Wednesday, April 7, 2010

Widgets

අනේ බලන්නකො වෙච්චි දෙයක්


ඊයෙ රෑ ලිව්ව දිග ලිපියක් කොටස් වෙළඳපළ ගැන. රූප එහෙම දාල පොඩි financial research එකක් වගේ එකක්. පැය එකහමාරක් දෙකක් ගත කළා. ඔන්න ලියල ඉවර වෙලා පබ්ලිශ් කරන්න බට්න් එක ක්ලික් කළ ගමන් ආව page cannot be displayed. කනෙක්ශන් එකෙත් අවුලක් නෑ, අනිට් සයිට් හොඳට ලෝඩ් වෙනව. බ්ලොගර්ට ඒ පේජ් එක විතරයි ලෝඩ් උනේ නැත්තෙ. ආපස්සට ගියාම ආටිකල් එක හිස්, auto save වෙච්ච එක බැලුවම ඒකත් හිස්.
මේක මීට ඉස්සෙල්ලත් එක පාරක් මට වෙලා තියෙනව, නමුත් එදා පොඩි ලිපියක් ලිව්ව නිසා, මම ආපහු ඒ ලිපිය ලිව්ව, ඊයෙ එක නම් දිගයි ටිකක්. :( 
අනේ මට වෙච්චි දෙයක්. :'(
මට බ්ලොගිං එක්ක එපා වෙලා ගියා ඒ වෙලාවෙ. :(


13 comments:

  1. It's hard to work on blogger sometimes. Especially if you are using a wireless broadband connection. (That was one reason for me to give up my connection)

    Always use a blog editor. It's more convenient.

    ReplyDelete
  2. එපා වෙනව නේන්නම්. ඒත් පුලුවන් නම් ආයෙම ලියපන්. මමත් ඔය කොටස් වෙලද පල ගැන උනන්දුයි

    ReplyDelete
  3. දැන් ඒ ලිපියා ආපහු ලියන ගමන්.

    ReplyDelete
  4. මොක්aද මේ වෙලා තියෙන්නෙ, දෙන්නෙක් කොමෙන්ට් කලාලු, ඒත් කමෙන්ට්ස් දෙකට වෙච්ච දෙයක් නෑ නෙ. :(

    ReplyDelete
  5. නැට්ට පිටින් අලි මැරෙන්නේ ඔක මොකක්ද? හිකිස්

    [මටත් ඔක එක පාරක් උනා .. මක්කා කොරන්නද ආයිත් ලිව්වා ... උබත් එහෙම කොරාපන් ]

    ReplyDelete
  6. auto save තියෙනවනෙ, ඒත් අන්තිම auto save එකෙන් තමා කෙල වෙලා තියෙන්නෙ. :(
    මම සේව් කලත් auto save එකෙන් උඩින් සේව් කරනවනෙ.

    ReplyDelete
  7. දැන් යන්තම් ඒක ආපහු ලිව්ව Raven use කරල, ඒකත් ලෙඩක් අප්පා, දැන් 15mins විතර ඉඳන් publish කරනව තාම ඉවරයක් නෑ, 73% වල නැවතිලා. :(

    ReplyDelete
  8. Copy paste it to a doc file and save :P
    Then try Windows live writer.

    ReplyDelete
  9. මටත් වෙනවා රැ 12 විතර වගේ සමහර වෙලාවට බ්ලොග් පේජ් එකේ ලොකු නොම්බරයක් වැටෙනවා සෙව් වෙන්නෙත් නැ සමහර කමෙන්ට් මකන්නත් බැ මේ දවස්වල ලෙඩ ගොඩක් තියෙනවා

    ReplyDelete
  10. ඕකට හොඳම දේ Word වලින් ලියලා Blogger එකට Post කරන එකයි. ඒක ලේසියි. පහසුයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්. (හික්ස්...)

    ReplyDelete
  11. word වල තියෙන publish to blog එකෙන්ද? ඒක හරියට වැඩ කරන්නෙ නෑ නෙ. පෝස්ට් කරන්න බෑ කියල error එකක් එනව.
    ඉස්සර එක පාරක් හරි ගියා නමුත් රූප ටික පෙන්නන්නෙ නෑ. (ඒව අප්ලෝඩ් වෙන්නෙ නෑ)
    ටෙ‍ක්ස්ට් එක නම් ඔය කියන විදිහට කළෑකි.

    ReplyDelete
  12. එකපාරක් උනා නම් ඒකෙන්වත් පාඩමක් ඉගනගත්තෙ නැද්ද?

    රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා කියන්නෙ ඕකනෙ.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.