Thursday, December 1, 2011

Widgets

හොඳම බ්ලොගර් ටෙම්ප්ලේට් ලැයිස්තුවක් - with JQuery and Slideshow

මම ඉස්සෙල්ල ලිපියක කීවනෙ බ්ලොග් එකේ තීම් එක ලස්සනට තියෙනකොට බ්ලොග් එකට එන පිරිස වැඩි වෙනවා කියල.
ඒකට හේතුව මොකද්ද?
ලස්සනට පිළිවෙළට තියෙන බ්ලොග් එකකට එන්න කට්ටිය කැමතියි. එක එක මඟුල් එල්ලල තියෙන, වෛවරණ, ඇහැට අමාරු බ්ලොග් වලට එන්න මිනිස්සු කැමති නෑ. ඉතින් සරළ ලස්සන පිළිවෙලකට තියෙන තීම් එකක් බ්ලොග් එකට දාගන්න පුළුවන් නම් ඔබට ඒක හරහාත් හොඳ විශ්වාසවන්ත කියවන්නන් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. එන අය කියාවි, "අනේ ඒ බ්ලොග් එක නම් දකින්න ආසයි, ලස්සනට පිළිවෙලට තියෙනව" කියල. කාටද ආඩම්බර?  :)

මේ මුලින්ම දෙන්න හදන ටෙම්ප්ප්ලේට් නම් ටිකක් බර ඒව. ඒ කිව්වෙ ලස්සන JQueries සහ Slideshow තිබෙන ඒව ටිකක්. මේවායින් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ඔයාලට පුළුවන්. ඊලඟට දෙන්නම්කො සරළ ටිකක්. 


Namisan - Stunning Slider Blogger Template


මේක අලුත්ම jQuery Featured Slideshow එකක් තිබෙන ලස්සන transition effects තිබෙන ටෙම්ප්ලේට් එකක්. මේකෙම ගැජට් ගොඩකුත් තිබෙනවා. Right Side Bar එකක් තිබෙන කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක් තමයි මේක.


Namisan - Stunning Slider Blogger Template


Ocenolis Magazine - Advanced Blogger Template



වර්ණවත් ටෙම්ප්ලේට් එකක් වෙන මේක, දකුණු පස side bars දෙකක් තiිබෙන කොලම් තුනක ටෙම්ප්ලේට් එකක්. ක්ලික් කරනකොට රොටේට් වෙන Featured slider එකකුත් තිබෙනවා.


Ocenolis Magazine - Advanced Blogger Template


Nyke - Magazine Blogger Template


දකුණු පස සයිඩ් බාර් එකක් තිබෙන මේ මැගසින් ටෙම්ප්ලේට් එකේ ආවේණික slideshow එකක් තිබෙනවා. 


Nyke - Advanced Magazine Blogger Template

Floor - jQuery Rich Blogger Template

මේකත් නියමම ටෙම්ප්ලේට් එකක්. අඳුරු වර්ණයක් සහිත මේ ටෙම්ප්ලේට් එකේ ලස්සන මෙනු එකක් එහෙම තිබෙනවා. 


Floor - jQuery Rich Blogger Template


Game Madness - Assassins Creed Blogger Template


මේක ඇවිල්ල ගේම් වලටම හදපු තීම් එකක්. උඩ තිබෙන featured slider එක මුළු වෙබ් පිටුවේ හරස් ඉඩ පුරවාගෙන තිබෙනවා. ලස්සන transition effect එකකුත් තිබෙනවා. ඇයි, තව එක එක ගැජට් ගොඩකුත් තියෙනව.


Game Madness - Assassins Creed Blogger Template


MoonLight - Clean Magazine Blogger Template


මේක ඇවිල්ල ටිකක් සරල තීම් එකක්. ඒත් ලස්සනට පිළිවෙළට තියෙන තීම් එකක් කියල කියන්න පුළුවන්. කොලම් දෙකක් හා දකුණුපස සයිඩ් බාර් එකක් තිබෙන තීම් එකක්. 


MoonLight - Clean Magazine Blogger Template


Simplex Buzz - Full Background Slideshow


මේක නම් අමුතුම ටෙම්ප්ලේට් එකක්. මේකෙ තිබෙන විශේෂෙ තමා, බ්ලොග් එකේ මුළු පසුබිමම slideshow එකක්. ඒත් එක්කම මේකෙ,  තව අමතර featured posts section එකකුත් කොලම් දෙකක ඩිසයින් එකකුත් තිබෙන්නෙ.


Simplex Buzz - Full Background Slideshow

Oracle - Advanced Magazine Blogger Template


මේකත් මැගසින් ටෙම්ප්ලේට් එකක්. වම් පස තමයි සයිඩ් බාර් එක තිබෙන්නෙ. Slideshow එකේ ෆේඩ් වෙලා යන effect එකක් තමයි තිබෙන්නෙ. 


Oracle - Advanced Magazine Blogger Template

Extreme - Portfolio Magazine Blogger Template


මේක ඇවිල්ල Portfolio Template එකක්. නමුත් බ්ලොග් එකකට හොඳයි. Featured Postsඳාතර scroll කරගෙන බලාගෙන යන්න පුළුවන්. වෙනමම categories section එකකුත් තිබෙනවා. කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක් මේක.


Extreme - Portfolio Magazine Blogger Template

Superb - Advanced Blogger Template


මේකෙ ලස්සන අමුතුම නියම Featured Slider එකක් තියෙන්නෙ. Slides එක උඩ එක තියල හරහට එහා මෙහා කරන්න පුළුවන් වෙන්න වගේ. තව එක එක වැඩ කෑලි තියෙන මේ ටෙම්ප්ලේට් එක කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක්.


Superb - AdVanced Blogger Template

Modern Photography - Abstract Style Template


Photography Portfolio එකක් කරන්න හොඳ මේ ටෙම්ප්ලේට් එකෙත් ලස්සන ලොකු featured slideshow එකක් තිබෙනවා. Slider එක ඉබේම හා මවුසය මගින් වෙනස් කරන්න පුළුවන්. මේකත් කොලම් දෙකක් හා දකුණුපස side bar එකක් තිබෙන ටෙම්ප්ලේට් එකක්.


Modern Photography - Abstract Style Template

Calenotis - Photographers Magazine Blogger Template


තවත් මැගසින් තීම් එකක්. full width Featured Slider Slideshow එක ත්‍රිමාණ ගතියක් තියෙන එකක්. විවිධ transitions වලට slider එක ඉබේම scroll වෙනවා. මේක Professional Magazine design එකක් තිබෙන කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක්.


Calenotis - Photographers Magazine Blogger Template


Magulesco -Featured Magazine Blogger Template


මේකත් සරළ නමුත් professional තීම් එකක්. මේකෙ slider එකත් ලස්සනයි. කොලම් දෙකක මැගසින් තීම් එකක් තමයි මේක.


Magulesco -Featured Magazine Blogger Template


Dimenzion - 3D Style Blogger Template


classic featured slider එකක් තියෙන මේ ටෙම්ප්ලේට් එකේ featured posts ලැයිස්තුව තිබෙන්නෙ දකුණු පසින්. කැපී පෙනෙන වර්ණ තිබෙන මේ ටෙම්ප්ලේට් එක කොලම් දෙකක එකක්.


Dimenzion - 3D Style Blogger Template


Glow - Free Premium Blogger Template


මේකෙ slider එකේ පැත්තෙන් slider එකේ තියෙන ඒව thumbnails වගේ පෙන්නනව. ලස්සන, කොලම් දෙකක මැගසින් ස්ටයිල් එකක් තියෙන මේ ටෙම්ප්ලේට් එකේ side bar එක තිබෙන්නෙ දකුණු පසින්.


Glow - Free Premium Blogger Template


Mahasoli Tribune - Magazine Blogger Template


තවත් ලස්සන මැගසින් තීම් එකක්. මේකෙත් slider එක, එක මත එක තියල තියෙනව වගේ පේන්නෙ. රූපයත් එක්ක විස්තරයකුත් තිබෙනව. ක්ලික් කළ ගමන් ඒක ඕපන් වෙනව. දකුණුපසින් side bar එක තිබෙන මේ තීම් එක කොලම් දෙකක එකක්.


Mahasoli Tribune - Magazine Blogger Template


ඔයාලට හිතට අල්ලන හොඳ ටෙම්ප්ලේට් ටිකක් මෙතන තියේවි අනිවාර්යයෙන්ම. තවත් ලස්සන ටෙම්ප්ලේට් ටිකක් එක්ක ඉදිරියේදී හමුවෙමු.


"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

9 comments:

  1. මේ තීම් සෙට් එක නම් සරල තීම් වගයක්. බ්ලොග් එකක් උනාම ඉක්මනින් ලෝඩ් වෙන තීම් තියෙන එක ගොඩක්ම හොදයි. නැත්නම් විසිටර්ලා ගාන අඩු වෙනවා.

    ReplyDelete
  2. ඇත්තටම දැනුම් සාගරයක් හෙමිහිට බලන්න ඕන

    මේවා බ්ලොග් එකට ඇඩ් කළාට පස්සේ උඩ තියෙන
    Home
    About me
    Contract us
    වගේ හෙඩ් ලයින් වලට ලින්ක් දෙන්නේ කොහොමද?

    ReplyDelete
  3. ස්තුතියි NBRO.
    ඒවට ලින්ක් දාන්නෙ මෙහෙමයි.
    ඔයා ටෙම්ප්ලේට් එකේ Custom HTML view එකට යන්න. ඒකෙ හොයාගන්න ඔය තැන් ටික.
    < li>< a href='#'>About Us< /a>
    < li>< a href='#'>Contact Us< /a>
    ඔන්න ඔයවගේ එකක් ඇති. ඒවයෙ # එකට ඔයාට ඕනෙ ලින්ක් එක දාලත් text එකට ඔයාට ඕනෙ text එක දාලත්, අලුතින් < li> ටැග් එකක් එක්ක අලුතින් ඒව එකතු කරන්නත් පුළුවන්.
    (මම ටැග් වල මුලින් space එකක් තිබ්බෙ, නැත්තම් පෝස්ට් කරන්න බැරි නිසා. ඒ space එක අයින් කරන්න ඕනෙ.)

    ReplyDelete
    Replies
    1. ඔයා මේ කරපු උපකාරයට පිං අයිති වෙනව සහෝදරය.

      Delete
  4. මේවා නම් පට්ට බන් , මේවා ඇත්තටම දාගන්නේ කොහොමද බන් ?

    ReplyDelete
    Replies
    1. Go to Blogger.com -> Template page -> Backup / Restore Button -> (Upload your theam).. and go to your site and reshresh it.
      FINISH.

      Delete
    2. http://blogger-tutorial-lesson.blogspot.com/2012/09/16-best-free-blogger-templates.html

      Delete
    3. me godak theam wala demo wada nane?

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.