Wednesday, April 14, 2010

Widgets

හෙළ අවුරුද්දේ ඇරඹුම කොතැනද?

.
අලුත් අවුරුද්දේ හා පුරා කියල ලියන පළවෙනි ලිපිය. හැමෝටම මුලින්ම ආපහු සැරයක් සුභම සුභ අලුත් අවුරුද්දකට සුභැ පැතුම්!!! 
අලුත් ඇඳුමකුත් ඇන්දෙව්ව බ්ලොග් එකට. දැනුයි දැක්කෙ පොඩි මැහුමක දෙකක අවුලක් තියෙනව, එච්චරම ගාණක් නෑ. ඇඳුම ගැනත් පොඩි කොමෙන්ට් එකක් දාල යන්නකො.
එහෙනම් අද ලිපිය පටන් ගමුකෝ..

හෙළ අවුරුද්දේ ඇරඹුම කොතැනද?
මේකට උත්තර හොයන්න ගියොත් පේන්නෙ, මේක හෙළයන්ම පටන් ගත්තු එකක් බවයි. මේක රාවණා කාලයේ සිට හෝ ඊටත් පෙර සිට පැවතගෙන එන එකක් කියලයි පේන්නෙ.
හෙළි කියන්නෙ හිරුට කියන තවත් නමක්. මේ අනුව හිතුවම රාවණා කාලයේ ඉඳල හරි ඊටත් ඉස්සර ඉඳන් හෙළයන් හිරු මඟුල පවත්වල තියෙන බව අනුමාන කරන්න පුළුවන්. හිරු වන්දනාවට අතීත හෙළයන් කේතුකාකාර කඳු මුදුන් තෝරාගෙන තියෙනව. ඉසුරුමුණිය, සමනොළගිර, මෙන්ම වර්තමාන කෝනේෂ්වරම් හා මුණ්නේෂ්වරම් සහ දෙවුන්දර එදා තිබිච්ච හිරු දෙවොල් විදිහට හඳුනාගන්න පුළුවන්. මේ හැම එකකින්ම මූලික උනු දේවොල උනේ "හිරු දෙවිඳුන් වඩනා දොර" වන දෙවුන්දොරයි.
අප්‍රේල් මස අලුත් අවුරුදු සමයේදී දෙවුන්දරට හිරු මුදුන් වේ. එහෙයින්, අලුත් අවුරුද්ද උදා වන්නේ සිරිලකට හිරු මුදුන් වීමත් එක්කයි. එහෙම බලනකොට මුළු ලෝකයටම නව අවුරුද්දක් උදා වෙන්නේ දෙවුන්දරින්.
දෙවුන්දර ගල්ලෙනේ කන්ද කියන කඳු මුදුනෙ තියෙනව කළුගලින් කරපු පුරාණ ගොඩනැඟිල්ලක්. මේක මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් යළි ගොඩනංවනු ලැබුවා. ඒක පැරණි හිරු දෙවොලක් කියල තමා පැවසෙන්නෙ. අප්‍රේල් අවුරුදු සමයේදී මෙම ගොඩනැඟිල්ලට ලම්භකව හිරු මුදුන් වෙනව.

නාගරිකව, ග්‍රාමීයව කොච්චර අඩුපාඩු උනත්, නාගරීකරණයත් එක්ක ආපු කාර්යබහුලත්වය නිසා සියළු සිරිත් විරිත් ඒ විදිහටම කරන්න බැරි උනත්, මොන බාධා තිබ්බත් යම් ප්‍රමාණයකට හරි මෙම අවුරුදු සිරිත් විරිත් රැකිල තියෙනව. එකම දවසේ එකම වෙලාවේ සිදු කරන අවුරුදු සිරිත් කොච්චර අගය කළ යුතු දෙයක්ද. වෙන රටවල් වල මෙහෙම දේවල් නෑ නෙ.
ඒක නිසා අපටම උරුම මේ උත්සවය ඉදිරියටත් රැක ගන්න ඕනෙ.
පරම්පරාවෙන් පරම්පරාවට අවුරුදු පන්දහසක් තිස්සෙ පැවතගෙන එන මෙම හෙළ අලුත් අවුරුද්ද ජාතියේ, රටේ මහඟු සම්පතක්.
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

11 comments:

  1. නොදන්නා දේවල් කියලා දුන්නාට ස්තූතියි. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා! :)

    ReplyDelete
  2. අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ඉර හද නැගි රට කියන පොතේ අපේ අළුත් අවුරුද්දේ ආරම්භය ගැන කියවෙනවා. මගේ මතකය නිවැරදිනම් මහා සම්මත මනු රජ්ජුරුවන්ගේ රාජාභිෂේකයත් සමගයි මෙම අළුත් අවුරුදු සැමරුම ආරම්භ වෙලා තිබෙන්නේ. දන්නවා ඇතිනේ මහා සම්මත මනු රජ්ජුරුවන් කියන්නේ හෙළයේ පළමු රජතුමා. එතුමා බලයට පත්වුනේ මහා ජන සම්මතයකින්.

    ReplyDelete
  3. ඔව් ඔව් මටත් ඔය කිව්වම මතක් උනා, අපේ උදිත සහෝදරයද කොහෙද ඔය වගේ දෙයක් කිව්ව මතකයි, මම මේ ලිපිය ලියන්න තොරතුරු ගත්තෙ පරණ මුතුහර සඟරාවකින්.
    ස්තුතියි තොරතුරට.

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා :) නොදන්න දේවල් ගොඩක් දැනගත්තා :)

    ReplyDelete
  5. 'අලුත්' ලියන්නෙ මෙහෙමයි. මේ 'අළු' වලින් කියන්නෙ ලිපේ තියන අළු. පුන්චි පුන්චි අඩු පාඩු කම් අපි කාගෙනුත් වෙනවනෙ. වැරද්ද පෙන්නල දුන්නට අමනාපයක් නෑ නේද?
    ලෑබූ අලුත් අවුරුද්ද පැතුම් ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා........!

    ReplyDelete
  6. @ isimbuwa: වැරැද්ද පෙන්නුවට ස්තුතියි. මම හිතාන හිටියෙ අලුත් ලියන්නෙ තාලුජ ලුයන්න එක්ක කියලයි. මම වැරැද්ද නිවැරදි කරන්නම්.

    ReplyDelete
  7. http://www.sinhalasindiya.co.cc/

    ReplyDelete
  8. @HimidiriLanka: හපෝයි මේ මොකද අනේ හැමෝටම දෙන් සින්ඩි හදන්න ඕනෙ වෙලා තියෙන්නෙ??? මට පේන්නෙ තව කාලෙකින් සින්ඩිම විතරක් තියෙයිද දන්නෙ නෑ.
    මටත් හදන්න හිතෙනව 2,3ක්ම. හික්ස්. :D :D :D

    ReplyDelete
  9. වටිනා ලිපියක්..ස්තුතියි...ඔබටත් සුභ අලුත් අවුරුද්දක්..!

    ReplyDelete
  10. අලුත් ඇඳුමනම් හැඩයි!
    අප්‍රේල් 13-14 හිරු මුදුන් වෙන්නෙ වව්නියාව, මන්නාරම ප්‍රදේශවලට (සහ ඒ අක්ෂාංශවල තියෙන ලෝකෙ අනිත් ප්‍රදේශ වලට.) ඒ නිසා දෙවුන්දරින් අලුත් අවුරුද්ද උදාවෙනවා කියන එකනම් මට පිලිගන්න බෑ. අප්‍රේල් මාසයේ ලංකාවට හිරු මුදුන්වෙන බවනම් ඇත්ත. ඒ නිසා දෙවුන්දර නෙවෙයි ලංකාවේ ඕනෑම තැනක හිරු දේවාලයක් හැදුවොත් ඒකට හිරු මුදුන්වෙනවා අප්‍රේල් වලදි (සහ සැප්තැම්බර් වලදි.)
    මේ කාලෙට හිරු මුදුන්වෙන ලෝකෙ අනිත් ප්‍රදේශවල අලුත් අවුරුද්ද සමරන්නෙ නැත්තෙ ඇයි? මේ කාලෙට හිරු මුදුන් නොවන නේපාලයේ අලුත් අවුරුද්ද සමරන්නෙ ඇයි?
    අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික අංගයක්. ඒකෙ විවාදයක් නෑ.

    ReplyDelete
  11. @nadeesthoughts: මුලින්ම, ඔයාගෙ කොමෙන්ට් එක දෙපාරක් වැටිල තිබ්බ නිසා මම එකක් ඩිලීට් කළා.
    ඔයා කියන දේ හරි වෙන්නත් පුළුවන්, මොකද මම මේ ලිපිය උපුටා ගන්නකොට ඒකෙ නිරවද්‍යතාවය ගැන නම් බැලුවෙ නෑ. මේ සියළු විස්තර උපුටා ගත්තේ මුතුහර 2009 අප්‍රේල් කලාපයේ දුලීප් මාදසේකර කියන කතුවරයා ලියල තිබ්බ ලිපියකින්.
    හිරු හැමතැනටම මුදුන් එනව කියන්න බෑ, පෘථිවිය් තියෙන ඇලය අනුව හරියටම එක් ස්ථානයකට විතරයි හරියටම හිරු මුදුන් වෙන්නෙ. අපි පොදුවේ ඒ ස්ථානය තියෙන ප්‍රදේශයටම ඒ කාලයට හිරු මුදුන් වෙනව කියල කියනව.
    අනිත් අය අවුරුද්ද සමරන්නෙ ඇයි කියල නම් මම දන්නෙ නෑ, නමුත් හිරු අදහපු හුඟක් අය සමරන්න/සමරනව ඇති. (උදා: මිසර/මායා ශිෂ්ඨාචාර වල)
    නේපාලයේ අළුත් අවුරුද්දක් සමරනවා ඇති නමුත් එයාල ඒ සමරන්නෙ හිරු සම්බන්ධව නෙමෙයි වෙන්නැති.
    මම මේ ගැන එතරම් දෙයක් දන්නෙ නෑ, සමාවෙන්න ඕනෙ මට එතරම් තොරතුරු සපයන්නබැරි උනාට.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.