Wednesday, November 2, 2011

Widgets

බ්ලොග් එකක් පටන් ගැනීම ඒකෙ අවසානය නෙමෙයි, ආරම්භයයි


මෙන්න මේ අත්දැකීම ගොඩක් අයට ඇති.
ඔන්න යාළුවෙක් කියනව ඔයාට, "මම මෙන්න බ්ලොග් එකක් පටන් ගත්ත, පොඩ්ඩක් බලන්නකො හොඳද කියල." කියල. එයා කියනව එයා ඒකෙන් කරන්න හිතන් ඉන්න දේවල්. සල්ලි හොයන්න හිතන් ඉන්නව නම් ඒ ගැන.සති කිහිපයකට පස්සෙ ඔයාට ඒ යාළුවව මුණගැහෙනව. ඔයා අහනව "කොහොමද බ්ලොග් එකේ වැඩ?" කියල. මොකද්ද ලැබෙන උත්තරේ?"අනේ වෙලාවක් නෑනෙ ලියන්න" කියල.
බ්ලොග් එකක් ඇරඹීම කියන්නෙ හුඟක් අය හිතන විදිහට ඒකෙ අවසානය නෙමෙයි, ආරම්භයයි. ඒක, ලස්සන ඩිසයින් එකක්, හිතට වදින ඩොමේන් එකක්/නමක්, මුල්ම ලිපිය ලිවීම පමණක් නෙමෙයි. 
ඔබ හිතනව නම් බ්ලොග් එකක් පටන් අරගෙන, පළවෙනි ලිපිය ලියල, ඊට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකට කට්ටිය බලන්න ඒවි කියල, ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නෙ. ඇත්තටම වැඩ පටන් ගැනෙන්නෙ බ්ලොග් එක පටන් ගත්තට පස්සෙයි.
ඇත්තටම වැඩ කියන්නෙ දිගටම බ්ලොග් එක වෙනුවෙන් වැඩ කිරීමයි. ටික ටික දිනපතා ක්‍රමානුකූලව, බ්ලොග් එකේ අන්තර්ගතය හා බ්ලොග් එකට එන පිරිස ටික ටික වැඩි කර ගැනීමයි. 
සාර්ථක බ්ලොග් එකක් හදන්න කාලයක් යනවා. හරියට කරනවා නම් ගොඩාක් වැඩ තිබෙනවා. දෛනිකව කරන්න ඕනෙ දේවල් ටිකක් තිබෙනවා. ඒක මැරතන් එකක් වගේ, කෙටිදුර දිවිල්ලක් නෙමෙයි. 
සති කිහිපයකින් වැඩේ අතාරින්නෙපා. ඔබට හිතෙනවා නම් ඔබට ඕනෙ කරන තරමට ඔබ ඉදිරියට ගිහිල්ල නෑ කියල, ඒත් නවත්තන්න හිතන්නෙපා. කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි උනා කිය කිය බ්ලොග් එක මුල සිට අරඹන්න උත්සාහ කරන්නෙපා. කවුරුත් ඒ ගැන හිතන්නෙ නේ, කරගෙන ගිය විදිහටම දිගටම කරගෙන යන්න. (හික්, මමත් මේ වැඩේ නම් කරනව නේද? :D )

බ්ලොග් ලිවීම ගැන මෙවන් තවත් ලිපි ඉදිරියට. එකතු වෙලා ඉන්න මාත් එක්ක.

මගෙ RSS Feed එකත් එක්ක එකතු වෙලා, ලිපි පළ උනු හැටියෙ ඒක මේල් එකටම ගෙන්නගන්න. පහත ෆෝම් එකට ඔබගේ ඊමේල් ලිපිනය එකතු කරන්න.

5 comments:

  1. අර කිව්වත් වගේ බ්ලොග් එක හැදුවට පස්සේ තමා වැඩ තියෙන්නේ. කියවන්න එන පිරිස අද්දවා ගන්න හිට්ස් වැඩි කරගන්න කමෙන්ට් වැඩි කරගන්න ඔය වගේ ගොඩක් දේවල් ගැන බලන්න වෙනවා. තව දෙයක් තමා ලියන දේවල් උනත් හොදට තියෙන්න ඕනේ.

    මට නම් කරන්නම අමාරු ඔය ලියන ඒවා හරියට ලියන එක. මම් ලියන්නේ විකාර. :)

    තව දෙයක් තමා අයියා, අලුත් බ්ලොග් එකක් පටන් ගන්න කෙනෙක් බ්ලොග් එක පටන් ගන්න ආසාව දිගටම තියාගෙන ලියන්නේ නෑ. වැඩිම උනොත් මාසයක් ලිපි ලියයි. ඊට පස්සේ පේන්න නෑ

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත අයියේ මොකද ගොඩක් අය පෝස්ට් දෙකතුනක් ලියලා අත ඇරලා දානවා ඒත් උත්සහවන්ත අය හැමදාම ලියනවා

    ReplyDelete
  3. දෙන්නගෙම කතාව හරි. සමහරු මේ බ්ලොග් දැකල ආසාවට පටං ගන්නව. ඒත් හුඟක් ඒවයෙ මුල් ලිපිය දෙක විතරයි.
    අනිත් එක, හුඟක් ඒව පටන් ගන්නෙ "මොනව ලියන්නද කියල හිතාගන්න බෑ" වගේ කතා කියල. ඉතින් සාර්ථක වෙයිද???

    ReplyDelete
  4. මටත් වැදුනද මන්දා... මන්දා නෙවෙයි වැදුනා...:D

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.