Wednesday, April 7, 2010

Widgets

කොටස් වෙළඳ පළ - A small Case Study


මේ ලිපිය ලියන්න ගිහිල්ල මට වෙච්චි දේ ඉස්සෙල්ල මම දාපු ලිපියෙන් දකින්න ඇතිනෙ? නැත්තම් මෙතනින්ගිහිල්ල බලන්න. එකම ලිපිය දෙවනි වරටත් ලියන නිසා පෙර ලිපිය තරම් දිග හා හොඳ නොවෙන්න ඉඩ තියෙනව මේක.

කොටස් වෙළඳපළ ගැන මම ලිපි පෙළක්ම ලිව්ව, ඒක මග නැවැත්තුවෙ ඒ දවස් වල ඒක ගැන මම කියන්න ඕනෙ දේවල් ඉවර කරපු නිසා (ඒක සම්පූර්ණයෙන්ම හැඳින්වීමක් වගේනෙ.) ඒ ලිපි කියෙව්වෙ නැති අය, අවසාන ලිපියට මෙතනිනුත්, මුල්ම ලිපියට මෙතනිනුත්යන්න.

හරි, අද ලිපිය පටන් ගමු එහෙනම්.
අද කියන්න යන්නෙ, ආයෝජනය ගැන තොරතුරු නෙමෙයි, වෙන කතා ටිකක්. පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ගැන විස්තර ටිකක් සහ තව අදහස් ටිකක්.

මුලින්ම බලමු අපේ මාකට් එකේ තත්වෙ.
CSE-market-details.JPG
උපුටා ගැනීම : Bloomberg - International Federation of Stock Exchanges

මේක බැලුවම මොකද හිතෙන්නෙ? අනිත් දකුණු ආසියානු කලාපීය රටවල තරම් ලොකු නොවුනත් කොළඹ කොටස් වෙළඳපළ කියන්නෙ ඩොලර් 10.58ක කොටස් හුවමාරු වන වෙළඳපළක්.

දැන් බලමු, පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය කොහොමද වෙලා තියෙන්නෙ කියල.
cse-market-2009.JPG
උපුටා ගැනීම: Bloomberg
මොනවද පේන්නෙ? 2009 වසර තුළ කොළඹ කොටස් වෙළඳපළ 125.2%ක ඉතා ඉහළ වගේම ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නල තියෙනව.

මෙතන තියෙනව විවිධ අංශ (Sectors) කිහිපයක් සම්බන්ධ විස්තර.
cse-return.JPG
උපුටා ගැනීම : කොළඹ කොටස් වෙළඳපළ
ඉහළම ක්‍රියාකාරිත්වයක් දක්වන ලද අංශ (Sectors) බැලුවම 17.5% ක මධ්‍යන්‍ය ක්‍රියාකාරිතවයක් තියෙන්නෙ, නමුත් සමහර අංශ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් දක්වල තියෙනව. Food and Beverages කියන අංශය අධි ක්‍රියාකාරිත්වයක් දක්වල තියෙනව.

මේ තියෙන්නෙ 2010 වසරේ පලමු කාර්තුව තුළ කොළඹ කොටස් වෙළඳපළේ ක්‍රියාකාරිත්වය.
cse-market-2010.JPG
උපුටා ගැනීම: Bloomberg
බලන්න මේ කාර්තුව තුළ පමණක් කොළඹ කොටස් වෙළඳපළ 13.2%ක වර්ධනයක් පෙන්වල තියෙනව. බලන්න කලාපය තුළ අනෙකුත් කොටස් වෙළඳපළ වල තත්වය.

ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ ආර්ථික උද්ධමනය වෙනස් වෙලා තියෙන හැටි මේකෙන් පෙන්වනව.
cse-inflasion.JPG
උපුටා ගැනීම: ශ්‍රී ලංකා මහ බැංකුව
බලන්න, 2009 වසර තුළ උද්ධමනය ඉතා පහළ අගයක තියෙන්නෙ. 2010 වසර ආරම්භයේ පොඩ්ඩක් ආපහු වැඩි වෙල තියෙනව, නමුත් මධ්‍ය අගය සැළකුවාම ඒක අඩු වෙලා.

මේකෙ වැදගත් තොරතුරු ටිකක් තියෙනව, මේ තියෙන්නෙ කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය සම්බන්ධයෙන් තිබෙන අවදානම් තත්වය පිළිබඳ වක්‍රයක්. (Risk Level)
cse-risk.JPG
උපුටා ගැනීම: JBS Reasearch
මොකද වෙලා තියෙන්නෙ? 2009 වසර තුළ ආයෝජන අවදානම ඉතාම විශාල ලෙස අඩු වෙලා 2008 වසරට සාපේක්ෂව.

නිගමන:

  • කොළඹ කොටස් වෙළඳපළ, දකුණු ආසියානු කලාපය තුළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත වෙළඳපළකි.
  • කොළඹ කොටස් වෙළඳපළ, පසුගිය කාලය තුළ ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇත.
  • වෙළඳපළ තුළ ඇති සමහර අංශ ඉහළ ක්‍රියාකාරිත්වයක් දැක්වීමට සමත් වී ඇත.
  • මේ වසර තුළද ඉහත කී වර්ධනය අපේක්ෂා කරනු ලැබේ.
  • ආර්ථික උද්ධමනය පහළ යාමත් සමඟ, ආයෝජන ප්‍රතිලාභද ඉහළ ගොස් ඇත.
  • කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජන අවදානම පහළ බැස ඇත.


අවසන් නිගමනය:
බලා ඉන්නෙ නැතුව ඉක්මනට වැඩ පටන් ගනිල්ලා...

මේ තියෙන තත්වෙ හැටියට මේ අවුරුද්දෙත් මාකට් එක තව ඉහළ යයි කියල හිතෙනව.
මේ කාලය ගැන කියනව නම්, අළුත් අවුරුද්ද නිසා ටිකක් මාකට් එක ස්ථාවර තත්වයක තියෙන්නෙ. (ගොඩාක් ඉහළ යන්නෙත් නෑ, ගොඩාක් පහළ වැටෙන්නෙත් නෑ) අවුරුද්දට කට්ටියට සල්ලි එහෙම ඕනෙ වෙන නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ආයෝජකයින් තමුන් ආයෝජනය කළ මුදල් අතට ගන්නව. (කොටස් මුදල් බවට හරවනවා) ඉතින් වෙළඳපළ තුළ තියෙන මුදල් ප්‍රමාණය ටිකක් අඩු වෙනව. ඉතින් මේ කාලෙ කොටස් ටිකක් අරන් තියා ගන්න පුළුවන් නම් හොඳයි කියලයි මම හිතන්නෙ.
මැතිවරණය, මාකට් එකට ලොකු බලපෑමක් කරන්නෙ නෑ, මොකද බොහෝ දෙනෙක් දන්නව මේ හරහා ස්ථාවර ආණ්ඩුවක් ඇති වෙයි කියල. ඉතින් ඒක එච්චර මාකට් එකට බලපෑමක් කරන්නෙ නෑ.
මැයි වෙනකොට අර මුලින් කිව්ව ආයෝජකයින් අවුරුදු එහෙම කාල ආපහු පරණ වැඩේට බහින්න එනව, එතකොට ඔයාලට තියෙන්නෙ මේ කාලෙ අරන් තියපු කොටස් ටික ටිකක් වැඩි ගාණකට විකුණ ගන්න. මාසෙකින් ප්‍රථිලාභයක් ගන්න පුළුවන්.

ප.ලි.
මෙහි එන තොරතුරු ඒ ඒ තැන් වලින් උපුටා ගන්නා ලද අතර, මෙහි එන නිගමන මගේ නිගමනයි.

එහෙනම් සුභ පතනව.

7 comments:

  1. good post
    -
    however i must add,

    it is not a good thing to expect to make money through speculating on the short term, esp when everybody else is thinking and doing the same thing based on same data.

    best way to make money on stocks is to hold a diversified portfolio of solid stocks for long time . ( always beat all other investments available to public)

    ReplyDelete
  2. Absolutely, I agree with u.
    But there are 2 ways to gain thru share trading.
    1 is buy shares and kep them for a long time, then sell and also get dividends and so on.
    other method is doing buying and selling of shares day by day., like buy some shares in d morning and sell them in the afternoon, or after several days of 1,2 months.
    Holding a wide portfolio is a must which will reduce your risk level very much.
    If u have much money the 1st method suits u best. But if u are investing several thousands, the second method is better. Coz that's d only way to get some revenue by a small amount of money.
    (I too use the 2nd method, but sometimes the first too.)

    ReplyDelete
  3. market is back to track now.
    last 2 days it hit all time best.

    market can go up as no war in lanka and foreign funds are interesting to pour some money.
    also it is time all the company release there results... and we can expect some good results.

    it is not late to invest.

    but dont follow the crowd and buy over valued stocks.

    good post machan.

    Day trades are bit risky and when end of the day you are not earning much.

    but if you invest in a good share it gives a good return.

    ReplyDelete
  4. නියම තොරතුරු ටිකක්...
    ස්තූතියි මාධව....
    ගත්තු කොටස් ටිකක් තියනවා.මේ දවස්වලනම් ලොස්....ඔයාගෙ නිගමනය අනුව ටිකක් හිත හදාගන්න පුළුවන් වගේ...

    අනික මට කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න ඔයාගෙ ලිපි මාර වැදගත් උනා.....

    ReplyDelete
  5. @coocartoon:
    ya, market went high in last days.
    absolutely, there's no war and there are many development projects going on, specially infrastructure, agriculture, and many more areas.
    Yes, u shouldn't buy over valued stocks, but most of the shares will gain more in the future.
    Though daily trades are risky but it is a fast way of gaining, but u said is right, the revenue is low.
    There are situations day trades get high revenue. Several days trades are also like that.

    ReplyDelete
  6. Nice post and great ideas. keep up your nice work. Good luck :)

    However I guess that you should have provided the following link where you retrieved these important informations. It will be a great help for all.

    http://www.jbs.lk - JBS Securities broker firm

    ReplyDelete
  7. Yes, i haven't wrote it here, coz the things I have told here are my own ideas. But yes, I got the details through JBS.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.