Saturday, December 17, 2011

Widgets

Image Today අතුරු කතා සහ අවාසනාවට ඇත්ත කතාව

දැන් නම් කට්ටියට අමතකද දන්නෙත් නෑ, මෙහෙම එකකට අපි ගියා කියල. (තව බ්ලොග් ලියන පිස්සො ටිකකුත් සෙට් උනා කියල මම කිව්වෙ.)
අවාසනාවට ඇත්ත කතාවක් කිව්වට මේක සතුටුදායක විදිහට අවසන් නම් උනා. මැද ටික විතරයි අවාසනාවන්ත. :D
මම ඉස්සෙල්ල කිව්වනෙ Image Today Exhibition එකට ගිය එක ගැන. ඒක කියෙව්ව නේද? නැත්තම් දැන්මම කියවල එන්න.

එක තැනකදි දැක්ක, අපි ෆොටෝ එකක් දුන්නොත් එයාල කැලැන්ඩර් එකක් ප්‍රින්ට් කරල දෙනව කියල. නොදොවකින්. මුලින් දන්නව නම් හොඳ ෆොටෝ ටිකක් පෙන් එකටවත් දාගෙන එනවනෙ. :( මම පෙන් එකත් සාක්කුවෙ දාගෙන ඒත් වැඩක් වෙන එකක් නෑ කියල ආපහු තියල ආවනෙ. සන්ජය කියනව අපි දෙන්න එකට ඉඳල එකක් අරගෙන ප්‍රින්ට් කරල කෙල්ලන්ට දෙමු කියල. :D :D එහෙම කොරල අල කන්ඩද. මම කීව ඒක හරියන්නෙ නෑ කියල. මම ශොප් එකේ එකාටත් කීවෙ කෙල්ලත් එක්ක ආව නම් දෙන්නගෙ ෆොටෝ එකක් දාගන්න තිබ්බනෙ කියල. :( 
ඊට පස්සෙ ඉතින් බැලුව ෆෝන් එකේ තියෙන ෆොටෝ වලින් මොකුත් කරගන්න බැරි වෙයිද කියල. මගෙ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ වලින් එකක් තෝරගත්ත. අරූගෙ ෆෝන් එකෙත් තිබ්බ ෆොටෝ එකක් තෝරගත්ත. ඉතින් ඒකත් මගෙ ෆෝන් එකටම දාගෙන ගියා අතනට ආපහු. අනේ මූ කියපි microsd card බෑ කියල. කොරහන්කො, ඉතින් මොකෝ කරන්නෙ. ඉතින් මගෙ ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික අරූගෙ කැමරාවෙ කාඩ් එකට ගන්න ක්‍රමයක් හොය හොය මුලු ප්‍රදර්ශනේ වටේම ඇවිද්ද. ලැප්ටොප් තියෙන හැමතැනින්ම ඇහුව. (කැමරාවෙ කාඩ් එක SD එකක්නෙ, ඒක අතන රිඩර් එකෙන් රිඩ් කළෑකිනෙ.)

ඕව හොයන් යන අස්සෙ, Model shoot දෙකටම අරූ සෙට් උනා. (ඉස්සෙල්ල පෝස්ට් එකේ මොඩ්ල්ස්ලගෙ ෆොටෝ ටිකක් මම දැම්ම. ඒ මගෙ මිත්‍රයගෙ වැඩ තමයි. දැක්කෙ නැත්තම් ගිහිල්ල බලන්නකො.)
මිලින්ද වීරසේකර අය්යවත් සෙට් වෙලා එයත් එක්කත් කතා කර කර හිටිය ටිකක්. ඒ අස්සෙ මම ලැප් එකක් ගන්නට තියෙන ඕනෙකම ගැනත් එයාට කීව. (එයා වැඩ කරන්නෙ HP, Apple Official Dealer වන DMS එකේ.) බජට් එක පොඩී නම් Unity එකෙන් ගන්නය කියල. Laptop.lk එකත් හොඳයි කිව්ව එකම කෙනා. එහෙම අරගෙන DMS එකේ Care Pack එක දාගන්නය කීව (අවුරුදු 3නේ වොරන්ටියට රු.15,000යි).
තවත් ඉතාම වැදගත් දෙයකුත් කිව්ව. Unity එකේ තියෙන ගොඩක් ලැප් Asian Region එකට හදපුව නෙමෙයිලු. ඉතින් මෙහෙ ඒවට spare parts නෑලු හරියට. අනිත් එක Climate වෙනස නිසා හුඟක් ලැප් අවුල් යනවලු. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඇයි මේ කට්ටිය HP ලැප් හොඳ නෑ කියල කියන්නෙ කියල. ඉතින් ගන්නකොට ටිකක් පරිස්සමින් ගන්න කීව. Middle East Region එකට හදන ලැප් ගොඩක් තියෙනවලු Unity එකේ. අන්න ඒවයින් බොහොමයක් මොඩල් වලට spares මෙහෙට එවන්නෙම නෑලු. ඉතින් එහෙම එකක් සෙට් වෙලා ඒකට කෙල උනොත්, කෙලාම තමා. :(

හරි හරි, ආපහු කතාවට. ඉතින් මම කීවනෙ අපි හැමතැනම ගියා කියල ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික SD card එකට ගන්න ක්‍රමයක් හොය හොය. හම්බුනේම නෑ, හවස 4.30 විතර වෙනකොට දෙන්නට හොඳටම හෙම්බත්. වැඩේ අතාරින්නත් හිතුන. අපේ දිනේශ් සහෝගෙත් ලැප මැරිල, චාජරෙත් නෑ. ඌ කීව බොරැල්ලට ගිහිල්ල කරගෙන වරෙන්කො කියල. අලුත් බලාපොරොත්තුවක්. අපි ඉතින් එලියට ආව. පස්සෙ කල්පනා කරල වැඩි ෂුවර් එකටත් එක්ක බම්බලපිටියට ගියා. ගිහිල්ල communications දෙක තුනකින් ඇහුව, ම්හ්. :( ඊට පස්සෙ මොකෝ කළේ, අපිට කරගන්නම ඕනෙනෙ. MC එකේ කඩේකට ගිහිල්ල MicroSD Card Reader එකක් සල්ලි වලටම ගත්ත රු.150ක් දීල.
ඉතින් ඕකත් අරගෙන උඩ පැන පැන ආපහු BMICH ඇවිල්ල මගෙ ෆෝන් එකේ කාඩ් එක අරකට ගහල අර ස්ටෝල් එකේ එකාට දුන්න.
හරිම සතුටුයි කියන්න, මගෙ කාඩ් එකේ මොකාක් හරි අවුලක්, මැෂින් එකෙන් ගන්නෙ නෑ. ඉතින් මොකෝ කරන්නෙ. ඔන්න මේ යකා කාඩ් එක රීඩර් එකෙන් ගලවල උගෙ කාඩ් රීඩර් එකට ගැහුවනෙ. 
අපි දෙන්නට නේද, පස්ට හැපී, කාඩ් එක රීඩ් කරගන්න පුළුවන් නිසා නෙමෙයි, දෙන්නට දෙපැත්තෙ ඉඳන් අරූගෙ කණ් දෙක රත් කරන්න හිතුන නිසා. ඇයි දෙය්යනේ, මූ ඉස්සෙල්ල MicroSD රීඩ් කරන්න බෑ කීව නිසානෙ අපි පැය ගාණක් කකුල් කඩෙත්තුව හැදෙනකම් එහෙට මෙහෙට ඇවිද්දෙ. :(
ඊට පස්සෙ හරි ගියෙ නැති තැන තවත් එකක් මතක් උනා, දුක කියන්නෙ ඕක ඉස්සෙල්ල මතක් උනේ නෑනෙ. සන්ජයගෙ ෆෝන් එකේ තිබ්බෙ MiniSD එකක්. ඒකට ආපහු ෆයිල් ටික දැම්ම, ඒක රීඩර් එකට දාල ෆොටෝ ටික මැෂිමට ගත්ත. 
ආපහු ශෝක්. උන්ගෙ කැලැන්ඩර් එකේ PSD එක නෑ. ඉතින් පුළුවන් Portrait විදිහට විතරයි, අපි දෙන්න දුන්න ෆොටෝ දෙක landscape. ඉතින් මොකෝ කොරන්නෙ, තව ෆොටෝ දෙකක් අමාරුවෙන් හොයල දාල දුන්න. යන්තම් ඔන්න එකා කැලැන්ඩර් දෙක ගාණෙ ප්‍රින්ට් කරගත්ත. (එකකට 150/=යි. )
ඉතින් ඔහොම මහන්සි වෙලා ලැබුනු ප්‍රථිපලේ තමා මෙන්න මේ පහල තියෙන්නෙ.

සයිස් එක අඟල් 13*19යි.

ඒ වෙනකොට වෙලාව හවස 5.30ත් වෙලා. ඊට පස්සෙ කෙලින්ම ගෙදර එන්න පිටත් උනා. 
මම ගෙදර එනකොට රෑ 7.30 විතර උනා. එවෙලෙම ලියන්න හිතුනත්, මහන්සි නිසා බෑ කියල හිතුව. 

ඔන්න ඔහොමයි උනේ. ඔන්න ඔහොමයි අච්චර දුක් විඳල අන්තිමට කතාවට ලස්සන අවසානයක් දුන්නෙ. :)

7 comments:

  1. කට්ට කාල හරි වැඩේ කොරගත්තනේ අන්තිමට
    :) ලස්සන කැලැන්ඩර් එක

    ReplyDelete
  2. අපි එහෙමයි. ඕනෙ දෙයක් නම් කොහොම හරි කරගන්නව. :)
    ස්තුතියි. :)

    ReplyDelete
  3. මං උඹ උනා නම් වැඩේ අතඅරින්නේ අරූ SD රීඩ් කරන්න බෑ කියපු වෙලාවෙමයි! :)

    ReplyDelete
  4. උත්සහවන්තයා ජය ගනි කිව්වලු.. එවගේම ඉතින් කැලැන්ඩරේ බලන දින 365 ම ඔය සිද්ධියත් මතක් වේවි.. :D

    ReplyDelete
  5. නියමයි ඇ.... හාමිනේ මොකද කිව්වේ?

    ReplyDelete
  6. @Sabitha: අපි නම් එහෙම නෑ. :D

    @චතුමිතු: ඊට පස්සෙත්. මොකෝ අවුරුද්ද ඉවර උනාට මේක වවීසි කරන්නෙ නෑනෙ. ඊළඟ අවුරුද්දෙ මමම ඩිසයින් කරල එකක් හදනව. :)

    @ප්‍රසන්න: එල කිරි. එයාට මාර හැපී. එයා ඒක කැම්පස් එකේ ඩිපාට්මන්ට් එකේ lecturersලටත් පෙන්නල. කට්ටියටට මාරම පුදුම, මාරම සතුටු හිතිල. :) එක මැඩම් කෙනෙක් මට කතා කරලම ඒක වර්ණනා කළා. :)

    ReplyDelete
  7. ඔය ඉන්නේ අපූරුවට අක්කයි අයියයි කැලැන්ඩරේ. දන් ඉතින් ඔබතුමාට වෙන්ඩ බිරින්දෑව අවුරුද්ද පුරාම මතක් වේවි. (ආයේ ඉතින් කැලැන්ඩර් තියෙන්නෙම ඕනයෑ එයාව මතක් වෙන්න.)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.