොග් එකේ පහුගිය කාලෙ ලිව්ව ලිපි වලින් ජනප්‍රියම උනු, වැඩිම පිරිසක් බලපු ලිපි කිහිපයක් ගන්නම්.


ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද? (සිතිවිලි පවුරේ මම ලිව් ලිපියක්)

බ්ලොග් අවකාශයේ ඉතාම ජනප්‍රිය උනු බ්ලොග් වල ඉතාම ජනප්‍රිය උනු ලිපි වල මීට වඩා ගොඩක් ප්‍රභල මාතෘකා තිබෙනවා. මම ඉතින් ගත්තෙ මගෙ චුට්ටි බ්ලොග් එකේ ලිපි ටිකක් තමා උදාහරණෙට. :)

"උදව්වක්", ප්‍රශ්නයක් තිබෙන මාතෘකාවක්, "කොහොමද?", "භාගත කරගන්න" වගේ දේවල් මේ මාතෘකා වල තිබෙනවා පේනවද? 
මේ වගේ මාතෘකා වලින් යම් දෙයක් කියවන්නාට දෙන්නට උත්සහ කරනව කියල ඔබට තේරෙනව ඇති. තවත් උදාහරණ මාතෘකා කිව්වොත්, "ඔබගේ ජංගම දුරකථනය සොරුන්ගෙන් රැකගන්නේ කොහොමද", "පසුගිය වසරේ ජනප්‍රියම වෙබ් අඩවි 10" වගේ ඒව ගත්තැකි.

ලිපියේ මාතෘකාව කෙලින්ම පැවසිය යුතුයි මොනවද මේ ලිපියෙ තිබෙන්නෙ කියල. එතකොට කියවන්නන්ට තීරණයක් ගන්න පුළුවන්, මේ තියෙන දේ අපිට වැදගත්ද, අපි මේක කියවිය යුතුද කියල. 

ලිපිය කියවන්නන්ට අදාලද කියල හිතල බලන්න. සමාජයේ පවතින ප්‍රශ්නයක්, ගැටළුවක් අරගන්න. ඒකට උත්තර හොයන්න, ලිපියක් ලියන්න. ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්, පහසුවෙන් කරන්න පුළුවන්, "මේක කරන්නෙ කොහොමද" ආකාරයේ ලිපියක් ලියන්න. 
උදා: "සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නේ කෙසේද. පියවරෙන් පියවර සරළව", "ඔබේ බ්ලොග් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද"

ඔබ කිව්ව දේ ලබා දෙන්න

මම දැකල තිබෙනව සමහරු මෙන්න මේක කරන්නෙ නෑ. පෝස්ට් එකේ මාතෘකාව තියෙන්නෙ එකක්. ඇතුළෙ තියෙන්නෙ වෙන එකක්. ඒකෙන් වෙන්නෙ කියවන්නාගේ විශ්වාසය පලුදු වෙන එක. එන අයට තේරෙන්නෙ එකකොට, "මෙයා මේ බොරුවට ලස්සනට මාතෘකාවක් දාල අපිව බොරුවට අද්දගන්නව" කියලයි. ඒක කරන්නෙපා කවදාවත්.
ඔබ දෙයක් කිව්ව නම් ඒක උපරිමයෙන් දෙන්න, උඩින් දුවල නෙමෙයි, පිළිවෙළට ප්‍රමාණාත්මකව, උපරිමයෙන්.
---------------------------------------------------------------------

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

11 comments:

  1. ගැහැණු ළමයින් සම්බන්ද කර දමන පොස්ට් වලටද කොම්මේන්ටු වැඩි බව සලකන්න

    ReplyDelete
  2. හික්ස්. ඒක තමා මගෙ පෝස්ට් වලට කොමෙන්ට්, විසිට් අඩු. :(

    ReplyDelete
  3. හ්ම්.... මං නම් ඔහේ මාතෘකා දානවා.

    ReplyDelete
  4. නිසුපො, ඔයාගෙ කමෙන්ට් එකත් එක්කම මතක් උනේ.
    සනෝජ් මල්ලි: කෙල්ලො සම්බන්ධ ලිපි විතරක් නෙමෙයි, කෙල්ලො ලියන ලිපි බලන්න එන සෙනඟත් ගොඩක් වැඩියි. :D :D :D

    ReplyDelete
  5. හික්ස්.... ඒකත් ඇත්ත....:)))))

    ReplyDelete
  6. මාදව හබරකඩගේ අදහසට මත් එකග වෙනවා හිකිස්

    ReplyDelete
  7. කතාවනම් ඇත්ත මාධව. සමහර වෙබ් අඩවිවල තියෙනව "අරයගෙමේක දැක්කද?" "මෙයාගෙ අහවල් එක" "අරයට අරකවෙලා" වගේ පට්ට හෙඩින්..ඒත් ගිහින් බැලුවාම අපිට කියන්න වෙන්නෙත් "අනේ මුගේ අහවලාට...." කියල තමයි.හික්ස්!!

    ReplyDelete
  8. 18+ කතා තියෙන ස්යිට් වලත් කමෙන්ට් සෑහෙන්න වැඩියි.

    ReplyDelete
  9. වැඩියෙන්ම බ්ලොග් ලියන්නේ පිරිමි. එයිනුත් අවිවාහක තරුණයෝ.

    ඉතිං, කෙල්ලෝ ලියන බ්ලොග්වලට ට්‍රැෆික් වැඩි තමයි.

    මගේ නම් උපදෙස අන්තර්ගතයට ගැලපෙන හෙඩිමක් දාන්න කියලයි. සමහර විට වක්‍රෝතියෙන්.

    ReplyDelete
  10. අපේ බ්ලොග් වලට කමෙන්ටු දමන අයගෙන් වැඩි දෙනා බ්ලොග් ලියන අය. ඉතිං එහෙම අය තමංගේ පාඨකයෝ ගාන වැඩි කරගන්න හැටි කියවෙන ලිපියකට කමෙන්ට් දානවා තමයි..

    සමහර අයගේ මෙලෝ රහක් නැති ලිපි වලටත් කමෙන්ටු 30-40ක් වැටෙද්දී සමහර අයගේ ඉතා වටිනා (යැයි මට සිතෙන) ලිපි වලට එක කෙමෙන්ටුවක් නැති හැටි දැක්කාම පුදුමත් හිතෙනවා.. ඒත් මොනවා කරන්නද..? ඕක තමයි ක්‍රමය..? මගේ බ්ලොගය තුළත් වැඩියෙන්ම කමෙන්ටු වැටුණේ.. මතක විදිහට ඊ මේල් එකකින් ආපු ලස්සන කවි නිර්මාණයක් (සඳරු මල්ලි ගේ එකක් කියලා පස්සේ දැන ගත්තේ) සඳහා.. ඒකේ වැඩි හරියක් තිබුණේ.. අයිතිකාරයා කවුද කියලා සඳහන් කරපුවා.. ඒ කියන්නේ බොහෝ දෙනා මගේ බ්ලොග් එක බලනවා.. ඒත් කමෙන්ට්ස් දාන්නේ නෑ..

    කමෙන්ට්ස් නොදමන්නත් මොකක් හරි හේතුවක් ඇති නොවෑ.. බලන එකම වත් මදැයි කියලා මං හිත හදා ගත්තා..

    අන්තර්ගතය, හෙඩිමෙන් දෙන්න පුළුවන්නම් කියවන්නාට සාධාරණයක් වෙනවා කියන එකයි මගේ අදහස..

    ReplyDelete
  11. මමත් ඔයාලගේ ඔය කථා පිළිගන්නවා..තියන ගැටළුව තමයි මොකද අපේ බ්ලොග් බලන අය කොමන්ටුවක් කොටන්න අමතක කරන්නේ කියලා..ඇත්තටම ඒ අයට ඒ තරමටවත් අදහසක් එන්නේ නැද්ද?අපේ ගොඩක් කොල්ලෝ(සමහරක් හැර) බ්ලොග් ලියන්නේ තමන්ගේ වටිනා කාලය වැය කරලා.තමන්ගේ දැනුම අන් අයට ප්‍රයෝජනවත් වෙයි කියන මතය අනුව..ඇත්තෙන්ම එය විශාල මෙහෙවරක්..නමුත් ඒ දෙයින් ප්‍රයෝජන ලබන බොහෝ අය එයට ස්තූති වන්ත නොවී ආපසු හැරී යාම දුකට කරුණක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකික අප ඉතා හොද ගුණ ධර්ම තියන අය.ඉතින් ඒ බව ආරක්ෂා කරමින් මේ බ්ලොග් ලියන අයට තවත් දිරි දෙනවානම් ගොඩක් ‍වටිනවා..ඒ වගේම තමයි අපේ සමහර අය මේ බ්ලොග් ලිවීම විහිලුවකට ඇරගෙන මෙය හෑල්ලු කරමින් එයින් නොයෙක් විදිහේ සතුටක් විදිනවා..එය මහත් සේ දුකට කරුණක්..මෙම බ්ලොග් අඩවිවලට මෙම තත්වය උදාවි ඇත්තේ කුමන හේතුවක් නිසා කියලද ඔබලා සිතන්නේ..ලාංකික බ්ලොග් කරුවන් වශයෙන් අපි මෙයට විසදුමක් සෙවිය යුතුමයි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.