මේ ලිපිය ලියන්න ගිහිල්ල මට වෙච්චි දේ ඉස්සෙල්ල මම දාපු ලිපියෙන් දකින්න ඇතිනෙ? නැත්තම් මෙතනින්ගිහිල්ල බලන්න. එකම ලිපිය දෙවනි වරටත් ලියන නිසා පෙර ලිපිය තරම් දිග හා හොඳ නොවෙන්න ඉඩ තියෙනව මේක. කොටස් වෙළඳපළ ගැන මම ලිපි පෙළක්ම ලිව්ව, ඒක මග නැවැත්තුවෙ ඒ දවස් වල ඒක ගැන මම කියන්න ඕනෙ දේවල් ඉවර කරපු නිසා (ඒක සම්පූර්ණයෙන්ම හැඳින්වීමක් වගේනෙ.) ඒ ලිපි කියෙව්වෙ නැති අය, අවසාන ලිපියට
මෙතනිනුත්, මුල්ම ලිපියට
මෙතනිනුත්යන්න.
හරි, අද ලිපිය පටන් ගමු එහෙනම්.
අද කියන්න යන්නෙ, ආයෝජනය ගැන තොරතුරු නෙමෙයි, වෙන කතා ටිකක්. පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ගැන විස්තර ටිකක් සහ තව අදහස් ටිකක්.
මුලින්ම බලමු අපේ මාකට් එකේ තත්වෙ.
උපුටා ගැනීම : Bloomberg - International Federation of Stock Exchangesමේක බැලුවම මොකද හිතෙන්නෙ? අනිත් දකුණු ආසියානු කලාපීය රටවල තරම් ලොකු නොවුනත් කොළඹ කොටස් වෙළඳපළ කියන්නෙ ඩොලර් 10.58ක කොටස් හුවමාරු වන වෙළඳපළක්.
දැන් බලමු, පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය කොහොමද වෙලා තියෙන්නෙ කියල.
උපුටා ගැනීම: Bloombergමොනවද පේන්නෙ? 2009 වසර තුළ කොළඹ කොටස් වෙළඳපළ 125.2%ක ඉතා ඉහළ වගේම ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නල තියෙනව.
මෙතන තියෙනව විවිධ අංශ (Sectors) කිහිපයක් සම්බන්ධ විස්තර.
උපුටා ගැනීම : කොළඹ කොටස් වෙළඳපළඉහළම ක්‍රියාකාරිත්වයක් දක්වන ලද අංශ (Sectors) බැලුවම 17.5% ක මධ්‍යන්‍ය ක්‍රියාකාරිතවයක් තියෙන්නෙ, නමුත් සමහර අංශ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් දක්වල තියෙනව. Food and Beverages කියන අංශය අධි ක්‍රියාකාරිත්වයක් දක්වල තියෙනව.
මේ තියෙන්නෙ 2010 වසරේ පලමු කාර්තුව තුළ කොළඹ කොටස් වෙළඳපළේ ක්‍රියාකාරිත්වය.
උපුටා ගැනීම: Bloombergබලන්න මේ කාර්තුව තුළ පමණක් කොළඹ කොටස් වෙළඳපළ 13.2%ක වර්ධනයක් පෙන්වල තියෙනව. බලන්න කලාපය තුළ අනෙකුත් කොටස් වෙළඳපළ වල තත්වය.
ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ ආර්ථික උද්ධමනය වෙනස් වෙලා තියෙන හැටි මේකෙන් පෙන්වනව.
උපුටා ගැනීම: ශ්‍රී ලංකා මහ බැංකුවබලන්න, 2009 වසර තුළ උද්ධමනය ඉතා පහළ අගයක තියෙන්නෙ. 2010 වසර ආරම්භයේ පොඩ්ඩක් ආපහු වැඩි වෙල තියෙනව, නමුත් මධ්‍ය අගය සැළකුවාම ඒක අඩු වෙලා.
මේකෙ වැදගත් තොරතුරු ටිකක් තියෙනව, මේ තියෙන්නෙ කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය සම්බන්ධයෙන් තිබෙන අවදානම් තත්වය පිළිබඳ වක්‍රයක්. (Risk Level)
උපුටා ගැනීම: JBS Reasearchමොකද වෙලා තියෙන්නෙ? 2009 වසර තුළ ආයෝජන අවදානම ඉතාම විශාල ලෙස අඩු වෙලා 2008 වසරට සාපේක්ෂව.
නිගමන:- කොළඹ කොටස් වෙළඳපළ, දකුණු ආසියානු කලාපය තුළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත වෙළඳපළකි.
- කොළඹ කොටස් වෙළඳපළ, පසුගිය කාලය තුළ ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇත.
- වෙළඳපළ තුළ ඇති සමහර අංශ ඉහළ ක්‍රියාකාරිත්වයක් දැක්වීමට සමත් වී ඇත.
- මේ වසර තුළද ඉහත කී වර්ධනය අපේක්ෂා කරනු ලැබේ.
- ආර්ථික උද්ධමනය පහළ යාමත් සමඟ, ආයෝජන ප්‍රතිලාභද ඉහළ ගොස් ඇත.
- කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජන අවදානම පහළ බැස ඇත.
අවසන් නිගමනය:
බලා ඉන්නෙ නැතුව ඉක්මනට වැඩ පටන් ගනිල්ලා...
මේ තියෙන තත්වෙ හැටියට මේ අවුරුද්දෙත් මාකට් එක තව ඉහළ යයි කියල හිතෙනව.
මේ කාලය ගැන කියනව නම්, අළුත් අවුරුද්ද නිසා ටිකක් මාකට් එක ස්ථාවර තත්වයක තියෙන්නෙ. (ගොඩාක් ඉහළ යන්නෙත් නෑ, ගොඩාක් පහළ වැටෙන්නෙත් නෑ) අවුරුද්දට කට්ටියට සල්ලි එහෙම ඕනෙ වෙන නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ආයෝජකයින් තමුන් ආයෝජනය කළ මුදල් අතට ගන්නව. (කොටස් මුදල් බවට හරවනවා) ඉතින් වෙළඳපළ තුළ තියෙන මුදල් ප්‍රමාණය ටිකක් අඩු වෙනව. ඉතින් මේ කාලෙ කොටස් ටිකක් අරන් තියා ගන්න පුළුවන් නම් හොඳයි කියලයි මම හිතන්නෙ.
මැතිවරණය, මාකට් එකට ලොකු බලපෑමක් කරන්නෙ නෑ, මොකද බොහෝ දෙනෙක් දන්නව මේ හරහා ස්ථාවර ආණ්ඩුවක් ඇති වෙයි කියල. ඉතින් ඒක එච්චර මාකට් එකට බලපෑමක් කරන්නෙ නෑ.
මැයි වෙනකොට අර මුලින් කිව්ව ආයෝජකයින් අවුරුදු එහෙම කාල ආපහු පරණ වැඩේට බහින්න එනව, එතකොට ඔයාලට තියෙන්නෙ මේ කාලෙ අරන් තියපු කොටස් ටික ටිකක් වැඩි ගාණකට විකුණ ගන්න. මාසෙකින් ප්‍රථිලාභයක් ගන්න පුළුවන්.
ප.ලි.
මෙහි එන තොරතුරු ඒ ඒ තැන් වලින් උපුටා ගන්නා ලද අතර, මෙහි එන නිගමන මගේ නිගමනයි.
එහෙනම් සුභ පතනව.